4. හතර වැන්නේ හිරු සිටින විට, ජන්ම ලාභය ලැබුවේ නම්, නැදෑයන් සිටින, මුදු මොලොක් සිතක් ඇති,
ගීත වාදනයට ඇල්මක් දක්‌වන කෙනකු විය හැකිය. සටන්වලට බිය නොවන සෙයකි. ධනය බෙහෙවින් තිබෙන
ස්‌ත්‍රීන්ද බොහෝ සිටිය හැකි රජුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා කෙනෙක්‌ද විය හැකිය.
කේතු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට
පපුව ආශ්‍රිත රෝග සාදයි. විවාහයේ ගැටලු ඇතිවේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. භූත දෝෂවලට මුහුණපෑමට සිදුවේ.
සිකුරු 5 වැනි භාවයේ සිටින විට
වැඩිපුර ගැහැනු දරුවන් ලබයි. කලා කටයුතුවලින් ඉහළට යයි. ගායන, නර්තන, හැකියාව පවතී. ව්‍යාපාරවලින් දියුණුව ලබයි.
විසිතුරු භාණ්‌ඩ අලෙවිය ඉතා සුබයි. දරුවන් කීකරු ප්‍රසිද්ධ අය වේ.
බුධ 5 වැනි භාවයේ සිටින විට
උසස් අධ්‍යාපනයක් ලබයි. කලාවට බර වේ. දරු ඵල අඩුවේ. විවාහය සාර්ථකය. උසස් රැකියා ලබයි. පොත් පත් ලිවීමට දස්‌කම් දක්‌වයි.
ජනමාධ්‍ය ආයතනවල සේවයට සුදුසුය.
ශනි 6 වෙනි භාවයේ සිටින විට
කල් අල්ලන අසනීප සැදීමට ඉඩ ඇත. සතුරෝ ඇතිවේ. රැකියා සම්බන්ධව ගැටලු ඇතිවේ.
උදරයේ රෝග සහ ඇවිදීමට අපහසු රෝග සාදයි.
කුජ 8 වෙනි භාවයේ සිටින විට
හදිසි අනතුරුවලට ගොදුරු වේ. විවාහ ජීවිතය ගැටලු සහගතය. සිතේ කේන්ති ගති ඇති කරයි. අධි රුධිර පීඩනයට ගොදුරු විය හැකිය.
පිරිමි සහෝදරයන්ට අපල ගෙනදිය හැක
ගුරු 9 වෙනි භාවයේ සිටින විට
විදේශයන්හි උසස් රැකියාවන් ලැබීමට හේතු වේ. ලෝකෝත්තර පැත්තට නැඹුරු කරුණාවන්ත අයෙක් වේ. පෙර පිං ඇත්තෙක් වේ.
ඉතා හොඳ මිතුරන් ලබයි. ශාන්ත මරණයකට හිමිකම් කියයි.
සඳු 9 වැනි භාවයේ සිටින විට
පෙර සසරේÊපිං ඇත්තෙක් වේ. විදේශ ගමන් යෙදේ. ප්‍රියමනාප මුහුණ කට හිමි වේ. මවට සමාන රූපයකට හිමිකම් කිව හැකි අතර බොහෝ විට මුහුණ රවුම් හැඩයකින් යුතු වේ.
හොඳ නාමය ඇතිව ප්‍රසිද්ධ වේ.
රාහු 10 වැනි භාවයේ සිටින විට
විදේශයන්හි රැකියා ලැබීමේ වාසනාව ඇතත් තැනින් තැන ඇවිදිමින් කරන රැකියාවලින් උසස් ජය ලබයි. දේශපාලන තනතුරුවලට හෙබවීමට හැකි අය වේ
ඔය තියෙන්නේ ඉතින් අමු පලාපලයක්නේ.ඕක නක්ෂස්ත්‍රාදිපතීන් එක්ක ගලපල ඉන්න අංශක එක්ක කපල කොටල මුවහත් කරල ගන්ඩ ඕනේ.අර ලංකා ටොප් ටෙන් එකෙන් වත් කේන්දරේ හදල පෝස්ට් එකක් දාපන් බලන්ඩ.




