ඔබේ ආතතිය අඩුකරගන්න ......

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔබේ ආතතිය අඩුකරගන්න ......

    ඔබේ ආතතිය අඩුකරගන්න



    ඔබත් මමත් ඇතැම්විට මේ තරඟකාරී සමාජ රටාව තුල එක හැල්මට දුවන්නන්,තමන්ගේ ඉගෙනීම,ඇතැම්විට රාජකාරී ජීවිතය,පවුල් ජීවිතයේ වගකීම් තුල ඔබ කොතරම් දුරකට කො‍ටුවෙලාද?
    පෞද්ගලිකව මා නම් ආතතිය හොඳින්ම අත්විඳ තිබෙනවා.ඇතැම්විට ඔබත් එහෙම වෙන්න පුළුවන්.ඇතම්විට මුළු ලෝකයම සතුරන් වෙලා පේන්නත්,තවත් විටක ජීවිතය මහා බරක් ලෙස දැනෙන්නත් මූලික හේතුව මේ ආතතියයි.
    කොහොම උනත් ආත්තිය අපේ ජීවිතවලට හොඳ දෙයක් නෙමේ.ඒ නිසා ආත්තිය මඟ හරව ගන්න මේ පුංචි උපදෙස් ටික පිලිපැදලා බලන්න.
    01-නෑ බෑ කියන්නට ඉගෙන ගන්න.මිනිස්සු කියන හා ඉල්ලන හැමදේම කරන්නට අපගේ හැකියාව නැති වෙන්න පුළුවන්.ඒ නිසා ඔබට යමක් කල නොහැකි නම් නෑ කියන්න,බැරිනම් බෑ කියන්න.තමන්ගේ ඔබ විසින් බාරගත හැකි දේ පමණක් කරන්න.
    02-ඔබගේ අවශ්‍යතාව නොබියව කියන්න.
    මේකෙන් කියන්නේ ඔබ ඔබේ අවශ්‍යතාව නොකිය ඉඳලා අන්තිමට තමන්ට ඕන විදියට යම් දෙයක් සිදු නොවෙනකොට තරහ ගන්නෙ නැතිව මුලින්ම තමන්ට මේ දේ මේ විදියට අවශ්්‍යයි කියලා,තමන් යම් රාජකාරියක් හෝ දෙයක් ගැන කියන්න
    03.සැහැල්ලු වෙන්න ඉගෙන ගන්න
    ඔබට සැහැල්ලු වෙන්න භවනාව,යෝග අභ්‍යස ,හුස්ම ගැනීමේ අභ්‍යස පුරුඩු කරන්න
    04.ඔබ වෙනුවෙන් පොඩි විවේකයක් හදා ගන්න
    ඔබ ඔබටම කාලයක් වෙන් කරගන්න.සති අන්තයක ගඟක මුහුදක නාන්න යන්න(පීනන දන්න අය විතරක්),හොඳ චිත්‍රපටයක් නාට්‍යක් බලන්න යන්න,රෑ කෑමකට එලියට යන්න
    05.ඔබේ විනෝදාංශ වෙනුවෙන් කාලයක් වෙන් කර ගන්න
    සමහරවෙලාවට එකම දෙයක එක දිගටම නිරත වෙලා ඉන්නකොටත් ආත්තිය වැඩි වෙනවා.ඒ නිසා ‍තෝරගත්ත විනෝදාංශයකක නිරතවෙන්න.පොත් කියවන්න,සිංදුවක් අහන්න,ලියන්න.නැත්නම් වෙන කැමති කාටවත් කරදරයක් නැති දෙයක් කරන්න
    06.මිනිස්සු එක්ක කතා කරන්න
    ඔබේ හුදකලා බව නැතිවෙලා යාවි.නැත්නම් එයාලකියන ඒවා අහගෙන ඉන්න.
    07.ඔබේ හැඟීම් පිට කරන්න
    අනෙක් අය සමඟින් ඔබේ හැඟීම් පිට කරන්න.දිනපොතක් ලියන්න.ඔබට කතා කරන්න කවුරුත් නැත්නම් කොට්ටෙට වත් පහරක් ගහලා ඔබේ හිත නිදහස් කරගන්න
    08.කලයුතු වැඩ මූලිකත්වය අනුව පෙල ගස්වන්න
    මුලින්ම කල යුතු වැඩ මුලින්ම කරන්න.ඔබට ඒක පහසුවක් වෙයි ආතතිය මග හැර ගන්න
    09.කාලසටහනකට අනුව වැඩ කරන්න,මේකෙන් තමන්ගේ වැඩ ටික පිලිවලට වෙනවා
    10.ඔබ ඔබටම කතා කරන්න .දවසට විනාඩි 5ක් මේක කරලා බලන්න
    11.ඔබ කැමති ක්‍රීඩවක් කරන්න.ආතතිය අඩු කරගන්න තියන හොඳම ක්‍රමයක් තමයි මේ
    12.පෝෂ්‍යදායී කෑම කන්න,එය ඔබේ සෞක්‍යට හිතකර වෙයි
    13. වැඩි ආතතියෙන් නරකක් මිස හොඳක් නැති බව මතක තියා ගන්න
    14.ධනාත්මක දෙයක් ලියන්න හිතන්න පුරුදු වෙන්න
    ඔබේ ආතතිය ඉබේම අඩු වෙලා යාවි
    source-Email
    repost nam sorry.com;)
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan good info...

    hema factor ekakma watianwa...

    matanam nehe behe kiyanna beri eka nisa sehenna tension wenna wela thiyanawa...yaluwanta nehe beehe kiyanna hithennehe...aerhe meke kiyana eka aththa....onawata wadda anunta karanna giyath apitamai tension..
    :)
    good thred... reps added..
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල