ඒ වගේම මම මගේ කියලා හිතාන ඉන්න මේ කයත් අනාත්මයි කියලා වැටහේවි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හැකිනම් මේ ටික තෙරුම්ගන්න..

    අපේ ඇහැට රූපයක් පෙනෙනකොට කන අක්‍රියයි,කනට ශබ්දයක් ඇසෙන විට ඇහැ අක්‍රියයි, දිවට රසයක් දැනෙනවිට ඇස කන දෙකම අක්‍රියයි.එක වැර ආයතන දෙකක් කොයිම වෙලාවකවත් පහලවෙන්නෙ නැහැ. ඇහේ හිත උපදින විට, කනේ විඤ්ඤාණය පහල වෙන්නෙ නැහැ..

    අපි උත්සාහවත් වෙන්න ඕන ඇහැ තුල සිහිය පිහිටුවාගන්න,කන තුල සිහිය පිහිටුවාගන්න
    මේ දැන් ඇතිවුනේ මෙන්න මේ ආයතනය කියලා හදුනගන්න තරමටම සති නුවන දෙක දියුණු වෙන්න ඕන. එතකොටයි වැටහෙන්නෙ අපි මේ දකින ලෝකය ඇත්තද බොරුද කියලා.

    ඇහැ තුල සිහිය පිහිටුවාගන්න විට තේරේවි..
    මෙච්චර කාලයක් ලෝකය කියන දේ බාහිර තියෙන දෙයක් කියලා හිතාන සිටිය එක වැරදියි කියලා. ලෝකය කියන්නෙම මේ ඇහට, කනට නාසයටයි කියලා වැටහේවි. ඇහේ හටගැනිමමයි ලෝකයේ හට ගැනිම කියලා හොදටම වැටහේවි.

    ඒ වගේම මම මගේ කියලා හිතාන ඉන්න මේ කයත් අනාත්මයි කියලා වැටහේවි.
    මම කියලා මෙච්චර කල් හිතාන හිටිය දෟෂ්ටිය වැරදියි කියල වැටහේවි.
    මම කියන්නේම ඇහැ තුල ඇතිවෙන විඤ්ඤාණයමයි කියලා වැටහේවි.
    හැබයි ඒ විඤ්ඤාණයත් හෙතුත් ප්‍රතයයි කියලා වැටහේවි. අවිද්‍යාව ඇතිව සංස්කාර රැස්කරන නිසයි විඤ්ඤාණය ඇතිවෙන්න හේතුව කියලා වැටහේවි.. සංස්කාර නිරෝධ වෙලා විද්‍යාව පහලවෙනකොට මතු නාම රූප දෙකක් සකස් කරන්න හේතු වෙන විඤ්ඤාණ ඇතිනොවන බව වැටහේවි. එහෙමනම් ඒ දර්ශනය සාක්ෂාත් කරගන්න මේ මාර්ගය වඩන්නම ඕන කියලා වැටහේවි ..

    තෙරුවන් සරනයි 🌻
     
    • Like
    Reactions: kinkon and NRTG