ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙම වෙනවා නං ඒ දියවෙලා ඇවිල්ල ඇලවෙන ඒවයෙන් කෑමකට ජලවාශ්ප ඇතුල් වෙන එක වැලැක්වෙන්නෙ නැහැ
    මොකද ඔය බෝතල් හදන ප්ලාස්ටික් ජාතිය(PET) තමයි ප්‍රධානවම ජලය හෝ දියර වර්ග වලින් ආරක්ශාව ලැබෙන්නෙ(PET හරහා දියර වර්ග වලට යන්න බැහැ, බෝතල් හදන්න මේක ගන්න හේතුව මේකයි). ඔය කෑම බදිනකොට ඕව දානව කියලා තිබුනු ආටිකල් එකේ තිබුනෙ සම්පූර්ණයෙන් දියවෙනවා දියවෙලා පටලෙයක් වගේ බැදෙනවා කියලනේ ඒක නිසා සති ගානක් තිවුනත් පෙගෙන්නෙ නැහැ කියලා
    එහෙම වෙන්න නම් අනිවාර්යෙන් PET දියවෙන්න ඕන ඒක කරන්න තෙල් රත් කරලා බැහැ (මේක නිසා මේක කරා කියලා කෑම වලට ආරක්ශාවක් ලැබෙන්නෙ නැහැ)
    ඕක පත්තරේක ගියපු ආටිකල් එකක්නේ ඕකෙමද කොහෙද තිවුනෙ මිනී එම්බාම් කරන එවුන්ද කොහෙද මැරුනු මිනිස්සුන්ගෙ ලිවර් එකද කොහෙද ගෙනත් උයලා කනවා කියලා, මම නම් හිතන්නෙ මොනවා ඇත්ත උනත් ඕක නම් වෙන්න බැහැ මොකද මොන මස් කෑවත් සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් මිනී මස් කයිද, ඔය වගේ ඒව හෙනට මිනිස්සුත් කියවලා ඇත්ත කියලා හිතනවානේ ඒක නිසා ඔය කතා හදලා ලියනවා ඇති මට මතක විදියට ඕක ලියන එකාගෙ නමක් දාන්නෙත් නැද්ද කොහෙද

    මම හිතන්නෙ අර කොස් වලට හාපික් දානවා කියපු එකත් මේවගේම බොරුවක් වෙන්න ඕන
    මොකද අපි හාපික් දාල ටොයිලට් එක හේදුවත් දවස් 3-4ක් යනකන් හාපික් වල සුවද ටොයිලට් එකේ තියනවා ඕව දාපු වතුරෙන් කොස් හේදුවොත් අනිවාර්යෙන්ම ඒ සුවද කොස් වලින් එන්න ඕන
    (හැබැයි මෙහෙම දේකුත් තියනවා හාපික් වල ඇසිඩ් එකක්නේ තියෙන්න, කොස්වල එහෙම(කොස් ගැට වල) කහට බැදෙන එක වලක්වන්න පුලුවන් දෙහි හරි මොනවා හරි දැම්මොතින් ඒක නිසා ඒ වගේ කහට බැදෙන එක නවතිනවද දන්නෙ නැහැ හාපික් දැම්මම ඒ මොනවා උනත් හාපික් දැම්මොතින් නම් සුවදෙන් අනිවාර්යෙනම් අහුවෙනවා )

    මම හිතන විදියට

    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

    බොරු, විද්‍යාත්මකව කරන්න බැහැ

    👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්
    හැබැයි උඹලා දැකල තියනවද දැන් තියන ගස්ලබු වල ඇට තියනවා
    ඇට 25ක් විතරනේ තියෙන්නෙ සමහර ඒවයෙ 5ක් විතර, ඒවයෙන් ගම්මිරිස් වලට කලවම් කරන්න ඇට එකතු කරනවා කියන්නෙ ගම්මිරිස් හොයන එකට වඩා අමාරු ඇති
    අනික දැන් පැලකරන්න ගන්න ගස්ලබු ඇට විකුනන්නෙ ඇටෙයක් රුපියල් 20කට විතර ඒක නිසා මහා පරිමානෙන් ගස්ලබු ඇට එකතු කරන එක ප්‍රායෝගිකව මාර අමාරු වැඩක්

    👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.
    බොරු,
    ලියපු කෙනා අලි ගිලපු දිවුල් ගෙඩියක් දැකල නැහැ ජීවිතේට, ඒක මඩේ දැම්ම කියලා හරියන්නෙත් නැහැ

    👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.
    ෆෝමලින් දානවා ඇති
    ඒත් ඇසිඩ් දාන්නෙ නැහැ, දැම්මොත් කරවල කන්න බැහැ මොකද ඇසිඩ් වලට මස් දියවෙනවා, පාට වෙනස් වෙනවා අනික කරවල වල ඇසිඩ් ගද හරි රස හරි ආපු ගමන් මාට්ටු වෙනවා
    (කරවල වලට වෙනම මොනවත් දාන්න ඕන නැහැ මොකද
    ඔය පොඩි මාලු වේලලා තියන කරවල එහෙම වේලද්දි සමහර කාල වලදි කරවල වල පණුවො හැදෙනවා උන් ගසලා හලලා තමයි වේලලා තියෙන්නෙ
    කරවල බිම දාල වේලද්දි බල්ලො ජරා කරනවා, චූ කරනවා, කුරුල්ලො ජරා කරනවා, කපුටො එහෙම වැන තැන්වල තියන කුනු වෙච්ච මාලු බඩවැල් එහෙම ගෙනත් කරවල වේලන එක උඩට දානවා

    ඕක නිසා තමයි ඔය මාස ගනන් මුහුදෙ ඉන්න බෝට්ටු වලම වේලන බෝට්ටු කරවල කියලා විකුනන එකට මාකට් එක වැඩි, මොකද වේලන්නෙ බෝට්ටුවෙ නිසා මැස්සො නැහැ බල්ලො නැහැ කුරුල්ලො නැහැ මුහුදෙදිම වේලලා තියෙන්නෙ
    ඒත් බෝට්ටු කරවල කියලා විකුනන්නෙ සාමාන්‍ය කරවලම තමයි හරියටම දන්න තැනකින් ගත්තෙ නැත්නම්(ගොඩක් වෙලාවට ගන්න පුලුවන් වෙන්නෙ මුහුදු යන එකෙක්ගෙ ගෙදරින්)
    )

    TFS
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    dan kadawal wala thiyenawa pirisidu pol thel kiyala bothalayak 300k 400k wenawa. wathura pata, godak aya rawatenawa hodai kiyala. ewa gannawanam hodata balapan. ewa godak ewa kisima polthel suwadak naa. pol thel thiya kisima suwadak naa. eka wenna bari deyak aththa pol thel nam.

    Oka gana nikan hoyanakota danagaththe, okata bn karanne palm thel aragena ekata mokakda chemical ekak dala hari machine ekakin "filter" karanawalu, ethakota palm oil eke color eka nathi wenawalu wathura patata. ewalu oya loku loku ganan walata thiyenne, thanikara wisa palm thel.

    Hariyata pol thel bothalayk hidinna aduma hoda loku size pol gedi 6k wath one, dan pol gediyaka ganai baluwama pol gedi tikatama rs.600k wenawa, anith wiyadam ekathu kalama original pol thel bothalayak 750k 800k wenna one.

    Ekanisa puluwannam hoda pol gedi tikak gedara genalla, awwe welala, pol thel molakata deela thel hida ganna. anith hama ekama sure naa, thamanma thel hida gannawa wage.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    එවේලේ ගලෝල දෙන කොස් වලටත් පුතේ කලින්ම කට්ට පිටින්ම ගෙඩිය ෆොමලින් වල ඔබල තියල ගේන්නේ අපි හිතන්නේ දැන් ගහෙන් කඩපුව උනු උනු වෙම දෙනව කියල
    ෆොමලින් සැරට උන්ගෙ අත් තුවාල වෙලා තියෙන විදිහත් බලාගෙනම කොස් ගෙදර ගෙනිච්චොත් ටමා සස..

    :shocked::shocked::shocked::(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    dan kadawal wala thiyenawa pirisidu pol thel kiyala bothalayak 300k 400k wenawa. wathura pata, godak aya rawatenawa hodai kiyala. ewa gannawanam hodata balapan. ewa godak ewa kisima polthel suwadak naa. pol thel thiya kisima suwadak naa. eka wenna bari deyak aththa pol thel nam.

    Oka gana nikan hoyanakota danagaththe, okata bn karanne palm thel aragena ekata mokakda chemical ekak dala hari machine ekakin "filter" karanawalu, ethakota palm oil eke color eka nathi wenawalu wathura patata. ewalu oya loku loku ganan walata thiyenne, thanikara wisa palm thel.

    Hariyata pol thel bothalayk hidinna aduma hoda loku size pol gedi 6k wath one, dan pol gediyaka ganai baluwama pol gedi tikatama rs.600k wenawa, anith wiyadam ekathu kalama original pol thel bothalayak 750k 800k wenna one.

    Ekanisa puluwannam hoda pol gedi tikak gedara genalla, awwe welala, pol thel molakata deela thel hida ganna. anith hama ekama sure naa, thamanma thel hida gannawa wage.

    ඒත් බං හැමෝටම එ් වැඩේ කරන එක ප්‍රායෝගික නෑනේ. කඩේ තියන vegetable oil ගැන උඹ මොකද හිතන්නේ? ඔය මරීනා, ටර්කි එහෙම
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒත් බං හැමෝටම එ් වැඩේ කරන එක ප්‍රායෝගික නෑනේ. කඩේ තියන vegetable oil ගැන උඹ මොකද හිතන්නේ? ඔය මරීනා, ටර්කි එහෙම
    eka eka kaleta kiyanwa bn vegetable oil hodai anithwa hoda naa kiyala, aye tika kalekin pol thel thama hoda kiyanawa, eilagata kiyanawa olive oil hodai anith wa kanna epa kiyala. eka nisa bn vegetable oil hodaida pol thel hodaida kiyana eka apita kiyanna baa ne bn, eka government eke foods gana balana department ekakin research ekak karala kiyanna one. ehema karanne nathi nisa thamai kela wela thiyenne.

    Branded ewa tikak hoda athi, eth ithin quality unath vegetable oil agata hodada kiyalanam danne naa.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    dan kadawal wala thiyenawa pirisidu pol thel kiyala bothalayak 300k 400k wenawa. wathura pata, godak aya rawatenawa hodai kiyala. ewa gannawanam hodata balapan. ewa godak ewa kisima polthel suwadak naa. pol thel thiya kisima suwadak naa. eka wenna bari deyak aththa pol thel nam.

    Oka gana nikan hoyanakota danagaththe, okata bn karanne palm thel aragena ekata mokakda chemical ekak dala hari machine ekakin "filter" karanawalu, ethakota palm oil eke color eka nathi wenawalu wathura patata. ewalu oya loku loku ganan walata thiyenne, thanikara wisa palm thel.

    Hariyata pol thel bothalayk hidinna aduma hoda loku size pol gedi 6k wath one, dan pol gediyaka ganai baluwama pol gedi tikatama rs.600k wenawa, anith wiyadam ekathu kalama original pol thel bothalayak 750k 800k wenna one.

    Ekanisa puluwannam hoda pol gedi tikak gedara genalla, awwe welala, pol thel molakata deela thel hida ganna. anith hama ekama sure naa, thamanma thel hida gannawa wage.

     මේක මෙහෙමයි මචන්
    පොල් තෙල් වල පාට එන්නෙ කොප්පරා අවුවෙ වේලද්දි හරියට අවුව තිබුනෙ නැත්නම් ඒව දුඹුරු පාට වෙනවා ඒත් ගොඩක්ම තද අවුවෙ වේලුවොතින් සුදු පාටටම වේලෙනවා එතකොට ඒවයෙන් හිදින තෙල් වල පාට අඩයි ගොඩක් දුරට සුදු පාටට හුරුවට තමයි එන්නෙ

    අනික පොල්තෙල් වල සුවද සහ පාට එන්නෙ තෙල් කර උනාම මොකද පොඩි පොල්තෙල් හිදින මැශින් වලින් කරන්නෙ කොප්පරා ගොඩක් තදට මිරිකෙන මිකැනිසම් එකකින් මිරිකලා ඒක දැකපු එකෙක් ඉන්නවා නම් කියාවි දුම් දම දම තමයි මිරිකෙන්නෙ ඒ තරම් තදට මිරිකෙනවා ඒ රස්නෙට තමයි කරවෙලා සුවදයි කහපාටයි එන්නෙ

    සුදුපාටට පොල්තෙල් ඕන නම් ගෙදර හිදින්න පුලුවන් ඒකට කරන්න ඕන පොල් ගාල තද අවුවෙ වේලන්න ඕන එහෙම නැත්නම් අවන් එකක දාල වේලන්න ඕන ඉක්මනට වේලුනේ නැත්නම් පාට වෙනස් වෙනවා
    ඒ වේලපු පොල් ගෙදරම හිදින අතින් කරකවන පොඩි මැශින් තියනවා(මේවයින් ලොකු පීඩනේකින් මිරිකෙන්නෙ නැති නිසා රත් වෙන්නෙ කරවෙන්නෙ නැතුව මිරකෙනවා හැබැයි කොප්පරා වලින් තෙල් ගන්න බැහැ පොල් ගාල වේලගන්න ඕන) ඉදිආප්ප මිරිකන මැශින් වගේ එහෙම නැත්නම් අතින් මිරික්න ඕන
    එතකොට වතුර පාටට පොල්තෙල් ගන්න පුලුවන් බොහෝම ලා සුවදක් තමයි තියෙන්නෙ

    මේ වගේ මැශින්
    Stainless-Steel-Nut-Seed-Oil-Expeller-Press-For-Oil-Production-Sunflower-Sesame.jpg_640x640.jpg

     මම දැකලා තියනවා මේ පහල තියන වගේ මැශින් අතින් කරකවන මේසෙට හයි කරන ඒවා ලංකාවෙ කාර්මික සංවර්ධන ආයතනෙන්ද කොහෙද හදපු එකක්
    by-DHL-or-EMS-10-pcs-Stainless-Steel-Noodle-Maker-With-5-Models-Manual-Noodles-Press.jpg

    පොල්තෙල් බෝතලයක් හිදින්න පොල් ගෙඩි 6ක් ඕන නැහැ
    පොල් මිරිකපු පොල් කුඩු වේලලා ගන්න ඒවා කිලෝ දෙකකින් පොල්තෙල් බෝතලයක් හිදින්න පුලුවන්
    ලොකු පොල්ගෙඩි 3න් තෙල් බෝතලයක් හිදින්න පුලුවන් සමහර වෙලාවට බෝතලේට පොඩ්ඩක් අඩුයි පොල් ගෙඩි 4න් හින්දම අනිවාර්යෙන් පොල් තෙල් බෝතලයකට වඩා එනවා

    (අපේ ගෙදර ගොඩක් වෙලාවට පොල්තෙල් කඩෙන් ගන්නෙ නැහැ පොල් කුඩු වේලලා තෙල් හිදිනවා පත්තු කරන්න, පොල් පොඩි තීරු කපලා වේලලා හින්දනවා කන්න ගන්න ඒක නිසා තමයි ඔය දේවල් දන්නෙ, හින්දන්නෙ ගෙදර නෙමෙයි අර පොල්තෙල් මෝලකට දීල හින්දගන්නවා)

    මම මේකෙන් කියන්නෙ නැහැ ඔය කඩේ තියන සුදු පොල්තෙල් මොනවත් කවලම් කරලා නැහැ කියලා අනිවාර්යෙන් අනම් මනම් කලවම් ඇති. හැබැති ඇත්තටම පිරිසිදුවට සුවදක් නැතිව සුදු පොල්තෙල් හිදින්න පුලුවන් ඕන නම්.
    සුදු පොල්තෙල් ගැන කියල තිවුන එක ගැන මම දන්න දේ කියන්න ඕන උනේ
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
     මේක මෙහෙමයි මචන්
    පොල් තෙල් වල පාට එන්නෙ කොප්පරා අවුවෙ වේලද්දි හරියට අවුව තිබුනෙ නැත්නම් ඒව දුඹුරු පාට වෙනවා ඒත් ගොඩක්ම තද අවුවෙ වේලුවොතින් සුදු පාටටම වේලෙනවා එතකොට ඒවයෙන් හිදින තෙල් වල පාට අඩයි ගොඩක් දුරට සුදු පාටට හුරුවට තමයි එන්නෙ
    ..............[/COLOR]

    හොද පැහැදිලි කිරීමක්...:)
     
    • Like
    Reactions: NEMISIS

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
     මේක මෙහෙමයි මචන්
    පොල් තෙල් වල පාට එන්නෙ කොප්පරා අවුවෙ වේලද්දි හරියට අවුව තිබුනෙ නැත්නම් ඒව දුඹුරු පාට වෙනවා ඒත් ගොඩක්ම තද අවුවෙ වේලුවොතින් සුදු පාටටම වේලෙනවා එතකොට ඒවයෙන් හිදින තෙල් වල පාට අඩයි ගොඩක් දුරට සුදු පාටට හුරුවට තමයි එන්නෙ

    අනික පොල්තෙල් වල සුවද සහ පාට එන්නෙ තෙල් කර උනාම මොකද පොඩි පොල්තෙල් හිදින මැශින් වලින් කරන්නෙ කොප්පරා ගොඩක් තදට මිරිකෙන මිකැනිසම් එකකින් මිරිකලා ඒක දැකපු එකෙක් ඉන්නවා නම් කියාවි දුම් දම දම තමයි මිරිකෙන්නෙ ඒ තරම් තදට මිරිකෙනවා ඒ රස්නෙට තමයි කරවෙලා සුවදයි කහපාටයි එන්නෙ

    සුදුපාටට පොල්තෙල් ඕන නම් ගෙදර හිදින්න පුලුවන් ඒකට කරන්න ඕන පොල් ගාල තද අවුවෙ වේලන්න ඕන එහෙම නැත්නම් අවන් එකක දාල වේලන්න ඕන ඉක්මනට වේලුනේ නැත්නම් පාට වෙනස් වෙනවා
    ඒ වේලපු පොල් ගෙදරම හිදින අතින් කරකවන පොඩි මැශින් තියනවා(මේවයින් ලොකු පීඩනේකින් මිරිකෙන්නෙ නැති නිසා රත් වෙන්නෙ කරවෙන්නෙ නැතුව මිරකෙනවා හැබැයි කොප්පරා වලින් තෙල් ගන්න බැහැ පොල් ගාල වේලගන්න ඕන) ඉදිආප්ප මිරිකන මැශින් වගේ එහෙම නැත්නම් අතින් මිරික්න ඕන
    එතකොට වතුර පාටට පොල්තෙල් ගන්න පුලුවන් බොහෝම ලා සුවදක් තමයි තියෙන්නෙ

    මේ වගේ මැශින්

     මම දැකලා තියනවා මේ පහල තියන වගේ මැශින් අතින් කරකවන මේසෙට හයි කරන ඒවා ලංකාවෙ කාර්මික සංවර්ධන ආයතනෙන්ද කොහෙද හදපු එකක්

    පොල්තෙල් බෝතලයක් හිදින්න පොල් ගෙඩි 6ක් ඕන නැහැ
    පොල් මිරිකපු පොල් කුඩු වේලලා ගන්න ඒවා කිලෝ දෙකකින් පොල්තෙල් බෝතලයක් හිදින්න පුලුවන්
    ලොකු පොල්ගෙඩි 3න් තෙල් බෝතලයක් හිදින්න පුලුවන් සමහර වෙලාවට බෝතලේට පොඩ්ඩක් අඩුයි පොල් ගෙඩි 4න් හින්දම අනිවාර්යෙන් පොල් තෙල් බෝතලයකට වඩා එනවා

    (අපේ ගෙදර ගොඩක් වෙලාවට පොල්තෙල් කඩෙන් ගන්නෙ නැහැ පොල් කුඩු වේලලා තෙල් හිදිනවා පත්තු කරන්න, පොල් පොඩි තීරු කපලා වේලලා හින්දනවා කන්න ගන්න ඒක නිසා තමයි ඔය දේවල් දන්නෙ, හින්දන්නෙ ගෙදර නෙමෙයි අර පොල්තෙල් මෝලකට දීල හින්දගන්නවා)

    මම මේකෙන් කියන්නෙ නැහැ ඔය කඩේ තියන සුදු පොල්තෙල් මොනවත් කවලම් කරලා නැහැ කියලා අනිවාර්යෙන් අනම් මනම් කලවම් ඇති. හැබැති ඇත්තටම පිරිසිදුවට සුවදක් නැතිව සුදු පොල්තෙල් හිදින්න පුලුවන් ඕන නම්.
    සුදු පොල්තෙල් ගැන කියල තිවුන එක ගැන මම දන්න දේ කියන්න ඕන උනේ
    Nodanna deyak igenagaththa macho.:yes:
    TFS bro. ;)

    "You must spread some Reputation around before giving it to NEMISIS again."
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මීට වසර විසිපහකට පමණ පෙර මගේ මිතුරකුගේ වයිෆ්ට යම් අසාත්මිකතාවයක් ඇති උනා. ඒකට නොයෙකුත් ප්‍රතිකාර කලත් ඇලජි එක ඇතිවෙන්නේ මොකෙන්ද කියලා හොයාගන්න මාස හයක් විතර ගියා. සෑම ආහාර වේලකම අඩංගු ද්‍රව්‍ය ලියලා රෙකෝඩ් කරගෙන ඇලජි එක ඇතිවෙන ආහාරය අඳුනා ගත්තා. ඒ තමයි මිරිස් කුඩු. ලංකාවෙන් ගෙන්වා ඕස්ට්‍රේලියාවේ විකුණන (එකල) ප්‍රසිද්ධ සමාගමක මිරිස් කුඩු කෑම වලට දාපු සෑම දිනකම මේ ඇලජි එක එනවා. ඒ මිරිස් කුඩු මොනෑෂ් එකේ ටෙස්ට් කරලා මිරිස් වල පාන් පිටි සහ රතු ඩයි එකක් අඩංගු බවත් ඒ ඩයි එකෙන් අසාත්මිකතාවය එන බවත් සොයා ගත්තා. එකල ඒවා විකුණුව වෙළඳ සැලට මේ බව දැන්වූ විට ඔවුන් ඒ වර්ගයේ මිරිස්කුඩු ගෙන්වීම නවත්වන බව කියා නීතිය ඉදිරියට යාම වලක්වා ගත්තා.(එසේ නීතිය ඉදිරියට ගියානම් මිරිස් කුඩු වර්ග සියල්ලම විකිණීම තහනම් කරනවා. කැකුළු හාල් වල ගල් තිබිලා රිපෝට් කරලා එකල කැකුළු හාල් ගෙන්වීම හා විකිණීම කාලයක් තහනම් කරලා තිබුනා.) ඒ හැර එකල (ඉතා කුඩා) සිංහල කොමියුනිටි එකටත් මේ පිළිබඳව හැකි අයුරෙන් දැනුවත් කළා. දැන්නම් ඒ කොම්පැනියේ නමවත් බ්‍රෑන්ඩ් නේම් එකවත් මතක නැහැ. ඔහොම තමයි ලංකාවේ නිෂ්පාදන වල තත්වය.