ඒකායන මාර්ගය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඒකායන මාර්ගය
    (ඒක අයන මග්ග) යන මෙහි අයන යනු මාර්ගයට නමකි. එහෙයින් ඒකායන යනු එකම මාර්ගයක්ය යන තේරුම ය. මේ ඒකායන යන්නට එකම ශබ්දය එකතු කොට ඒකායන මග්ගය යි මාර්ගය ප්‍රකාශ වන ශබ්ද දෙකක් ම එකට යොදා වදාළේ අතිශයාර්ථයක් ප්‍රකාශ කිරීමට ය.
    එහෙයින් සත්වයන්ගේ කෙලෙස් මලයෙන් පිරිසිදු වීමට ද සෝක පරිදේව (හැඩීම) දුක් දොම්නස් වලින් දුරු වීමට ද සෝවාන් ආදී මාර්ගයන් ලබා ගැනීමට හා නිවන් යාමට ත් අතිශයින් උපකාර වන එක ම මාර්ගය මේ සතිපට්ඨානය ම ය යනු ‘එකායන මග්ග’ යන වචනයෙහි තේරුම ය.
    එහෙයින් “එකමග්ගොති එකො එව මග්ගො, න හි නිබ්බානගාමී මග්ගො අඤ්ඤෝ අත්ථි” ය යි කියන ලදී. මේ සතිපට්ඨාන මාර්ගයෙහි ගියහොත් ඒකාන්තයෙන් ම නිවන වරදින්නේ නැත. නිවනට හැර මං මුළා වීමෙන් වෙන දිහාවක යෑමට අතුරු පාරවල් ද මේ මාර්ගයට සම්බන්ධ වී නැත.
    මේ සතිපට්ඨාන මාර්ගයෙන් සන්තති මහාමාත්‍යයා හට මෙන් සෝකය ද ඉක්ම විය හැකිය. පටාචාරාවට මෙන් පරිදේවය ද ඉක්ම විය හැකි ය. මෙතන්හි සැලකිය යුත්තක් ඇත. එනම් බණ අසමින් සිටිය දී මාර්ග ඵලයන්ට පැමිණීම වනාහී සතිපට්ඨාන භාවනා නය මෙනෙහි නොකොට ම අසනු ලැබූ ධර්මයෙන් ම සිදුවී ය යි කල්පනා නො කළ යුතු ය. ඒ බව අටුවා වෙහි පැහැදිලි ව දක්වා තිබේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    එහෙයින් සත්වයන්ගේ කෙලෙස් මලයෙන් පිරිසිදු වීමට ද සෝක පරිදේව (හැඩීම) දුක් දොම්නස් වලින් දුරු වීමට ද සෝවාන් ආදී මාර්ගයන් ලබා ගැනීමට හා නිවන් යාමට ත් අතිශයින් උපකාර වන එක ම මාර්ගය මේ සතිපට්ඨානය ම ය යනු ‘එකායන මග්ග’ යන වචනයෙහි තේරුම ය.

    සතිපට්ටානය පැත්තකට තියල, සීලය විසිකරල, අසපු බන කල්පනා කරල සෝවාන් වෙන්න පුලුවන් කියන අයට මේක වටිනව..
     
    • Like
    Reactions: Fiona Dabare

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සතිපට්ටානය පැත්තකට තියල, සීලය විසිකරල, අසපු බන කල්පනා කරල සෝවාන් වෙන්න පුලුවන් කියන අයට මේක වටිනව..
    අසපු බන කියන්නෙ මොකද්ද?

    https://www.google.com/url?sa=t&sou...YQFnoECBAQAQ&usg=AOvVaw0wTnNytV4_tbg9JevJsu2e

    මේ මහමෙව්නාව අසපුවෙන් පරිවර්තනය කරලා තියෙන සතිපට්ඨානය සූත්‍රය පොත pdf.
    මේ තරම් විස්තර තියෙන පොතක් මම නම් වෙන දැකලා නෑ. මේවට අසපු බණ කියන්න එපා, පව්.
    ------ Post added on Oct 6, 2024 at 1:29 PM

    Last edited:

    අසපු බන කිව්වෙ...අහපු බන බන්...අය්යූ :lol:

    සමහර උන් සති පට්ටානය පැත්තක දාල..අහපු බන කල්පන කරල සත්ය අවබෝදය ලැබෙනව කියල...ඒකයි කිව්වෙ..
     
    • Like
    Reactions: Little Hulk

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    අසපු බන කිව්වෙ...අහපු බන බන්...අය්යූ :lol:

    සමහර උන් සති පට්ටානය පැත්තක දාල..අහපු බන කල්පන කරල සත්ය අවබෝදය ලැබෙනව කියල...ඒකයි කිව්වෙ..

    සතිපට්ටානය = අසපු බන වෙන්න බැරිද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සතිපට්ටානය පැත්තකට තියල, සීලය විසිකරල, අසපු බන කල්පනා කරල සෝවාන් වෙන්න පුලුවන් කියන අයට මේක වටිනව..
    sowan wuna kenekt therenawada thaman sowan wela kiyala?

    sowan wuna kenek marila aye manussayek welama ipdunoth eya sowan welamada ipdenne? eya eka gana danuwath wenawad loku weddi?

    sowan wuna kenek bava "7" athulata rahath wenawa kiyala ahala thiyenawa, ai "7" k ma? meka moda prashnayak thami eth oya "7" kiyana number eka mn commonly dakala thiyenawa godak than wala, hariyatama "7" wenna hethuwak thiyenawad naththam eka e kale "7" kiana ilakkamata vishesha thanak labuna nisa scriptures walata apu deyakd?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    මේ අදහස් දක්වන්නේ මට තේරුණා විදිහට...
    sowan wuna kenekt therenawada thaman sowan wela kiyala?

    සෝවාන් උන කෙනෙක්ට එක දැනගන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්...
    බුදුහාමුදුරුවන්ගේ කාලේ රජ කෙනෙක් සෝවාන් උනත් එය එක දන්නේ නැතුව අතල් එකේ ඉන්නකොට එක පාරටම දැන් මැරුනොත් අපායේ යයිද කියල හිතල බුදු හාමුදුරුවන්ගෙන් අහපුවමනේ ඔය සතර අපයෙන් මිදිලා ඉන්නේ කියල තිබ්බේ..

    sowan wuna kenek marila aye manussayek welama ipdunoth eya sowan welamada ipdenne? eya eka gana danuwath wenawad loku weddi?

    ඔව්, අනිවයෙන් උපපත්තියෙන්ම සෝවාන්...හැබැයි සෝවාන් උනා කියන්නේ ත්‍රිවිධරත්නය ගැන සැකයක් නෑ , සතර අපායෙන් මිදුන සහ අනතාර්ය පාපකර්ම වෙන්නේ නෑ කියන ටිකනේ.. ඒ ඇරෙන්න අනිත් අසවල් තියෙන නිසා ලොකු වෙනසක් නොතිබෙන්නත් පුළුවන්... හැබැයි ඉතිං ධහමට නැබුරුවක් කාලයත් එක්ක එන්න පුළුවන්

    sowan wuna kenek bava "7" athulata rahath wenawa kiyala ahala thiyenawa, ai "7" k ma? meka moda prashnayak thami eth oya "7" kiyana number eka mn commonly dakala thiyenawa godak than wala, hariyatama "7" wenna hethuwak thiyenawad naththam eka e kale "7" kiana ilakkamata vishesha thanak labuna nisa scriptures walata apu deyakd?

    මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු නියතයක් නේද?
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    සතිපට්ටානය = අසපු බන වෙන්න බැරිද?

    ඔව්. හැබයි, ඒක අහල කල්පනාකරල, තර්ක කරල තේරුම් අරගෙන සෝවන් වෙන දෙයක් නෙවේ..ඒක ප්‍රතිපදාවක්...අන්න ඒකයි කිව්වෙ, ප්‍රතිපදාව පැත්තකට විසි කරල..කල්පනා කර කර හිටියට වැඩ්ක් නැ කියල...
     
    • Like
    Reactions: nuwan9999

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා..
    මා මෙන්ම.. එළකිරි වැසියෝද.. සුවපත් වෙත්වා.. නිදුක් වෙත්වා.. නිවන් දකිත්වා.. 😴
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    sowan wuna kenekt therenawada thaman sowan wela kiyala?

    එයා ත්‍රිලක්ශනය දකිනව...දැක්ක කියල දැන ගන්නව.

    sowan wuna kenek marila aye manussayek welama ipdunoth eya sowan welamada ipdenne? eya eka gana danuwath wenawad loku weddi?

    ජාති සෝතාපන්න කියන්නෙ එයාලට...ඔව් එයාල දැන ගන්නව..

    sowan wuna kenek bava "7" athulata rahath wenawa kiyala ahala thiyenawa, ai "7" k ma? meka moda prashnayak thami eth oya "7" kiyana number eka mn commonly dakala thiyenawa godak than wala, hariyatama "7" wenna hethuwak thiyenawad naththam eka e kale "7" kiana ilakkamata vishesha thanak labuna nisa scriptures walata apu deyakd?

    මම දන්න විදිහට, ඔතන බව 7 ක් කියන්නෙ, 7 වරක් මැරිල ඉපදෙන එක නෙවේ...මිනිසෙක් විදිහට.. කීප වතාවක් එකදිගට ඉපිද මැරුනත්, එකම බවයෙ ඉදල තියෙන්නෙ...හරියටම 7 ඉලක්කම එන්නෙ අයි කියල දන්නෙ නැ..සමහර විට, සොවාන් කෙනෙකුගේ වින්නාන සන්තතිය බව 7ක් මාරු වෙනකල් තියෙන්නෙ ශක්තියක් නැතිව ඇති.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එයා ත්‍රිලක්ශනය දකිනව...දැක්ක කියල දැන ගන්නව.

    ජාති සෝතාපන්න කියන්නෙ එයාලට...ඔව් එයාල දැන ගන්නව..

    මම දන්න විදිහට, ඔතන බව 7 ක් කියන්නෙ, 7 වරක් මැරිල ඉපදෙන එක නෙවේ...මිනිසෙක් විදිහට.. කීප වතාවක් එකදිගට ඉපිද මැරුනත්, එකම බවයෙ ඉදල තියෙන්නෙ...හරියටම 7 ඉලක්කම එන්නෙ අයි කියල දන්නෙ නැ..සමහර විට, සොවාන් කෙනෙකුගේ වින්නාන සන්තතිය බව 7ක් මාරු වෙනකල් තියෙන්නෙ ශක්තියක් නැතිව ඇති.

    Thanks
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    ඔව්. හැබයි, ඒක අහල කල්පනාකරල, තර්ක කරල තේරුම් අරගෙන සෝවන් වෙන දෙයක් නෙවේ..ඒක ප්‍රතිපදාවක්...අන්න ඒකයි කිව්වෙ, ප්‍රතිපදාව පැත්තකට විසි කරල..කල්පනා කර කර හිටියට වැඩ්ක් නැ කියල...
    එළකිරි, thanks!
    මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මේකටමද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    රෝෂ් මහත්තය (@ek_rosh), ප්‍රශ්නයක් අහන්නද?
    දැන් ඔබතුමා කියනවනෙ සතිපට්ටානය ප්‍රතිපදාවක්, සෝවාන් වෙන්න ඒක අනුගමනය කරන්න ඕනි කියල, තව කියනව ඒක ඒකායන මාර්ගය කියල, දැන් අපි අර කලින් තර්කයට ගියොත්. Aටත් Bටත් Xටත් වෙන වෙන සත්‍ය තියෙනවනම් කොහොමද Aටත් Bටත් Xටත් සතිපට්ටානය විතරක් ඒකායන මාර්ගය වෙන්නෙ?? ඒ අයට තියෙන්නෙ ඒ ඒ පුද්ගලයට සාපේක්ෂ මාර්ග තුනක්නෙ.
     
    මෙන්න මේක මරු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ පිලිතුර ඔබතුමාට හරියට පෙන්නගන්න පුලුවන් උනොත්, අර ගහට නගින වදුරොන්ගෙ කතාවයි, ටැන්කියෙ ඉන්න මාලුවගේ කතාවයි හරියටම විසදගන්න පුලුවන්.

    ඔබතුමා මට කියන්න, සතිපට්ටනය එකායන මාර්ගය කියන එක සත්ය වෙන්නෙ කාටද?

    එළකිරි, thanks!
    මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මේකටමද?

    ඔව්, එහෙමත් පෙන්නනව...තව තැනක, කාමසුකලිකනු, අත්තකිලමතනු යොග වල මැද කියලත් පෙන්නනව. එකම නම් එක එක කොන්ටෙක්ස්ට් එකේ විදිහට අරුත වෙනස්.
    ------ Post added on Oct 17, 2024 at 1:33 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔබතුමා මට කියන්න, සතිපට්ටනය එකායන මාර්ගය කියන එක සත්ය වෙන්නෙ කාටද?

    satipattanaya, sovan wenna "Tool" ekak ned, sovan wunahama "sathya" kiyala dekuth naha, sathya wenna "kenekuth" naha, "sathya margekuth" naha ned?
    ewa okkoma avidyava nisa hata gann dewal ned?