ඔන්-බෝර්ඩ් ඩයග්නොස්ටික්(OBD)

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔන්-බෝර්ඩ් ඩයග්නොස්ටික්(OBD)





    ඔන්-බෝර්ඩ් ඩයග්නොස්ටික්(On-board diagnostics-OBD)කියලා කියන්නේ මෝටර් රථයේ ස්වයං-රෝග විනිශ්චය(vehicle's self-diagnostic) සහ වාර්තා කිරීමේ හැකියාවන් සඳහා භාවිතා කරන පද්ධතියක්.මේ OBD පද්ධතිය මගින් මෝටර් රථයේ විවිධ පද්ධතීන් වල දෝෂ ඇ‌ති වූ විට එම දෝෂ විමර්ෂණය කිරීම සඳහා මෝටර් රථ අලුත්වැඩියා කාර්මික ශිල්පීන්ට මෝටර් රථයේ විවිධ උප පද්ධතීන් වල තත්වය පරීක්ෂා කිරීම සඳහා ප්‍රවේශ වීමට හැකියාව තියෙනවා.

    1980 ගණන්වල මුල් කාලපරිච්ඡේදයේ තුල මෝටර් රථ සඳහා ඔන්-බෝර්ඩ් පරිගණක හඳුන්වා දීමෙන් මෙම OBD මඟින් ලබා ගත හැකි දෝෂ විමර්ෂණ තොරතුරැ ප්‍රමාණය විශාල ලෙස වෙනස් වූ අතර ඊට කලින් තිබූ OBD පද්ධති වල දී යම් ගැටලුවක් අනාවරණය වුවහොත් MIL(malfunction indicator light)වර්නින් ලයිට් එක දැල්වීම පමණක් සිදුකල අතර ගැටලුවේ ස්වභාවය පිළිබඳව කිසිදු තොරතුරක් ලබාගැනීමේ හැකියාවක් නොවීය.

    නමුත් පසු කාලීනව ප්‍රමිතිකරණය කරන ලද නවීන OBD පද්ධති වල භාවිතා කරන ඩිජිටල් සන්නිවේදන OBD ඩයග්නොස්ටික් පෝර්ට් එක හරහා එම අවස්ථාවේ දීම ඊට අදාල ඩයග්නොස්ටික් ට්‍රබල් කෝඩ්(DTC)දෝෂ ලක්ෂණ සහිතව හදුනාගැනීමේ හැකියාව තියෙන අතර ඒ‌ අනුව කාර්මිකයාට අදාල දෝෂ නිර්ණය කිරීමේ හැකියාව වඩාත් පහසු වෙනවා.

    1996 සහ ඊට පසු නිපදවන ලද මෝටර් රථ වල OBD-II පද්ධති මගින් ආවරණයකර ඇ‌ති අතර ඊටත් පසු නිෂ්පාදනය කරන සෑම මෝටර් රථයක හෝ ට්‍රක් රථයකම මෙම OBD II පද්ධති අන්තර්ගත කර ඇ‌ත.

    OBD-I සහ OBD-II කියන්නේ මොකක්ද?

    OBD-II කියන්නේ වායු. විමෝචනය,කිලෝමීටර් ගණන,වේගය සහ අනෙකුත් ප්‍රයෝජනවත් දත්ත අධීක්ෂණය කරන මෝටර් රථ පරිගණක වර්ගයකි. OBD-II පද්ධතිය එන්ජින් වර්නින් ලයිට් ක්‍රියාකාරිත්වය අධීක්ෂණයට සම්බන්ධ කර ඇ‌ති අතර එන්ජින් ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ ගැටලුවක් හඳුනාගන්නා විට CHECK ENGINE වර්නින් ලයිට් එක දැල්වීම සිදුවේ.ගැටලුවේ ස්භාවය මත වර්නින් ලයිට් එක දැවෙමින් පැවතීම හෝ ස්ථිර ලෙස දැලිවී තිබිය හැකිය.DTC හඳුනාගැනීම සඳහා ස්කෑන් ටූල් එකක් භාවිතා කිරීමේ හැකියාව ඇ‌ති අතර(නිවැරදි උපකරණ සහ තාක්ෂණික දැනුම සමග ඔබටම වුවද එය පරීක්ෂාකර ගත හැකිය)මෝටර් රථයේ කාර්‍ය්‍යසාධනය සම්බන්ධ වෙනත් කරුණු පිළිබඳව ද තොරතුරු ලබාගත හැකිය.

    OBD-II පද්ධතිය මගින් මෝටර් රථයේ ඇ‌තිවෙන ගැටලු වාර්තා කිරීමේ හැකියාව ඇ‌ති අතර අඩු කාර්‍ය්‍යසාධනය,අඩු ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවය,වැඩි වායු විමෝචනය සහ චෙක් එන්ජින් ලයිට්/MIL ලයිට් වැනි යම් දෙයක් හෝ යම් රෝග ලක්ෂණ රියදුරාට දැනීමට පෙර එම ගැටලු හඳුනාගැනීම හැකියාව ද ඇ‌‍ත.

    අද වන විට OBD-II වෘර්තීයමය මෝටර් රථ කාර්මිකයන් විසින් බහුලව භාවිතා කරන අතර එහි හැකියාවෙන් ප්‍රයෝජන ගත හැකි අමතර විවිධ ඩයග්නොස්ටික් උපාංගද නිෂ්පාදන මිළදී ද ගැනීමට හැකියාව ඇ‌ත.

    OBD-I ට පෙර,එක් එක් මෝටර් රථ නිෂ්පාදකයාට ඔවුන්ටම අවේනික ප්‍රමිතීයක් සහිත OBD පද්ධති තිබුණු අතර ඒ‌ නිසා කාර්මිකයන්ට සෑම නිෂ්පාදකයකුගේම ස්කෑන් ටූල් මිලදී ගැනීමට සිදුවීම නිසා 1987 දී පළමු වරට OBD-I පද්ධති හඳුන්වාදෙන ලද අතර එය ප්‍රමිතිකරණය කරන ලදී.

    OBD-I පද්ධති වල වායු විමෝචනයන් මුදාහැරීම හඳුනාගැනීමට සහ ඒ‌වා අඩු කිරීමට සෙන්සර් භාවිතා කරන ලද අතර ඒවා පාලනය කිරීම සඳහා සහ අවම කිරීම සඳහා කොන්ට්‍රෝල් වෑල් භාවිතා කරන ලදී.කෙසේවෙතත්,OBD-I පද්ධතිවල බොහෝ ගැටලු හා අඩුලුහුඬුකම් තිබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස,1996 දී OBD-II 16 pin ඩයග්නොස්ටික් පෝර්ට් සමඟ මෝටර් රථ හා ට්‍රක් රථ නිපදවීම ආ‌රම්භ වූ අතර බොහෝ විට ඒ‌ සෑම පද්ධතියක්ම එක හා සමානය.භවිතා කරන ප්‍රෝටොකෝල් අනුව සමහර පද්ධති සුලු වශයෙන් වෙනස් විය හැකි අතර ඒ‌ සඳහා මූලික තනි ප්‍රෝටකෝල් වරග 5 ක් භාවිතා කරයි.ඒ‌වා SAE J1850 PWM, SAE J1850 VPW, ISO9141-2, ISO14230-4 (KWP2000), සහ ISO 15765-4/SAE J2480 (CAN-BUS)වේ.

    බොහෝ ඇ‌මරිකන් මෝටර් රථ සඳහා SAE J1850 VPW ප්‍රෝටකෝල් භාවිතා කරන අතර , යුරෝපීය සහ ආසියානු මෝටර් රථ සඳහා ISO 9141 හෝ KWP 2000 යන ප්‍රෝටකෝල් දෙවර්ගයම භාවිතා කරයි.2003 පෙර SAE ප්‍රෝටකෝල් භාවිතා කරන ලද අතර OBD-II පද්ධති සඳහා CAN ප්‍රෝටකෝලය නවතම ප්‍රමිතිය බවට පත් වී ඇති නිසා 2008 න් පසුව නිෂ්පාදනය කරන ලද සියලුම මෝටර් රථ සඳහා CAN ප්‍රෝටකෝල්(CAN Data Bus)භාවිතා කරයි.

    මෝටර් රථයේ කාර්‍ය්‍යසාධන ගැටලුව සම්බන්ධයෙන් රියදුරා දැනුවත් කිරීම OBD-II පද්ධති වල ප්‍රාථමික ක්‍රමය ලෙස හඳුන්වන්න පුලුවන්.එන්ජින් වර්නින් ලයිට් දැල්වීම හරහා එය සිදු වන විට මෝටර් රථයට අර්ධ වශයෙන් හෝ බරපතල හානි ඇති විය හැකි අතර මේ මගින් මෝටර් රථය කාර්මිකයා වෙත ගෙන යාම සඳහා අනතුරැ අඟවනු ලබයි.

    කොහොමද OBD-II පද්ධතිය වැඩ කරන්නේ?

    මෝටර් රථයේ යම් ගැටලුවක දී OBD-II පද්ධතිය තුල DTC ගබඩා කරගන්නා අතර DTC අංකයන් සියලුම මෝටර් රථ සඳහා එක සමානවීම අනිවාර්‍ය්‍ය නැති අතර නිශ්පාදකයන්ගේ නිශ්චිත DTC භාවිතා කිරීමට නිෂ්පාදකයන්ට හැකියාව ඇත.කෙසේ වෙතත්, කාර්මික ශිල්පියෙකුට හෝ ඕනෑම අයෙකුට ස්කෑන් ටූල් සමඟ OBD II කනෙක්ටරය හා සම්බන්ධ කළ හැකි අතර ඒ මගින් මෝටර් රථයේ ගැටලුව(හෝ ගැටලු)හඳුනා ගත හැකිය.උදාහරණ ලෙස,ෆෝල්ට් කෝඩ් P0001-P0009 ඉන්ධන,වායු මැනීම් සහ අමතර වායු විමෝචන පාලන ගැටලු සඳහා ද ෆෝල්ට් කෝඩ් P0700-P0899 සම්ප්‍රේෂණ ගැටලු සඳහා ද අදාල වෙනවා.

    සාමාන්‍යෙයෙන් OBD-II ඩයනොග්ස්ටික් කෙන්ටරය සුදු,කලු හෝ පිනක් යන වර්ණයෙන් යුක්ත වන අතර එය ඩ්‍රයිවර් සයිඩ් එකේ ඩෑෂ්බෝඩ් එක යට බ්‍රේක් පැඩල් එකට උඩින් පිහිටා ඇ‌ති අතර සාමාන්‍යයෙන් එය පින් 16 කින් යුක්ත වන නමුත් ඇ‌ත්තවශයෙන්ම එහි පින් 16 ක් නොතිබිය හැකි අතර මෝටර් රථයට අදාල සංඥා ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රේටෝකෝලය අනුව එය වෙනස් විය හැකිය.

    සම්මත නීතිය මගින් නියම කරන ලද පරිදි,OBD II කෙනක්ටරට වෙත පහසුවෙන් ළඟා විය හැකි විය යුතුය.ඒ‌ වගේම ස්කෑන් ටූල් සඳහා හෝ OBD-II සමඟ අනුකූලව වෙනත් ඕනෑම උපාංගයක් සවිකිරීම සඳහා අනුකූල විය යතු අතරම මෝටර් රථය පළිබඳ තොරතුරු ද ලබාගත හැකි විය යතුය.

    සමහර නවීන ස්කෑන් ටූල් වින්ඩෝස් ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයකට සම්බන්ධ කළ හැකි අතර ඒ‌ මගින් ඔබේ පරිගණකය ඉතා සවිස්තරාත්මක ස්කෑන් යන්ත්‍රයක් බවට පත් කිරීමට ඉඩ සලසයි.

    බ්ලූටූත් ඇ‌ඩප්ටර් මගින් ද ජංගම දුරකථන වලට හෝ ටැබ්ලට් වලට සම්බන්ධ වීමට ඉඩ සලසයි.මෙමගින්,ඔබේ මෝටර් රථය පිළිබඳව සවිස්තර තොරතුරු ප්‍රදර්ශණය කරන ඔබේ දුරකථනය හෝ ටැබ්ලටය පහසුවෙන් සුලු කුඩා ස්කෑන් යන්ත්‍රයක් බවට පහසුවෙන් පරිවර්තනය කරගත හැකිය.

    ඔබට ඔබේ මෝටර් රථයේ කාර්ය සාධනය අධීක්ෂණය කිරීම සඳහා ඇන්ඩ්රොයිඩ් සහ සමහර iOS යෙදුම් භාවිතා කළ හැකිය. ඇන්ඩ්රොයිඩ් සහ iOS යන දෙකම සඳහා DashCommand දෙකම Palmer Performance Engineering Inc.මගින් ඔබේ දුරකථනය හෝ ටැබ්ලටය මගින මෝටර් රථයේ එන්ජින් දත්ත ලබාගැනීම සඳහා අතිශය දියුණු කරන ඇ‌ත.

    භාවිතා කරන ස්කෑන් ටූල් එක හෝ ෆෝල්ට් කෝඩ් රීඩරය අනුව DTC අංක මගින් විස්තර කරන දෑ තවදුරටත් දැනගැනීමට අවශ්‍ය විය හැකි අතර ඒ‌ සඳහා OBD-Codes සහිත මැනුඅල් හෝ වෙබ් අඩවි වලින එවැනි තොරතුරැ සොයාගත හැකිය.

    අවසාන වශයෙන් ඔබටම,ඔබේ එන්ජිම තුළ සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව වැඩි වශයෙන් දැන ගැනීමට අවශ්‍ය රියදුරෙක් නම් සමහර විට මෙම යෙදුම් සහ සමහර ස්කෑන් ටූල් උපාංග සමග ඔබටම එය උත්සාහ කර බැලීමට හැකිය.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    16/09/2017
     
    • Like
    Reactions: Richard Hammond