ඒබ්‍රහම් ලින්කන්

MindTalk

Member
Jun 11, 2016
162
41
0
ඒබ්‍රහම් ලින්කන්

ඒබ්‍රහම් ලින්කන් සිය පුතාගෙ ගුරුවරයාට යැවූ ලිපිය


56.jpg


ඇමරිකාව මගින් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස අදටත් අවිවාදිතව හැඳින්වෙන්නේ එරට 16 වැනි ජනාධිපති ධුරයට පත් ඒබ්‍රහම් ලින්කන් මහතා ය. ඔහු ඇමරිකාව වැනි සුදු අධිරාජ්‍යයක මුදුන් මල්කඩ වැනි ජනාධිපති ධුරයට පත් වූවද, සෑම විටම ඇප කැප වූයේ එරට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අරගල කොට ඔවුනට සමානතාව ලබා දීමටය. ඔහු විශිෂ්ට චරිතයක්‌ වන්නේද ඒ නිසාමය.


අදටත් ලොව සියලු රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ඉහළින් වර්ණනා කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රධාන නිර්මාණකරුවකු හා අර්ථ නිරූපකයකු වන්නේ ඒබ්‍රහම් ලින්කන් මහතාය. දිළිඳු ගොවි පවුලක උපන් ඔහු ධවල මන්දිරය දක්‌වා ගිය ගමන අතිශය දුෂ්කර විය. එය පරාජයන් ගණනාවක්‌ මධ්‍යයේ ඉදිරියට ගිය ගමනක්‌ වීම හේතුවෙනි. තමා සෙමින් ගමන් කරන නමුත් පරාජය හමුවේ කිසිදා ආපසු නොහැරෙන බව පැවසූ ලින්කන් මහතාගේ පෞද්ගලික ජීවිතය ඉතා අමිහිරි විය. එතුමාගේ බිරිඳ නාස්‌තිකාර ආර්යාවක්‌ වූවාය. ඔවුන්ට දාව දරුවන් හතර දෙනෙකු වූ අතර, ඉන් කුඩා විය ඉක්‌මවා ජීවත් වූයේ 1843 වසරේ දී උපන් පුත්‍රයා වන රෝටට්‌ වෝඩ් ලින්කන් පමණි. අනෙක්‌ දරුවන් තිදෙනාම අකාලයේදී මියගියේ ලින්කන් සමඟ එම ආර්යයාවද බොහෝ සේ මානසික රෝගී තත්ත්වවලට පත්කරමිනි.


රෝබට්‌ ලින්කන් පාසල් යන වයස වන විට ලින්කන් මහතා ඇමරිකානු ජනාධිපතිවරයා විය. මේ නිසා තම දරුවා පාසලට යෑවීමටත්, ඉතා ඉහළින් නිවැරදි දේ ඉගැන්වීමට ලින්කන්ට අවශ්‍ය වූ නමුත් වර්තමාන දේශපාලකයන් මෙන් එදා දේශපාලන බලයෙන් මත්වී අයුතු ප්‍රයෝජන සහ විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු නොවීම ඔහුගේ ජීවන මාර්ගයට ගැළපෙන්නෙකි.


ලින්කන් ජනාධිපතිවරයා ඉතාම දුෂ්කර ජීවිතයක්‌ ගත කොට පැමිණි සේ තම වැඩිමහල් දරුවාටද ජීවිතයේ යථාර්ථය කියාදීමට ඉටා ගත්තේ ය. මේ නිසා තම දරුවා පාසල් යන පළමු දිනයේදී රොබට්‌ ලින්කන් පුතුගේ පාසල් ගුරුවරියට මෙවන් ලිපියක්‌ ලියා යෑව්වේය. මෙම ලිපිය ලියා දැනට සියවසකට අධික කාලයක්‌ ගත වුවවද අදටද එම ලිපියේ අඩංගු කරුණු කාලෝචිත බව ජගත් විචාරක මතයයි. දැන් අපි එම ලිපිය කියවමු.


ආදරණීය පාසල් ගුරුතුමිය වෙත,


"අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක්‌ යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලා ගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සළකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, උපාය, කුමන්aත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගත කිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි."


"ඉතිං දයාබර ගුරුතුමියනි,


මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගතයුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න."


"දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයන් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය සාදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. පොත් වල සුන්දරත්වය හා විශ්වයෙහි සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්‌සන් ගැන ඔහුට උගන්වන්න.
කඳු මුදුන් පිපී ගී ගයන මල් පොහොට්‌ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න".


"රැවට්‌ටීම, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබීම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස්‌ ගැනම දැඩි ලෙස විශ්වාසය තැබීමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවැරදි නම් එම මතය විශ්වාසය තැබීමට උගන්වන්න".


"අනෙක්‌ මිනිසුන්ට දයාව කරුණාව දැක්‌වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැළකීමට ද උගන්වන්න. මගේ දරුවා පිරිසක්‌ පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යැමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන් දීමට ඔහුට උගන්වන්න.
තෝරා බේරා ගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහු දුකින් සිටින විට ඔහුට සිනාසීමට උගන්වන්න, නෙත කඳුළු වල ලැ-ජාව නොමැති බව උගන්වන්න".


"තමා උගත් දැනුම් සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කළ ද, තම හදවත හා ආත්මය උගස්‌ නොකිරීමට උගන්වන්න. තමාට මිලක්‌ නියම කර නොගැනීමට උගන්වන්න, මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නො ඇසෙන ලෙස සිටීමට උගන්වන්න,
තම මතය නිවැරැදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කථා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරා ගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සළකන්න."



"ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණ ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න".


"ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබා දෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇතිවිය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක්‌ ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන් ද විශ්වාස කරනු ඇත."


"මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලා ගන්න. උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න".
මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
ඒ මගේ පුතාය.



මෙයට

ලින්කන්


මෙම ලිපිය ලියා දැනට ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක්‌ ගත වුවද මෙම ලිපිය එදිනට වඩා අද දිනට ඉතාම වැදගත් ලිපියකි.

-අන්තර්ජාලයෙනි-
 

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
    ඒ මගේ පුතාය.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    "උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න"

    එකට අපිට ඉන්න උන් :sorry:
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    "උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න"

    එකට අපිට ඉන්න උන් :sorry:

    :yes::yes::yes:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රැවට්‌ටීම, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබීම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ලින්කන් තමා මෙතෙක් පහලවෙච්ච හොඳම සුදු ජාතිකයා(සුද්දා).........!
    තව එකක් ,ඇමරිකාවෙ ජනාධිපති වෙච්ච ඕනම කෙනෙක් තමන්ට වඩා රටට ආදරෙයි....ඉස්සර ලංකාවෙ පහලවෙච්ච හුගක් රජවරුත් එහෙමයි...ඒක තමා රටවල් සශ්‍රීක වෙන්ට බලපාපු ප්‍රධානම සාධකය.....