ඔඩොක්කු කුක්කන්ගේ එකමුතුවට චම්පික නෑ
ජාතික සංවිධාන එකමුතුව මගින් 12 වැනි දා පවත්වන රැළියට හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගි නොවන බවත් අමාත්‍යවරයගේ නම මෙම රැළියේ ප්රචාරක කටයුතු සඳහා අවභාවිතයේ යෙදවීම පිළිබඳව නොසතුට පළකරන බවත් ජාතික හෙළ උරුමය පවසයි.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මෙලෙස සඳහන් කර ඇත.
“රට වෙනුවෙන් ගන්නා තීරණ සුදුසු පරිදි ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි ගැනීමට අප පක්ෂයට ප්‍රඥාව හා කශේරුකාවක් ඇති බව ද ඒ සදහා මාර්ගෝපදේශයන් අවශ්‍ය නොවන බව ද අප ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු. ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති මහින්දගේ ජය වෙනුවෙන් පාඨලී, දිනේෂ්, විමල් එකම වේදිකාවකට යන සිරස්තලය යටතේ පළ වූ මාධ්‍ය වාර්තාවන් දැක අප විමතියට පත් වුනෙමු.
එම ප්‍රවෘත්තියේම ජාතික සංවිධාන එකමුතුවෙන් ඉහත ඇමතිවරු තිදෙනා එක පෙරමුණකට ගැනීමේ උත්සාහයක් දැරෙන බවද ප්‍රකාශ කර ඇත. 12වන දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට කටයුතු යොදා ඇති ‘‘රට ආපස්සට හරවන පරගැති මෙහෙයුම් පරදවමු“ වූ රැළියක් සංවිධානය කර ඇති බවත් ඒ සදහා සහභාගිවන්නැයි ජාතික සංවිධාන එකමුතුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පෞද්ගලිකවම ආරාධනා කර ඇති බවද එම පුවත්පත්වල දක්වා තිබේ.
මෙය පැහැදිලිවම සාවද්‍ය පුවතකි. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එවැනි කිසිදු පෞද්ගලික ආරාධනාවක් සිදුකර නොමැත. තවද දුරකතනයෙන් හෝ හමුවී හෝ ආරාධනා කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක පෙරමුණක් ගොඩනගමු යැයි ජාතික සංවිධාන එකමුතුව කිසිම අවස්ථාවක අප පක්ෂය සමග හෝ පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර නොමැත. මේ පිළිබදව ලිඛිත ආරාධනයක් ෆැක්ස් මගින් පසුගිය 10 වනදා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයට ලැබී තිබුණද මෙවැනි යෝජනාවලියක් හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එය පවත්වන බවට එහි කිසිදු තැනක සදහන්ව නොතිබුණු බවද ජාතික සංවිධාන එකමුතුවේ කිසිදු නියෝජිතයෙකු අප පක්ෂයේ කිසිදු නියෝජිතයෙකු හමුනොවූ බව අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමු.