ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටි
    නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
    මගේ සිත වේදනා විඳි..

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හදුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමතිදෝ මා කෙරේ..

    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ..
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ..

    ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා..
    යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
    මසිත සුසුමන් දවා ගියා..

    දයාරත්න පෙරේරාගේ බොහෝ ගීත රචනා කර තිබෙන්නේ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින්. බොහෝ විට පෙරනිමි තනුවකට එතුමා විසින් ගීත රචනා කර තිබෙනවා. මේ ගීතයෙත් තනුව නිර්මාණය කර තිබුණට කිසිම පද මාලාවක් නිර්මාණය කර නොතිබූ මොහොතක දිනක් දයාරත්න පෙරේරා මහතා අපූරු අත්දැකීමක් කියනවා.

    දයාරත්න මහතාට තරුණයෙක් ලිපියක් එවා තිබෙනවා. එහි සඳහන් වන්නේ ඔහු දිනපතා ම බස් නැවතුම් පොලේ දී දකිනවා තරුණියක්. ඇය ගැන උනන්දුවක් ඇතිවනවා. හැබැයි අදහස ප්‍රකාශ කරන්න ඔහුට ශක්තියක් නැහැ. ඒ නිසාම ඔහු වේදනාවකට පත්වෙනවා. මෙසේ ඒක පාර්ශවිකව ආදරය කරන ඔහු දිනක් දකිනවා වෙනත් තරුණයෙක් ඇය සමග සමීප වෙලා සිටිනවා. ඒ දකින ඔහුට දැඩි ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. ඒ ඇතිවූ හැඟීම තමයි ලිපියකින් දයාරත්න පෙරේරා මහතාට දන්වන්නේ.

    මේ ලිපිය ධර්මවර්ධනයන්ට පෙන්වූ පසු ඔහු අපූරුවට එය පෙරනිමි තනුවකට පද මාලාවක් නිර්මාණය කරනවා.

    sources - https://madhawawijesekara89.wixsite.com/
    credit - Madhawa Wijesekara