එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

Meez

Member
Mar 31, 2018
70
21
0
ඉනොවෙක්ස් ෆෑන්- innovex-ISF165R

ඉනොවෙක්ස් ෆෑන්- Innovex Fan-ISF165R

isf165r.jpg


IMG_20180331_192107.jpg


මේක දම්රෝ එකෙන් ගත්තු ෆෑන් එකක්. මිල රුපියල් 6,600 ක් වගේ වෙන්නේ. එක පාර ගෙවද්දී ඩිස්කවුන්ට් එක්ක 5,800 කට වගේ ගන්න පුළුවන්.

මේක බොහොම සමානය ෆෑන් එකක්. රිමොර්ට් එකක්, වගකීමක් එක්ක මේ ගානට ගන්න ෆෑන් ඇත්තෙම නැති තරම්. එහෙම බලද්දී අඩුවටම ගන්න තියෙන, ස්ටෑන්ඩ්,රිමොර්ට් ෆෑන් එකක් කියන්න පුළුවන්.

මේ ෆෑන් එකේ ලොකුවටම හුලග එන්නේ නම් නැහැ, හැබැයි තනි කෙනෙක්ගේ භාවිතයට ඇති.

මේකේ අවුල තමයි අවුරුදක් යන්නත් කලින් මේකේ වටේ තියෙන දැල් දැල් ගාර්ඩ් එක මලකඩ කන්න පටන් ගන්න එක. මුහුද අයිනේ පලාත්වල නං ඊටත් ඉක්මනට මළබැදීම පටන් ගනියි.

ඒ ඇරෙන්න වෙන අවුල් නං නැහැ. හැබැයි තදින් විදුලි කොටන වෙලාවට මේක කරන්ට් එකට ප්ලග් කරලා තිබ්බම මේකේ සමහර ෆන්ෂන් වැඩ කරන්නේ නැතුව යනවා කියලා කියනවා. ඒ කියන්නේ රිමොර්ට් එකට ප්‍රතිචාර නොදැක්වීම, Swing නොවීම වගේ දේවල්.

සාමානයෙන් මේක දවසට පැය 10 ක් වගේ දානවා. එතකොට මාසෙකට විදුලි ඒකක 15 ක් වගේ මේකට භාවිතා වෙනවා. එහෙම බලද්දී විදුලිය නම් ගොඩක් අඩුවෙන්ම යන ෆෑන් එකක් කියන්න පුළුවන්.
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    SIN_SWM-FA70R-01_zoom.jpg


    fully auto කිලෝ 7යි. අරං අවුරුදු 1.5 වෙනවා. කාසි ඇතුලේ හිරවෙනවා. ටියුබ් එකටම කාසි බහිනවා. කාසි ගියාම පට්ට සද්දේ. මේ මාසේ මුල මීයෙක් රිංගලා පම්ප් එකේ වයර් කපලා. ඒ නිසා ස්ටාර්ට් කරපු ගමන් වතුර ගන්නේ නැතුව කැරකෙන්න ගන්නවා. සිංගර් එකට කිව්වම එකෙක් ආවා. ඌ උඩ කවරේ ගලවපු ගමන් කිව්වා මීයෝ කාලා කියලා.කවරේ ඇතුලේ ෂොපින් බෑග් කෑලියි රේසර් වල කවරයි එතනම කුණු ගොඩක්. මූකිව්වා මීයා ඇතුලේ ඉන්නවා කියලා. එපාර දෙන්නත් එක්ක මැෂින් එක ගෙයින් එලියට උස්සන් ගියා. එපාර ඌ මැෂින් එක පෙරලුවා. එතකොට දැක්කේ rat guard එක දාලා නෑ.කොට සාය ගහපු කෙල්ලෙක්ගෙ යටින් ඔලුව දාලා බැලුවා වගේ ඔක්කොම පේනවා. මොටරෙයි බෙල්ට් එකයි ෆුල් සිවිල් පිට. අරූ ගෙදර දොර වහන්න කියලා මැෂින් එකට පයින් ගහගෙන ගහගෙන ගියා.:rofl: 5-6 වදිනකොට පූස් පැටියෙක් වගේ තඩි මීයෙක් එලියට පැනලා ඇන්ටනාව දිගේ නැගලා වහලෙට ගියා.:rofl: මියෝ කෑවම වොරන්ටි නෑ කියලා වයර් සෙට් කරලා වයර් වටේ ටේප් එකක් ඔතලා 1350ක් කඩාගත්තා.


    ඊටපස්සේ ටෙස්ට් රන් එකක් දුන්නම කාසි හිර වෙලා සද්දේ එන නිසා මූ ඇතුලේ බබරේ ගලවව්වා. ගලවන අතරේ කලින් දාපු සබන් කුඩු දියවෙලා පෙන එකයි ටියුබ් එක ඇතුලේ. එපාර වතුර දදා පේන අයින් කරා. මන් වෙනම බේසමෙන් වතුර දානවා. අරූ පෙන නාගෙන බබරේ ගලවන්න හදනවා.:rofl: සබන් නිසා ප්ලාස්ටික් බබරේ ලිස්සනවා.ඇනේ ගලවලා උඩට අදින්න තියෙන්නේ. කොහොම හරි 10 කාසි 3ක් අස්කරා ඇතුලේ තිබිලා:rofl:


    ලංකාවෙ හදනවානම් මීයො රිංගන්ඩ බැරි වෙන්ඩ හදන්ඩ එපායැ:rofl:

    දම්රෝ එකෙත් ඔහොමද දන්නැ:oo:
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    ලංකාවෙ හදනවානම් මීයො රිංගන්ඩ බැරි වෙන්ඩ හදන්ඩ එපායැ:rofl:

    දම්රෝ එකෙත් ඔහොමද දන්නැ:oo:

    දම්රෝ එකෙත් මෙහම තමයි. මැෂින් එකේ යට වහන්න පියනක් වගේ එකක් එනවා. ඒක හයි කරලා නෙමේ තියෙන්නේ. මැෂින් එක ගෙදර ගෙනත්, වතුර එලියට යන බටේ කැමති පැත්තකින් දාගෙන, අපි මේ කවරය හයි කර ගන්න ඕනි. එහෙම නැත්තන් සත්තු රිංගල මැෂින් එක විනාශ කරනවා.

    මේ පහල පින්තුරේ වගේ තමයි මැෂින් එක තියෙන්නේ.

    index.jpg

    9k=


    මැෂින් එකත් එක්ක එනවා මේ පහල තියෙනවා වගේ කවර් එකක්. එක හයි කර ගන්න ඕනි.

    2313131100.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දම්රෝ එකෙත් මෙහම තමයි. මැෂින් එකේ යට වහන්න පියනක් වගේ එකක් එනවා. ඒක හයි කරලා නෙමේ තියෙන්නේ. මැෂින් එක ගෙදර ගෙනත්, වතුර එලියට යන බටේ කැමති පැත්තකින් දාගෙන, අපි මේ කවරය හයි කර ගන්න ඕනි. එහෙම නැත්තන් සත්තු රිංගල මැෂින් එක විනාශ කරනවා.

    මේ පහල පින්තුරේ වගේ තමයි මැෂින් එක තියෙන්නේ.

    index.jpg

    9k=


    මැෂින් එකත් එක්ක එනවා මේ පහල තියෙනවා වගේ කවර් එකක්. එක හයි කර ගන්න ඕනි.

    2313131100.jpg

    එහ්නම් අවුලක් නෑ. නැත්තං අපරාදෙනේ:cool:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    SIN_FAN-FS40-10DR-01_zoom.jpg


    සිංගර් එකෙන් ගත්තේ. පැය 1/2 ඉදලා පැය 7 1/2 වෙනකන් ටයිමර් තියන්න පුළුවන්. හුලග සැර වැඩි. ස්පීඩ් අඩු කරලා තව සයිලන්ට් එකේ කැරකෙන මුඩ් දුන්නම වේගේ පොඩ්ඩක් අඩු වෙනවා. ඒත් සැර වැඩි. රෑට පට්ට සීතලයි. රිමෝට් එකක් එනවා.මහා කරන්ට් එකක් යන්නේ නෑ. 6000 ගානක් හරි 7000 ගානක් හරි උනා


    Photo0301.jpg
    Photo0300.jpg

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මචං මැෂින් එකේ වර්ගය මොකක්ද කියලා ෆොටෝ එකක් එක්කම දාපන්කෝ. මේකේ සමානය මිල කීයද, මාසයට කී සැරයක් භාවිතා කරනවද, කරන්ට් එක කොච්චර යනවද වගේ දේවල් එහෙම.

    අනික රෙදි සෝදද්දී රෙදි එකට ඇඹරෙනවද වගේ ගුණ දොස් දාපන්කෝ පුළුවන් නම්

    පොටෝවක් දාමු නේ:D

    man gedara neme ban inne photo danna giya dawasaka balamu.
    kawuda ban owa ganan karanne?
    inverter ena ewage current1 aduwen yanne.
    10Y warranty drum1ta.
    daily hodanawa 2-3 parak
     
    Last edited:

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    LG A/C (INVERTER Model)

    LG A/C 18000BTU INVERTER model (Model No: JS-Q1865NP7)

    JSN1865_NP7_Split-_Non-_Inverter-_Air-_Conditioners_D1.jpg


    මේක අබාන්ස් එකෙන් ගත්තු එල්ජී ඉන්වටර් මොඩෙල් ඒසී එකක්. අබාන්ස් එකේ ආෆ්ටර් සර්විස් ගැන නම් කිසිම පැහැදීමක් නැහැ මගේ. ඒ උනාට මේක අබාන්ස් එකෙන් ගත්තේ අඩුවට, වගේම ගෙවන්න ගන්න හම්බුන නිසා.

    මේක රුපියල් ලක්ෂයක් වගේ උනේ.. හරියටම කිව්වොත් රුපියල් 103,000 යි.

    මේකෙන් ඒසී දෙකක් හයි කරා. දෙකම 18000 BTU. ඒසී දෙකට 206,000 යි, හයි කරන්නත් එක්කම. ෆ්‍රී සර්විස් 3 ක් දෙනවා. දැන් මාස 6 ක් වගේ ඇති හයි කරලා. යුනිට් දෙකක් හයි කරේ අඩි 12*22 කාමරයකට. යුනිට් දෙකක් හයි කරේ කාමරය කොටස් දෙකකට භාවිතා කරන්න ඉන්න නිසා. දැනට කාමරේ දෙකෙළවරට වෙන්න ඒසී දෙක හයි කරලා, තනි කාමරයක් විදියට තියෙන්නේ.

    මෙව්වගේ එළියේ යුනිට් එකේ වයිබ්රේට් එක, ශබ්දය නම් මේ රේන්ජ් එකේ අනික්වට වඩා වැඩි කියලත් හිතෙනවා. ඒක ඉතින් එච්චරම ගැටලුවක් නැහැනි.

    කූල් එක ගැන කියනවා නම් සීයට සීයක් සැහීමකට පත්වෙන්න බැරි උනත් හොද මට්ටමේ කූල් එකක් එනවා.

    සාමානයෙන් මම දිනකට මේ මැෂින් දෙකම පැය 8 ක් වගේ දානවා. සමහර දවස් වල පැය විසි හතරේම දාලත් තියෙනවා. කොහොම හරි සාමානයෙන් දිනකට පැය 12 ක් වගේ ඇවරේජ් දානවා කියලා ගන්න පුළුවන්.

    මෙව්වට කරන්ට් බිල නම් රුපියල් 12,000 ක් වගේ ආවා. ඒ කියන්නේ මැෂින් දෙකටම මේ ගාන ආවේ. එතකොට එක මැෂින් එකකට මාසෙකට රුපියල් 6,000 ක වගේ විදුලියක් ගිහින් තියෙනවා.
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    SIN_FAN-FS40-10DR-01_zoom.jpg


    සිංගර් එකෙන් ගත්තේ. පැය 1/2 ඉදලා පැය 7 1/2 වෙනකන් ටයිමර් තියන්න පුළුවන්. හුලග සැර වැඩි. ස්පීඩ් අඩු කරලා තව සයිලන්ට් එකේ කැරකෙන මුඩ් දුන්නම වේගේ පොඩ්ඩක් අඩු වෙනවා. ඒත් සැර වැඩි. රෑට පට්ට සීතලයි. රිමෝට් එකක් එනවා.මහා කරන්ට් එකක් යන්නේ නෑ. 6000 ගානක් හරි 7000 ගානක් හරි උනා


    Photo0301.jpg
    Photo0300.jpg


    මේක හොද ෆෑන් එකක් වගේ. පෙති 5 ක් තියෙන වනි. හයදාස් ගානක් වෙනවා නම් ඒ මිලට හොදටම වටින එකක්. අනික ලස්සනයි ෆෑන් එක. එල,,
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E

    IMG_20180331_174622.jpg


    SIN_SWH-118E-01.jpg


    මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ.

    මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල් එක නෙමේ. නොමර්ල් එක. ගෙදර ටැප් වල වතුර හොදට පෙෂර් එකේ එනවා නං මේකේ හොදයි. නැත්තම් නාන්න ගියාම වතුර එන්නේ මාර හිමිට.

    මේක දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා, අඩුම හීට් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඒ කියන්නේ යන්තම් වතුර වල සිතල ගතිය අඩු වෙන්න විතරයි. එහෙම කරද්දී මාසෙට විදුලි ඒකක 10 ක් වගේ යනවා.

    හැබැයි මේකේ වතුර හීට් එක හොදටම වැඩි කරලා නෑවත් වතුර එහෙම ලොකුවට රත්වෙන්නෙ නැහැ. ඒක මේ මොඩෙල් එකේ අවුලක්ද කියලා දන්නේ නැහැ. නුවරඑළිය වගේ පළාත් වලට එහෙමමට හරි යන්නේ නැතුව ඇති ඒ නිසා.

    සාමානයෙන් මිලත් එක්ක බලද්දී අඩුවටම ගන්න තියෙන හොට්වෝටර් ෂවර් එකක් තමයි මේක.

    mee magula ape gedarath thiyenawa :baffled: watura nam rath wenne naa meke wadak nati magulak :angry:
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මන් ගාව තියෙනවා dialog එකෙන් ගත්ත 4g router එකක්.