ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&
ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සිරස හෙළි කරයි
මාර්.24-ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායක ඒකෝන්ට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගෙන ඔහුට ශ්‍රි ලංකාවට ඇතුලුවීම සදහා වීසා බලපත් ලබා නොදිමට රජය තිරණය කර තිබේ.
ඒකෝන්ගේ පැමිණිම සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ මත පළ වී අවසන්ය.
ඔහු අප්‍රේල් මස 24 වෙනිදා පැවැත්විමට නියමිතව තිබු ප්‍රසංගයක් සදහා මෙරටට පැමිණිමට නියමිතව තිබුණි.
ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ සංචාරක අමාත්‍යාංශයේ සෘජු අධික්ෂණයට නතු ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේද මුලිකත්වයෙන්ය.
ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම විසින් ඒකෝන් මෙරටට ගෙන්වීම සදහා පියවර ගෙන තිබුණි.
එය කැපිටල් මහරාජා සංවිධානයට හෝ එහි අනුබද්ධ ආයතනවලට කිසිසේත් සම්බන්ධ නොවු ආයතනයකි.
ඒකෝන් ප්‍රසංගය මෙරටදී පැවැත්විම සදහා අනුග්‍රාහය දක්වන ආයතනද ප්රවෘත්ති සාකච්ඡාවේදි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව සිටියේය.
ඩයලොග්, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම් අදාළ අනුග්‍රාහක ආයතන වේ.
ඒකෝන් ප්‍රසංගය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලය කෙරෙහි මතවාද හා කුමන්ත්‍රණ ගොඩනගනුයේ සිරසත් සමග තරග කළ නොහැකි බංකොලොත් එමෙන්ම සුවිශේෂි ආරක්ෂාව සහ වරප්‍රසාද ලබන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධින රුපවාහිනි සේවය වැනි රාජ්‍ය මාධ්‍ය ආයතන බව පැහැදිලිය.
සැබෑ කුමන්ත්රණකරුවන් වසන් කිරිම සදහා ඔවුන් එවැනි ක්‍රියාවල යෙදෙන බව ද පැහැදිලි කරුණකි.
එවැනි ක්‍රියාවල යෙදෙන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයාම සිය සේවාවන්හි ජනප්රියභාවය නැංවීම සදහා සහාය ලබා ගැනිමේ අරමුණින් සන්ධ්‍යා සේවය වැඩසටහන ඇරඹීම පිළිබදව ප්‍රචාරයක් ලබාදෙන්නැයි අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් 2008 ඔක්තෝබර් මස 06 වෙනිදා ලිඛිත ඉල්ලීමක් කළේය.
අදාළ ඉල්ලීම කරනු ලැබුවේ අප සමාගම වෙත අඛණ්ඩව අවලාද නගමින් සිටි වකවානුවකදීමය.
එහෙත් ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වය පෙන්වා දුන්නේ කොතරම් අපහාස නැගුව ද අදාළ ඉල්ලීම ඉටු කිරිමට අප කටයුතු කරන බවය.
ඒ අනුව අදාළ ඉල්ලීම ඉටු කිරිම සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා 2008 ඔක්තෝබර් මස 13 වෙනිදා එයට ස්තුති කර ලිපියක්ද අප වෙත ලැබෙන්නට සැලැස්විය.
යළිත් 2008 ඔක්තෝබර් මස 20 වෙනිදා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට ලිපියක් එවමින් ඉල්ලා සිටියේ සිය වැඩසටහන් දකුණු ඉන්දියාවට විකාශය කිරීම යළි ඇරඹීම පිළිබදව තොරතුරු අප ප්රවෘත්ති ප්‍රකාශයෙන් විකාශය කරන ලෙසය.
කෙසේ වෙතත් අප ඉහළ කළමනාකාරිත්වය එහි දී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පෙර ඉල්ලීම ඉටු කළ ද තරගකාරි මාධ්‍යයක් වශයෙන් නැවත වතාවක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරිම අප සමාගම අපහසුතාවට ලක් කිරිමක් බැවින් එය ඉටු කළ නොහැකි බවය.
එය මාධ්‍යකරුවෙකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථා සභාතිවරයා වටහා ගනු ඇතැයි ද අප ඉහළ කළමනාකාරිත්වය ඔහුට දන්වා සිටියේය.
අප වෙත කවර පීඩා ආවද එම තොරතුරු කෙදිනකවත් අප විසින් හෙළි කරනු ලැබුවේ නැහැ.
එහෙත් එම තොරතුරු අද ඔබ හමුවේ තබන්නේ සත්‍ය වෙනුවෙන්ය.
සැබවින්ම ඒකෝන් ශ්‍රි ලංකාවට ගෙන්විම පසුපස සිටින්නේ කවුද?
ඒ පිළිබදව ඔබ හෙළි කරන නිවැරදි තොරතුරු සදහා රුපියල් 1,00,000 මුදල් ත්‍යාගයක් පිරිනැමිමට අප සුදානම්ය
sirasa news1st....... 2010.03.24

kochchra karath ochchara thamai