මචන්ල මම මේක site එකක තිබ්ලිල හොයගේත්තේ.... මේක අමු copyak හොදේ.... නිදිමත යන්න එක්ක කියවන්න ලොල්
රත්තරන් පාට කොමොඩ් එක
ඔන්න එක්තරා වැදගත් පහේ පොරක් හිටියලු හැබැයි බිව්වාම මෙමරිය ෆුල් අවුල් යන. බිව්වට පස්සේ ගෙදර යන්නවත් පාර අමතක වෙන නිසා යාලුවො ගෙදරට ගෙනත් දානවලු. පහුවෙනිදා වෙරි හිදුනාම මූට කලින් දවසෙ බිව්වෙ කොහෙ ඉඳන්ද කියලවත් හරියට මතක නෑ ලු.
ඔන්න දවසක් පොර බීලා ගෙදර ඇවිත් පහුවෙනිදා උදේ බලනකොට අතේ බැඳන් හිටිය බොහොම වටිනා අත්ඔරලෝසුව නෑලු. ඒ විතරක් නෙමේ පොරට දැන් මතකත් නෑලු කොහෙදිද කලින් දවසෙ බිව්වෙ කියලා. මතක ඒරියා එකේ නම විතරලු. මෑන්ස් මේ ගැන ගෑණිටත් කිව්වාම ගෑණිත් පොඩ්ඩක් සුපුරුදු අඬෝවැඩියාව දාලා කිව්වලු මතක් කරලා බලන්න කියලා කොහෙදිහරි ගලවලා තිබ්බද කියලා. අපේ මෑන්සුත් දස අතේ කල්පනා කලාම අන්තිමට පොඩි හෝඩුවාවක් මතක් උනාලු.
“මේ.. ඒයි.. මම ඊයෙ රෑ චූ කරන්න ඕනෙ වෙලා ඕක බාත්රූම් එකේදි ගලවලා තිබ්බා. මට නිකං මතකයි ඒකෙ තිබුනෙ රත්තරං පාට කොමොඩ් එකක්…“
“රත්තරං පාට කොමොඩ් එකක්?.. ඔය වගේ එකක් හැමගෙදරම නැතුව ඇතිනේ.. ඒ නිසා පොඩ්ඩක් ආයෙ ගිහින් ගෙවල්වලින් අහලා බලනවා රත්තරං පාට කොමොඩ් එකක් තියෙන ගෙදර මොකක්ද කියලා. එතකොට හොයාගත්තෑකි“
අපේ මෑන්සුත් ඒ කීම පිලිඅරගෙන ඔන්න ඉතිං අර කලින් දවසෙ බොන්න ගියා වගේ මතක ඒරියා එකට ගිහින් ගෙවල් වලින් අහ අහ යනවලු “මෙහේ තියෙන්නෙ රත්තරං පාට කොමොඩ් එකක්ද?“ කියලා.
ඔය විදියට යනකොට එක ගෙදරක ගෑණු කෙනෙක් මිදුල අතුගගා ඉන්නවලු. අපේ මෑන්ස් වැට ගාවට ගිහින් සුපුරුදු ප්රශ්නෙ ඇහුවලු. ගෑණි අපේ බුවා දිහා ටිකක් බලං ඉඳලා එකපාරටම ඉදල බිම දාලා ගෙදර පැත්තට හැරිලා මෙන්න මෙහෙම කෑගැහුවලු.
“ස්ටැන්ලී….. මෙන්න ඊයෙ ඔයාගෙ සෙක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලෝ……..“
ප.ලි.: මේ කතාවේ ස්ටැන්ලි කියන්නේ ප්රවීණ සෙක්සෆෝන් වාදක ස්ටැන්ලි පීරිස් කියලයි මට අහන්න ලැබුනේ.![]()
![]()



digatama dapan machoooo



