ඒක_මගේ-සිරිසේන
“මම හදපු කූඩුවේ කාටවත් බිත්තර දාන්න බෑ..නඩු දානවා”-මෛත්‍රී ආණ්ඩුව විවේචනය කරයි
චීන ජනාධිපතිවරයා තමනට ත්‍යාගයක් ලෙස ලබාදුන් පොළොන්නරුවේ වකුගඩු රෝහල අද වන විට ඇතැමුන් දේශපාලන වාසි සඳහා භාවිතා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
වැලිකන්දේ දී පැවති ජන හමුවක් අමතමින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අද වන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් විශාල ලෙස පලිගැනීම් සිදු වන බවද ඔහු සඳහන් කර සිටියා.
මෙතෙක් පොළොන්නරුවේ පැවති ඉඩම් කච්චේරිය අවලංගු කර ඇති බවත් ගැසට් පත්‍රයකින් නීතිගත කර ඇති ඉඩම් කච්චේරියක් ඒ ආකාරයෙන් අවලංගු කල නොහැකි බවත් සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ඊට විරුද්ධව ගොවීන් වෙනුවෙන් අධිකරණයට යන බවද සඳහන් කළා.
පොලොන්නරුවට වකුගඩු රෝහලක් ගෙන ආවෙ තමන් බවත් එය චීන ජනාධිපතිගෙන් තමනට ලැබුණු තෑග්ගක් බවත් එහි බිත්තර දමන්නට වෙන කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කර සිටියා.

නිදහස් පක්ෂේ සෙට් එකත් ඉන්නවනේ.