ඔබේ nVidia GPU එක භාවිතයෙන් HD වීඩියෝ නැරඹීම [Linux only]

vishwaje

Member
Feb 24, 2008
100
4
0
ඔබේ nVidia GPU එක භාවිතයෙන් HD වීඩියෝ නැරඹීම [Linux only]

original post එක මෙතැනින්..

nVidia GPU වල hardware acceleration භාවිතා කරමින් HD වීඩියෝ ඉතා පැහැදිලිව නැරඹීමේ හැකියාව පවතී. මෙහිදී වීඩියෝවේ decoding සියල්ලා GPU එකෙන් සිදු වන නිසා පරිගණකයේ CPU එකට කිසිදු බරක් වැටෙන්නේ නැත. එම නිසා පරිගණකය රත් වීමද වැලකෙන අතර, GPU භාවිතයෙන් decode කිරීමේදී ඉහළ තත්වයේ දසුන් ලැබෙන අතර, වීඩියෝව ඉතා මනරම්ව දිස්වනු ඇත. මේ හැකියාවන් භාවිතා කිරීමට nVidia binary driver එක ස්ථාපනය කර තිබිය යුතු යි. ඉන් පසු mplayer2 හා smplayer භාවිතා කළ හැක.

sudo apt-get install mplayer2

sudo apt-get install smplayer

ඉන් පසු,

gedit ~/.mplayer/config හෝ

kwrite ~/.pmlayer/config

භාවිතයෙන් mplayer හි config ගොනුව විවෘත කර එහි පහළට පහත දේවල් එක් කර save කරන්න.

vo=vdpau,
vc=ffh264vdpau,ffmpeg12vdpau,ffodivxvdpau,ffwmv3vdpau,ffvc1vdpau,

දැන් smplayer හි options>preferencess>General හි Video ටැබයට ගොස් එහි output driver වලට vdpau තෝරන්න. OK කරන්න. දැන් ඔබට HD video ඉතා ලේසියෙන් නැරඹීමට හැකිය.

පහත දැක්වෙන්නේ VDPAU සහිතව smplayer භාවිතා කිරීමේදී විඩියෝව ඉතා හොඳින් ධාවනය වීම හා CPU එකට කිසිදු බරක් නැතිව ධාවනය වන ආකාරයයි. මෙම වීඩියෝවේ VLC භාවිතා කරද්දී CPU භාවිතය 45% පමණ වන අතර එම වීඩියෝවම smplayer (mplayer භාවිතා වන නිසා) භාවිතා කර ධාවනය කිරීමේදී CPU භාවිතය 1% ක් පමණ වේ. මේ නිසා වීඩියෝ ධාවනය වෙද්දී පද්ධතිය වෙනත් දේවල් වලට පවා භාවිතා කිරීමට හැකි වේ.
http://www.youtube.com/watch?v=shjLmdiG7HU
 
Last edited:
  • Like
Reactions: ayanthamaxi

Vodevil

Member
Aug 31, 2013
316
15
0
great post machan, most of microsoft enthusiasts say linux is not good for video rendering , but now it is not
 
lilman

Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo
    mata intel HD graphics 3000 (lap ekaka) vga drivers hoyala diyan.ubuntu wala built in drivers walin HD videos balanna ba.
     
    vishwaje

    Member
    Feb 24, 2008
    100
    4
    0
    machan meka linux wala VLC player ekata karanna barida ?

    VLC wala direct rendering or use hardware acceleration kiyala option ekak thiyenawa.. eeka tick karama hari.. eeth VDPAU hariyata use karanne na VLC eken.. Mama recommend karanne smplayer eka use karanna kiyala.. mokada, mplayer kiyanne patta player ekak..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo
    intel core i3 (2370m) cpu eketh me wage GPU ekak tiyanawa needa ? eka use karanna kramayak nadda ? Drivers ?

    mage c850 lap eke tiyenne intel hd graphics 3000.ekata ubuntu install karala HD videos baalanna be.frames kadi kadi play wenne.mama VLC eken try kala.manual VGA drivers install karalath try kala.eth wade hariyanne ne.

    mata hitenne drivers awlak wenna ati kiyala.

    any help machan ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo

    vishwaje

    Member
    Feb 24, 2008
    100
    4
    0
    සමහර 32බිට් ඒවා නම් වැඩ කරන්නේ නෑ.. එවුනාට ගොඩක් දුරට ගොඩක් ඒවා වැඩ.. අර intel vaapi driver එක නම් 64බිට් එක තමයි ඔටෝම එන්නේ..
    vainfo command එක දාලා ඒකේ එන output එක බලන්න..
    .mplayer ෆයිල් එක විවෘත කරලා (මේ පෝස්ට් එකේ තියෙනවා ඒක තියෙන තැන) ඒකේ vo, va, දෙක වෙනස් කරන්න පහත විදියට..

    fs=true
    vo=vaapi,xv,
    va=vaapi

    දැන් mplayer <file_path/file_name> මේකෙන් ඔයා බලන්න HD video එක ධාවනය කරලා.. smplayer එකෙනුත් බලන්න. ඒකේ video driver එක විදියට vaapi තේරිලා නැත්තම්, ඒක තෝරන්න.

    HD3000 දැන් ටිකක් පරණයි බං.. වින්ඩෝස් 7 වලට හොඳට වැඩ කරත්, උබුන්ටු අලුත්ම ඒවගේ ටිකක් ස්ලෝ ගතියක් එන්න ඉඩ තියෙනවා.. ඒකට හේතුව, වින් 7 වලට වඩා උබුන්ටු අලුත්, අලුත් කොඩෙක්, ප්ලේයර් එහෙම ටිකක් වැඩිපුර රිසෝස් පාවිච්චි කරනවා.. මේ ලින්ක් එකත් බලන්න..
     
    ehenam machan laptop ekata install karanna honda ubuntu version eka mokakda ? mama kalin install karala tibba eka remove kala :baffled:
    :oo: (x64 or x86) ?