ඔබගේ ආධාර උපකාර අත්‍යවශ්‍යම මොහොතයි.

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    කාරුණික ආයාචනයයි

    2020 වසරේ මුල් භාගයේ කොරෝනා වසංගතය ආරම්භ වනවාත් සමගම වැඩිහිටි නිවාසය සමග සියලු බාහිර සබදතා නවතා දැමුවෙමු. ඒ මෙහි සිටින වැඩිහිටියන් 120කට ආසන්න පිරිසකගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙනි. ඒ වසා දැමීමත් සමගම දාන මාන ආධාර ලැබීමද සැලකිය යුතු ලෙස අඩු විය. ඒ රටේ ආර්ථිකය කඩා වැටීම නිසා මෙන්ම දායක දායිකාවන් හට වැඩිහිටි නිවාසය තුලට පැමිණීමට හැකියාවක් නොමැති වූ නිසාවෙනි.

    කෙසේ හෝ පුරා වසර එකහමාරක ආසන්න කාලයක් වැඩිහිටියන් 120 න් එකඳු වැඩිහිටියෙකු හෝ කුසගින්නේ නොතබා කොරෝනා වසන්ගතයෙන්ද ආරක්ෂා කරගෙන ඔබ වැනි කාරුණික හිත් ඇත්තන්ගේ දායකත්වයෙන් ඉතා දුෂ්කර වෙහෙසකර ගමනක් ආවෙමු.ඒ අතර සති දෙකක සම්පුර්ණ හුදකලා කාලයක් ද පසු කළෙමු.

    කෙසේ හෝ මේ වන විට ඔබගේ ආධාර උපකාර අත්‍යවශ්‍යම මොහොතයි.

    සේවක වැටුප්, හිඟ බිල්පත්, පැම්පස්, අත්‍යවශ්‍ය ඖෂධ, පිරිසිදු කාරක, වියලි ආහාර ද්‍රව්‍ය යන දෑ සඳහා ද්‍රව්‍යමය හෝ මුල්‍යමය දායකත්වයක් ලබා දෙන්නේ නම් එය ඔබේ වැඩිහිටියන් වෙනුවෙන් කරන්නා වූ උපකාරයන් හා සමානය.

    මේ මොහොතේ සුළු ප්‍රමාණයකින් හෝ දක්වන දායකත්වය අපට මහමෙරකි.

    තෙරුවන් සරණයි !!!

    ගිණුම් අංකය

    ආලෝකා මානව සංවර්ධන පදනම
    148-2-001-7-0016389
    මහජන බැංකුව - පානදුර 148 ශාඛාව

    විමසීම්
    038 22 39 400
    071 47 88 556
    071 82 20 000
    077 64 45 969 (WhatsApp Only)

    ඊ මේල් [email protected]

    web :- http://www.alokaeldershome.com

    වැඩිහිටි නිවාසයේ වීඩියෝ මෙතනින් බලන්න https://www.youtube.com/c/AlokaEldersHome

    ලිපිනය

    ආලෝකා වැඩිහිටි නිවාසය
    සද්ධර්මාකර පිරිවෙන, පිංවත්ත, පානදුර.

    🙏
    🙏
    🙏
    පුළුවන් නම් මේ ලිපිය ශෙයා කරන්න
    🙏
    🙏
    🙏


    SOURCE:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,230
    1
    101,069
    113
    34
    Kalutara
    තාත්තට ගෙනාපු එයාර් මැට්‍රස් එකක් තියෙනව. ගෙනල්ල දවසයි පාවිච්චි කලේ. දෙන්න කවුරු හරි හොයල දියන්. ඔව්වට එහෙම ඕනද දන්නෙ නෑනෙ?
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    තාත්තට ගෙනාපු එයාර් මැට්‍රස් එකක් තියෙනව. ගෙනල්ල දවසයි පාවිච්චි කලේ. දෙන්න කවුරු හරි හොයල දියන්. ඔව්වට එහෙම ඕනද දන්නෙ නෑනෙ?
    call karala ahala balanne machan...