ඒකාබද්ධයේ_දැනුම

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි .... !!


    33234773_1004378096397992_385962941087744000_n.jpg



    දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක යෙදී සිටි අවස්ථාවකදී එලිසබෙත් මහ රැජීන විසින් තමන් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලෙස ආරාධනාවක් කලේය . තමන්ද රජ කෙනෙකු ලෙසින් තම පාක්ෂිකයන් හදුන්වන අවස්ථාවකදී , රජ පවුලක් හැසිරෙන්නේ කෙසේදැයි දැන ගැනිමට ආසාවෙන් සිටිනිසා මෙ ආරාධනාව ඉතසිතින් බාර ගැනුනි . නියමිත වෙලාවට තම බිරිද සමග බකිංහැමි මාලිගය වෙත පැමිනි ඔවුන් රැජින විසින් උනුසුමිව පිලිගැනුනි. ඔවිහු තේ බොමින් ඇය සමග සුහද කතාබහක යෙදිනි.


    මහින්ද - ඔබෙ සාර්ථකත්වයේ රහස කුමක්ද ?


    රැජින - නිතරම බුද්ධිමත් කාර්යශුර අය ලං කර ගෙන සිටීම.


    මහින්ද - ඔබ තුමියට මට ඒ ගැන උදාහරනයක් දෙන්න පුලුවන්ද ?


    රැජින - ඉතා හොද ප්‍රශ්නයක් ජනාධිපතිතුමනි ...

    පොඩිඩක් ඉන්න මං ඔබට එය තහවුරැ කරන්නං
    ඇය එසැනින් බොත්තමක් ඔබා කතාබහ සියල්ලන්ටම ඇසෙන පරිදි තම අගමැති ඩෙවිඩි කැමරන් දුරකථනයෙන් සමිබන්ධ කර ගත්තේය.


    රැජින - අගමැතිතුමනි ! කරැනාකර මගේ මෙ ප්‍රශ්නයට උත්තරයක් දිය හැකිද ?


    කැමරන් - අසන්න මහ රැජින ...


    රැජින - අගමැතිතුමනි ! මගේ ප්‍රශ්නය මෙයයි ... ඔබෙ මවට දරැවෙක් ඉන්නවා... ඔබෙ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔබෙ සහෝදරයෙකුත් නොවෙයි ... ඔබෙ සහෝදරියෙකුත් නොවෙයි... එසේනමි මෙ දරැවා කවුද ?


    කැමරන් - ඒ මමයි මහ රැජින !


    රැජින - ඔබ නිවැරදියි . බොහොම ස්තුතියි අගමැතිතුමා... ( දුරකථනය විසන්ධිකරමින් ජනපති මහින්ද දෙසට හැරෙමින්) දැන් ඔබට තහවුරැ උනාද ?


    මහින්ද - ඔවි මහ රැජින .. මමත් ඔබව අනුගමනය කරන්නමි.. බොහොම ස්තුතියි !


    පෙරලා ලංකාවට පැමිනි පසු ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රධාන දේශපාලන උපදේශක වන විමල් වීරවංශගේ බුද්ධිය පරික්ෂා කිරීමට සිත් විය. ඔහු විමල්ව අරලියගහ මන්දීරයට කැදවීය .


    මහින්ද - විමල් මල්ලී ! මං ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න පුලුවන්ද?


    විමල් - කියන්න අයියා ! අයියට මොනාද මං කරන්නේ නැත්තේ .....


    මහින්ද - හොදයි මල්ලි .. හොදට අහගන්න ... ... ඔයාගේ මවට දරැවෙක් ඉන්නවා... ඔයාගේ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔයාගේ සහෝදරයෙකුත් නොවෙයි ... ඔයාගේ සහෝදරියෙකුත් නොවෙයි... එහෙනං මෙ දරැවා කවුද ?


    විමල් හිතන්නට විය. මහින්ද එංගලන්තයට ගියාට පස්සේ මාර උගතෙක් වී දැයි සිතීය. තමන්ව මෙසේ අමාරැවෙ දාන්න හිතුනේ කාගෙන් වත් කේලමක් අසා දැයි සිතීය. මද වෙලාවක් සිට කටහඪ අවදි කලේය..


    විමල් - අයියා ...මට ටික වෙලාවක් දෙනවද ?


    මහින්ද - හරි මල්ලි හරි !


    විමල් අරලියගහ මන්දිරයෙන් එලියට ගොස් හනිකට තම පක්ෂයේ ඉහල සාමාජිකයන් කැදවීය.. මුසාමිල් , වීරකුමාර ආදීන් හනිකට පැමින ජනාධිපතිගේ ප්‍රශ්නයට උත්තරය කුමක්දැයි සාකචිචා කලේය.


    නමුත් කිසිවෙකුටත් උත්තරය සොයාගත නොහැකි විය.. මුනුත් මං වගේම යංතං අට පාස් එවුන් තමයි කියා සිතු විමල් වහාම තම පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන දොස්තර ගුනදාස අමරසේකර හමුවීමට ඔහුගේ නිවසට ගියේය. ඔහුට මහින්ද ඇසූ ප්‍රශ්නය යොමු කලේය.
    විමල් - මගේ ප්‍රශ්නය මෙයයි ... ඔබෙ මවට දරැවෙක් ඉන්නවා... ඔබෙ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔබෙ සහෝදරයෙකුත් නොවෙයි ... ඔබෙ සහෝදරියෙකුත් නොවෙයි... එසේනමි මෙ දරැවා කවුද ?


    අමරසේකර - ඉතිං ඒ මමනේ ( ක්ෂනයකින් පිලිතුරැ දිය )
    විමල් ඔහුට ස්තුති කොට නැවතත් මහින්ද හමු විය.


    විමල් - අයියා උත්තරය හමිබඋනා ..


    මහින්ද -.. මං දන්නවනේ මල්ලිගෙ මොලේ .... අට පාස් නෑ කියලා විපක්ෂය ගහන්නේ තනිකර මඩනේ... එහෙනං කියන්න මල්ලියේ ..!


    විමල් - ( ආඩමිබරයෙන් ) ඒ දරැවා තමයි දොස්තර ගුනදාස අමරසේකර !!!


    මහින්ද - ( මුහුන රතුවෙමින් ) මෝඩයා .. දැං තේරෙනවා අට පාස් නෑ කියලා විපක්ෂය කියන්නේ ඇත්ත තමයි කියලා .


    විමල් - ( ලැජ්ජාවෙන් ඇඔරෙමින් ) එහෙනං කවුද අයියේ මෙ දරැවා?


    මහින්ද - ඒ දරැවා තමයි ඩෙවිඩි කැමරන් !!!!!! :lol::lol:

    දැන් තියෙන විහිළු හැටියට මේවා විහිළු ද බන්????