ඔන්න ඕක බිමින් තියන්න සර්
දිනක් වතුර වීදුරුවක් අතේ තබාගෙන දේශන ශාලාවට පැමිණි මහාචාර්යවරයා එය සිසුන්ට පෙන්වමින් මෙසේ ඇසුවේය.
"මේ වතුර වීදුරුව කොච්චර බර ඇද්ද?"
"25gක්... 50gක්... 75gක්.. , ළමුන් විවිධ පිළිතුරු දුන්හ....
"හරි මම මේ වතුර වීදුරුව අල්ලගෙන අත දික් කරගෙන හිටියොත් මොකද වෙන්නේ?" මහාචාර්යවරයා ඇසීය.
"මුකුත් වෙන්නේ නෑ.." ශිෂ්‍යයෝ කිහ...
"හරි මම මේක මෙහෙම පැය භාගයක් උස්සගෙන හිටියොත්..." මහාචාර්යවරයා යලිත් ප්‍රශ්නයක් යොමු කළේය....
"සර්ගේ අත රිදෙයි..." ඒක ශිෂ්‍යයෙක් කීවේය.
"මම මේක මුළු දවසම උස්සගෙන හිටියොත්..."
ශිෂ්‍යයෝ එකිනෙකා එක එක පිළිතුරු දෙන්නට විය....
"සර්ගේ අත හිරි වැටෙයි"... "ලේ ගමන නැවතිලා අත පන නැති වෙයි".... "ආතතිය වැඩි වෙයි"
"හොඳයි එහෙම වෙන්න මම මේක උස්සගෙන ඉද්දි මේ වතුර වීදුරුවෙ බර වැඩි උනාද..."
මහාචාර්යවරයා ඇසිය...
"නැහැනෙ සර්"
"එහෙනං කොහොමද එහෙම වෙන්නේ...?" මහාචාර්යවරයා යලිත් ප්‍රශ්න කළේය...
එවර ශිෂ්‍යයන්ගෙන් පිළිතුරක් නැති විය... හමෝම නිහඬය...
ඒ අතරින් එක ශිෂ්‍යයෙකු සිනා සී මෙසේ කීවේය...
"ඔන්න ඕක බිමින් තියන්න සර්...."
මහාචාර්යවරයා මහත් සොම්නසින් මෙසේ කීවේය.
"හරියට හරි දරුවා.... අපි යමක් උස්සගෙන ඉන්න තරමට තමයි එකෙන් අයපත් ප්‍රතිපල ඇති වෙන්න... උස්සන් ඉන්න එපා... බිමින් තියන්න... තියලාසැහැල්ලු වෙන්න... අපේ හිතේ තියෙන ප්‍රශ්නත් ඒ වගේමයි... අපි ඒප්රශ්න වල එල්ලිලා ඉන්න ඉන්න අපේ හිතේ සැනසීම නැතිවෙනවා...හිතට බරක් දැනෙනවා... හිත රිදෙනවා... හිරි වැටෙනවා.. ආතතිය වැඩි වෙනවා... අන්තිමට පිස්සුත් හැදෙන්න පුළුවන්... ඒ හින්දා පුළුවන් තරම් ප්‍රශ්න බිමින් තියන්න ඉගෙන ගන්න... ඔලුවේ තියාගෙන ඉන්න එපා... එතකොට අපිට අළුත් විදිහටකට නැගී සිටින්න පුළුවන් වෙනවා...

...ko bio karapu ekek nadda kiyala denna.man nam bio neme.... hoda adahasak hoda adahasak