ඒක_මගේ-සිරිසේන

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒක_මගේ-සිරිසේන

    “මම හදපු කූඩුවේ කාටවත් බිත්තර දාන්න බෑ..නඩු දානවා”-මෛත්‍රී ආණ්ඩුව විවේචනය කරයි

    චීන ජනාධිපතිවරයා තමනට ත්‍යාගයක් ලෙස ලබාදුන් පොළොන්නරුවේ වකුගඩු රෝහල අද වන විට ඇතැමුන් දේශපාලන වාසි සඳහා භාවිතා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    වැලිකන්දේ දී පැවති ජන හමුවක් අමතමින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අද වන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් විශාල ලෙස පලිගැනීම් සිදු වන බවද ඔහු සඳහන් කර සිටියා.

    මෙතෙක් පොළොන්නරුවේ පැවති ඉඩම් කච්චේරිය අවලංගු කර ඇති බවත් ගැසට් පත්‍රයකින් නීතිගත කර ඇති ඉඩම් කච්චේරියක් ඒ ආකාරයෙන් අවලංගු කල නොහැකි බවත් සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ඊට විරුද්ධව ගොවීන් වෙනුවෙන් අධිකරණයට යන බවද සඳහන් කළා.

    පොලොන්නරුවට වකුගඩු රෝහලක් ගෙන ආවෙ තමන් බවත් එය චීන ජනාධිපතිගෙන් තමනට ලැබුණු තෑග්ගක් බවත් එහි බිත්තර දමන්නට වෙන කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කර සිටියා.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    KR4Tztj.png

    මගෙ කූඩුවට ඇවිත්... සල්ලාල පෙම්වතෙක්...
    මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
    මට දුන්නු ගින්දරක්..... මට දුන්නු ගින්දරක්.....

    මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි
    අපෙ පුන්චි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි
    ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි
    මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්

    මගෙ කූඩුවට ඇවිත්... සල්ලාල පෙම්වතෙක්...
    මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
    මට දුන්නු ගින්දරක්..... මට දුන්නු ගින්දරක්.....

    මගෙ වරදක් නැතත් අඟ හිඟ කම් උනා තමයි
    ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින්
    උන දේ උනා තමයි නඩු හබ ඵලක් වෙද ඉතින්
    මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්...

    මගෙ කූඩුවට ඇවිත්... සල්ලාල පෙම්වතෙක්...
    මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
    මට දුන්නු ගින්දරක්..... මට දුන්නු ගින්දරක්.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙයා නං දෙවනි පාරටත් ආප්ප කාල පනිනව මේ යන විදිහට :P

    මෙයාගෙ ඡන්ද මෙයා ලවාම කඩන සීන් එකක් තියෙන්නෙ...
    දේශපාලනේ තිත්තවෙයි වගේ ලොක්කට...
    පොහොට්ටු එවුන් වටේ ඉඳන් මෙයාගෙ තට්ටම කොනිත්තනවා...
    මෙයා මර ලතෝනි දෙනවා...:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙයාගෙ ඡන්ද මෙයා ලවාම කඩන සීන් එකක් තියෙන්නෙ...
    දේශපාලනේ තිත්තවෙයි වගේ ලොක්කට...
    පොහොට්ටු එවුන් වටේ ඉඳන් මෙයාගෙ තට්ටම කොනිත්තනවා...
    මෙයා මර ලතෝනි දෙනවා...:lol::lol:

    2_akTBbR_400x400.jpg

    මේ පොර සිරාට බාල්දි පෙරලනව ඇති

    බලමු කවුද මේ පාර දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්නේ කවුද කියල මේ දෙන්නගෙන් :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලමු කවුද මේ පාර දිස්ත්‍රික්කේ පළවෙනිය වෙන්නේ කවුද කියල මේ දෙන්නගෙන් :P

    පොලොන්නරුවෙන් එක පක්ෂෙකට සීට් 2-3ක් තියෙනව නම් දෙන්නම එයි..සිරාටත් ෆෑන්ස්ල ඇති :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලොන්නරුවෙන් එක පක්ෂෙකට සීට් 2-3ක් තියෙනව නම් දෙන්නම එයි..සිරාටත් ෆෑන්ස්ල ඇති :P
    සිරාට අපි එක එක කතා කිව්වට මනුස්සය පොළොන්නරුවට සෑහෙන වැඩ කරා නෙ ඒ හින්ද මිනිස්සු චන්දෙ දෙයි :yes: නිදහස් පක්ෂේ සෙට් එකත් ඉන්නවනේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාට අපි එක එක කතා කිව්වට මනුස්සය පොළොන්නරුවට සෑහෙන වැඩ කරා නෙ ඒ හින්ද මිනිස්සු චන්දෙ දෙයි :yes: නිදහස් පක්ෂේ සෙට් එකත් ඉන්නවනේ.

    ගමේ එකා,ජනාධිපති උන එකා,ගමට කරා,පොලොවෙන් මතුවුන එකා කියල හිටං සිරාටත් බාගෙට බාගයක් ඡන්ද වැටෙයි :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිරාට අපි එක එක කතා කිව්වට මනුස්සය පොළොන්නරුවට සෑහෙන වැඩ කරා නෙ ඒ හින්ද මිනිස්සු චන්දෙ දෙයි :yes: නිදහස් පක්ෂේ සෙට් එකත් ඉන්නවනේ.

    ගමේ එකා,ජනාධිපති උන එකා,ගමට කරා,පොලොවෙන් මතුවුන එකා කියල හිටං සිරාටත් බාගෙට බාගයක් ඡන්ද වැටෙයි :lol:

    හ්ම්... බැංකු කැඩුවට රනිල් ඔය කප් එක ගහන්නෙ, සතොසට ඇරියට රවි කවදාවත් නීච වෙනවද නෑ නේ, කැලෑ කැපුවට බදුර්දීන් එන්නෙ යසට ඒ වගේ තමයි. ඡන්ද කියන්නෙ හොඳ නරක දෙකටම කැමති අයගෙ එකතුවනේ. හොඳ එවුන් වැඩි වුනත් නරක එවුන් වැඩි වුනත් දිනනවා... සිරා ලොක්කා දිනයි අනිවා... සහරාන් ගැහුවෙත් පොලොන්නරුවට නෙවෙයි නේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    “මම හදපු කූඩුවේ කාටවත් බිත්තර දාන්න බෑ..නඩු දානවා”-මෛත්‍රී ආණ්ඩුව විවේචනය කරයි

    චීන ජනාධිපතිවරයා තමනට ත්‍යාගයක් ලෙස ලබාදුන් පොළොන්නරුවේ වකුගඩු රෝහල අද වන විට ඇතැමුන් දේශපාලන වාසි සඳහා භාවිතා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    වැලිකන්දේ දී පැවති ජන හමුවක් අමතමින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අද වන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් විශාල ලෙස පලිගැනීම් සිදු වන බවද ඔහු සඳහන් කර සිටියා.

    මෙතෙක් පොළොන්නරුවේ පැවති ඉඩම් කච්චේරිය අවලංගු කර ඇති බවත් ගැසට් පත්‍රයකින් නීතිගත කර ඇති ඉඩම් කච්චේරියක් ඒ ආකාරයෙන් අවලංගු කල නොහැකි බවත් සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ඊට විරුද්ධව ගොවීන් වෙනුවෙන් අධිකරණයට යන බවද සඳහන් කළා.

    පොලොන්නරුවට වකුගඩු රෝහලක් ගෙන ආවෙ තමන් බවත් එය චීන ජනාධිපතිගෙන් තමනට ලැබුණු තෑග්ගක් බවත් එහි බිත්තර දමන්නට වෙන කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කර සිටියා.

    දේශපාලුවෝ තරම් මමත්වයෙන් කතාකරන උන් වෙන කොහෙද ඉන්නෙ?