එ.ජා.ප යේ පිපිරීමක් ලග ඳ?
එ.ජා.ප යේ පිපිරීමක් ලග ඳ?
Posted on 26 February 2013.
Posted on 26 February 2013.
හාවඩ් නීති ක්ෂේත්රයට අයත් කාර්ඩා්සෝ නීති විද්‍යාලයේ උගත් නීතිඥයෙකු විසින් මෙහෙයවන විමතික කණ්ඩායමකට මුහුණ දීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වී ඇත. ඔවුන් ගේ අදහසට අනුව ජනතාවට දැන් තිත්තටම එ.ජා.ප ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එපා වී ඇති නිසා අලුත් බලවේගයක් ගොඩනැගිය යුතු බවයි.
ආරම්භයක් ලෙස සිවිල් සමාජය තුළ තහවුරු වීමට උපුල් ජයසූරිය මහතාගේ ජයග්‍රහණය යොදා ගත හැක. අදාල නීතිඥවරයාගේ අදහසට අනුව නව මහජන බලවේගය විශ්වාසය තැබිය යුත්තේ ලංකාවේ පහළ මැද පංතියයි. මන්දයත් ඔවුන් ගේ හර පද්දතිය මේ වන විට සියළුදෙනාගේ හර පද්දතිය නිසාය. දිනෙන් දින ඉහළ යන ගෘහස්ත වියදම නිසා මේ පංතියේ ජනයා මේ වන විට නස්පුක් වී ඇත. මේ පිළිබද සංවාද වට කිහිපයක්ම ජුබිලි කණුව අසළ චීන අවන්හලක සිදු කොට ඇත. එහි දී ගත් තීන්දු වලට අනුව චම්පිකගේ උපයෝගීතා ජාතිවාදය ජරාජය කොට ආධ්‍යාත්මික ජාතිවාදයක් ගොඩනැගීම සඳහා එක් තීරණාත්මක පුද්ගලයෙක් ‛බොදුබලය’ වෙත ඇතුලු වී ඇත.
ඔවුන් ගේ ඉලක්කයට අනුව අලුතින් සල්ලි හොයා ගත් මැද පන්තියක්, ආර්ථික අර්බුදය හරහා නන්නත්තාර වී නං දොඩවන පහළ මැදපන්තියක්, ග්‍රාමීය පීඩිත ජනයාත් එකතු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස බවයි. මේ සඳහා අවශ්‍ය නූතන දැනුම සජිත් ට නැති නිසා ඒ සදහා අවශ්‍ය බයිපාස් සැත්කමක් හදිසියේම කළ යුතුය. කහ සිවුර සහ නිල ඇඳුම අදින අය අලුත් සමාජ බලවේගයක් වී ඇති නිසා ජෙනරාල් ෆොන්සේකා සමග සජිත් ප්‍රේමදාස හයිබ්‍රිඩි කිරීමෙන් අලුත් දේශපාලන සම්බන්ධයක් බිහිකළ හැක.
ගැටළුව වන්නේ මෙවන් සතෙකුට වහාම රනිල් පරාජය කළ හැකි මුත් ජයග්‍රාහී සත්වයා සුනාමියක් මෙන් අනතුරුදායක විය හැකි වීමයි. එබැවින් මේ සඳහා ‛ජෝන් ඩියර් ට්‍රුක්ටර්’ ගමට බෙදා දෙන එරාන් වික්‍රමරත්න සහ කරූ ජයසූරිය එකතු කොට හදන හයිබ්‍රඩි සත්වයෙකු ගැනද සාකච්ඡා වී ඇත. ගම් මට්ටමින් සෝනී සහ ටොයෝටා යන සංඥානාම එකතු කිරීමට හැකි ගැමි නායකත්වයක් ගැනද සාකච්ඡා වී ඇත. එ.ජා.ප ය දෙකට කැඩුනහොත් බිහිවන ලංකාව ගැන දේශණ කිහිපයක් දැනටමත් කුමාර් ගුණරත්නම් සහෝදරයා සාකච්ඡා කර අවසන්ය.