ඔබට ස්තුතියි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔබට ස්තුතියි....

    logooo_small.png


    සතියකට ආසන්න කාලයක් පුරා පැවතුණ මැතිවරණ උණුසුම අවසන් වී results නිකුත් වී ඇත... හොදම ප්‍රතිපත්තියක් හා පැහැදිලි මතයක් සමග මැතිවරණ සටනට එකතු වූ අප ඉතාමත් නිර්මාණශීලි චන්ද ව්යාපාරයක නියැලූනෙමි. ඉදිරියේ දී අප පොරොන්දු වූ පරිදිම එළකිරි සාමාජිකයාගේ ලෙඩ දුක්වල දී පිහිටවීමට අරමුදලක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කරන්නෙමු. එමගින් ඔබගේ සාධාරණ වූත්, මානුෂීයවූත් කරදරයකදී පිහිටවීමට හැකියාව ලැබෙනු ඇත. සිංහල මතවාදය වෙනුවෙන් පෙනී සිටියා වුවද එළකිරි සාමාජිකයන් දුකට පත් වූ අවස්ථාවේ දී ඔහුගේ ජාතිය පිළිබදව කිසිදු තැකීමක් නොකර පිහිට වීමට සැදී පැහැදී සිටින්නෙමු.

    කෙසේ වෙතත් හොද තරගයකින් පසු ඉතා සුඵ චන්ද ගනනකින් අප හට දෙවන ස්ථානය ලැබුණත් ඒ පිළිබදව අප අතිශයින් තෘප්තිමත් වන්නෙමු. මැතිවරණය අවසන් වන මොහොතට පැයකට පමණ පෙර සිදු වූ අවාසනාවන්ත තත්වය ගැන අපගේ අතිශය කණගාටුව පල කරමු. ඒ සදහා සමාව ඉල්ලීමට ද පසුබට නොවන්නෙමු. එක් සාමාජිකයෙකු ඔහුගේ පුරුදු චර්යා රටාව පෙන්වූ නිසා අප සියල්ලන්ම පත් වූයේ මහත් අසරණ තත්වයකටය. නමුදු සියල්ල යථා තත්වයට පත් කර ගැනීමට හැකි විය....

    හොද තරගයක් දුන් සියඵම පක්ෂ නායකයින්ටත් ඔවුන්ගේ සාමාජිකයින්ටත් අපගේ අවංක ස්තුතිය පුද කරමු.

    එලෙසම අපව මහත් ලෙස විශ්වාස කොට අපට චන්ද ලබා දුන් සියඵම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නෙමු. අපව විවේචනය කළ, අපට චන්දය නුදුන්නු සාමාජිකයන්ට ද අපගේ ස්තුතිය පුද කරනුයේ ඔවුන් අපව තව තවත් ශක්තිමත් කළ බැවිනි.


    අවසාන වශයෙන් නායකයෙකු ලෙස මෙම මැතිවරණයට සහය දැක් වූ Casper88, Danushka_Hansaka, GTR3, Sri D, ShreddeR, SahanJ123, Lejayange, Dynamite1234, Xibitz, lkzombie, Jhontuma, A2Z Explorer, Ashman :) (නම් කීමට මේ අවස්ථාවේ අමතක වූවා නම් සමාවන සේක්වා) සහෝදර කැලට හිස නමා ආචාර පුද කරමු....

    මැතිවරණ සමයේ සිදු වූ වාදබේද, තර්ක විතර්ක සියල්ලටම නැවතීමේ තිත තබමින් අප අපේක්ෂා කළ එළකිරි සමාජ සුබසාධනයට අවංකවම සහයෝගය දෙන බවට අප පක්ෂයේ සියඵම සාමාජිකයින් වෙනුවෙන් සපථ වන්නෙමු...
    yellow-flowers.png

    ඔබට සැමට අපගේ හෘදයාංගම තුති....
    වැඩි විස්තර කියවීමට මෙතැනින් පිවිසෙන්න.... (Click Here)
     
    Last edited: