එළවළු පැටිස් (Polpette di verdure)

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    එළවළු පැටිස් (Polpette di verdure)

    Healthy-vegetable-patties_5_MilanoTime-575x383.jpg


    එළවලු පැටිස් එහෙමත් නැත්නම් ඉතාලි භාෂාවෙන් කියනවනම් polpette di verdure කියන්නෙ, ආදී කාලයේ සිටම පැවත එන ඉතාමත් රසවත් කෑමක්. මෙහි ඇති crispy ගතිය නිසාම පොඩිත්තොත් ඉතාමත්ම ආස කරන කෑමකි. රන් වන් පැහැති මෙම crispy එළවලු පැටිස් හැඩයෙන් nuggets ආකාරයක් ගන්නා අතර එහි පිරවුම ලෙස එළවලු වලට අමතරව cheese, බිත්තර සහ පාන් කුඩු මිශ්‍රව ඇති නිසා මෙය ඉතාමත් ප්‍රණීත ආහාරයක් වගේම පෝෂ්‍ය දායී ආහාරයකි. එළවලු පැටිස් ඉතාමත් සරළ කෙටි ආහාරයක් උවත් එයට ඉතාලි ආහාර සංස්කෘතියට අනුව ඉතාමත් දිගු ඉතිහාසයක් පවතී. පහුගිය කාලයේ බොහෝ පිරිසක් අක්‍රමවත් ආහාර රටා වලට හුරු වෙලා සිටියා. ඒ අතර ක්‍ෂණික ආහාර සඳහා ගොඩක් දෙනා පෙළඹුනා නමුත් ඒවා ශරීරයට අහිත කර ආහාර නිසා දැන් දැන් අයෙත් ඔව්න් සම්ප්‍රදායික දේශීය ආහාර වලට නැඹුරු වෙමින් පවතිනවා.ඒ නිසා ඕනෑම ආහාර මේසයක එළවලු පැටිස් වලට තවමත් හිමි වෙන්නෙ සුවිශේෂී ස්ථානයකි. මම අද හදන්න බලාපොරොත්තු වෙන්නේ සරලම එළවලු පැටිස්, අපි කව්රුත් කැමති එළවලු වර්ග කීපයක් යොදාගෙන. නමුත් ඔබට මෙය ඔබ කැමති වෙනත් එළවලු වර්ග යොදාගෙන උවද අත්හදා බැලිය හැක.

    එළවලු පැටිස් (polpette di verdure) වට්ටෝරුව

    අවශ්‍ය ද්‍රව්‍ය
    24 පමණ සදා ගැනීම සඳහා
    කැරට් 160g
    ලීක්ස් 70g
    ග්‍රීන් පීස් 160g
    Zucchini / බෝංචි 150g
    අර්ථාපල් 350g
    බිත්තර 2
    සිහින්ව ගාන ලද Parmesan cheese 100g
    සුදු ළුණු බික් 1
    parsley 5g
    සාදික්කා කුඩු 1g
    ගම්මිරිස් ස්වල්පයක්
    ලුණු පාන් කුඩු 40g
    තෙල්


    Healthy-vegetable-patties_1_MilanoTime-768x474.jpg


    Healthy-vegetable-patties_2_MilanoTime-768x486.jpg


    සාදා ගන්නා ක්‍රමය

    1. භාජනයකට අර්තාපල්, ලුණු ස්වල්පයක් සහ ජලය එක් කර එය හොඳින් තම්බා ගන්න. තැම්බුනාට පසු පොතු ටික ඉවත් කර ගන්න. පොතු ඉවත් කර ගත් අර්තාපල්, භාජනයකට දමා හැන්දක ආදාරයෙන් හොඳින් පොඩි කර ගන්න
    2. ලීක්ස්, zucchini/බෝංචි සහ කැරට් ටික සිහින්ව කපා ගන්න
    3. තාච්චියකට තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වන විට සුදු ළුණු ගෙඩිය ගෙඩිය එයට එක් කරන්න. ඉන්පසු කපා ගත් ලීක්ස් ටික එකතු කරන්න. එය මිනිත්තුවක් පමණ තෙම්පරාදු වන විට කපාගත් කැරට් ටික එක් කරන්න, එයත් මිනිත්තුවක් පමණ තෙම්පරාදු කර ගන්න. අවසානයේ කපාගත් zucchini/බෝංචි ටික එයට එකතු කරන්න, හොඳින් තෙම්පරාදු කර ගන්න
    4. අවසානයේ ග්‍රීන් පීස් ටික එකතු කර මිනිත්තු 10 පමණ තෙම්පරාදු කර ගන්න, එළවලු ටික තරමක් crispy වන තුරු තෙම්පරාදු කර ගන්න (එය ඉතාමත් වියලි බවින් යුක්ත නම්, වතුර තේ හැඳි 1-2 පමණ එක් කර හොඳින් මිශ්‍ර කරන්න). එය තෙම්පරාදු කර ගෙන අවසන් ඌ පසු ලුණු සහ ගම්මිරිස් කුඩු එක් කර හොඳින් මිශ්‍ර කර නිමෙන්නට හරින්න
    5. පොඩි කර ගත් අර්තාපල්, cheese කුඩු, බිත්තර (1), ලුණු, ගම්මිරිස් සහ සාදික්කා කුඩු එළවලු මිශ්‍රණයට එකතු කර ගන්න. එයටම සිහින්ව කපාගත් parsley එක් කර ගන්න
    6. පිරවුම හොඳින් සකස් වන තුරු එය හොඳින් මිශ්‍ර කර ගන්න (එය අවශ්‍ය පමණට වඩා දියාරු බැවින් යුක්ත නම් පාන්කුඩු ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න)
    7. සාමාන්‍යයෙන් එළවලු පැටිස් එක සැදීම සඳහා එළවලු මිශ්‍රණයෙන් 50-55g පමණ ප්‍රමාණයක් ගන්න. මීට අමතරව ගසා ගත බිත්තරයක් භාජනයකට දමා ගෙන පැත්තකින් තබා ගන්න. තවද පාන් කුඩු tray එකක හෝ භාජනයකට දමා පැත්තකින් තබා ගන්න. සාදාගත් එළවලු මිශ්‍රණයෙන් cutlet size බෝල සාදා ගෙන, ටිකක් තලන්න. ඉන් පසු ඒවා ගසාගත් බිත්තර වල තවරා, පාන්කුඩු වල තවරා ගන්න
    8. අවසානයේ මෙලෙස සදා ගත් polpette තෙලේ බැද ගන්න. සාමාන්‍යයෙන් දෙපැත්තම රන් වන් පැහැ වන තුරු බැද ගන්න. ඉන්පසු තච්චියෙන් ඉවත් කර ගෙන තෙල් හොඳින් අයින් වෙනතුරු tissue කොලයක් මත ටික වෙලාවක් තබන්න. උණු උණුවෙන්ම ආහාරයට පිලි ගන්වන්න! :yes:


    සැ.යු.

    – Polpette di verdure ඉතා රසවත් වන්නේ උණු උනුවෙන්ම ආහාරයර ගත් විට නමුත් ඔබට අවශ්‍ය නම් එය අදි ශීතකරණය තුල තබා පසු දවසක ආහාරයට ගත හැක. එවිට ඔබ එය ආහාරයට ගැනීමට පෙර තෙලේ බැද ගන්න
    – බිත්තර සහ පාන් කුඩු වල දෙපාරක් තවරා බැද ගැනීමෙන් crispy ගතිය වැඩි කර ගත හැක ;)


    Healthy-vegetable-patties_3_MilanoTime-768x541.jpg


    Healthy-vegetable-patties_4_MilanoTime-768x512.jpg


    Source : http://milanotime.net/cuisine/recipe/polpette-di-verdure-vegetable-patties/
     
    Last edited: