එළකිරි Night Shift ...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන්ල මම මේක site එකක තිබ්ලිල හොයගේත්තේ.... මේක අමු copyak හොදේ.... නිදිමත යන්න එක්ක කියවන්න ලොල්


    රත්තරන් පාට කොමොඩ් එක


    ඔන්න එක්තරා වැදගත් පහේ පොරක් හිටියලු හැබැයි බිව්වාම මෙමරිය ෆුල් අවුල් යන. බිව්වට පස්සේ ගෙදර යන්නවත් පාර අමතක වෙන නිසා යාලුවො ගෙදරට ගෙනත් දානවලු. පහුවෙනිදා වෙරි හිදුනාම මූට කලින් දවසෙ බිව්වෙ කොහෙ ඉඳන්ද කියලවත් හරියට මතක නෑ ලු.

    ඔන්න දවසක් පොර බීලා ගෙදර ඇවිත් පහුවෙනිදා උදේ බලනකොට අතේ බැඳන් හිටිය බොහොම වටිනා අත්ඔරලෝසුව නෑලු. ඒ විතරක් නෙමේ පොරට දැන් මතකත් නෑලු කොහෙදිද කලින් දවසෙ බිව්වෙ කියලා. මතක ඒරියා එකේ නම විතරලු. මෑන්ස් මේ ගැන ගෑණිටත් කිව්වාම ගෑණිත් පොඩ්ඩක් සුපුරුදු අඬෝවැඩියාව දාලා කිව්වලු මතක් කරලා බලන්න කියලා කොහෙදිහරි ගලවලා තිබ්බද කියලා. අපේ මෑන්සුත් දස අතේ කල්පනා කලාම අන්තිමට පොඩි හෝඩුවාවක් මතක් උනාලු.

    “මේ.. ඒයි.. මම ඊයෙ රෑ චූ කරන්න ඕනෙ වෙලා ඕක බාත්රූම් එකේදි ගලවලා තිබ්බා. මට නිකං මතකයි ඒකෙ තිබුනෙ රත්තරං පාට කොමොඩ් එකක්…“

    “රත්තරං පාට කොමොඩ් එකක්?.. ඔය වගේ එකක් හැමගෙදරම නැතුව ඇතිනේ.. ඒ නිසා පොඩ්ඩක් ආයෙ ගිහින් ගෙවල්වලින් අහලා බලනවා රත්තරං පාට කොමොඩ් එකක් තියෙන ගෙදර මොකක්ද කියලා. එතකොට හොයාගත්තෑකි“

    අපේ මෑන්සුත් ඒ කීම පිලිඅරගෙන ඔන්න ඉතිං අර කලින් දවසෙ බොන්න ගියා වගේ මතක ඒරියා එකට ගිහින් ගෙවල් වලින් අහ අහ යනවලු “මෙහේ තියෙන්නෙ රත්තරං පාට කොමොඩ් එකක්ද?“ කියලා.

    ඔය විදියට යනකොට එක ගෙදරක ගෑණු කෙනෙක් මිදුල අතුගගා ඉන්නවලු. අපේ මෑන්ස් වැට ගාවට ගිහින් සුපුරුදු ප්‍රශ්නෙ ඇහුවලු. ගෑණි අපේ බුවා දිහා ටිකක් බලං ඉඳලා එකපාරටම ඉදල බිම දාලා ගෙදර පැත්තට හැරිලා මෙන්න මෙහෙම කෑගැහුවලු.

    “ස්ටැන්ලී….. මෙන්න ඊයෙ ඔයාගෙ සෙක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලෝ……..“

    ප.ලි.: මේ කතාවේ ස්ටැන්ලි කියන්නේ ප්‍රවීණ සෙක්සෆෝන් වාදක ස්ටැන්ලි පීරිස් කියලයි මට අහන්න ලැබුනේ. :lol: :lol:

    :lol::lol::lol:

    digatama dapan machoooo
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Two men, one American and an Indian were sitting in a bar drinking shot
    after shot.
    The Indian man said to the American,"You know my parents are forcing me
    to get married to this so called homely girl from a village whom I
    haven't even met once.
    We call this arranged marriage.I don't want to marry a woman whom I
    don't love...I told them that openly and now have a hell lot of family
    problems."

    The American said, " Talking about love marriages?... I'll tell you my story.

    I married a widow whom I deeply loved and dated for 3 years.
    "After a couple of years, my father fell in love with my step-daughter
    and so my father became my son-in-law and I became my father's
    father-in-law.
    My daughter is my mother and my wife my grandmother.
    More problems occurred when I had a son. My son is my father's brother
    and so he is my uncle. Situations turned worse when my father had a
    son. Now my father's son I.e. My brother is my grandson.
    Ultimately, I have become my own grand father
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    do you have a vagina?

    A housewife is at home when she suddenly hears a knock on the door.
    When she opens the door a man asks her if she has a vagina, the woman
    slams the door in disbelief of what a stranger has just asked her.
    The same thing happens three consecutive days and the woman decides
    to tells her husband. The husband says to the wife; "Tomorrow I am
    not going to work and when the man asks if you have a vagina say yes
    and I will be hiding behind the door."

    The next day the same man comes again and when the woman opens the door he asks if she has the
    vagina and the woman says yes; the man then said to the woman, "Good,
    then please tell your husband to stop screwing my wife.


    sorry for those people who already heard this joke
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    Two men, one American and an Indian were sitting in a bar drinking shot
    after shot.
    The Indian man said to the American,"You know my parents are forcing me
    to get married to this so called homely girl from a village whom I
    haven't even met once.
    We call this arranged marriage.I don't want to marry a woman whom I
    don't love...I told them that openly and now have a hell lot of family
    problems."

    The American said, " Talking about love marriages?... I'll tell you my story.

    I married a widow whom I deeply loved and dated for 3 years.
    "After a couple of years, my father fell in love with my step-daughter
    and so my father became my son-in-law and I became my father's
    father-in-law.
    My daughter is my mother and my wife my grandmother.
    More problems occurred when I had a son. My son is my father's brother
    and so he is my uncle. Situations turned worse when my father had a
    son. Now my father's son I.e. My brother is my grandson.
    Ultimately, I have become my own grand father

    patta seen eka.. mama oka kalin kiyawala thibba... welawata mehe ohoma wenne ne... hik hik
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඔන්න එක මැදිවියේ mans කෙනෙකුයි තරුණ පහේ කෙල්ලෙකුයි ප්ලේන් එකක පළමු පන්තියේ යනවලු… උන්ගේ නම් ගම් යන දිහා අදාළ නැති නිසා ඒවා අහන්න එපා ඔන්න… පළමු පන්තියේ යනවා කියන්නේ ටිකක් එක්තරා විදිහකට යන්න ඕනේ… මොකෝ ඒක ටිකක් එක්තරා level එකක කස්ටිය තමයි යන්නේ… වැඩිය සද්ධබද්ධ දාන්නේ නෑ… දැන් ඔන්න අපේ මැදිවියේ පොර පොතක් කියෝගෙන shape එකේ ඉන්න කොට අර කෙල්ල එකපාරටම තඩි හචිමක් ඇරියලු… (මම හිතන්නේ හරි වචනේ “කිවිසුමක්”) ඊළඟට ටිසු (අර පොෂ් කඩදාසි ලේන්සු ) එකක් අරගෙන නහය පිහිද ගන්නවලු…. ඊළඟට තත්පර 10-15 විතර අර කෙල්ල නිකන් වෙව්ලලා නිකන් සරාගී ටොන් එකක් දෙනවලු… දැන් අපේ බුවාට මේක හෙනම upset ලාස්ට් පාර්ට් එක තේරෙන්නේ නෑලු…. ඌ හරි හොඳ බබෙක් වගේ…. ටිකක් වෙලා කල්පනා කොරල ආයේ තමන්ගේ පොත දිහාට හැරුනලු…. විනාඩි 15කට 20කට පස්සේ ආයේ අර කෙල්ල තව හචින් එකක් ඇරියලු… ආයේ ටිසු පාර්ට් එක…. ඊළඟට අර සරාගී ඇක්ෂන් ටොන් එක… දැන් අපේ කොල්ලට මේක හෙනම ප්‍රශ්නේ… 3වෙනි පාර්ට් එක ඌට තේරෙන්නේ නෑ…. තව ටිකක් කල්පනා කලාලු… ම්ම් කිසි දෙයෙක් ඔලුවට එන්නේ නෑලු ඉතින් ආයේ පොත කියවන්න පටන් ගත්තලු…. වැඩි වෙලාවක් ගියේ නෑ අර කෙල්ල 3වෙනි හචිමත් ඇරියලු ආයෙත් ඉස්සෙල්ල ටිකම කෙරුවලු…. මේ වෙනකොට නම් ඒ මෑන්ස්ගෙයි මේක කියෝන උඹලගේ කිසි වෙනසක් නෑ…. මේක තේරෙන්නේ නෑ…. බැරිම තැන අර කෙල්ලට ටිකක් ලං වෙලා ඇහුවලු….

    “මිස් මොකෝ අප්සෙට් එක දැන් ඔයා හචින් අරිනවා…. නහය පිහිනවා ඊට පස්සේ වෙව්ලලා අමුතු සද්දක් දානවා… අසනීපයක් ද ???”

    අනේ අර කෙල්ලත් බොහොම බැහැපත්ව කිව්වලු

    “අනේ මට සමාවෙන්න…. මට ඉතාමත් දුලබ අසනීපයක්…. මට හැම කිවිසුමකට පස්සෙම පොඩ්ඩක් ##### වෙන්න ඕනේ…”

    (#### ඉංග්‍රීසි වට්චනේ orgasm මම ඔකේ සිංහල word එක දන්නේ නෑ… එත් සරල බාසාවෙන් ස්වයං …… වෙන එක මම හිතන්නේ…. තොපිට දැන් තේරෙන්නෙත් නැත්නම් උඹල හරිම හොඳ ළමයි… කියලා වැඩක් නෑ අදහන්න වටිනවා උඹලව)

    දැන් අපේ පොරට මේක හෙනම අප්සෙට් වගේ…. (ඌට ලජ්ජා හිතිලද මංදා….) එත් දැන් ඉතින් කතාව ඉවර කරන්නත් එපායැ බුවා හෙනම professor වගේ ඇහුවලු….

    “ඉතින් ඔයා ඕකට බේත් මුකුත් ගන්නේ නැද්ද ????”
    අර අහිංසක කෙල්ල පොර දිහා බලල කිව්වලු “ගන්නවා….. ගම්මිරිස් කුඩු”

    හ… හ… හචීන්න්න්න්න්න්න්…………………

    ඒ නම් අර කෙල්ල නෙමේ මම හොඳේ…. ලංකාවේ ඉඳන් කට්ටිය මාව මතක් කොරනවද කොහෙද…..

    --
    ට්යුබ් ලයිට් සංගමේ සමාජිකින් සඳහා හෙල්ප් ලයින් එක…
    ගෙදර තියෙන ගම්මිරිස් කුඩු ටිකක් නහයට ලං කරලා වෙන දේ බලල comment එකක් දාපල්ලා…..
    අවවාදයයි : උඹලට ස්වයං චූන් ලෙඩේ හැදෙයි කියලා හිතෙනවනම් ඕක private තැනක නිදහසේ නිවිහැනිහිල්ලේ අත්හදාබැලීම වඩාත් සුදුසුයි… :rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මේක නම් අපිට( අපෙ කොල්ලො සෙට් එකට ) වෙච්ච පට්ට සිද්දියක්. සාපෙ කරල (ඕ ලෙවල්) අපි සෙට් උනා කොම්පියුටර් පන්තියකට යන්න.. එක ඔයෙ හුඟක් අය දන්න කියන ප්ලේස් එකක්.. එතනට සෙට් වෙන්න හේතුව නම් ඉතින් දන්නවනෙ, හොඳ හොඳ ආතල් තියෙනව ඒ ලඟ පාත.. උදෙන්ම ආව ගමන් රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එක එහා පැත්තෙ..( එහාපැත්තෙ කිව්වට ටිකක් ඇවිදගෙන යන්න ඕනෙ, පොඩි හොඩුවාවක් ඔනෙ නම්, ඒකෙ නම “අත්ලාන්තික්” ) උදේට එන්නෙත් වැනි වැනි, ඉන්ටෙර්වල් එකට ආයෙත් ටියුන් කරනව, හවසට ඩවුන් තමයි.. මම නම් ඉතින් ඕවට නෑ.. ඒ කාලෙ මම අහින්සක කොලුව, දැනුත් එහෙම ම තමයි.. හැබැයි ආතල් කොතනද, අපි එතන…

    වෙන එකක් තියා අපි සෙට් එක තමයි ලු ඒකෙ ඉන්න උගන්නන කෙනෙක් ව මුලින්ම අඬෙව්වෙ.. ඒක කිව්වෙ මැනේජරයමයි.. ටීචර් අඬන වෙලාවෙ එතනට ඇවිත් කිව්වෙ.. ලන්කාවෙ පලවෙනි පුද්ගලික පරිඝණක අධ්‍යාපන ආයතනයත් ඒක ලු.. ( අපි ගිය කාලෙ තමයි මේකට අවුරුදු 20ක් පිරුනෙ, සිරාවටම 1වෙනි එක ඒක වෙන්න ඇති ) ඉතින් අපිට මාර පට්ට ආඩම්බරයක් තියෙන්නෙ කරපු වැඩේ ගැන.. කුජීතයි නේද… හි හි… ටීචර් අඬද්දි කෙල්ලො සෙට් එක එයාව සනසන්න මිරින්ඩා එකක් ගෙනාව… ඩයල් එක මිරින්ඩ එක ලඟ තියාගෙන අඬනව.. කෙල්ලො තුශ්නිං බූත වෙලා, ඇයි ඉතින් මේකට වන්දිය උනුත් ගෙවන්නෙපැයි, අපි කොලාට.. කෙල්ලො ට්‍රය් කරා කරා අඬන එක නවත්තගන්න බෑ..

    ඕක උනේ ඉන්ටෙර්වල් එක ඉවර වුන ගමන්.. අපෙ එකෙක්ට හොඳට සූර්.. ඌ නිදාගෙන හිටියෙ.. මූ එකපාරටම ඇහරුනා, ඌ මේක ටික වෙලාවක් බලන් ඉඳල ” මේ **ති අඬනව අඬනව ඉවරයක් නෑනෙ බන්” කිව්වනෙ ගත් කටටම… පට්ට සිද්දිය.. හැබැයි හොඳ වෙලාවට කෙල්ලො ඉන්න හරියට ඇහුනෙ නෑ.. අපි ඉතින් අන්තිම පේලියනෙ ඉන්නෙ.. හි හි.. මම අරූව ශේප් කරල ආපහු නිදි කෙරෙව්ව…

    කෙල්ලොන්ට වැඩේ කරගන්න බැරුව ඉන්නකොට අපෙ තවත් බුලට් එකක් ගියා ඉස්සරහට.. අපි බැලුව මේ මොකද වෙන්න යන්නෙ කියල.. සාමාන්‍යයෙන් ඌ යන්නෙ මොකක් හරි පුපාඩි වැඩකට මිසක් හොඳකට නම් නෙවේ.. ඉතින් අපිටත් සැකයි.. මූටත් එක්කො සූර් එක වැඩි නිස වෙන්න ඇති කියල මම හිතුව.. දැන් අපි ඔක්කොම කටවල් ඇරන් බලන් ඉන්නව මොකද මේ වෙන්නෙ කියල..

    මිස් ඉන්නෙ මේසෙ උඩ අත් දෙක හිටවගෙන ( වැලමිට මේසෙ උඩ තියාගෙන ) අත් දෙකෙන් මූන වහගෙන අඬ අඬ… අරූ ගිය ගමන් මෙන්න මිස්ගෙ ඔලුව අතගානව.. ( සිරාවටම අතින්ම අල්ලල අතගෑවනෙ මේකා ) “මිස්, අඬන්න එපා මිස්.. ඕව ගනන් ගන්න එප මිස්…” ඔයෙ වගේ ටොල්ක්ස් දී දී මූ ඔලුව අතගානව… මිස් තවත් අඬනව නිකන් වැස්ස වගේ.. අරූ කිව්ව, “මිස්, දැන් ඔයෙ අඬන එක නවත්තල මේ බීම එක බොන්නකො… ආ..” කියල මූ දැන් මිරින්ඩ එක අතට අරන් මිස්ට ලං කරනව, මිස් හොරෙන් අත් දෙක අස්සෙන් මිරින්ඩ එක දිහා බලල අඬනව… බොන්නෙ නෑ… ඔන්න දැනුයි මට මුගේ සීන් එක මීටර් උනේ.. මිස් මිරින්ඩ එක දිහා බලල, ආයෙත් මූන වහගෙන අඬන්න ගත්ත ගමන්ම මූ මිරින්ඩ එක අරන් ගුඩු ගුඩු ගාල අදින්න ගත්තෙ නැතයි… කස්ටියටම හොඳටම හිනා.. මිසුත්, අඬ අඬ හිනා වෙනව… කොහොම හරි අන්තිමට මැනේජර්ගෙ බනත් අහලයි නැවතුනේ…

    තව සීන් තියෙනව, පස්සෙ ලියන්නම්කො..(ඇත්තටම කිව්වොත් ලියන්න හැදුවෙ වෙන කතාවක්.. ලිව්වෙ තවත් එකක්… ). මේක මෙහෙම ලිව්වට ආතල් නැතිවෙයිද දන්නෙ නෑ.. එතන හිටපු අපි තමයි දන්නෙ ගත්ත ආතල්.. පට්ටයි ඒ කාලෙ නම්… දැන් ඉතින් ඔව මතක් කරනව විතරයි..

    :P