ඒක එහෙම උනොත් Must Read

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඒක එහෙම උනොත් Must Read

    කට්ටිය ඔක්කොම කියන්නේ ලංකාවේ සදාචාරයට මේක හරියන්නේ නැත.ලංකාව වනාහි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටකි.ලංකාවේ ලිංගික අපරාද වැඩිවීමට මේක හේතුවක් වනු ඇත.වැඩට යන මැදි වයසේ තාත්තලා හවස වැඩ ඇරී ගෙදර එන විට ඕවාට රිංගලා තමන් හම්බ කරන දේවල් වියදම් කර ගනීවිය.ඊට පස්සේ වැරදීමකින් හෝ බඩු පොට් එකක ඉන්න ගිරවා ගෙදර ගෙනාවම ඌ “අලුත් බඩු තුනක් ඒත් පරණ කස්ටමර් කෙනෙක් ” කියලා කිව්වම ගෙදර ප්‍රශ්න ඇති වී අවුල් ජාලාවක් වනු ඇත කියාය.ඇත්තටම හේතුව එය නොවේය.

    සමාජය විසින් දක්වන තවත් සංකල්පයක් නම් ලාංකීය සංස්කෘතිය තුල රෑ සමනළියන්ට ගෞරවයක් නැත කියාය.එසේත් නැත්තම් ඔවුන් සමාජ ගත කිරීමට අපහසුය කියාය.”අම්මපා මෙහෙමත් ගජබින්න“.මෙය තනිකරම යුඇන්පී කාරයන්ගේ මතවාදයකි.මක්නිසාදයත් බදු පොට් නීතිගත කිරීමෙන් නැතිවන්නේ ඒ සම්බන්ධයෙන් වන යුඇන්පී එකාධිකාරයි.දැන් ඔය කියන සමාජගත කරන්න බැරිනම් දෝසි මැඩම් ලා,කුරේ මැඩම් ලා,බබා අක්කලා එහෙම දේශපාලනයේ යෙදෙන්නේ කෙසේදැයි මාරම ප්‍රශ්නයකි.නීතිගත කර නොකරා වෙනසක් නැත.තත්වය දැනටම එසේමය.

    මාගේ මතය නම් නීතිගත කලයුතු නැත යන්නය.මක් නිසාද යත් නීතිගත කලාක් හා සමානව මෙම ව්‍යාපාරයට පාරිභෝගිකයන් ඇති නිසාය.සමාජය මෙම ක්‍රියාවලියට එරෙහි වීම සඳහා දක්වන්නේ කිසිදු පදනමක් නැති හේතුය.ඇත්තෙන්ම සැබෑම වෙනත් හේතු ගණනාවකි, ඒවා එකින් එක උපුටා දක්වමි.

    තව මතයක් නම් සමාජ රෝග පැතිරීම ඉක්මන් වනු ඇත කියාය.ඒ කියන්නේ දැන් යෙදෙනවාට වැඩිය ඔය කර්තව්යේ කට්ටිය යෙදීම නිසා සමාජ රෝග වැළදීම ඉහළයනු ඇති කියාය.එහෙම කියන විට මට පරණ කතාවක් මතක වෙන්නේය.එක ඈත අතීතේ දවසක රෑ සමනලියක් සමග හදි ගැසෙන්නට ගිය පුද්ගලයෙකුට සැනින් මතක වුයේ තමන් තමන් සතුව ආරක්ෂාවට කිසිදු උපක්‍රමයක් නැත කියාය.(එකල මාරයා මැති සඳ පැරණි ලිපියක දක්වන්නට යෙදුනු ලන්ච් ශීට් නම් ආම්පන්නය සුලභ නොවීය).එහෙයින් ඔහු විස්සෝප වන අතරෙහි පුද්ගලයාට ගණදෙවි නුවන පහල වන්නේය.එවිට ඔහු අසල කඩයකින් මිලදීගත් දෙහි බෑයක් ඔහු ඇසුරු කිරීමට බලාපොරොත්තුවන අවයවයේ උලන විට ,දැවිල්ලක් ඇති වූ රෑ සමනලිය ඔහුට පවසන්නේ “මහත්තයා %$#%$#% ආවනම් %$#%$# මෙතන සම්බල් හදන්නේ නැතුව” කියාය.එම කතාවට අනුව දැනුවත් කිරීමකින් තොරවම පාරිභෝගිකයා තමන්ගේ ආරක්ෂාව පරිසර හිත කාමී ලෙස සලසාගෙන ඇත.නීති ගත කිරීමෙන් වන්නේ ලෙහෙසියෙන් දිරාපත් නොවන රබර් වැනි ද්‍රව්‍ය පරිසරයට මුහුවීම වැඩිවීමක් පමණි.

    බඩු පොට් නීතිගත ව්‍යාපාරයක් කලවිට ඉන්පසු මේවා සල්ලි මතම ක්‍රියාත්මක වන දෙයක් වනු ඇත.එවිට එය සිංහල සාහිත්‍යයටද මරු පහරක් වනු ඇත.මක්නිසාද යත් අපට කිසිදිනක “මට මොටෝ සල්ලි අයියා නොව මහන්සි උනේ” වැනි සුන්දර වැකි අසන්නට අවස්තාවක් නොලැබෙනු ඇත.ඒ මුදල මතම මෙය ක්‍රියාත්මක වන නිසාය.

    මේවා ව්‍යාපාර කිරීමෙන් එම කර්මාන්ත අතර තරග කාරිත්වයක් ඇතිවනු ඇත.එවිට ඔවුන් එම ව්‍යාපාර ස්ථාන ඉදිරිපිටම තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරනු ඇත.සමහර විට එම සේවකයින් ව්‍යාපාර ස්ථානයේ ඉදිරිපස ඉඳ ටෙලි නාට්‍යක ලියුවාක්‌ මෙන් “එන්න සල්ලි දීලා %$#%$% එන්න” කියනු ඇත.එසේත් නැත්නම් කතරගම මල් විකුණන්නන් මෙන් පාරිභෝගිකයා අද ගැනීමට “අනේ අපිටත් %$#%$#% කෝ ” කියා කියනු ඇත.එයින් හානි වන්නේ කතරගම මල් සංස්කෘතියටයි.
    තවත් කරුණක් නම් නීතිගත කල විට සේවකයන්ගේ රැකියාද නීති ගත කලයුතුවේ.එයින් අදහස් වන්නේ ඔවුන්ට තනතුරු නාම ප්‍රධානය කිරීමට අනිවාර්යෙන් සිදුවේ.අලුතින් රැකියාවට එකතු වන අයට ට්‍රේනි පට්ටම්ද.පුහුණු අයට ජේෂ්ට පට්ටම්ද යනාදී වශයෙන් නොයෙකුත් තනතුරු දීමට සිදුවනු ඇත.තනතුරු වලට අමතරව ඔවුන්ට වේතන පපිපාටියක් ඇති කල යුතු වේ.සමහර විට එය කෑලි ගන්නට හෝ මුලික වැටුපක් සහ දක්ෂතාවය අනුව වැටුපක් දෙනු ඇත.විරැකියාවට මෙය මහත් පිටුවහලක් වියහැකි යැයි කෙනෙකුට උප කල්පනය කල හැකි උවත් මෙයින් අතුරු පල ලෙස ව්‍යසන කාරී දේවල් ඇතිවිය හැක.කොල්ලුපිටියේ ව්‍යාපාරයක නිරතවන සේවිකාවකට ගෙවන වැටුප ඉල්ලා මරදානේ සේවිකාවන් වර්ජනය කලොත් ඇතිවන තත්වය සිතාගත හැකිය කියා විශ්වාස කරමි.මෙය රජය ඉල්ලගෙන අහක යන නයි රෙද්ද පල්ලේ දා ගැනීමකි .තවද දැනට රුපියල් 300 ක් තමන්ගේ විනෝද බද්ද ලෙස වෙන්කර ඇති කෙනෙකුට එය රුපියල් 600 ක් කිරීමට සිදු උවහොත් අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “බඩු මිල පහත දමනු” කියා දැන්වීම් රැගත් පෙළ පාලි අපට දැක ගත වනු හැක.

    උපුටා ගත්තේ LastRow න්
    හොද නම් සලකලා යන්න Rep++