බඩුවක් මුට්ටුවක් ආනයනය - 🚢⚓🛳️

NRTG

Well-known member
  • Oct 19, 2019
    38,801
    193,122
    113
    Colombo, Sri Lanka
    අපි හිරවෙන්නේ අපි හරි විදියට ගෙන්නුවේ නැත්නම් විතරයි. අපි හරි ක්‍රමය යටතේ, නියමිත ලියකියවිලි සහ බලපත්‍ර සහිතව බඩු ටික ගෙන්න ගත්තම කස්ටම් එකේ අය මුකුත් කියන්නේ නැහැ.

    තමන් ගෙන්න ඉන්න බඩු මුට්ටු වල විස්තර අරගෙන ගිහින් කස්ටම් එක ලවුවම රුලින්ග් එක කරගනවා.
    ඊටපස්සේ බලපත්‍ර ටික හදාගන්නවා හිමිට. ගේනවා. කස්ටම් එකේ අයම දුන්න රුලින්ග් එක එයාලම බ්ලොක් කරන්නේ නැහැ.

    එකම දේ ලියකියවිලි සබ්මිට් කරලා හොදට වද දෙන්න ඕන ඉම්පෝර්ට් කොන්ට්‍රෝල් එකේ උන්ට. වැඩේ කරලා දෙනවා.
    එළකිරි (y)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,772
    113
    රටකින් තව රටකට පොඩි ප්‍රමාණයක් නැවක යවන්නේ කොහොමද බන්? කූරියර් දැම්මාම එයාර් කාගෝ විදිහට නේද යන්නෙ? පොඩි එවුන් වගයක් සෙල්ලම් බඩු ඉල්ලනවා. සෙල්ලම් බඩු වලට වඩා සල්ලි යනවා කූරියර් කරන්න ගියාම. නැවක එව්වොත් ගාන අඩුවෙයිද? @Walter White
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,012
    242
    63
    home
    dan oya dubai idan business ekata chocolate / Perfume / shoes ehema genane kohomada?
    shoes bulk genane kohomada? dan 10000-13000 kiyana shoes genawane 1kenek ne. mans wateta retail denawa.. oya restrict karalam monthly kohomada ochara aluth ewa enne?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,065
    110,282
    113
    දෙහිවල
    රටකින් තව රටකට පොඩි ප්‍රමාණයක් නැවක යවන්නේ කොහොමද බන්? කූරියර් දැම්මාම එයාර් කාගෝ විදිහට නේද යන්නෙ? පොඩි එවුන් වගයක් සෙල්ලම් බඩු ඉල්ලනවා. සෙල්ලම් බඩු වලට වඩා සල්ලි යනවා කූරියර් කරන්න ගියාම. නැවක එව්වොත් ගාන අඩුවෙයිද? @Walter White
    මචන් FCL එකක් නෙමේනම් එක LCL එකක්.
    පොඩි පොඩි දේවල් එවන්න පුළුවන්. එතකොර කස්ටම් එකේ රේගිස්ටර් වෙලා වැඩ ගොඩයි. එකතුකරම රස්තියාදුව එක්කම කුරියර් එක ලාබයි මචන්.

    dan oya dubai idan business ekata chocolate / Perfume / shoes ehema genane kohomada?
    shoes bulk genane kohomada? dan 10000-13000 kiyana shoes genawane 1kenek ne. mans wateta retail denawa.. oya restrict karalam monthly kohomada ochara aluth ewa enne?
    බිස්නස් කරන උන් රේගුලර් එහෙ මෙහෙ යනවා. තව උන්ගේ පවුලේ සහ අදුරන උන් එහෙ මෙහා යනවා නිතරම.
    ඉතින් එද්දී කිලෝ 30/50 පිරෙන්නම සපත්තු ගේනවා. එක්කෝ පර්ෆියුම් ගේනවා. කස්ටම් එකෙන්ක් ඉතින් බර කරලා ඕවා බලන්නේ නැහැ. හෑන්ඩ් කැරි නේ.
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,012
    242
    63
    home
    මචන් FCL එකක් නෙමේනම් එක LCL එකක්.
    පොඩි පොඩි දේවල් එවන්න පුළුවන්. එතකොර කස්ටම් එකේ රේගිස්ටර් වෙලා වැඩ ගොඩයි. එකතුකරම රස්තියාදුව එක්කම කුරියර් එක ලාබයි මචන්.


    බිස්නස් කරන උන් රේගුලර් එහෙ මෙහෙ යනවා. තව උන්ගේ පවුලේ සහ අදුරන උන් එහෙ මෙහා යනවා නිතරම.
    ඉතින් එද්දී කිලෝ 30/50 පිරෙන්නම සපත්තු ගේනවා. එක්කෝ පර්ෆියුම් ගේනවා. කස්ටම් එකෙන්ක් ඉතින් බර කරලා ඕවා බලන්නේ නැහැ. හෑන්ඩ් කැරි නේ.
    mmm ekane.. api mona hari karana giyorh thama joka ge idan tax gahane
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,520
    966
    113
    අද පොඩ්ඩක් කරුණු ටිකක් බෙදාගන්නම් බඩුවක් මුට්ටුවක් ලංකාවට ගෙන්නන්න යනකොට මුලිකවම සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් කෙටියෙන්. දැන් කට්ටිය තමන්ගේ ගෘහ පරිබෝජනයට හරි, පොඩි බිස්නස් ලයින් එකකට අපි හිතමු බඩුවක් හෝ බඩු ලොට් එකක් ආනයන කරන්න හිතන් ඉන්නවා කියලා. දැනටම එහෙම කරන අය ඕනෑතරම් ඇති කිරියේ. මෙන්න මේ සටහන් ටික එහෙම කරන්න ඉන්න හිතන් ඉන්න කුකුලන්ට 👊

    අපි මුලින්ම කරන්නේ අපිට ඕන කරන භාණ්ඩ වර්ගය, භාණ්ඩ ප්‍රමාණය සහ එහි විවිදත්වය අනුව අවශ්‍යතාවය ගණනය කරන එක. ඊට පස්සේ අපි හොයන්න ඕන අදාළ භාණ්ඩ ලංකාවට ගෙන්වන්න පුලුවන්ද කියලා හොයන එක. ලංකාවට ආනයනය කල නොහැකි සහ බලපත්‍ර සහිතව ආනයනය කරන්න ඕන කියල නම්කරපු භාණ්ඩ නාමාවලියක් තියෙනවා. අපිට හිතුන ගමන් හැම භාණ්ඩයම ආනයනය කරන්න රේගුව ඉඩදෙන්න නැහැ. අමතරව ලංකාවට ආනයනය සහ අපනයනය වන භාණ්ඩ පිළිබවද ආනයන සහ අපනයන පාලන දෙපාර්තුමේන්තුව වග කියන්න ඕන.

    plyNanX.png


    මුලින්ම අප සොයාබැලිය යුතුයි ආනයන සිමා වලින් අප ආනයනය කිරීමට සිතාගෙන සිටින භාණ්ඩය නිදහස්ද කියලා.
    එක කොහොමද කරන්නේ? 👇👇👇

    ක්‍රම දෙකක් තියෙනවා. පලවෙනි එක කොටුව හේමාස් බිල්ඩිමේ තියෙන "Import and Export Control Department" එක. දෙවෙනි එක "Sri Lanka Customs" එක. කැමති කෙනෙක්ට තමන් ආනයනය කරන්න හිතන් ඉන්න භාණ්ඩ වර්ගය විස්තරයක් රැගෙන ඉහත සදහන් ආයතන වෙත ගියොත් පැහැදිලි තොරතුරු ඒ සම්බන්දව ලබාගන්න පුළුවන්. අපි ලග දැනටමත් "HS Code" එකක් තියෙනවනම් වැඩේ තවත් පහසු වෙනවා 👇👇👇

    https://elakiri.com/threads/harmonized-system-hs-code-✈️🚢⚓.2072734/

    ඉතින් ලබාගෙන,
    ඔව්, එහෙම තොරතුරු ලබාගෙන අදාළ භාණ්ඩ වර්ගය ආනයනය කිරීමට සම්බාදක නැත්නම් පැකිලීමකින් තොරව ආනයන කටයුතු සිදුකරගන්න පුළුවන්. එහෙම බැරි වෙලාවල් තියෙනවද? ඔව්. තියෙනවා.

    1. Prohibited items - කුමන හේතුවක් මතවත් ගෙන්න බැහැ. මෙම ලැයිස්තුව මතට වැටි තිබෙන භාණ්ඩ වර්ග කිසිදු හේතුවක් මත සාමාන්‍ය පුරවැසියෙකුට ආනයනය කල නොහැක. හැබැයි රාජ්‍ය අංශයේ රාජකාරි සහ Diplomatic රාජකාරි සදහා මෙම ලැයිස්තුව යම් අයිතම සදහා සලකාබැලීමක් නොමැත.
    • මත්ද්‍රව්‍ය සහ මනෝවිද්‍යාත්මක ද්‍රව්‍ය
    • පූර්වගාමී ඖෂධ
    • අසභ්‍ය සහ ආගමික සාහිත්‍ය පොත් පත් සහ සගරා
    • සිගරට් ( අති විශේෂ අවසරයක් නොමැතිව )
    • ගිනි අවි, පතොරම්, වායු තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය
    2. Restricted items - මේක ආතල්. කෑලි දෙකකට කැඩෙනවා. "Temporary suspended" කියන්නේ පලවෙනි කුලකය. දැන් ඔය ආනයන සිමා ගහලා තියෙන්න කාර් වලට. ගේන්නම බැහැ. දෙවෙනි එක "License suspended" ,දැන් ඔය ඉහත සදහන් කරපු ආයතන දෙකෙන් එකකට ගිහින් අපිට කියුවා කියලා හිතන්න ආනයනය කරන්න හිතන් ඉන්න භාණ්ඩ වර්ගය "License suspended" කියලා. ඒ කියන්නේ බලපත්‍රයක් එක්ක භාණ්ඩ ටික ගෙන්නගන්න පුළුවන්. අදාළ ලියකියවිලි "Import and Export Control Department" එකෙන් ගන්න පුළුවන්. එයාල ෆොර්මස් එහෙම පුරවන විදියේ ඉදන් කියලා දෙනවා. එතකොට අදාළ ලියකියවිලි නිසි පරිදි "Import and Export Control Department" එකට බාර දුන්නම එයාල අදාලා "Commercial Invoice" එක සදහන් කරලා බලපත්‍රයක් දෙනවා අපිට. අපිට අන්න එක පාදක කරගෙන හිතන් ඉන්න භාණ්ඩ වර්ගය ආනයනය කරන්න පුළුවන්. හැබැයි "Commercial Invoice" එකේ සදහන් දේවල් පමණයි. ඒකනිසා"Commercial Invoice" එක බාරදෙනකොට "Import and Export Control Department" එකට නිවැරදි "Commercial Invoice" එක බාරදෙන්න.

    එම කුලකයට වැටෙන අයිතම ටිකක් පහතින් 👇👇
    • රන්, ස්වර්ණාභරණ, මැණික් සහ අනෙකුත් වටිනා ලෝහ
    • මත්පැන් සහ වයින්
    • විලවුන්, ඖෂධීය ඖෂධ සහ උපාංග
    • විදුලි සංදේශ උපකරණ
    • සතුන්, ශාක සහ ඒවායේ කොටස් etc
    ey5t5w1.png


    ඉතින් දෙවෙනි කුලකය කියන "License suspended" යටතේ බඩුටික ගෙන්නන්න පුළුවන් නිසා අපි දැන් උදාහරණයක් අරගෙන වැඩේ තව පැහැදිලි කරන්නයි යන්නේ.

    @PHBhagya කොලබ කුරුදුවත්තේ පදිංචි තනිකඩ පොර. එයා හිතන් ඉන්නවා ජපානේ ඉදන් පාවිච්චි කරපු පාපැදි ටිකක් ආනයනය කරලා විකුනන්න. අදහස ආපු ගමන් පොඩ්ඩක් ජපන් පැත්තෙන් කෙනෙක් අල්ලාගෙන තමන්ට ඕනකරන පාපැදි සයිස් ටිකයි, පාට ටිකයි, ගණන් ටිකයි, පාපැදි ප්‍රමාණයයි කතාකරලා හදාගන්නවා අපනයකරු ලව්වා invoice එකක්. අරගෙන යනවා "Import and Export Control Department" එකට. ගිහින් තොරතුරු ටික දැනගෙන අදාළ ලියකියවිලි ටික එහෙම තිතට බාරදීලා ගන්නවා අදාළ "Commercial Invoice" එකට පමණක් බලපත්‍රයක්.

    එතකොට? එතකොට එයාට පුළුවන් කිසිදු කරදරයක් නැතුව "Commercial Invoice" එකේ සදහන් භාණ්ඩ ප්‍රමාණය ආනයනය කරන්න? ඔව් පුළුවන්. නමුත් සැලකිය යුතු එකම එක දෙයක් තියෙනවා.

    ඒ මොකක්ද?

    තමන් ආනයනය කරන භාණ්ඩ සදහා යොදාගන්නා BL (Bill of lading) එක හෝ AWB (Air waybill) එකේ සදහන් නැව්ගත දිනය "Import and Export Control Department" විසින් නිකුත් කල බලපත්‍රයේ සදහන් දින හෝ ඊට පසු දිනක් විය යුතුය. සරලව කිවහොත් "License suspended" නාමාවලියේ සදහන් භාණ්ඩ නැව්ගත කල යුත්තේ "Import and Export Control Department" විසින් නිකුත් කල බලපත්‍රයේ සදහන් දිනට හෝ ඊට පසු දිනක් මිසක් ඊට කලින් දිනක නොවේ. කිසියම් පාර්ශවයක් ඊට පෙර දිනක නැව්ගත කිරීමක් සිදු කළහොත් භාණ්ඩ ප්‍රමාණය ආපසු අපනයන කල රටටම ප්‍රති අපනයනය කිරීමට නියෝග කිරීම දක්වා රේගුව හට බලපත පැවරී ඇත.

    ඉවර නැහැ. කොහොමහරි දගලලා ගත්තා කියමුකෝ "Import and Export Control Department" එක බලපත්‍රය. ඉතින් තව බලන්න ඕන දේවල් තියෙනවා.

    බෙහෙත්, සුවද විලවුන්, සබන් වගේ එහෙම ගෙන්න ඕනනම් CDDA /NMRA බලපත්‍රයක් ගන්න ඕන. එකට අදාළ ලියකියවිලි එක්ක යන්න ඕන National Medicines Regulatory Authority (NMRA) එකට.
    ඕනෑම සිග්නල් එහෙ මෙහෙ වෙන අයිතම, යකඩ විකාර වගේ දේවල් වලට SLSI බලපත්‍රයක් ගන්න ඕන. එකට අදාළ ලියකියවිලි එක්ක යන්න ඕන Sri Lanka Standards Institution එකට.
    ගැටළුවක් නැහැ. භාණ්ඩ මෙහෙට ආවත් ඉහත බලපත්‍ර ගන්න පුළුවන්. දඩුවම් නොමැත.

    CMrWo87.jpg


    රේගුව නිකුත්කරපු import-tariff එකේ තියෙන HS Code යටතේ අවශ්‍ය බලපත්‍ර පිලිබදව මනා දැනුමක් අපිට ලබාගන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට පහත ලින්කුවෙන් ගිහින් import-tariff එක නොමිලේ බාගත කරගත හැක.

    https://www.customs.gov.lk/customs-tariff/import-tariff/

    ඔය ටික කරගන්න අතරතුර ඉතින් අපි තීරණය කරන්න ඕන අපි බඩු තොගය ආනයනය කරන්න සුදුසු ගුදම් මාර්ගය.

    අපි එතකොට FCL/ LCL නැතහොත් AIR කියන ගුදම් මාර්ගවලින් අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කරන්න පුළුවන්.
    මෙම ගුදම් මාර්ගය තෝරාගැනීමේදී පිරිවැය, ගුදම් කාලය, ආරක්ෂාව වගේ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන.

    සරල අදහසක් ගන්න පුළුවන් පහල ලින්කුවේ තියෙන පෙර ලිපියකින් 👇👇

    https://elakiri.com/threads/මොනවද-මේ-fcl-සහ-lcl-කියන්නේ-🚢⚓🛳️.2097990/

    හරි, දැන් එවන විදියත් කතාකරගෙන ඊළගට යන්න ඕන "Methods of Payment" කියන තැනට. අපි සල්ලි කලින් ගෙවනවද? භාණ්ඩ මෙරටට ආවම ගෙවනවද? බැංකුවක් හරහා ගෙවනවද කියන එක අපි අපනයන කරු සමග ගිවිසුම් ගත වෙන්න ඕන.

    ඒ පිලිබදවත් සරල අදහසක් පහත සදහන් පෙර ලිපියෙන් 👇👇

    https://elakiri.com/threads/මොනවද-මේ-methods-of-payment-කියන්නේ-🚢⚓🛳️.2098591/

    අමතරව ඉතින් නැව්ගත කිරීම, රක්ෂණය, ලියකියවිලි, රේගු නිෂ්කාශනය සහ අනෙකුත් සැපයුම් කටයුතු සඳහා ගෙවීම සහ කළමනාකරණය කිරීම සඳහා වගකිව යුත්තේ කවුරුන්ද, කුමන අවස්ථාවකදීද යන්න "Incoterms" අපි ඉතින් සැපයුම් කරු සමග ගිවිසුමකට එන්නත් ඕන.
    ඒ පිලිබදවත් ඉතින් පෙර ලිපියක තොරතුරු පහලින් 👇👇

    https://elakiri.com/threads/මොනවද-මේ-incoterms-කියන්නේ-🚢⚓🛳️.2098878/

    මෙම කෙටි ලිපිය අවසන් කරන්නම් කිරියේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් එක්ක.

    කුරියර් වගේ ක්‍රමයකින් ගෘහ පරිබෝජනයට භාණ්ඩයක් හො එකම භාණ්ඩයක කැබලි දෙකක් පමණ ආනයනය කරන්න රේගුව මගින් අවස්තාව ලබාදී ඇත. හිතමු නිකන් ඇපල් මොබයිල් දෙකක් වගේ. ලොකුවට හොයන්නේ නැහැ. පාවිච්චි කරන්න නේ ගේන්නේ. හැබැයි ඉතින් කුරියර් වගේ ක්‍රමයකින් ඇපල් මොබයිල් 5ක් විතර ගෙනාවොත් අදාළ රෙගු නිලදාරියට පැහැදිලි වෙනවා වෙළද කටයුත්තක් සදහා තමයි මෙය ආනයනය කරේ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අදාළ බදු මුදල් ගෙවා දුරකථන නිෂ්කාශනය කරන්න සිදුවුණ අවස්ථා එමටයි.

    තුති. අඩුපාඩු සහ අනෙකුත් කරුණු එකතුකරන්න නුලට 🙏

    කෙටි සටහන : Walter White ✍️
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
    thanks for the post
     
    • Love
    Reactions: Walter White

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,924
    987
    113
    Sri Lanka
    රටකින් තව රටකට පොඩි ප්‍රමාණයක් නැවක යවන්නේ කොහොමද බන්? කූරියර් දැම්මාම එයාර් කාගෝ විදිහට නේද යන්නෙ? පොඩි එවුන් වගයක් සෙල්ලම් බඩු ඉල්ලනවා. සෙල්ලම් බඩු වලට වඩා සල්ලි යනවා කූරියර් කරන්න ගියාම. නැවක එව්වොත් ගාන අඩුවෙයිද? @Walter White
    Console කරන උන් ඉන්නවා මචන්. ඒ පොරක් අල්ලගත්තා නම් වැඩේ ලේසියි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,065
    110,282
    113
    දෙහිවල
    Console කරන උන් ඉන්නවා මචන්. ඒ පොරක් අල්ලගත්තා නම් වැඩේ ලේසියි
    සෙල්ලම් බඩු පෙට්ටියට එන්ට්‍රි ගහන්න ගියාම තමයි එපා වෙන්නෙ..
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,924
    987
    113
    Sri Lanka
    සෙල්ලම් බඩු පෙට්ටියට එන්ට්‍රි ගහන්න ගියාම තමයි එපා වෙන්නෙ..
    one line දාලා ගහයි ඉතින්. ඉම්පොර්ට් එකෙත් ෆුල් ශිප්මන්ට් එකටම උපරිම දෙකයි නැත්නම් තුනයි නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,772
    113
    මචන් FCL එකක් නෙමේනම් එක LCL එකක්.
    පොඩි පොඩි දේවල් එවන්න පුළුවන්. එතකොර කස්ටම් එකේ රේගිස්ටර් වෙලා වැඩ ගොඩයි. එකතුකරම රස්තියාදුව එක්කම කුරියර් එක ලාබයි මචන්.

    Console කරන උන් ඉන්නවා මචන්. ඒ පොරක් අල්ලගත්තා නම් වැඩේ ලේසියි


    thank youu.

    සෙල්ලම් බඩු පෙට්ටියට එන්ට්‍රි ගහන්න ගියාම තමයි එපා වෙන්නෙ..
    ඒ කියන්නෙ ලංකාවෙන් ක්ලියර් කරගන්න බැරි වෙයිද?
    ------ Post added on Aug 4, 2024 at 6:45 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,065
    110,282
    113
    දෙහිවල
    thank youu.


    ඒ කියන්නෙ ලංකාවෙන් ක්ලියර් කරගන්න බැරි වෙයිද?
    ------ Post added on Aug 4, 2024 at 6:45 PM
    මෙහමයි මචන්..
    ඔයා ඔන්ලයින් ඔර්ඩර් කරනවානම් අදාල කුරියර් කම්පැනි එකට අයිතමයට අදාල රේගු ගාස්තු ගෙවලා අයිතමය ඔයට ඩිලිවර් කරනවා.. අදාල රේගු ගාස්තු ඔයාගෙන් එයලා ලබාගන්නවා නමුත් ඔයාට රෙගු ලියකියවිලි පටිපාටි අනුගමනය කරන්න ඕනෙ නැහැ.

    නමුත් ඔයාගෙ නමටම ඔයා LCL එකක් ගෙන්නගන්නකොට ඔයා කස්ටම් එකෙ රෙගිස්ටර් වෙලා අදාල ලියකියවිලි පුරවලා එහෙම තමයි රේගු ගාස්තු ගෙවලා අයිතම නිශ්කාශනය කරන්න වෙන්නෙ..
     
    • Like
    Reactions: Honda.putha