ඒක තමයි මටත් ප්‍රශ්නෙ!

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    පළමුවැන්නා : ඒක තමයි මටත් ප්‍රශ්නෙ...
    දෙවැන්නා : ඒක ම තමයි මටත් ප්‍රශ්නෙ... දැන්, මෙහෙමනෙ...
    තෙවැන්නා : ඒක තමයි මටත් ප්‍රශ්නෙ... ඇත්තටම...

    ඇත්තටම ඉතින් ඒක තමයි ප්‍රශ්නෙ... මොකක්ද මේ ප්‍රශ්නෙ?

    ලිවීම කියන්නෙත් එක්තරා පිස්සුවක්... මිනිස්සුන්ට හිතට සහනය ගෙන එන... ඇත්තටම ඒ සහනය නිසාම ඇතැම් අය මේ ලිවීමට ඇබ්බැහි වෙනවා වෙන්නත් පුළුවන්...

    මෙහෙමයි, කලාකරුවෙක්ට සැබෑ ලෝකය සහ ප්‍රබන්ධ ලෝකය කියලා දෙකක් තියනව. ලේඛකයෙක් කියන වචනෙ මට බරසාර වැඩියි වගේ නම් අපි කියමු ලියන්නෙක් කියල. මේ ප්‍රබන්ධ ලෝකය ඇතුළෙ ඉඳගෙන කරන ඕනෑම නිර්මාණයක් ප්‍රබන්ධයක් වෙනව. ඇත්ත සිද්ධි පාදක කරගෙන ලිවීමට වඩා විශේෂයෙන් මම වඩාත් ප්‍රිය කරන්නේ, මේ ප්‍රබන්ධයන් අකුරු කරන්න...

    ඇතැම් කවි පද, සටහන් කියෙව්වම හිතෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට මේක මට සිද්ධ වුන ඇත්ත සිද්ධියක් පාදක කරගෙන ලියූවක් කියල... ඒත් ඇත්ත ඒක ම නෙවෙයි. එහෙමයි කියලා මේ ලියවෙන සියල්ල හිතේ ගොඩනැන්වුන ප්‍රබන්ධයන් ම ත් නෙවෙයි. මේ ගැන බොහොම ප්‍රසිද්ධ, ජනප්‍රිය ලේඛකයන් පවා පැහැදිලි කරලා තියනව, කලා කෘතියක් සහ සැබෑ ලෝකය අතර බන්ධනය කොහොම එකක් ද කියන එක ගැන... පොඩ්ඩක් හොයල බලන්න ඉතින්...

    අනිත් කාරණය මේ #replykavi හෑෂ්ටැග් එක යටතෙ ලියවෙන කවි, වෙනත් නිර්මාණකරුවෙක්ගේ අදහසට ප්‍රතිචාරයක් විදියට ලියවෙන ප්‍රබන්ධයන් පමණයි ආනන්දය උදෙසා ම... සාහිත්‍ය දැනුම ඇති, කලාවේ රස දන්න උදවිය දන්නව වුනත්, ඇතැම් විට දැන් දැන් කලා රස, සාහිත්‍ය රස නීරස කරගත් පිරිස බහුතරය වන නිසා, මට සැකයි මේවා ප්‍රබන්ධයන් ලෙස තේරුම් ගනී ද කියලත්...

    ජීවිතේ කියන්නෙ ඉතින් ප්‍රශ්න තමයි, ඒවට පිළිතුරු සෙවීම තමයි ජීවත් වෙනව කියන්නෙත්... ඉතින් හැමදේම ප්‍රශ්නයක් වෙන එක අමුතුවෙන් අහන්න, කියන්න දෙයක් නෙවෙයි.

    ඉතින්,
    ඒක තමයි මටත් ප්‍රශ්නෙ...

    2306192112 2306192118 2306211249 2306211301
    #ekathamaimatathprashne #ekatmp
    #spn
     
    • Like
    Reactions: NRTG and kinkon