ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු සංවේදී සත්‍

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු සංවේදී සත්‍

    250729_10151501833201934_959852014_n.jpg

    වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල නිසා පුද්ගලික රෝහලකදී ලක්ෂ දෙකහමාරක ශල්‍යකර්මයක් වැරදුණ පසු පිහිටක් සොයා රෝගියාව රජයේ රෝහලට හදිසියට ගෙනයන්න හදන විට බිල ගෙවනකම් යන්න නොදී රෝගියාගේ දියණිය කාමරයක් තුළ සිර කළ සිද්ධියක් පසුගියදා උසාවියේදී විභාග වුණා.

    මෙම සිද්ධිය නිසා මියගියේ දයානි හේමමාලා නමැති මවකි. ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හඳුනාගැනීමෙන් පසු එය ඉවත් කිරීමේ සැත්කම භාරගෙන තිඛෙන්නේ සුප්‍රකට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්නයි. මේ සඳහා ලක්ෂ දෙකහමාරක් පමණ වැයවන බව දැන්වූ පසු එය ගෙවන්නට එක`ගවීමෙන් පසු පසුගිය අප්‍රේල් 9 වනදා ශල්‍ය කර්මය සඳහා ඩර්ඩන්ස් ශල්‍යාගාරයේ එය සිදු කර තිඛෙනවා.

    ඔහුට මෙම සැත්කම සඳහා බඩවැල් පිළිබඳ විශේෂඳයෙකුගේ සහායද ලබාගන්න යයි රෝගියාගේ පාර්ශ්වයෙන් ඉල්ලා තිබුණත් සැත්කමේදී එවැනි සහයෝගයක් ලබාගෙන නැත.

    මෙම සැත්කමින් බඩවැලට පිටතින් තිබුණ ගෙඩිය ඉවත් කරන්නට වෛද්‍යවරයා කටයුතු කර තිඛෙනවා. ඇය සැත්කමින් පසු රෝහලේම නේවාසිකව සිට ඇත. දින හතරකට පමණ පසුව රෝගියාගේ තත්වය උත්සන්න වූ බවත් සැත්කම කළ ස්ථානයෙන් කොළ පැහැති දියරයක් නිකුත්වන්නට වූ බවත් වාර්තා වුණා. මේ බව ඥාතීන් විසින් රෝහල් බලධාරීන්ට දැන්වූ පසු සැත්කම කළ වෛද්‍යවරයා පැමිණ පරීක්ෂා කර අනතුරුව විශේෂඥ වෛද්‍ය සෙරිප්දීන් මහතාවද ගෙන්වා තවත් සැත්කමක් කර ඇත. අනතුරුව රෝගියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිඛෙනවා.

    මේ අතරවාරයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න රෝගියාගේ පාර්ශ්වයේ අය හමුවී පවසා ඇත්තේ තමා දින 10 ක ප්‍රංශ චාරිකාවකට යන බැවින් රෝගියා ගැන තමාට මින් ඉදිරියට බලන්නට බැරිව යන බවයි.

    තවත් දින දෙකතුනක් යන විට රෝගියාගේ තත්වය දරුණු අතට හැරී තිබීම නිසා මියගිය දයානිගේ නැගණිය ඩර්ඩන්ස් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ රෝගියාව කළුබෝවිල රෝහලට මාරුකරන්නට හැකිදැයි කියාය. 17 වනදා සිදු කළ එම ඉල්ලීමට එක`ගවී 18 වනදා කළුබෝවිලට ගෙනයන්නට රෝහල එක`ගවී තිබුණා.

    නමුත් බිල සම්බන්ධව දැඩි ඕනෑකමින් කටයුතු කර තිබුණ රෝහල උදේ 7 වනවිට ඩර්ඩන්ස් රෝහල් දැඩි සත්කාර ඒකකයෙන් රෝගියාව ඉවතට ගෙන ට්‍රොලියක රෝගියා රඳවා තිඛෙන අතර ඇය ගැන බලන්නට කිසිවෙකු සිට නැත. රෝගියාගේ දුවත් මස්සිනා හා නැගණියත් මෙසේ කර ඇත්තේ ඇයිදැයි ඇසූ විට "අපිට බිල ගෙවනකං රෝගියාව පිටත් කරන්න බෑ. දැන්ම බිල ගෙවන්න බැරි නම් ලෙඩාව අරන් යන්න පුළුවන් ඒත් ඇපේට දූව අපි ළ`ග තියන්න වෙනවා" යයි බලධාරීන් දන්වා ඇත.

    ඒ වනවිටත් රෝහලට ගෙවිය යුතු මුදලින් කොටසක් රෝගියාගේ පාර්ශ්වය ගෙවා තිබුණ අතර ගෙවන්නට නියමිතව තිබී ඇත්තේ ඉතිරියයි.

    බැංකු විවෘත කරන වේලාව වනතුරු සිටිය යුතු නිසා එක්වරම මුදල් ගෙවන්නට අපහසුවීමත් රෝගියාගේ තත්වය දරුණුවීමත් නිසා මස්සිනා තීරණය කර ඇත්තේ දියණිය ඇපයට තබා රෝගියාව ගෙන යන්නටය. ඒ අනුව කළුබෝවිල රෝහලට රෝගියාව පිටත් කර පසුව මුදල් බැංකුවෙන් ලබාගෙන ගොස් ඩර්ඩන්ස් රෝහලේ කාමරයක ඇපයට සිර කර රඳවා සිටි දියණිය බේරාගන්නට මස්සිනා කටයුතු කර තිබුණා.

    කෙසේ වෙතත් ඒවනවිටත් දුර්වල තත්වයට පත්ව සිටි රෝගියා කළුබෝවිල රෝහලේදී තවත් දුර්වල වූ අතර මාස හතර හමාරකට පසු ජීවිතක්ෂයට පත්වුණා.

    මෙම අප්‍රසන්න හා අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් මියගිය දයානි හේමමාලාගේ සැමියා වන තුන්මෝදර වග පදිංචි උපාලි ගුණතිලක මහතා කොල්ලූපිටිය පොලිසියට ගොස් විශේෂඥ මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න වෛද්‍යවරයාට එරෙහිව අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ශල්‍යකර්මය ගැන පැමිණිල්ලක් යොමු කළේ අනතුරුවයි.

    මේ සම්බන්ධව පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 14 වනදාට කල් තැබුණා.

    ♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦

    ඒ අසරණ අමමාට නිවන් සැප ලැබේවා! මෙවන් විපත් වනේ සිටින වන හතුරෙකුටවත් සිදු නොවේවා! කවුන්ටරයට ගොස් කතා කළත් දාහෙ දෙදාහේ බිල් කඩන පොෂ් පැළැන්තියේ රෝහල් වලින් අසරණ රෝගීන්ට ලබා දෙන සේවය මේකදැයි සිතාගත නොහැකිව අපි තෘෂ්ණීම්භූතව බලා සිටිමු.
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Me marichcha ekkanava mama dannava, kathawa sampurna aththa,, meka vela dan tika kalayak, edain passe mamanam DARDANS eka paththa palathe yanne na.. Meyage husband karapu vade 100% hari. Lankave oya vage Doctors lata nadu danne nathi nisa mona varadda unath doctor ta or nurse lata or hospital ekata kisima prashnayak na.. vena rataval valanam nadu 100k vithara vatenava..