ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

1j2q79.gif


එසේනම් මෙය ඔබට ඉතා වැදගත් පණිවිඩයක් වනු ඇත.

5pplie.jpg


බාලාංශ ගුරුවරියක් දිනක් තම ශිෂ්‍යයින් හට සෙල්ලමක් කියාදුන්නා.
ඒ සඳහා ඇය සියල්ලන්ටම බෑගයක දමා අල ගෙඩි කිහිපයක් රැගෙන එන ලෙස පැවසුවා.
ඒ එක් එක් අල ගෙඩි සඳහා තමන් අකමැති පුද්ගලයින්ගේ නම් යොදන ලෙසට ඇය පැවසුවා.


qovqds.jpg


සියල්ලන් අතම අල ගෙඩි දැමූ මළු විය.
ඒ එක් එක් අල ගෙඩි නියෝජනය කලේ තමන් අකමැති පුද්ගලයින්ය.
සමහරෙක් ලඟ අල‍ ගෙඩි 2ක් විය.
සමහරෙක් ලඟ අල ගෙඩි 3ක් විය.
තවත් සමරෙක් ලඟ අල ගෙඩි 5කටත් අධිකවූයේ තමන් අකමැති පුද්ගලයින් ගනන වැඩි වූ නිසාය.


j9n5gp.jpg


ගුරුවරිය සියළුදෙනා හට පැවසූයේ එම අල ගෙඩි පිරවූ බෑගය තමන් යන හැම තැනකම රැගෙන යන ලෙසයි.
වැසිකිලිට යන විට පවා එය රැගෙන යාමට අමතක නොකරන ගෙල ඇය උපදෙස් දුන්නාය.
දිනෙන් දින ගෙවී යන්නට විය.
සියළුදෙනාගෙන්ම මැසිවිලි නැගෙන්නට විය.
ඒ අල ගෙඩි කුණුවීමෙන් නැගෙන අප්‍රසන්න දුගඳ නිසාය.
අල ගෙඩි 5කටත් වඩා හිමි සිසුන් ඉතාමත් අපහසුතාවයට පත්විය.

2vahzx2.jpg


අවසානය ලඟාවිය.
සෙල්ලමෙහි අවසානය කරා සිසුන් පැමිණ ඇත.
ගුරුවරිය සිසුන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්නට විය,

“සතියක් අල ගෙඩි ලඟ තබාගැනීම ඔබට කෙසේ දැනුනේද?”

කුණුවූ අල ගෙඩි වලින් නැගෙන දුගඳත් ඒවායේ බරත් ගැන සිසුන් අප්‍රසාදයෙන් මැසිවිලි නගන්නට විය.


15rl30x.jpg


අනතුරුව ගුරුතුමිය මෙයි සැඟවුනු අරුත පහදන්නට විය.

“ඇත්තෙන්ම මෙය ඔබ විසින් යම් අයෙකුට හිතෙන් වෛර කිරීමේදී ඇතිවන තත්වයෙහි සැබෑ ප්‍රතිරූපයයි.
වෛරී සිතුවිලි වල ඇති දුගඳ ඔබේ සිතේ ඇති ප්‍රසන්නභාවය කෙලෙසා දමනවා.
ඔබ යන යන තැනට එම දුගඳ ඔබත් සමගම පැමිණෙනවා.
ඔබට සතියක් කුණුවූ අල ගෙඩි වල දුගඳ විඳ දරාගැනීමට නොහැකි වුනා.
ඉතින් ඔබ සූදානම්ද ඔබේ මුළු ජීවිත කාලයටම දුගඳ හමන වෛරී සිතුවිලි ඔබේ හිතේ තබාගැනීමට.”

සිසුන්ට සෙල්ලම පිලිබඳ නිසි අවභෝධය පහල විය.
සියළුදෙනාම තේරුම් ගත්තේ තමන්ගේ වෛරී සිතුවිලි වලින් තම සිත් කිලිටි වන බවයි.


ඉතින් ඔබත්සිතන්න.
ඔබ ඔබේ පිරිසිදු සිත වෛරි දුගඳ හමන සිතිවිලි වලින් කිලිටිකර ගැනීමට සූදානම්ද.
වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බව තෙරුම්ගන්න.
අවෛරයෙන්ම වෛරය පැරදවියහැකි බව අත්දකින්න.
ඔබට වෛර කරන පුද්ගලයන්ව ඔබ සිතින් අමතක කරන්න.
එයිත් ඇතිවන සිතේ සැහැල්ලුව ඔබම අත්දකින්න.

සියළු සත්වයෝ නිදුක් වෙත්වා........!!!
නීරෝගි වෙත්වා...............!!!
සුවපත් වෙත්වා..............!!!
දුකින් මිදෙත්වා..............!!!


xe33hs.jpg


හුඟකාලෙකින් මුකුත් දාන්න බැරිවුනා......
මගේ 7000 පෝස්ට් එකට මොනා හරි කරන්න ඕන කියලා හිතුනා..............
ඉතින් පොඩි ඊමේල් කතාවක් පදනම් කරගෙන මේක හැදුවා............
සියල්ලන්ගේම ප්‍රයෝජනවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...........
ජයෙන් ජය...........!!!


© [email protected]
_______________________
09/10/2011/EK
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම වටින පෝස්ට් එකක් :yes::yes:
    අනුන්ට වෛයිර කරනව කියන්නෙ අපි අපිටම දඬුවම් කරගන්නවා වගේ :sorry::sorry:

    මගෙන් සුභ පැතුම්;)
     
    • Like
    Reactions: hansa1018

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    oh here we got a bunch of clowns.
    though they blurted they don't have any anger upon
    people, it's purely full of lies.
    the voice of truth can not be defeated cause
    it exists in the virtual realm forever.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    I don't hate anyone.

    හොඳයි............!!!

    ela machan ela. onna rep

    elaazz.................


    Thanx.............

    Good Post! :) +++

    Thanx.............

    Good Post Machan...
    සැබෑ යතාර්ථය මෙයයි ....... :)

    අනිවා මචා...........
    එලාස්...............

    tank you dear

    thnx 4 cmnt...........

    අනිවා මචන් වටිනවා:yes:+

    එලාස්..............


    Thankx.............

    You must spread some Reputation around before giving it to hansa1018 again

    Thnx 4 trying macha............

    menna post..
    api dana ewa monawada??:(:(

    rep bahalu..

    ආහ්..............
    උඹත් හොඳ ඒවා දානවා.........


    Thank..........

    හරිම වටින පෝස්ට් එකක් :yes::yes:
    අනුන්ට වෛයිර කරනව කියන්නෙ අපි අපිටම දඬුවම් කරගන්නවා වගේ :sorry::sorry:

    මගෙන් සුභ පැතුම්;)

    ස්තූතියි සහෝ..................
    ෆිට්ම තමා.............


    Thanx..............

    සිංහළයා;11102863 said:
    වටිනව මචං..
    11.gif
    7000ට සුභ පැතුම්!!!

    ස්තූතියි සහෝ.............

    Thanks mchan.Good post!!!

    thnx 4 cmnt..........

     
    • Like
    Reactions: AselaAsanka

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    oh here we got a bunch of clowns.
    though they blurted they don't have any anger upon
    people, it's purely full of lies.
    the voice of truth can not be defeated cause
    it exists in the virtual realm forever.

    තේරුනේ නැහැ..............