මචන් උඹ කියන දේ හොඳට කියල තියෙනවා.ඒ දේ ගැන විවාදයක් නැ .
එත් උඹ නොකියපු ටිකකුත් තියෙනවා.
උඹ පුළුවන් නම් පාරේ ඉන්න බල්ලෝ ගැන උන්ට කෝල් කරලා බලපන්.උදව්වක් ඉල්ලාපන්.උන් තඹ සතේකට ගණන් ගන්න නැ .ඔය බුකියේ ෆොටෝ එකක් දාන්න තමය ඕකුන් ඕව කරන්නේ.මම උන්ව contact කරුපු නිසා තමය කියන්නේ.මගේ අත්දැකීමෙන්.උඹත් කරලා බලපන්.
දෙක .ඔය ගෑනිට මාර රුදාවක් තියෙනවා පෙරහරේ යන අලි ගැන.යකෝ අලින්ට හිරි හැර වෙනවා ඇති .එත් එකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ.
තුන.දෙහිවල සත්තු වත්ත ඒක හරියට පාලනය කරන්නේ නැති එක හරි.යකෝ එකත් වැහුවොත් අපේ පොඩි වුන් සතෙක් වත් බලන්නේ කොහෙද?ඕව සත්ව අවිහිංසාවාදයේ අන්තිමට කරන්න ඕන ඒවා.ලංකාවත් රටක් විදියට ඕව වෙනස් කරන්න පියවර අරන් තියෙනවා.පොඩ්ඩක් ගිහින් බලපන් පින්නවල zoo එකට.එකේ තියෙන්නේ ඔය concept එක තමය තවම දියුණු වුනේ නැති වුනාට.
හතර .මචන් යමෙක් කෙනෙකුට උපදෙස් දෙන කොට එකේ අවම සුදුසු කම් වත් සපුරාල තියෙන්න ඕනේ.උඹ අම්බානෙට හවසට හවසට බොනවා නම් උඹට අනිත් උන්ට කියන්න බැ බොන්න එපා කියල.ඊට කලින් උඹ නොබී ඉන්න ඕනේ.
මේ ගැනී ODEL (කියන්න එපා දැන් ඒකිට අයති නැ කියල .ගිය අවුරුද්ද වෙනකම් ඕක කරේ ඔටාර )එකේ කොච්චර natural leather සහ ඇනිමල් fur ITEMS විකුනනවද ?ගිහිල්ල බලබන් බරු නම්.එම්බාර්ක් එකෙත් තියෙනවා බෙල්ට් natural leather .බොරු නම් ගිහිල්ල බලපන්.
මචන් මෙතන තියෙන්නේ සත්ව අවිහින්සාවාදයට විරුද්ද වීම නෙමෙය් .එක කරන වුන් කොච්චර අවංකද කියල.
මම කියන්නේ ඔටරත් සත්ව අවිහිංසාවාදය මාර්කට් කරාට කමක් නැ .නමුත් ඒ slogan එක misuse වෙනවා ඕකුන් ඕව කරන්න අවංකව නොවන හින්ද.
එක හරියට ගමේ bar එක අයතිකාරය අමද්‍යප සංගමයේ සබාපති කරා වගේ වැඩක්.
තව විදියකින් කිව්වොත් මහින්දගේ හොර කම් නවත්වන්න රවී වගේ උන්ට රටේ ආර්ථිකය බාර දුන්න වගේ වැඩක්.
මුන් මේ උත්තරීතර slogan එක උන්ගේ බිස්නස් නැග්ග ගන්න use කරනවා.තව උදාහරණ ඕනෑතරම් දෙන්නම්.
බොරු කියන්න එපා බන්. උන්ට හැම බල්ලෙක්ම බාර ගන්න බෑ තමයි. ඒ ඇයි කියල ගිහිල්ල බැලුවොත් තේරෙයි. බල්ලෝ ගැන උදව් ගන්න කීප සැරයක්ම උන්ට කතා කරලා තියෙනවා. හැමවෙලේම උන්ට කරන්න පුළුවන් උපරිමයෙන් උදව් කරා.
http://www.elakiri.com/forum/showthread.php?t=1737598
http://www.elakiri.com/forum/showthread.php?t=1738153
ඔය බලු පැටව් ටික ගෙනිහිල්ල දෙන්න උදව් කරෙත් උන්. ටිකිරි trust එකෙනුත් බල්ලොන්ව බාරගන්න කැමති නෑ හේතුව එතන ඉඩ නෑ. ඒත් Embark එකත් මැදිහත් වෙලා තමයි කොහොමහරි පැය 4ක් විතර කට්ට කාල බාර දීල ආවේ. ඒ වගේ තැන් වලට නිතර යන උන්ට තමයි ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රයෝගික දුෂ්කරතා තේරෙන්නේ.
කලින් සැරයක් කැම්පස් එකේ හිටපු බල්ලෝ මරන්න ගිහිල්ල ඒක නවත්තගන්නත් උන් සෑහෙන උදව් කරා.
කතා කරන්න ඕනේ ලොකු ප්‍රශ්න විතරද? ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුවද? ඒක ප්‍රයොගිකද? ඔය පෙරහැරේ අලි ගෙනියන එක ගැන නම් මම කතා කරන්න කැමති නෑ. මට හිතෙන එකම දේ බුදු හාමුදුරුවෝ වැඩ සිටියානම් උන්වහන්සේ ගන්නෙත් ඔටාරගේ පැත්ත කියල විතරයි. ඒත් ඔටාරා ඔයගැන කතා කරන එක වැරදීම කියමුකෝ. එහෙම කියල ඒ ගෑනි කරන හොඳ දේටත් මොකටද පහර ගහන්නේ?
පොඩි එවුන්ට සත්තු බලන්න උන් ජීවිත කාලෙම කූඩු කරලා තියෙන්න ඕනෙද? සත්තු බැලුවේ නැත්තන් ළමයින්ගේ ජීවිතේම අඳුරු වෙනවද? ළමයි අප්‍රිකාවේ ගෝත්‍රික ජනතාව දැකල නෑ කියල ඒ ගෝත්‍රිකයෝ ගෙනල්ල දෙහිවල තියල තියනවද? ඇමෙරිකාවේ මිනිස්සු දැකල නෑ කියල උන් ගෙනල්ල දෙහිවල තියල තියනවද? ළමයින්ට සත්තු පෙන්නන්න ඕනේ නම් TV එකේ පෙන්නපන්. මේ 2016. සත්තුන්ගේ නිදහස නැති කරලා උන්ට දස වැද දීල මොන අද්යාපනේද? ඔව් පින්නවල zoo එක හොඳ පියවරක්.
ඇයි බොන එකෙකුට බැරි වෙන එකෙකුට බොන්න එපා කියන්න? බොන තාත්තල ළමයින්ට බොන්න එපා කියන්නේ නැද්ද?
අනික ඔය "අවම සුදුසු කම් වත් සපුරාල තියෙන්න ඕනේ" තර්කය අනුව උඹ ඔටාරගේ වැඩ විවේචනය කරන්න ඕනේ අවම සුදුසුකම් සපුරලද තියෙන්නේ? ඒකි සත්තු වෙනුවෙන් කරලා තියෙන දෙයින් 1000න් එකක් උඹ කරලා තියෙනවද? අවම සුදුසුකම් තීරණය කරන්නේ කවුද උඹද?
Embark එකේ natural leather තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නෑ. හැබැයි ඒ ගැන මම හරියට දන්නේ නැති හින්ද මම ඒක නෑ කියල කියන්නෙත් නෑ. ඊළඟ දවසේ Embark එකට ගිය වෙලාවක natural leather products තියෙනවා දැක්කොත් මූණටම බැනල එනවා.
ඔය අවිහිංසාවාදයේ මුලින් කරන්න ඕනේ එවයි පස්සේ කරන්න ඕනේ එවයි ගැන තර්කයේ ප්‍රයෝගික පැත්ත ගැන තව වැටිච්ච threads කීපෙකම කියල තියෙනවා. ආයේ ආයේ කොටන්න කම්මැලියි. උඹ හිතනවානම් ඔටාරා සමහර දේවල් ගැන කතා කරන්නේ නෑ කියල උඹ ඒවා ගැන කතා කරපන් ඒකිට ඒකි කතා කරන ඒවා කරගන්න දීල. එතකොට උඹල දෙන්නගෙම සේවයේ එකතුව ගත්තහම උඹ ඔය හොයන පරිපූර්ණත්වය එනවනේ. ඔටාරා හැම ප්‍රශ්නයක් ගැනම කතා කරන්න ඕනේ කියල ලියවිලා නෑනේ. එකී කරන දේ ඒකි කරපු දෙන්. වැරද්දක් තියෙනවනම් ඒක විතරක් විවේචනය කරමු. වෙන වෙන ඇරියස් පිරිමහ ගන්න යන්නේ නැතුව.
තමුන්ගේ අම්ම කරත් වැරද්දක් නම් එක විවේචනය කරන්නත් තමුන්ගේ හතුරෙක් කරත් හොඳක් නම් අගය කරන්නත් පුරුදු වෙයන්



මුන්ගේ හිතේ සත්තුන්ට හැගීම් දැනීම් නැ උන් ඉන්නේ අපේ දොලපිනවන්න කියල


අදත් එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනවා ඒකටවත් රිප්ලයි කරයිද බලමුකෝ උබ කියන විදිහට වීගන් ලෙදර්ද කියලා 