ඓතිහාසික හාදුව දුන් ග්ලෙන් මිය යයි !
මෙහි ඉහත දැක්වෙනුයේ ඓතිහාසික සේයාරුවකි. 1945 අගෝස්තු 14 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්රය ආසන්න මහමඟදී සොල්දාදුවකු විසින් හෙදියක් සිපගන්නා මේ පින්තූරය මුළුමහත් ලොව පුරා පුවත්පත් පිටු සැරසූවකි.
සේයාරුවේ සිටින ඇමෙරිකානු නාවික භටයා එවකට 18 හැවිරිදිය. ග්ලෙන් මැක්ඩෆී නමැති ඔහු දෙවැනි ලෝක මහා යුද්ධයට එක්වූවෙකි. දෙවැනි ලෝක යුද්ධය නිමා කරමින් ජපානය යටත් වූ පුවත කන වැකෙද්දී ග්ලෙන් සිටියේ උමං දුම්රියකය.
ග්ලෙන් දුම්රිය නැවැත්වූ විගස ඉන් බැස පිටතට දුව ආවේ තමා ඇසූ පුවතින් සතුටින් ඉපිළෙමිනි. එසේ පැමිණි ඔහු දුටුවේ මහමඟ අද්දර සිනාසෙමින් ඔහු දෙස බලා සිටින හෙදියකි. සිය පෙම්වතිය මුණගැසීම සඳහා නිව්යෝර්ක් කරා එන ගමනේ දී ඇසූ පුවත නිසා සතුට ඉහවහා ගිය ග්ලෙන් දුව ආ විගස කළේ නාඳුනන හෙදිය සිප ගැනීමය.
ඒ මොහොතේ එතැන සිටි ඡායාරූප ශිල්පියකු වූ ඇල්ෆ්රඩ් අයිසන්ස්ටෙඩි සිද්ධිය සේයාරුවට නැඟූ අතර පසුව ලොව පුරා ප්රසිද්ධ විය.
ග්ලෙන් ඇමෙරිකාවේ ටෙක්සාස්හි පදිංචිකරුවෙකි. ඩලාස්වලදී පසුගියදා ඔහු මියගියේ 86 වැනි වියේදීය. ඔහු විසින් සිපගනු ලැබූ හෙදිය ද මේ වෙද්දී ජීවතුන් අතර නැති බව වාර්තා විය.
source : http://sithtv.com
බම්ප් එකක් වත් දා ගෙන යන්න තවත් කෙනෙක්ට බලන්න...
Your reputation on this post is Positive.
Comments on this Post
+7 බිංගෝ
බිංගෝ උබ විතරයි බන් මට මේ ත්රෙඩ් එකට රෙප්+ දුන්නේ... අනිත් උන් මරුනහම රෙප් අරන් යනවලු
replies 22 -- views 439
shame on me

Last edited: