ඒ පහරදීම් නිසා, අපේ පවුලම විනාශ වුණා..

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඒ පහරදීම් නිසා, අපේ පවුලම විනාශ වුණා..

    එම්.එම්. ස්වර්ණලතා නම් ඇය පසුගිය සති කිහිපය තුළ ලංකාවේ දේශද්‍රෝහීම මව බවට පත්ව සිටියාය. ඇයට විරුද්ධව පුවත්පත් පිටු ගණන් පිරී ගියේය.

    ගුරුවරුන් කිසිදා කිසිදු වරදක් නොකරන දෙවිවරුන් යැයි උපකල්පනය කරමින්, කුරුණෑගල මහාධිකරණය විසින් 2019 ජනවාරි 31 වැනිදා දරුවෙක්ට කෲර ලෙස සැලකූ ගුරුවරියකට එරෙහිව ලබාදුන් තීන්දුවකට එරෙහිව සමාජය විසින් අවි අමෝරාගෙන තිබුණි.
    ජනාධිපතිවරයාද ඒ තීන්දුවට එරෙහිව අවි අමෝරා තිබුණි.

    මේ දරුවාට කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය ඉදිරියේ එච්.සී. / 128/ 2017 අංකය යටතේ විභාග වූ නඩුවෙන් ඉහත තීන්දුව ලැබී තිබුණි.
    ඊට අමතරව දරුවාගේ පියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබුණි. ඒ එෆ්.ආර්. / 461 / 2012 අංකය යටතේය.
    කෙසේ වෙතත් පියා අභාවප්‍රාප්ත වී තිබුණු නිසා මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගොස් තිබුණේ නැත.

    කෙසේවෙතත්, මේ දෙමාපියන්ට අධිකරණය ඉදිරියට යෑමට තරම් සාධාරණ හේතු තිබුණේද යන්න පිළිබඳව සමාජය කිසිදු විමසීමක් කළේ නැත.

    ගුරුවරුන් බවට පත්වෙන්නේද මේ සමාජයේම මිනිසුන් බව බොහෝදෙනෙකු සලකා බැලුවේ නැත.

    ඒ නිසාම ඇගේ හඬට කිසිදු ඉඩක් ලැබී තිබුණේ නැත. ඇතැම් මාධ්‍ය විසින්, මේ සමස්ථ සිදුවීමේ වින්දිතයා වූ ඇගේ පුතාගේ නම් ගම් සහිතව චරිත ඝාතනය කිරීමට පෙළැඹී තිබුණි. ඇගේ හඬට ඉඩක් තිබුණේද නැත.

    මේ සිදුවීමට මුහුණදුන් ගුරුවරියටද කියන්නට කතාවක් ඇති බව සැබෑය. දරුණු දඬුවම් දීමෙන් සමාජය යහපත් කළ හැකිවනු ඇතැයි ගුරුවරිය සැබෑ ලෙසම විශ්වාස කළ විය හැකිය. කෙසේ වෙතත්, දඬුවම් දීමෙන් දරුවෙකුගේ ජීවිතය යහපත් අතට හැරෙන්නේ නැති බව මේ සිදුවීම කදිම උදාහරණයකි.

    ගුරුවරියගේ පැත්තේ හඬට මාධ්‍යවලින් විශාල ඉඩක් වෙන්කළ පසුබිමක, අපි මවගේ හඬට අපේ ඉඩ වෙන් කළෙමු.
    ඇයද, ඇගේ අභාවප්‍රාප්ත වූ සැමියාද හෙද නිලධාරීන්ය. ඇගේ අත්දැකීම විසින්ම, මේ සිදුවීමේදී රාජ්‍ය ආයතනවල නිලධාරීන් කටයුතු කළ ආකාරයත්, ලංකාවේ මාධ්‍ය ඇතුළු සියළු පාර්ශ්වයන් කටයුතු කළ ආකාරයත් පිළිබඳව අවබෝධයක් ගත හැකිය.

    මගේ පුතා ඉගෙනගත්තේ සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ. 2012 දී මේ කියන සිදුවීම වුණේ ඒ ඉස්කෝලයේදීමයි. ජුලි මාසයේදී මේ සිදුවීම වෙන්නට කලින් ඉඳන්ම, මේ ගුරුවරිය මගේ පුතාට පහරදීලා තිබුණා. අනෙක් මාපියන්ගෙන් මම දැනගත් විදියට එයා ඒ විදියට ළමයින්ට සැලකුවේ පාසලෙන් අමතරව පෞද්ගලික පංති පවත්වනවා. ඇයගේ පංතිවලට එන ළමයින්ට එක විදියකටත්, එන්නේ නැති ළමයින්ට තව විදියකටයි තමයි සැලකුවේ.

    මගේ පුතාගේ පන්තිභාර ගුරුවරිය ලෙස ඇය පත්වුණේ 10 වසරේදී. ඒ කාලයේදී තමයි වසර වෙනකොට මගේ පුතා ඉස්කෝලේ යන්න බැරි බව කියන්න පටන්ගත්තෙ.‍ අපි බලෙන්ම වගේ තමයි ඉස්කෝලේ යැව්වේ. මම දවසක් ඉස්කෝලෙට ගිහිල්ලා ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමාට මේ ප්‍රශ්ණය කිව්වා.
    සමන් ඉන්ද්‍රරත්ත කියන විදුහල්පතිවරිය තමයි මේ කාලයේ පාසැලේ හිටියේ. මම විදුහල්පතිවරයාට ගිහින් කිව්වා සර් මගේ පුතා ඉස්කෝලේ යන්න බැහැ කියලා කියනවා. මේ අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙල විභාගය කරන්නේ. ඉස්කෝලේ එන්නත් අකමැතියි. පංති කාමරය ඇතුලේ හරි ඉස්කෝලේ ඇතුලේ හරි ළමයාට අසාධාරණයක් වෙනවාද කියලා දන්නේ නැහැ ඒ නිසා සර් පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා පියවරක් ගන්න. එහෙම නැතිනම් පංතිය හරි වෙනස් කරලා දෙන්න කියලා මම විදුහල්පතිවරයාගෙන් ඉල්ලුවා. නමුත් ඔහු ඒකට උත්තරයක් විදියට කිව්වේ ඉගෙන ගන්න ළමයි විතරයි ඉදිරියට යන්නේ. ඒ ළමයාත් ඉස්කෝලේ එන්න අදිමදි කරනවා නම් යන පැත්තකට ඔහේ යයි නේ කියලා මට කිව්වා.

    මම ඒ වෙද්දී පොල්ගහවෙල රෝහලේ වැඩ කළේ. මම මේ ගැන මගේ මහත්තයාටත් කිව්වා. ඒ සිද්ධිය වෙලා සති තුනකට පස්සෙ ඉස්කෝලේ ලොකු දෙමාපිය රැස්වීමක් තිබුණා. මගේ මහත්තයා තමයි ඒ රැස්වීමට ගියේ. ඒ රැස්වීමේදී මම විදුහල්පතිතුමාව මුණගැහිලා කියපු දේවල් ගැන ලොකු විවේචනයක් කරලා තිබුණා. ළමයෙකුගේ අම්මා කෙනෙක් ඇවිත් තමන්ට උපදෙස් දෙන්න උත්සාහ කළ බවත්, නිවෙස්වලට ගිහිල්ලා ළමයින්ව පාසැලට ගෙන්වාගන්න තමන්ට බැරි බවත් විදුහල්පතිතුමා කියා තිබුණා.

    ඊට පස්සෙ 11 වසරේ අන්තිම වාර විභාගය 2012 ජුලි 09 වැනිදාට නියමිතව තිබුණා. විභාගයට කලින් සතියේත් පන්තිය අතුගෑවේ නැති බව කියලා ගුරුවරිය කොස්සෙන් ගහලා තිබුනා. පන්තියේ ලමයි 50ක් විතර ඉන්නවා. ළමයා ගෙදර ඇවිත් ඒ සිද්ධිය ගැන කීවා. අපි කිව්වා සාමාන්‍යපෙළ දක්වා ඉස්කෝලෙට යන්න කියලා. ඉන්පස්සේ වෙන ඉස්කෝලයට දාන්නම් කියලා පොරොන්දු වෙලා තමයි ළමයාව ඉස්කෝලෙට යැව්වෙ. වාර විභාගය ලියන්න ලෑස්ති කරලා තිබුණෙ ඉස්කෝලෙ ප්‍රධාන ශාලාව. එදා උදේ විනයභාර ගුරුවරුන් විසින් ළමයින්ව පරීක්ෂා කරලා. කොණ්ඩේ වැවිලා තියෙන ළමයින්ට කියලා තියෙනවා අනෙක් දවසේ කොණ්ඩය කපාගෙන එන්න කියලා. අපේ පුතාටත් කොණ්ඩය කපන්න කියලා තියෙනවා. මේ සිද්ධිය පන්තිභාර ගුරුවරිය දැකලා.
    අපේ පුතා විභාග ශාලාවට ඇතුළු වෙනවාත් එක්කම මේ ගුරුවරිය පුතාගේ මූණටම ගහලා තියෙනවා. ඊට පස්සේ පුතාට පහරදෙමින් විභාග ශාලාවේ එහා කෙළවරම ළමයාව ඇදගෙන ගිහින්. මුහුණට පාරවල් කිහිපයක් ගහලා තියෙනවා. ඒකෙන් පස්සෙ උඹට විභාගය දෙන්නෙ නැහැ කියලා පුතාව එළියට දාලා.

    ඒ සිද්ධියෙන් පස්සේ පුතා නියෝජ්‍ය විදුහල්පතිවරයාව මුණගැහිලා මේ ගැන කියලා තිබුනා. ගුරුවරියගෙන් පුතාට පහරදීම් වෙන බව ඊට කලිනුත් නියෝජ්‍ය විදුහල්පතිතුමාව දැනුවත් කරලයි තිබුණේ. ඒකෙන් පස්සෙ නියෝජ්‍ය විදුහල්පතිතුමා පුතාව විභාගයට වාඩි කරවලා තිබුණා.

    එදා සිංහල විෂය තමයි නියමිතව තිබුණේ. පළවැනි ප්‍රශ්ණපත්‍රයට උත්තර ලියනකොට දරුවාට කලන්තය ඇවිත් තිබුණා. පුතා ඩෙස්ක් එකේ ඔලුව ගහගෙන ඉඳලා. දෙවැනි ප්‍රශ්ණ පත්‍රය ලියලාත් නැහැ. විභාගය ඉවරවුණාම අර ගුරුවරිය පුතාගේ පිළිතුරු නොලියපු ප්‍රශ්ණ පත්‍ර අරගෙන අනෙක් ළමයින්ට පෙන්වලා සමච්චල් කරලා. මෙන්න ලියලා තියෙන උත්තර කියලා. ළමයාගේ දෙමාපියන්ටත් බැණලා ප්‍රශ්ණපත්‍ර විසිකරලා තිබුණා.

    මම එදා ගෙදර එද්දී රෑ වුණා. මම පුතාට කන්න කතාකළාට එයා ආවේ නැහැ. ඉන්පස්සෙ තමයි මම ඉස්කෝලෙ වෙච්ච දේ දැනගත්තෙ. මහත්තයා කිව්වා, හවස පුතා එයා එක්ක කොණ්ඩය කපන්න ගියා කියලා. ඉන්පස්සේ පුතා නිදාගෙනම හිටපු බව කිව්වා. මම ඇහැරවලා බලද්දී පුතාගේ මූණ ඉදිමිලා. මම අහද්දී පුතා කිව්වා, ඒක තමයි මම ඉස්කෝලෙ යන්න බැරි බව කිව්වෙ කියලා.
    නැවත ඉස්කෝලෙ නොයන බව පුතා කිව්වා. මම එදා රෑම ප්‍රින්සිපල්ට කෝල් එකක් අරගෙන දරුවාට පහරදීලා තිබෙන බව කීවා. ප්‍රින්සිපල් අපට බැන්නා. ගහපු එක එයාට අදාල නැති බව කියලා, තමුසෙලා ඕනෑ එකක් කරගන්න කියලා කිව්වා. එහෙම වුණොත් තමන් ඕනෑ දෙයක් කරලා ගුරුවරියව බේරාගන්නා බව විදුහල්පතිවරයා කීවා.

    අපි එදා රෑම දරුවාව පොල්ගහවෙල රෝහලේ නැවැත්වුවා. ඉන්පස්සෙ කුරුනෑගල රෝහලට මාරු කළා. 36 වැනි වාට්ටුවේ තමයි දරුවා හිටියෙ. එයාලා දරුවාව පරීක්ෂා කරලා අපට කිව්වා, දරුවාගේ කන් බෙරයට බරපතල විදියට හානිවෙලා තියෙන බව. මම රෝහල් පොලීසියේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල තමයි නඩුවක් දක්වා ගියේ.

    පැමිණිල්ල දාලා දවස් විස්සක් යනතෙක් ගුරුවරිය අතුරුදන් වෙලා හිටියා. කුරුණෑගල පොලීසියේ නිලධාරීන් බොහෝදෙනෙකුගේ ළමයි හිටියෙ මේ පාසැලේ. ඒ නිසාම පොලීසියෙනුත් සිදුවීම යටගහන්න උත්සාහ කළා. හොස්පිට්ල් එකේ හිටපු සහෝදර හෙදියන් අතරිනුත් බොහෝ දෙනෙක් අපට විරුද්ධව කතාකළා.

    ඉන්පස්සෙ මම මේ සිදුවීම ගැන පොලිස්පතිවරයාට ලිව්වා. තවත් ආයතන බොහොමයකට ලිව්වා. ගුරුවරිය හැංගිලා ඉන්නෙ කොහේද කියලා මම හෙව්වා. කුරුණෑගල සමුපකාර රෝහලේ තමයි ගුරුවරිය හිටියෙ. මම ඒ බව දැනුම් දුන්නාට පස්සෙ පොලීසියෙන් ගුරුවරියට විරුද්ධව වරෙන්තු නිකුත් කළා.

    මේ කාලසීමාව ඇතුලේ අපට සෑහෙන තර්ජන ආවා. අපේ ගෙදරට විවිධාකාරයේ අය ආවා. අපට සල්ලි දෙන්නත් හැදුවා. ටෙලිෆෝන් එකෙනුත් තර්ජන ආවා. අපි ටෙලිෆෝන් වයර් ගැලෙව්වා. ගෙදර අත්හැරලා ගියා. ඒ කාලය හරිම අමාරු කාලයක්. කිසිම කෙනෙක් අපි ගැන හොයාබැලුවේ නැහැ.
    මගේ පොඩි දුව ඒ වෙද්දීත් ජෝන් කොතලාවල විද්‍යාලයේම පස්වැනි වසරේ හිටියේ. දුවටත් සෑහෙන පීඩා විඳින්න සිද්ධවෙලා තිබුණා. මගේ පුතා අධ්‍යාපනයෙන් ඒ තරම් ඉදිරියට ගියේ නැහැ. ඒත් දුව ඉගෙනීමට දක්ෂයි. එයාව පන්තියෙන් කිහිපවතාවක්ම එළියට දාලා තිබුණේ මේ සිදුවීම නිසා. අන්තිමේදී දුවව ඒ ඉස්කෝලෙන් අයින් කරගත්තා.

    පුතාට පහරදුන්න වෙලාවේ එතැන තවත් ළමයි 200 ක් විතර හිටියා. ඒත් සිදුවීම ගැන සාක්ෂි නොදෙන ලෙසට ඒ අයව පොළඹවාගෙන තිබුණා. පුතා සාක්ෂිකරුවන් ලෙස නම් කරලා තිබුණේ එයාගෙ හොඳම මිත්‍රයන්ව.
    ඒ දෙන්නාත් සාක්ෂි දුන්නෙ පහරදීම සිද්ධවුණ වෙලාවෙ එතැන හිටියෙ නැති බව. පොලීසියත් ඒ සාක්ෂි මත නඩුව ඉස්සරහට ගෙනිච්චේ.

    නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් සහායක් නැති තැන මමම නීතීඥයන්ව හොයාගත්තා. මගේම වියදමෙන් තමයි නඩුව ඉදිරියට අරගෙන ගියේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමකුත් දැම්මා.

    මේ සිදුවීමෙන් පස්සේ පුතා නන්නත්තාර වුණා. ඉස්කෝලෙ යන්න කැමති වුණේ නැහැ. අපෙත් එක්කත් සම්බන්ධය නැතිවුණා. අපටත් වෛර කළා.
    එයා මුලින්ම කියපු වෙලාවෙ අපි මොනාවත් කළේ නැති බව එයා කිව්වා. එයා තමන්ටම වෛර කරන්න ගත්තා.
    මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තා. අපි මහන්සිවෙලා එයාව පුනරුත්ථාපනයට යොමු කළා. දැන් එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ නැහැ. දැන් තමයි එයා සාමාන්‍ය තත්වයට ටිකෙන් ටික එන්නෙ.
    මේ වෙද්දී එයා පාඨමාලාවක් හදාරලා, ඒකේ පුහුණුවට ගිහින් ඉන්නවා. ඒත් මේ සිදුවීම් නිසා ළමයාට ගොඩක් දේවල් අහිමි වුණා. මේ සිද්ධියෙන් අපේ පවුලම විනාශ වුණා.
    මගේ මහත්තයා මේ සිද්ධියෙන් පස්සේ ලොකු පීඩනයකට මුහුණදුන්නා. අන්තිමේදී එයා හෘද රෝගියෙක් වුණා. හෘද රෝගියෙක් විදියට මියගියා.

    මේ තීන්දුව දුන්නෙ අධිකරණය විසින් හැම පැත්තෙන්ම සාක්ෂි විමසීමෙන් ස්සෙ. දරුවාට සිද්ධිය වුණේ අවුරුදු 15 දී. ඒත් ඉන්පස්සෙ සිද්ධවුණ හැමදෙයක්ම උසාවිය ඉස්සරහට ගෙනාවා. එයා මත්ද්‍රව්‍ය ගන්න බවත්, එයා හොඳ ළමයෙක් නොවන බවත් උසාවිය ඉස්සරහා ඔප්පු කරන්න හැදුවා. ඒ සිද්ධියෙන් පස්සෙ ළමයාගෙ ජීවිතයට වුණ බලපෑම, ඒ සිද්ධිය සාධාරණීකරණය කරන්නට පාවිච්චි කළා.
    අපි උසාවියේදී පිළිගත්තා ළමයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව. ළමයා කිව්වා, තමන්ට ජීවිතය ගැන ආසාවක් නොතිබුණ හින්දා මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු බව.

    එදා ඒ ගුරුවරියට තිබුණේ තමන්ට ගහන්න නෙවෙයි, තමන්ට උගන්වන්නට බව පුතා කිව්වා. මට හිරිහැර කළේ ඇයි, අනෙක් ළමයි ඉස්සරහා සමච්චල් කළේ ඇයි කියලා ළමයා උසාවියේදී ඇහුවා.

    දැන් සමාජ මාධ්‍යවල මගේ දරුවාව දාමරිකයෙකුගේ තත්වයට දාලා ලිපි ලියැවෙනවා. ළමයා ගැන වැරදි මතයක් මේ රටේ හැම තැනම පැතිරෙනවා. මගේ දරුවාට නොවුණ දේවල් පවා පත්තරවල දාලා තියෙනවා. මේවා නිසා දරුවාව තව තවත් මානසිකව ඇද වැටෙනවා. හැමෝම ලෙහෙසියෙන්ම ගුරුවරියගේ පැත්ත අරන්. අපට කියන්න තියෙන්නේ මොනවාද කියලාවත් අහන්නෙ නැහැ.
    මේ හැම සිදුවීමෙන්ම පස්සෙ ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන අපට තියෙන්නෙ ලොකු වේදනාවක්. මහාධිකරණයෙන් අහලා නඩු තීන්දුවක් දුන්නාට පස්සේත් මිනිස්සු ඒ ගැන සෑහීමකට පත්වෙන්නෙ නැහැ.

    අධිකරණයෙන් දීර්ඝ නඩු විභාගයකින් පස්සේ දුන්න තීන්දුවක් යුක්තිය විදියට පිළිගන්න බැරි ඇයි. ඒ තරම් දෙයක් වුණාට පස්සෙත් අපට අසාධාරණයක් වුණාද කියලා නිකමටවත් සොයාබලන්නෙ නැත්තෙ ඇයි. මේ වගේ ගුරුවරුන්ට ගුරුවරුන් කියන්න බැහැ. ඔවුන් මැරවරුන්. ගුරුවරයෙක් වූ පළියට සියළුම අය ඉතාම සද්භාවයෙන් කටයුතු කරන බව මිනිස්සු හිතන්නෙ ඇයි. එහෙම හිතලා, තමන්ගෙ දරුවන්ව පාසැලේදී අවදානමකට පත් කරනවා.


    මේ සියළු සිදුවීම්වලින් පස්සේත්, ආයතන බොහොමයක් එක්ක අවුරුදු ගාණක් හැප්පුණාට පස්සේත්, අපේ ජීවිත විනාශ වුණාට පස්සේත් අපවම වැරදිකරුවන් කරන්න එපා කියලා මම සමාජයෙන් ඉල්ලනවා.
    ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    BUMP.

    රටේ පොදු නීතියට අවනත වෙන්න බැරි ගුරුවරු කොහොමද ළමයින්ගේ විනය හදන්නේ?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    BUMP.

    රටේ පොදු නීතියට අවනත වෙන්න බැරි ගුරුවරු කොහොමද ළමයින්ගේ විනය හදන්නේ?

    Athatama vinaya kiyanne mokak da? oya wage Teachers mata thiyenne parapiditha mansikathwayan
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕවා හැදෙන්න ඕන විද්‍යාපීඨවල ඉඳලා. විද්‍යාපීඨවල තියන සිස්ටම් එක නිසා ඒවට යන උන් මොට වෙලා ගිහිං එන්නේ පරපීඩාවට කැමති හැත්තක්
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මගෙත් කොන්ඩේ කැපුවේ නැහැ කියලා කතුරෙන් කොන්ඩේ කපන්න ගියා...වේසිගෙ පුතාට හොද එකක් කිව්වා...ඇයි යකෝ හිර ගෙදරක්ද මේක??දැන් අපේ පන්තිය පැත්තේ වත් එන්නේ නැහැ!සර්ලට තැන නොදී ඉන්න A/l උන් දැන ගන්න ඕනේ!
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    guruwarayek lamayekta daduwam karana ekata wiruddathwayak naha
    eth meka gana ahapu dawase hithuna wena kathawak meka thula athi kiyala
    awurudu ganak aduna naduwak hinda loku deyak thiyenna athi kiyala hithuna
    TFS
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොම ද නඩු තීන්දුව දුන්නෙ?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ වගෙ මන්ද මානසික "ගුරු හොරු " ගොඩක් ඉස්කෝල වල ඉන්නව ( උන්දැලගෙ පන්ති යන් නැති ලමයි ගෙන් පලිගන්නා ) මුන්ට මේ ආත්මෙ ම මේවට විදවන්න ලැබෙන්න ඕනෙ..!!!
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    paw podi eka.
    owa lankawe hariyata wenawa, ekama de owa media walata noyena eka, ehema nathnam lamaya kiyanne boru kiyala demawpiyoma nosalaka harima.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Oya wage scene ekak ape iskoleth vunaa. Ape iskole mama hitapu kaale nadu dekak giyaa. E eka case ekaka gahana welaawe mamath ethana hitiya (matath waduna ;)) Kanata gahana eka thamai case. E lamaya edaa oluwa thiyan hitiye. Passe 1 week walata wadiya aave ne iskole, kane case ekak kiyala. Pau wade, wena ekek class eke ke gahala, uoo kavuda kiyala kivve nathi nisaa apita gahuwe. Uta wadiyen waduna class Monitor hinda. :)
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ado jara scene eka neh.

    ohoma jara guruwaru innawa. owa nam manasika leda! lankawe hema skl ekema ohoma mental cases thiyena un innawa ekek dennek.

    math ekkath ohoma malen hitiya sir kenek hitiya mata eh scene eka mathak wuna.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ළමයෙක්ට කොච්චර කටින් අවවාධ දෙන්න පුළුවන් උනත් අතක් උස්සන්න බැරි වෙන්න, නරක විදිහට බනින්න බැරි වෙන්න නීති හදන්න ඕනේ... සමහර ටිච්චර්ලා තමන්ගේ පවුලේ ඇරියස් ඇර ගන්නෙත් ළමයි පිටින්..
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    තෑන්ක්ස් මචන් මේක මෙතන ශෙයා කරපු එකට. කොච්චර උන් ගුරුවරයගෙ පැත්ත ගත්තත් මට නම් හිතුන ඔහොම මොකක්හරි අවුලක් ඇති කියලා. අපේ රටේ ගුරුවරයෙක්ට, හාමුදුරු නමකට වැරැද්දක් කලාට මුකුත් කියන්න බෑ. ඔක්කොම එනවා රෙද්ද උස්සන් උන්ව සුද්ද කරන්න. අපිත් හොඳට ඉගෙන ගත්ත උන් තමයි. හොඳ ගුරු වරුන්ට හැමදාම ගරු කරනවා. ඒ උනාට අපේ කාලෙත් හිටියා ඕවගෙ උන්. දැන් උනත් හිතෙනව හොයාගෙන ගිහින් කන රත් වෙන්න එකක් දීලා එන්න. එක එක මානසිකත්ව තියන උන් හැම එකේම ඉන්නවා. උන් වැරැද්දක් කලාම ඒක වැරැද්ද විදිහට දකින්නෙ නැතුව උගෙ තනතුර මේකයි කියලා ඌට සුදු හුනු ගාන්න බෑ. වැරැද්ද කව්රු කලත් වැරැද්දම තමයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,892
    113
    Guru horu.

    එක් පාසෙලෙක උසස් පෙළ ගණිතය උගැන්වූ ගුරාගේ පුද්ගලික පංති ආපු නැති එවුන්ට 80% පැමිණීම නැති කරලා AL විභාගෙට ලියන්න දුන්නේ නෑ