ඓතිහාසික සත්‍යය-Russia Won World War II
වර්තාමනයේදී බටහිර මාධ්‍ය සහ බලධාරීන් ඉතා ඕනෑකමින් ඓතිහාසික කරුණුවල ප්‍රතිලෝමයක් ලොව පුරා වපුරවමින් තිබෙන්නේ ඉතිහාසයේ පදනම වෙනස් කරමින්ය.මෙම පොදු සංජානනය විකෘති කිරීමේ ප්‍රධාන අරමුණ අපගේ මනස යටත් කරගැනීම සහ සත්‍යයෙන් අසත්‍යය වෙන් කරගැනීමේ අප සතු හැකියාව මොට කර දැමීමයි.මෙලෙස මිනිසුන් මුලා කිරීමේ අරමුණ ඔවුන්ට වහල්කම සහ කෲරත්වය පිළිගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි.
බටහිර මාධ්‍ය යාන්ත්‍රණය දෙවන ලෝක සංග්‍රාමයේ ඉතිහාසය යළි ලියන්නට උත්සාහ ගන්නේ යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය ඇරඹුනේ සෝවියට් දේශය නිසා මිස ප්‍රධානතම ආක්‍රමණිකයා වූ නාසි ජර්මනිය නිසා නොවන බව පෙන්වීමටයි.
මීට වසර 70කට පමණ පෙරදී නාසි ජර්මනියට රුසියාව ඉලක්ක කරන්නට ඇමෙරිකා එක්සත් ජනපදය අනුග්‍රහය දැක්වූවා මෙන්ම අදත් ඔවුන් රුසියාව දුර්වල කරන්නට පැසිස්ට්වාදය අවියක් ලෙස පාවිච්චි කරනවා. එසේම ඔවුන් රුසියාව ,ජර්මනිය සහ අනෙකුත් යුරෝපා රටවල් සමග ශක්තිමත් මිත්‍රත්වයක් ඇතිකර ගැනීම වළක්වාලමින් තිබේ.රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැවරොව් අප්‍රේල් මස 22 දා ප්‍රකාශ කර තිබුණේ "රුසියාව ජර්මනිය සමග සමීප සම්බන්ධකම් වර්ධනය කර ගැනීම වැලැක්වීමට එක්සත් ජනපදය විශාල වැඩ කොටසක් කරන බවයි"
Hidden History: The Secret Origins of the First World War
දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම සහ යුද්ධය ආරම්භ වීමට බලපෑ ප්‍රධාන සිද්ධීන් නියමුවන්නට එක්සත් ජනපදය ප්‍රධාන චරිතයක් විය.(ඉංග්‍රීසි-ඇමෙරිකා රහස්‍ය සන්ධානයේ පසුබිම සහ ඔවුන් ලෝකය යුද්ධයක් කරා ගෙන ගිය අයුරු Hidden History: The Secret Origins of the First World War යන ග්‍රන්ථයෙන් දැනකියා ගත හැකිය.) දෙවන ලෝක යුද්ධයට පෙර සහ යුද්ධය අතරතුර ඇමෙරිකා එක්සත් ජනපදයේ සුජනන විද්‍යාමය සංචලනය,අතිශය ධනවත් පුද්ගලයන් සහ ඇමෙරිකානු සමාගම්වන අයිබීඑම්,ෆෝර්ඩ්,ජෙනරල් මෝර්ටස්,අයිටීටී,නිව්ජර්සි හි ස්ටෑන්ඩ් ඔයිල්,චේස් බැංකුව,නිව්යෝර්ක් හි නැෂනල් සිටි බැංකුව ආදිය පැසිස්ට් ප්‍රචාරණ කටයුතුවලට සහ නාසි හමුදා ආයතනවලට සහාය ලබා දුන්හ.ඇමෙරිකානු සුජනන නායකයෙක් වූ මෙඩිසන් ග්‍රාන්ට්ගේ The Passing of the Great Race නම් ග්‍රන්ථය තම බයිබලය යැයි හිට්ලර් පවසා තිබේ.
ජෙනරල් මෝර්ටස් සමාගමේ උප සභාපතිවු ග්‍රෑම් කේ.හාර්වඩ් ඔහුගේ America and a New World Order නම් ග්‍රන්ථයේ සඳහන් කර තිබුණේ කොමියුනිස්ට්වාදය පැතිර යාමට විකල්පයක් ලෙස යුරෝපයේ පැසිස්ට්වාදයට සහාය ලබා දිය යුතුබවයි.ඇමෙරිකා එක්සත් ජනපදයේ 33වන ජනපතිවූ හැරී එස්.ටෲමන්(1945-1953)සෙනට් සභිකයෙක්(1935-1945) ලෙස 1941 ජූනි මස 5 දා කියා සිටියේ "ජර්මනිය දිනනවා අප දුටුව හොත් ,අපි රුසියාවට උදව් කලයුතුය: රුසියාව දිනනවා දුටුව හොත් අපි ජර්මනියට උදව් කල යුතුය,එවිට ඔවුන්ට අවශ්‍ය තරම් ඝාතන කරන්නට ඉඩ ලැබේ." කියාය.
එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල හමුදා 1944 යුරෝපයට ගොඩ බසින්නට පෙර දේශපාලන අනුබලය සහිත රැන්ඩොල්ප් හෙර්ස්ට් නම් මාධ්‍ය ධනවතුන් ඇතුලුව බටහිර මාධ්‍ය නාසි පාලනය සම්බන්ධව ධනාත්මක ආකෘතියක් ජනප්‍රිය කරන ලදි.සෝවියට් හමුදා අතිවිශාල සටනක් වූ ස්ටාලින්ග්‍රාඩ් මුදා ගැනීමත්(1942 අගෝස්තු 23-1943 පෙබරවාරි 2 )මෙතෙක් ලොව පැවති විශාලතම යුද ටැංකි සටන වූ කර්ක්ස් සටන(1943 ජූලි 5-1943 අගෝස්තු 23 - සෝවියට් සහ ජර්මන් යුද ටැංකි 7000කට වැඩි ප්‍රමාණයක් මෙම සටනට යොදාගෙන තිබේ.)ජර්මනිය පරාජය වීමත් ,ඒ ඔස්සේ නාසි යුද යන්ත්‍රණය යළි යථාතත්ත්වයට පත් කල නොහැකි සේ දුබල වීමත් යන හේතු මත ඇමෙරිකාව යුරෝපයේ සටනට එක්වන්නට තීරණය කලේය.තවද සෝවියට් දේශයේ ජයග්‍රහණය බටහිර යුරෝපය තුල සමාජවාදය ව්‍යාප්ත වීමට හේතුවක් වේ යැයි සිතූ ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර වහාම යුරෝපයට සිය හමුදා යවන්නට තීරණය කලහ.1944 ජූනි 6 දා එක්සත් ජනපද ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ හමුදා නාසි පාලනයට නතුව තිබූ ප්‍රංශයේ නොමැන්ඩි වෙත ගොඩ බසින්නේ මේ නිසාය.1945 වසරේදී ඔවුන්ගේ අරමුණ ඉටුකර ගනිමින් සෝවියට් හමුදාවල ගමන නැගෙනහිර ජර්මනියට සීමා කරන්නට ඔවුන් සමත්වේ.කර්ක්ස් සටන ජර්මන් හමුදාවේ නැගෙනහිර පෙරමුණ බිද වැටුණු බව දැනුම් දුන් අවස්ථාව බව වරක් වින්ස්ටන් චර්චිල්(එක්සත් රාජධානියේ අගමැති 1940-1945) පවා පිළිගෙන තිබේ.
ස්ටාලින්ග්‍රාඩ් නගරයේ සෝවියට් ධජය ඔසවන අයුරු
පහත දැක්වෙන වාර්තා චිත්‍රපටය නිෂ්පාදන කර තිබෙන්නේ එක්සත් ජනපද රජය විසිනි.ඉන් පෙන්වා දෙන්නේ පැසිස්ට්වාදය නම් වසංගතයෙන් මනුෂ්‍යත්වය රැකගැනීමට සෝවියට් දේශයේ ජනතාව උපක්‍රමශීලීව සහ වික්‍රමාන්විතව නාසි හමුදා සමග සටන් වැදී ඔවුන්ව පරාජය කල ආකාරයයි.මෙම චිත්‍රපටය ඔස්සේ එක්සත් ජන්පදය සෝවියට් දේශය සමග තිබූ එකමුතුව අවිනිශ්චිත එකක් බව පෙන්වා නොදෙයි.චිත්‍රපටයේ අවසන් රාමුවේ මෙසේ සඳහන් වේ.
"ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය සම්පුර්ණ කල හැක්කේ ජර්මනියේ සහ ජපානයේ යුද යන්ත්‍රණ සම්පුර්ණයෙන්ම පරාජය කිරීමෙන් පමණි"
දෙවන ලෝක යුද්ධයේ සෝවියට් දේශයේ භූමිකාව ඓතිහාසික වශයෙන් විකෘති කිරීම ඇරඹෙන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේදීය.සෝවියට් ජනසංහාරය, එක්සත් ජනපදයේ බලයට නතු මාධ්‍ය ඔස්සේ පෙන්වනු ලැබීය.එසේම ඔවුන් සෝවියට් දේශය ආක්‍රමණිකයෙක් ලෙස හුවාදක්වනු ලැබුවා.මෙය සෝවියට් දේශය යකඩ කඩතුරාවකින් වෙන් කර දැමීම ආරම්භ කරන ලදි.
1951 වසරේදී එක්සත් ජනපද හමුදාව කොමියුනිස්ට් විරෝධී චිත්‍රපටයක් වන The Big Lie නිෂ්පාදනය කල අතර ඉන් සෝවියට් දේශයේ සමාජවාදී රාජ්‍යතන්ත්‍රය හිටපු නාසි රාජ්‍යතන්ත්‍රයට සමාන කරනු ලැබූවා.යුද්ධයෙන් පසු ලැට්වියා ,එස්ටෝනියා සහ ලිතුවේනියා ජාතිකයින් එක්සත් ජනපදයේ අනුග්‍රහය මත බටහිර ප්‍රේක්ෂකයන්ට ලිව්වේ සෝවියට් දේශය සමූලඝාතන ඔස්සේ බෝල්ටික් රටවල් පාලනය කරන බවයි.එපමණක් නොව ලිතුවේනියා ජාතික කතෘවරයෙක් වූ පෙලෙකිස් ඔහුගේ Genocide: Lithuania Threefold Tragedy නම් පොතේ සඳහන් කර තිබෙන්නේ නාසීන් සහ සෝවියට් දේශය යන දෙපක්ෂයම දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට හේතුවු බවයි
Source:Sott.net
-HarshaLulzSec-
"අතීතය පාලනය කලේ කවුද ඔහු අනාගතයද පාලනය කරයි.වර්තමානය පාලනය කරන්නේ කවුද ඔහු අතීතයද පාලනය කරයි" - ජෝර්ජ් ඕවෙල්

The Passing of the Great Race
America and a New World Order
ජෙනරල් මෝර්ටස් සමාගමේ උප සභාපතිවු ග්‍රෑම් කේ.හාර්වඩ් ඔහුගේ America and a New World Order නම් ග්‍රන්ථයේ සඳහන් කර තිබුණේ කොමියුනිස්ට්වාදය පැතිර යාමට විකල්පයක් ලෙස යුරෝපයේ පැසිස්ට්වාදයට සහාය ලබා දිය යුතුබවයි.ඇමෙරිකා එක්සත් ජනපදයේ 33වන ජනපතිවූ හැරී එස්.ටෲමන්(1945-1953)සෙනට් සභිකයෙක්(1935-1945) ලෙස 1941 ජූනි මස 5 දා කියා සිටියේ "ජර්මනිය දිනනවා අප දුටුව හොත් ,අපි රුසියාවට උදව් කලයුතුය: රුසියාව දිනනවා දුටුව හොත් අපි ජර්මනියට උදව් කල යුතුය,එවිට ඔවුන්ට අවශ්‍ය තරම් ඝාතන කරන්නට ඉඩ ලැබේ." කියාය.
හැරී එස්.ටෲමන්
එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල හමුදා 1944 යුරෝපයට ගොඩ බසින්නට පෙර දේශපාලන අනුබලය සහිත රැන්ඩොල්ප් හෙර්ස්ට් නම් මාධ්‍ය ධනවතුන් ඇතුලුව බටහිර මාධ්‍ය නාසි පාලනය සම්බන්ධව ධනාත්මක ආකෘතියක් ජනප්‍රිය කරන ලදි.සෝවියට් හමුදා අතිවිශාල සටනක් වූ ස්ටාලින්ග්‍රාඩ් මුදා ගැනීමත්(1942 අගෝස්තු 23-1943 පෙබරවාරි 2 )මෙතෙක් ලොව පැවති විශාලතම යුද ටැංකි සටන වූ කර්ක්ස් සටන(1943 ජූලි 5-1943 අගෝස්තු 23 - සෝවියට් සහ ජර්මන් යුද ටැංකි 7000කට වැඩි ප්‍රමාණයක් මෙම සටනට යොදාගෙන තිබේ.)ජර්මනිය පරාජය වීමත් ,ඒ ඔස්සේ නාසි යුද යන්ත්‍රණය යළි යථාතත්ත්වයට පත් කල නොහැකි සේ දුබල වීමත් යන හේතු මත ඇමෙරිකාව යුරෝපයේ සටනට එක්වන්නට තීරණය කලේය.තවද සෝවියට් දේශයේ ජයග්‍රහණය බටහිර යුරෝපය තුල සමාජවාදය ව්‍යාප්ත වීමට හේතුවක් වේ යැයි සිතූ ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර වහාම යුරෝපයට සිය හමුදා යවන්නට තීරණය කලහ.1944 ජූනි 6 දා එක්සත් ජනපද ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ හමුදා නාසි පාලනයට නතුව තිබූ ප්‍රංශයේ නොමැන්ඩි වෙත ගොඩ බසින්නේ මේ නිසාය.1945 වසරේදී ඔවුන්ගේ අරමුණ ඉටුකර ගනිමින් සෝවියට් හමුදාවල ගමන නැගෙනහිර ජර්මනියට සීමා කරන්නට ඔවුන් සමත්වේ.කර්ක්ස් සටන ජර්මන් හමුදාවේ නැගෙනහිර පෙරමුණ බිද වැටුණු බව දැනුම් දුන් අවස්ථාව බව වරක් වින්ස්ටන් චර්චිල්(එක්සත් රාජධානියේ අගමැති 1940-1945) පවා පිළිගෙන තිබේ.
ස්ටාලින්ග්‍රාඩ් නගරයේ සෝවියට් ධජය ඔසවන අයුරු
කර්ක්ස් සටනේ අවස්ථාවක්
මිත්‍ර හමුදා නොමැන්ඩි වෙත ළඟාවීම
පහත දැක්වෙන වාර්තා චිත්‍රපටය නිෂ්පාදන කර තිබෙන්නේ එක්සත් ජනපද රජය විසිනි.ඉන් පෙන්වා දෙන්නේ පැසිස්ට්වාදය නම් වසංගතයෙන් මනුෂ්‍යත්වය රැකගැනීමට සෝවියට් දේශයේ ජනතාව උපක්‍රමශීලීව සහ වික්‍රමාන්විතව නාසි හමුදා සමග සටන් වැදී ඔවුන්ව පරාජය කල ආකාරයයි.මෙම චිත්‍රපටය ඔස්සේ එක්සත් ජන්පදය සෝවියට් දේශය සමග තිබූ එකමුතුව අවිනිශ්චිත එකක් බව පෙන්වා නොදෙයි.චිත්‍රපටයේ අවසන් රාමුවේ මෙසේ සඳහන් වේ.
"ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය සම්පුර්ණ කල හැක්කේ ජර්මනියේ සහ ජපානයේ යුද යන්ත්‍රණ සම්පුර්ණයෙන්ම පරාජය කිරීමෙන් පමණි"
"ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය සම්පුර්ණ කල හැක්කේ ජර්මනියේ සහ ජපානයේ යුද යන්ත්‍රණ සම්පුර්ණයෙන්ම පරාජය කිරීමෙන් පමණි"
දෙවන ලෝක යුද්ධයේ සෝවියට් දේශයේ භූමිකාව ඓතිහාසික වශයෙන් විකෘති කිරීම ඇරඹෙන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේදීය.සෝවියට් ජනසංහාරය, එක්සත් ජනපදයේ බලයට නතු මාධ්‍ය ඔස්සේ පෙන්වනු ලැබීය.එසේම ඔවුන් සෝවියට් දේශය ආක්‍රමණිකයෙක් ලෙස හුවාදක්වනු ලැබුවා.මෙය සෝවියට් දේශය යකඩ කඩතුරාවකින් වෙන් කර දැමීම ආරම්භ කරන ලදි.
1951 වසරේදී එක්සත් ජනපද හමුදාව කොමියුනිස්ට් විරෝධී චිත්‍රපටයක් වන The Big Lie නිෂ්පාදනය කල අතර ඉන් සෝවියට් දේශයේ සමාජවාදී රාජ්‍යතන්ත්‍රය හිටපු නාසි රාජ්‍යතන්ත්‍රයට සමාන කරනු ලැබූවා.යුද්ධයෙන් පසු ලැට්වියා ,එස්ටෝනියා සහ ලිතුවේනියා ජාතිකයින් එක්සත් ජනපදයේ අනුග්‍රහය මත බටහිර ප්‍රේක්ෂකයන්ට ලිව්වේ සෝවියට් දේශය සමූලඝාතන ඔස්සේ බෝල්ටික් රටවල් පාලනය කරන බවයි.එපමණක් නොව ලිතුවේනියා ජාතික කතෘවරයෙක් වූ පෙලෙකිස් ඔහුගේ Genocide: Lithuania Threefold Tragedy නම් පොතේ සඳහන් කර තිබෙන්නේ නාසීන් සහ සෝවියට් දේශය යන දෙපක්ෂයම දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට හේතුවු බවයි
Genocide: Lithuania Threefold Tragedy
දෙවන කොටසින් හමුවෙමු.
Source:Sott.net
-HarshaLulzSec-
Last edited:

hamanenawa