ඓශ්වර්යාගෙන් පොලීසියට පැමිණිල්ලක්

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
ඓශ්වර්යාගෙන් පොලීසියට පැමිණිල්ලක්

ඓශ්වර්යාගෙන් පොලීසියට පැමිණිල්ලක්


745248659ash09.jpg



තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය ස්කෑන් කොට අන්තර්ජාලයට මුදාහැරීමට එරෙහිව සුපිරි බොලිවුඩ් නිළි ‍ඓශ්වර්යා රායි විසින් සයිබර් අපරාධ මර්දන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

තමන් නොදැන කිසිවෙකු හෝ විසින් මෙම අකටයුත්ත සිදුකර ඇති බවත්,ඒ කවුරුන්දැයි සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය පොලීසියෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරියෙකු ඇගෙන් කටඋත්තරයක් ලබාගනිමින් ගමන්බල පත්‍රය ඇය විසින් ලබාදෙන ලද්දේ කාටදැයි විමසා ඇත.

"රූගතකිරීම් සඳහා පිටත්වන විට චිත්‍රපට අධ්‍යක්ෂවරයා ට විදෙස් ගමන් බලපත්‍රය ලබාදීමට කටයුතු කරනවා..ඒ හැරුණුවිට කාටවත්දීලා නෑ..තියෙන්නේ මගේ ළඟමයි.."ඇය පොලීසියට පවසා ඇත.

අභිෂේක් හා විවාහ වන විට ඇය අභිෂේක්ට වඩා වසරක් පමණක් වැඩිමහල් යුවතියක බව පිළිගත් නමුදු ඇගේ උපන්දිනය නිවරදි ලෙස මාධ්‍යයට හෙළිදරව් නොකැන ලදී.

එසේ වුව ඇගේ විදෙස් ගමන්බල පත්‍රය අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඇය අභිෂේක්ට වඩා වසර 3 ක් වැඩිහිටි බව ප්‍රේක්ෂකයන්ට පිළිගන්නට සිදුවී තිබේ. අභිෂේක් බච්චන්ගේ වයස මේ වන විට 34 ක් වන අතර ඓශ්වර්යාගේ විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන් වන පරිදි ඇගේ උපන්දිනය 1973-11-01 වන දාය. ඒ අනුව ඇයට මේ වන විට වයස අවුරුදු 37 ක් වන අතර සැබවින්ම ඇගේ ස්වාමියාට වඩා වයස අවුරුදු 3 ක් වැඩිමල්ය. ‍ කෙසේ වෙතත් මේ වන විට ඇගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන සයිබර් අපරාධ මර්දන පොලීසියේ සැකයට හේතුවී ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ය විවාහ ජීවිතයට ඇතුළත්වීමෙන් දිගු කලකට පසු ඓශ්වර්යා රංගනයෙන් දායක වී ඇත්තේ මනිරත්නම්ගේ"රාවන්" චිත්‍රපටයටය
 
  • Like
Reactions: prageeth119lk