මගෙ උපන් වෙලාව 21.05 1984/02/10 නුවර
මේකත් 84 කේන්දරයක්නේ.අහන්ඩ දෙයක් නෑ රජෙක්.ඉහල අධ්‍යාපනයක් ලබල ඉහල රැකියාවක් කරන සහ ඉහලම ආදායමක් ලබන එමෙන්ම අති විශාල තැන්පත් ධනයකට උරුමකම් කීමට හැකිවේ.පාලනය සම්බන්ධ රැකියාවක් වේ.ඉතා උසස් ගතිගුණ සහ උසස් සිතිවිලි වලින් හෙබිය.දැනට සිටින නිවසේ යම් වාස්තුදෝෂ ප්‍රශ්නයක් හෝ මත නිවසේ සමගියට හෝ සතුටට බාදා එල්ලවුනත් ඔබ ඉතා ධනවත් පුද්ගලයෙකි.එම තත්වය තව වර්ෂ 7කින් පසුව එළඹෙන ගුරු මහදශාවෙන් මෙම යස ඉසුරු සැප සම්පත් නොඅඩුව ලැබෙන බව ඒකාන්තයෙන් කිව හැක.
මෙම කේන්දරයෙත් සංසාරගත විවාහ දෝශයක් වන ශනි කුජ යෝගය පිහිටා ඇති නිසා කේන්දර ගලපා විවාහ විය යුතු අතර මෙම අප්‍රේල් මාසයේ ගුරු මාරුවත් සමඟ ලබන්නා වූ මංගල යෝග කාලයෙන් ඔබට ඉතා ගුණ සම්පන්න රූමත් ඉහල රැකියාවක් කරන වාසනාවන්ත බිරිඳක් ලැබෙනු නොඅනුමානය.යුග දිවිය සැබවින්ම වාසනවන්තය.





