හොඳයි එහෙනම් සහෘදයිනි, අපි මේ ආධාර උපකාර කරපු අය වෙනුවෙන් විරිඳුවක් දැන් අහමු මේ විදිහට.
තාරක එෆ් මහතා මුලින් විසිපන්දාහක් දුන්නා
එරර් තුනයි හයයි පහයි විසිපන්දාහක් දුන්නා
සිඩ් විස්සයි විසි එක රුපියල් පන්දාහක් දුන්නා
ලයන් ඉසඩ් තුනයි ඇවිත් තව දහදාහක් දුන්නා
@tharakaf
@Error365!
@zid2021
@Lionzzz
දහදාහක් දුන්න පැසී දොලහ කොල්ලා අපේ එකෙක්
තව දහදාහක් දුන්නේ කැලේ රොබින් වගේ එකෙක්
පහළොස්දාහක්ම දුන්න ෆ්රොග් මහතා හොඳ ගෙම්බෙක්
බැට්ෆ්ලෙක් පහලොස්දාහයි හයසිය හතලිහයි පහක්
@pazzy12
@Robinhood wage ekek
@MrFrog
@Batfleck
ආර් එක්ස් සුදු මහතාගෙ පන්දාහක ආධාරය
පන්දාහක් දුන් ප්ලෑනර් වන් ටූ ත්රී ආධාරය
දහදාහක් දුන්න පවර් මහත්මයාගෙ ආධාරය
කෝලමාගෙ තිස්දාහෙන් වැඩි වුණාය ආධාරය
@rx_storm_aight
@planner123
@powers
@Kolama
ගවින්බ්ලෙයිඩ් පන්දාහක් දීලා ගියා සුබ පතලා
විසිදාහක් දීලා ගියා යූ මේක් මි සික් කියලා
පන්දාහක් සඳරු රොක්ස් එළකිරියට රොක් වීලා
කොස්සෙ නැගලා ඇවිත් ඩ්රැකෝ දැන් දහදාහක් දීලා
@Gwynbleidd
@u_make_me_sick_
@sandaru1rox
@Draco Malfoy
බෝධි මහතා දහසයි පන්සීයක් තව එකතු වෙනවා
වපරැක් දුන් පන්දාහත් එකතු වෙලා තව පිරෙනවා
සුදු වෝල්ට මේ ඔක්කොම ගණන් හදලා මෙහෙ කියනවා
මේ විදිහට එළකිරියේ සත් දියවර ගලා යනවා
@BODHIEE
@waparc
@Walter White
අපි දැන් කෙටි විරාමයක් සඳහා ප්රධාන පාලක මැදිරියට යොමු වෙනවා අනුග්රාහක භවතුන්ගෙ පුංචි පණිවිඩ කීපයක් සඳහා.