ඔත්තු සේවාවල විකිපීඩියාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔත්තු සේවාවල විකිපීඩියාව

    GlwEtqE.jpg

    ලොව සිටින බොහෝදෙනාට විකිපිඩියා වෙබ් අඩවිය අලුත් දෙයක් නොවේ.එය ඕනෑම කෙනෙකුට කිසිදු ගෙවීමක් නොකර නිදහසේ භාවිතා කල හැකි ඕන්ලයින් විශ්වකෝෂයකි.නමුත් ඔබ කවදාහෝ Intellipedia-ඉන්ටෙල්පීඩියා ගැන අසා තිබේද?ඇමෙරිකානු ඔත්තු සේවා සතුව විකිපීඩියා වෙබ් අඩවිය හා සමාන එහෙත් අතිශය රහසිගත තොරතුරු ඇතුලත් ඕන්ලයින් විශ්වකෝෂයක් තිබේ.මෙය Intellipedia-ඉන්ටෙල්පීඩියා යන නමින් හඳුන්වයි.ඊට ප්‍රවේශ විය හැක්කේ අවසර සහිත පුද්ගලයින්ට පමණි.

    ඉන්ටෙල්පීඩියා යනු බුද්ධි තොරතුරු/ඔත්තු සේවා ප්‍රජාව අතර ප්‍රසිද්ධතම විශ්වකෝෂයයි.එය භාවිතා කරන්නේ ඔත්තු සේවා ප්‍රජාවේ විශ්ලේෂකයින්,ක්‍රියාකාරී කණ්ඩායම් සහ ඉංජිනේරුවන්ය.​

    මෙම පෙරළිකාර වෙනසට එසේත් නැත්නම් ඉන්ටෙල්පීඩියාව නිර්මාණය කිරීමට පාර කැපුවේ ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ(CIA) සේවකයෙක් වූ කැල්වින් ඇන්ඩ්‍රෙස් විසින් ලියන ලද “The Wiki and the Blog: Toward a Complex Adaptive Intelligence Community” නම් 2004 වර්ෂයේදී සම්මානයට පාත්‍රවූ ලිපියයි.ඔහු ඒ හරහා කියා තිබුණේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවන් එකිනෙකා අතර සහයෝගයෙන්,තොරතුරු බෙදාගනිමින් කටයුතු කල යුතු බවයි.2005 වර්ෂයේදී එම සංවිධානයේ ෂේන් ඩැනි විසින් ඉන්ටෙල්පීඩියාවට නිර්මාණය කිරීමට පෙරමුණ ගත්තේය.2006 අප්‍රේල් මාසයේදී ඉන්ටෙල්පීඩියාව ඇමෙරිකානු ඔත්තුසේවා ප්‍රජාවට නිවේදනය කල අතර ඒවන විට ඉන්ටෙල්පීඩියාවේ අතිශය රහස්‍ය,රහස්‍ය සහ රහස්‍ය නොවන යන ජාල වෙත ප්‍රවේශ විය හැකි ඇමෙරිකාවේ ඔත්තු සේවා,රාජ්‍යතාන්ත්‍රික සහ හමුදාමය සංවිධාන අතරින් එකම සංවිධානය වූයේ මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයයි.

    එතැන් පටන් ඉන්ටෙල්පීඩියාවට ලිපි එක් වීම ඇරඹුණු අතර එහි පළ කෙරුණේ එක්සත් ජනපද රජය සහ ඔත්තු සේවා ප්‍රජාවට වැදගත් වූ මාතෘකා සහ ප්‍රශ්නකාරී දේවල් සම්බන්ධවයි.ඔත්තු සේවාවල සිටින ඕනෑම තරාතිරමක සේවකයෙකුටම එනම් විශ්ලේෂකයන්,ඉංජිනේරුවන්ගේ සිට පුස්තකාලාධිපතීන් සහ මානව සම්පත් විශේෂඥයින් දක්වා තනතුරු වල පිරිස්වලට එය පරිහරණය කිරීමට අවසර තිබේ.

    විකිපීඩියාව මෙන් ඉන්ටෙල්පීඩියාවේද ලිපි නිර්මාණය කිරීම,සංස්කරණය කිරීම සහ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබේ.නමුත් ඒ සඳහා ඔබ අවසර සහිත පුද්ගලයෙක් විය යුතුය.විකිපීඩියාව මෙන් නොව ඉන්ටෙල්පීඩියාව විශ්වකෝෂීය අන්තර්ගතයන් සඳහා පමණක් වෙන්ව නැත.ඉන්ටෙල්පීඩියාව සමග ලොව පුරා සිටින ඇමෙරිකානු බුද්ධි අංශ සාමාජිකයින්ට සම්බන්ධව විය හැකිය."ඔබ යම් කරුණක් සම්බන්ධව ප්‍රවීණත්වයක් දක්වන්නේ නම් ඊට අදාල පිටුව සමග ක්‍රියා කරන අනෙකුත් සංවිධානවල විශේෂඥයින් සමග සම්බන්ධව වී ඔබේ දැනුම බෙදාගැනීමට පුලුවනි"- ඩොන් බෘක්,විද්‍යා සහ තාක්ෂණ අංශ ප්‍රධානී,මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය.

    ඉන්ටෙල්පීඩියාවට පෙර බොහෝමයක් තොරතුරු ප්‍රවේශ විය නොහැකි මතක ගබඩා සහ විද්‍යුත් ලිපින ගොනු තුල තිබිණි.නමුත් ඉන්ටෙල්පීඩියාවේ ඇති තොරතුරු සෙවුම් යන්ත්‍ර යොදා පහසුවෙන් සොයාගත හැකි සහ ඔත්තු සේවා ප්‍රජාවට පහසුවෙන් ලබාගත හැකි දත්ත බවට පත්විය.තවද නූතන තොරතුරු තාක්ෂණික උපාංග යොදාගැනීමේ විශේෂඥභාවයක් දක්වන අලුත් පරපුරේ බුද්ධි අංශ සාමාජිකයින්ට ඉන්ටෙල්පීඩියාව ප්‍රයෝජනවත් උපාංගයක් බවට පත්ව තිබේ යැ‍යි සී අයි ඒ සංවිධානය පවසයි.

    ඉන්ටෙල්පීඩියාව සිය දෙවන සංවත්සරයට ආසන්න වන විට එය වේගයෙන් වර්ධනය වන්නට විය.2007 ජූලි මාසයේ පටන් 2008 වර්ෂය තෙක් ලියාපදිංචි පරිශීලකයන් ගණන 20,000 සිට 35,000 දක්වා වර්ධනය වූ බව සඳහන් වේ.2007 සැප්තැම්බර් මාසයේදී සංස්කරණය සංඛ්‍යාව මිලියනයට ලඟා විය.2008 මාර්තු මාසයේදී ඒගණන මිලියන 1.6 පසුකර ගියේය.ඒ වන විට ඉන්ටෙල්පීඩියාවේ ලිපි 48,000ක්ද,පිටු 200,000කට වැඩි ගණනක්ද තිබිණි.

    ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවිය මේවන විට දශකයකට වැඩි කාලයක් අන්තර්ජාලය තුල සක්‍රීයව පවතියි.මෙම වෙබ් අඩවියේ අඩංගු දත්ත අනුව එය වර්ගීකරණ මට්ටම් තුනකට බෙදා තිබේ.ඉන් එකක රහස්‍ය නොවන සංවේදී තොරතුරුද මැද මට්ටමේ රහස්‍ය තොරතුරුද අනෙකේ අතිශ්‍ය රහසිගත තොරතුරුද ඇතුලත් බව කියවේ.තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ලැබුණු නිදහස මත 2014 වර්ෂයේ පටන් ඉන්ටෙල්පීඩියාවේ සමහර ලිපිවල අන්තර්ගතය ප්‍රසිද්ධ කරන්නට ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.ඒවාට ප්‍රතිචාර ලෙස සමහරක් ලිපි ප්‍රසිද්ධ කරන්නට බලධාරීන් පියවර ගෙන තිබේ.එලෙස ප්‍රසිද්ධ කල ඉන්ටෙල්පීඩියාවේ පිටු සමහරක් පසුව ඉදිරිපත් කරමි.

    ඉන්ටෙල්පීඩියාවේ පිටු ප්‍රධාන වශයෙන්ම විකිපීඩියා වෙබ් අඩවියෙන් පිටපත් කල ඒවා වුවද සමහර මාතෘකාවලදී එම ලිපි වලට සංවේදී සහ විවාදාත්මක තොරතුරු ඇතුලත් කර තිබෙන බව පෙනේ.




    ඉන්ටෙල්පීඩියාවට ප්‍රවේශ වන්නේ කෙසේද?

    ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවියට ප්‍රවේශ වන්නට සාමාන්‍ය ජනයාට නොහැකිය.ඒ සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය වේ.බොහෝවිට ඇමෙරිකා එක්සත් ජනපදය සතු බුද්ධි තොරතුරු කාර්යාංශ 17හි සේවකයින්ට මේ අවසරය හිමිවේ.ඒ හැර බාහිර පුද්ගලයෙක් අවසර රහිතව වෙබ් අඩවියේ දත්ත ගබඩාවලට පිවිසුන හොත් එහි සඳහන් කර තිබෙන පරිදි ඔහු අපරාධකරුවෙක් බවට පත්වේ.ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවියට පිවිසීමට නම් ඔබ Intelink-ඉන්ටෙලින්ක් වෙබ් අඩවියට යා යුතුය.





    ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් මුදාහරින ලද ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවියේ ලිපි

    තොරතුරු දැනගැනීමේ පනත යටත්ව කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ලිපි ප්‍රසිද්ධ කරන ලදි.MuckRock සහ The Black Vault යන වෙබ් අඩවිවල මෙලෙස මුදා හරින ලද ඉන්ටෙල්පීඩියා හි ලිපි ඇතුලත් වේ.පහත දැක්වෙන්නේ The Black Vault වෙබ් අඩවියේ ඇතුලත් ඉන්ටෙල්පීඩියා ලිපි පෙළයි.

    Area 51 [ 3 Pages, 1.1MB | a/o 11/2016 ]

    Artificial Intelligence [ 46 Pages, 8MB | a/o 02/2017 ]

    Bay of Pigs [ 8 Pages, 0.6MB | a/o 08/2014 ]

    Benghazi [ 9 Pages, 0.9MB | a/o 05/2016 ]

    Bent Spear [ 5 Pages, 0.6MB | a/o 12/2015 ]

    Broken Arrow [ 5 Pages, 0.6MB | a/o 12/2015 ]

    Camp X [ 5 Pages, 0.6MB | a/o 07/2016 ]

    Cold Fusion [ 20 Pages, 4.9MB | a/o 03/2017 ]

    COINTELPRO [ 10 Pages, 2.0MB | a/o 12/2016 ]

    Continuity of Government [ 7 Pages, 1.7MB | a/o 11/2016 ]

    Corona Satellite [ 21 Pages, 3.19MB | a/o 02/2014 ]

    Donald Trump [ 8 Pages, 1.9MB | a/o 03/2017 ]

    Dull Sword [ 5 Pages, 0.6MB | a/o 12/2015 ]

    Echelon [ 2 Pages, 3.19MB | 03/2014 ]

    Edward Snowden [ 5 Pages, 3.19MB | 09/2016 ]

    Empty Quiver [ 7 Pages, 1.4MB | a/o 09/2016 ]

    Famous Freemasons [ 15 Pages, 3.2MB | a/o 02/2017 ]

    Federal Bureau of Investigation (FBI) [ 27 Pages, 16.4MB | 10/2016 ]

    Foreign Intelligence Surveillance Act [ 28 Pages, 4.7MB | a/o 09/2016 ]

    Fracking [ 6 Pages, 0.3MB | a/o 08/2015 ]

    Freedom of Information Act (FOIA) [ 16 Pages, 3.2MB | a/o 11/2016 ]

    Freemasonry [ 18 Pages, 3.2MB | a/o 09/2016 ]

    Freemasonry “ic_masons” Chat Room [ 4 Pages, 1.4MB | a/o 11/3/2016 ]

    GeoLITE [ 5 Pages, 0.7MB | a/o 03/2016 ]

    The Greenbrier Hotel [ 6 Pages, 0.4MB | a/o 09/2014 ]

    Islamic State of Iraq and the Levant [ 17 Pages, 3.8MB | a/o 04/2017 ]

    The Hatch Act [ 14 Pages, 2.7MB | a/o 09/2016 ]

    JFK Assassination [ 4 Pages, 0.99MB | a/o 01/2013 ]

    Low Energy Nuclear Reactions (LENR) [ 20 Pages, 4.9MB | a/o 03/2017 ]

    MKULTRA / Mind Control [ 16 Pages, 2.76MB | a/o 03/2013 ]

    Nevada Test Site [ 6 Pages, 2.1MB | a/o 02/2017 ]

    North American Aerospace Defense Command [ 15 Pages, 5.9MB | a/o 02/2017 ]

    Nuclear Incident [ 7 Pages, 1.4MB | a/o 09/2016 ]

    Nuclear Weapons Accident [ 7 Pages, 1.4MB | a/o 09/2016 ]

    Nuclear Weapon Deficiency [ 7 Pages, 1.4MB | a/o 09/2016 ]

    Nuclear Weapon Incident [ 7 Pages, 1.4MB | a/o 09/2016 ]

    OCS Programs (Category) [ 3 Pages, 1.0MB | a/o 2/2017 ]

    Operation Garden Plot [ 1 Page, 0.6MB | a/o 04/2014 ]

    Operation Mongoose / Cuban Project [ 5 Pages, 1.1MB | a/o 10/2016 ]

    Patriot Act [ 7 Pages, 0.7MB | a/o 08/2015 ]

    Project Looking Glass [ 8 Pages, 1.5MB | a/o 12/2016 ]

    Project Whale Tale [ 3 Pages, 1.0MB | a/o 08/2016 ]

    Protect America Act [ 28 Pages, 4.7MB | a/o 09/2016 ]

    Quantum Mechanics [ 5 Pages, 1.2MB | a/o 11/2016 ]

    Remote Viewing [ 7 Pages, 0.6MB | a/o 09/2014 ]

    Psychic Powers / New Age Category Pages [ 4 Pages, 0.5MB ]

    Scientology (State Dept. Release) [ 6 Pages, 0.4MB | a/o 11/2014 ]

    Senate Select Committee on Intelligence [ 9 Pages, 2.1MB | a/o 08/2016 ]

    SIDToday [ 5 Pages, 1.5MB | a/o 05/2016 ]

    Studies in Intelligence (Category) [ 3 Pages, 1.5MB | a/o 02/2017 ]

    Trailblazer Award (CIA Release) [ 10 Pages, 1.6MB | a/o 11/2016 ]

    U-2 (Category) [ 8 Pages, 1.9MB | a/o 3/2017 ]

    Unidentified Flying Objects (UFOs) [ 3 Pages, 0.9MB | a/o 04/2014 ]

    United States Secret Service [ 9 Pages, 1.59MB | a/o 02/2011 ]

    Warren Commission [ 5 Pages, 0.9MB | a/o 02/2011 ]

    Watergate [ 5 Pages, 0.9MB | a/o 12/2013 ]

    Whimsy (Category) [ 21 Pages, 4.0MB | a/o 03/2017 ]

    Wrangler [ 8 Pages, 2.0MB | a/o 04/2017 ]

    Zero Point Energy [ 4 Pages, 0.6MB | a/o 9/2014]


    2009 වර්ෂයේ කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්ටෙල්පීඩියා හි අත්පොත 2013 ඔක්තෝම්බර් මාසයේදී මුදාහරින්නට ඇමෙරිකානු රජය ක්‍රියා කලේය.

    Intellipedia Manual, 2007 Edition [17 Pages, 1.73MB]​


    මේවා අතරින් වඩා ප්‍රසිද්ධ සහ වැඩිදෙනාගේ අවධානය දිනාගත් ඉන්ටෙල්පීඩියා ලිපි බවට පත්වූයේ ඒරියා 51,බෙන්ගාසි,ජෝන් එෆ්.කෙනඩි ඝාතනය,ප්‍රොජෙක්ට් එම් කේ අල්ට්‍රා හෙවත් මනස පාලනය කිරීමේ වැඩසටහන,ෆීමසනරි,හඳුනානොගත් යානා,බේ ඔෆ් පිග් හෙවත් කියුබානු ආක්‍රමණය ආදියයි.එඩ්වඩ් ස්නෝඩන් සම්බන්ධ ලිපියේ කිසිදු තොරතුරක් අන්තර්ගත නොවීම බොහෝදෙනා පුදුමයට පත් කලහ.තවද හඳුනානොගත් යානා සම්බන්ධව ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවියේ අන්තර්ගත වන්නේ එක් ඡායාරූපයක් පමණි.

    ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවියේ සැකැස්ම විකිපීඩියා ඕන්ලයින් වෙබ් අඩවියට බොහෝ සමාන වේ.විකිපීඩියා වෙබ් අඩවිය මෙන්ම ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවියද බාහිර සබැදි ඔස්සේ තොරතුරුවල මූලාශ්‍ර(උදා:CIA’s World Factbook) දක්වා තිබේ.කෙසේවෙතත් ඉන්ටෙල්පීඩියාවේ ලිපි විකිපීඩියාව මෙන් නිරන්තරයෙන් යාවත්කාලීන නොවන බව පෙනේ.වතිකානුව සම්බන්ධව ප්‍රසිද්ධ කල ඉන්ටෙල්පීඩියාවේ අඩංගු ලිපිය මුදා හරින්නේ 2013 නොවැම්බර් වුවද එය අවසන් වරට සංස්කරණය කර තිබෙන්නේ 2011 අප්‍රේල් මාසයේදීය.

    පහත දැක්වෙන්නේ 2014 වර්ෂයේ නිකුත් කල ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවිය පරිහරණය සම්බන්ධව විස්තරයි.එහි පෙර කී පරිදි වෙබ් අඩවිය කොටස් තුනකට වර්ගීකරණය කර තිබේ(Top Secret, Secret, and Unclassified/For Official Use Only (FOUO)).මෙම දත්ත වලට අනුව අතිශය රහසිගත සංස්කරණය-Top Secret ඉන්ටෙල්පීඩියාහි බහුලවම භාවිතා කරන කොටස බව පෙනී යයි.එම කොටසේ අඩංගු පිටු ප්‍රමාණයද ඉන්ටෙල්පීඩියාවෙන් වැඩි ඉඩක් ලබාගෙන තිබේ.

    8S24Lmo.png


    ඉන්ටෙල්පීඩියාවට ප්‍රවේශ වීමට පෙර පරිශීලකයා ඉන්ටෙලින්ක් වෙබ් අඩවියට ලොග් විය යුතුය.මෙය එක්සත් ජනපද රජයේ නිල සර්වර් පරිගණකයක් බවත් අවසරයකින් තොරව ඇතුලුවීමට තැත් කරන්නේ නම් අපරාධකාරී ක්‍රියාවක් බවත් සඳහන් කරමින් අනතුරු අඟවා තිබේ.

    dbLpKGR.png




    වෙබ් අඩවියට ලොග්වීමට/ප්‍රවේශ වීමට ආකාර දෙකක් සපයා තිබේ.ඔබ සිටින්නේ ලෝකයේ කෙළවරක නම් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීමට පුලුවනි.නැතිනම් පොදු ප්‍රවේශ කාඩ්පත වර්ක්ටේෂ්න් එකෙහි කාඩ් කියවනයට ඇතුල් කර අවසරය ලබාගත හැකිය.

    X03XtGH.jpg





    ඉන්ටෙල්පීඩියා ජාලයට අවශ්‍ය සෙවුම් මෘදුකාංග සහ සර්වර්ස් පරිගණක සපයන්නේ ගූගල් සමාගමයි.මෙම ජාලයේ සංස්කරණය වැඩි පිරිසක් පරිහරණය කරන බව පෙනේ.

    Mt0nZad.jpg




    තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ඉදිරිපත්වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මුදාහරින ලද තොරතුරුවලට අනුව 2014 ආරම්භයේදී ඉන්ටෙල්පීඩියාහි සංස්කරණයේ ලියාපදිංචි පරිශීලකයින් ගණන 255,402කි.

    LnwZNrn.jpg




    බාහිර පුද්ගලයින්ට මෙම වෙබ් අඩවියට පිවිසීම අවහිර කර තිබෙන මුත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව නිකුත් කල සමහර ලිපි සහ එහි පරිශීලකයින් ප්‍රසිද්ධ කල වෙබ් පිටුවල ස්ක්‍රීන් ෂොට් ආදියෙන් අභ්‍යන්තරය කෙසේදැයි යම් අදහසක් ලබාගත හැකිය.

    7urLOGc.png




    ඉන්ටෙල්පීඩියා වෙබ් අඩවියේ ස්වරූපය දැක්වෙන ස්ක්‍රීන්ෂොට් විකිපීඩියා වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීමට සමහර පරිශීලකයින් ක්‍රියා කර තිබේ.නමුත් ඒවා රහස්‍ය නොවන කාණ්ඩයට අත් ලිපිවල කොටස්ය.වර්ණගැන්වූ තීරුවලින් වර්ගීකරණ මට්ටම පෙන්වා තිබේ.

    DmwwPi7.png




    මෙහි දැක්වෙන්නේ කොන්ච් ජනරජය සම්බන්ධව ඉන්ටෙල්පීඩියාවේ පළවූ ලිපියේ කොටසකි.එය වෙබ් අඩවියේ ඉල්ලීමකට අනුව මුදාහරින ලද්දකි.​

    6JmNHws.png




    නමුත් විකිපීඩියා වෙබ් අඩවියේද කොන්ච් ජනරජය ගැන ලිපියක් තිබේ.පුදුමයට කරුණ නම් ලෝක දේශපාලන සිතියමේ මෙවැනි රටක් නැති වීමයි.​

    6kL3yhn.png




    ඉන්ටෙල්පීඩියාවේ අත්පොතට අනුව එය විකිපීඩියාවෙන් වෙනස් වන අයුරු පහත පරිදි දක්වා තිබේ.​

    Z1ZxmTD.png
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    විකිපීඩියාව මෙන් නොව ඉන්ටෙල්පීඩියා ලිපිවල ඉහළින් සහ පහළින් වර්ගීකරණ මට්ටම පෙන්වා තිබේ.පහත රූපයේ 'unclassified' නම් එය ලෙස දක්වා තිබේ.

    JZNA5W2.png




    වතිකානු නගරය ගැන සඳහන් ඉන්ටෙල්පීඩියා වෙබ් පිටුව බොහෝදෙනා නරඹා තිබේ.වතිකානුවට තිබෙන තර්ජන ගැන ඔත්තු සේවා නිලධාරීන් වැඩි අවධානයක් යොමුකරන බව එහි අන්තර්ගතය බැලීමේදී පෙනීයයි.

    1QvTdpF.png




    සීඅයිඒ සංවිධානය විසින් මෙහෙයවන ලද ප්‍රහාරකයින් යොදාගෙන සිදුකල බේ ඔෆ් පිග් නම් අසාර්ථක කියුබා ආක්‍රමණය සම්බන්ධ ලිපිය ඊට පෙර රහස්‍ය ලෙස වර්ග කර තිබේ.​

    iCvjVbL.png





    ජනපති කෙනඩි ඝාතනය සීඅයිඒ සංවිධානයේ ක්‍රියාවක් බව සමහරු තර්ක කලද ඉන්ටෙල්පීඩියාවට අනුව කෙනඩිගේ ඝාතකයා සෝවියට් දේශයේ කේජීබී සංවිධානයේ කුමන්ත්‍රණයකි.

    UYWn5xA.png





    හඳුනානොගත් යානා සම්බන්ධ ඉන්ටෙල්පීඩියා ලිපියේ ඡායාරූපයක් හැරෙන්නට වෙනත් වැදගත් තොරතුරක් අඩංගු නොවේ.

    Yyt2PSj.png





    The Black Vault වෙබ් අඩවිය විසින් බී-21 බෝම්බ හෙළන යානය,ගුචිෆර් නම් පරිගණක අපරාධකරු ආදී මාතෘකා සම්බන්ධව ඉන්ටෙල්පීඩියා ලිපි මුදාහරින්න යැයි ඉල්ල සිටියද එම මාතෘකාවලට අදාලව වාර්තා නොමැති බවට NSA ආයතනය දන්වා තිබේ.

    REZalT3.jpg




    පසුගිය සමයේ වඩාත් විවාදයට තුඩු දුන් පුද්ගලයා වූ එඩ්වඩ් ස්නෝඩන් සම්බන්ධව ඉන්ටෙල්පීඩියාවේ තිබෙන ලිපියේ කිසිදු තොරතුරක් නොමැති වුවද එය අතිශය රහසිගත යනුවෙන් වර්ගීකරණය කර තිබේ.​

    3UQUjMI.png



    Source:businessinsider.com,cia.gov

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Executer

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    උබව වර්නනා කරන්න මට වචන නෑ බන්..... හැමදාම වාගේ නියමයි.....
    රෙප් දෙන්න බෑලු පස්සේ දෙන්නම් ඈ
     
    Last edited: