කාරුණික හදවත් ඇති මිනිසුනි......

Feb 20, 2015
588
203
0
කාරුණික හදවත් ඇති මිනිසුනි......

කාරුණික හදවත් ඇති මිනිසුනි. පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවනේ ගොඩනැගිල්ලක පිහිටා ඇති ආලෝකා වැඩිහිටි නිවාසයේ අසරණ වූ වැඩිහිටියන් 55ක් පමණ මේ වන විට රැකවරණය ලබයි. සියලු දෙනා සියලු අයුරින් අලුත් වන මෙම උත්සව සමයේදී මෙම වැඩිහිටියන් කාලය ගෙවන්නේ තමන්ගේ දූ දරු නෑසිය හිත මිතුරන් අහිමි වීමේ දුකින් සහ තම දුක්බර අතීත මතකයන් තුල තෙරපෙමිනි. මෙම සමාජයේම කොටසක් වන මෙම අසරණ දෙමව්පියන්ගේ දුක නැතිකර දමා ඔවුනටද මෙම උදාවන්නාවූ අලුත් අවුරුද්දේ සතුට සහ අලුත් බව ලඟා කරලීම සිදු කල යුත්තකි. නමුත් එය වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයට තනිවම සිදුකල නොහැක්කකි. එබැවින් මෙම අසරණ වැඩිහිටියන් හට අලුත් අවුරුද්ද සදහා අවශ්‍ය ඇදුම් පැළදුම් සහ වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා කාරුණික හදවත් ඇති ඔබගේ දායකත්වය හැකි අයුරින් බලාපොරොත්තු වන්නෙමු. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන මෙම කුසල කර්මය ලබන්නා වූ අලුත් අවුරුද්දද කිරියෙන් පැණියෙන් ඉතිරීමට හේතු වාසනා වන්නේමය.
මේ පිලිබඳ වැඩි විස්තර :-
කාර්යාලය - 0383399155 / 0768783456
ප්‍රධාන පාලක - 0714788556
ලිපිනය - ආලෝකා වැඩිහිටි නිවාසය,
සද්ධර්මාකර පිරිවෙණ,
පිංවත්ත,
පානදුර.
ගිණුම් අංකය - ආලෝකා මානව සංවර්ධන පදනම
148-2-001-7-0016389
(මහජන බැංකුව - පානදුර)
වෙබ් අඩවිය - http://www.alokaeldershome.org
Facebook - http://www.facebook.com/alokaeldershome.org


17553448_1284538534927893_9045182551012581459_n.jpg

17554234_1284537171594696_1460314048446320915_n.jpg

17626437_1284539768261103_6544255550096397138_n.jpg

17629610_1284537294928017_4067705183733199010_n.jpg

17457377_1284537458261334_321163974654611937_n.jpg

17457509_1284537374928009_6340555237763426010_n.jpg

17554216_1284537511594662_8869726073863731860_n.jpg

17554334_1284538258261254_8700296954286635975_n.jpg

17629758_1284538604927886_2067518842374535470_n.jpg

17553573_1284539131594500_6812570954531705799_n.jpg

17629716_1284540101594403_6676547115652127098_n.jpg
 
  • Like
Reactions: sidathsaumya

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
මම කොහොමත් අවුරුද්දට නැතිබැරි කෙනෙක් වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න තමයි හිටියෙ.. ආපහු කොලඹ ගිය ගමන් මෙහාට යන්නම් මට පුලුවන් තරමින් මොනවහරි අරගෙන.. ස්තුතියි දැනුවත් කිරීමට..
 

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අපේ වෙඩින් එකට ගිය අවුරුද්දේ පොඩි බඩු වගයක් ගිහින් දුන්න. ගොඩක් අමාරුවෙන් ලු ඇදගෙන යන්නේ. පන්සලට කුලියකුත් ගෙවන්න ඕනෙලු.පුළුවන් කෙනෙක් තමන් වැඩ කරන තැන් වල අයගේ උදව් එක්ක මොනාහරි දෙයක් කරනවානම් ගොඩක් වටිනවා.