ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !

Oct 25, 2009
228
19
0
ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !

ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !


ලිව්වේ දුකා on Monday, December 14, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (33)




ඔබ ඔබම මිස
මම මා ද මිස
ඔබ මා නොවන බව
මා ඔබ නොවන බව
මා කෙසේ නම් හඟින්නද . . . ??
. . . . . . . . .
මට අවැසි ඔබ මා වනු දකිනුය
ඔබ මා ඔබ වනු දකිනු රිසිය
ඔබ නිවරදි බව ඔබ සිතයි . . !
මා නිවරදි බව මා දනියි . . . !
. . . . . .
ඔබට අවැසිලෙස
මට ඔබ වනු නම්
මට මා මිය යා යුතුය . . . !!!
. . . . .
මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට
ඔබ කෙසේ වත්
පෙම් නොකරන බව
සක් සුදක් සේ මම දනිමි . . !
. . . . .
පැරණි මළකුනු බදා
තව තවත් වැලපෙමුද
අතීතය වල දමා
හෙට දිනට හිනැහෙමුද . . . ???
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
" දුක " නමින් පෙනී හිටින කෙනාගේ කවි හා නිසදැස් මම කියවලා තියෙනවා. ඉතාමත් සාර්ථක නිර්මාණ....හැබැයි මේ නිර්මාණය මෙතැන පල කලේ ඇත්තම දුකා ද කියන එක නම් මට ගැටලුවක්. මොකද මෙය තවත් එක තැනක තිබුන නිර්මාණයක් උපුටාගෙන පල කර තිබෙන නිසා
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
පැරණි මළකුනු බදා තව තවත් වැලපෙමුද අතීතය වල දමා හෙට දිනට හිනැහෙමුද . . . ??? Supri kawiyak machan...........Elamakiri
 
Oct 25, 2009
228
19
0
කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි . . මේක ලියන්නේ දුකා කියන බ්ලොග් එක http://dukaa.blogspot.com/ ලියන කෙනාම තමයි . . . යුරාජ් තමයි මට ඉන්වයිට් කලේ එලකිරි එකට සම්බන්ධ වෙන්න කියලා kudos _utopia සහෝදරයා තමයි මට ඊයේ රෑ කියලා දුන්නේ කොහොමද නිසඳැස් ත්‍රෙඩ් එකට මම ලියපුවා දාන්නේ කියලා . . . ඉතිං හැම දෙනාටම ස්තූතියි . . . වෙලාවක් තියෙනවානම් මගේ ඔරිගිනල් බ්ලොග් එක පැත්තෙත් ගිහින් බලන්න . ..
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
dukaa|දුකා;6389827 said:
කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි . . මේක ලියන්නේ දුකා කියන බ්ලොග් එක http://dukaa.blogspot.com/ ලියන කෙනාම තමයි . . . යුරාජ් තමයි මට ඉන්වයිට් කලේ එලකිරි එකට සම්බන්ධ වෙන්න කියලා kudos _utopia සහෝදරයා තමයි මට ඊයේ රෑ කියලා දුන්නේ කොහොමද නිසඳැස් ත්‍රෙඩ් එකට මම ලියපුවා දාන්නේ කියලා . . . ඉතිං හැම දෙනාටම ස්තූතියි . . . වෙලාවක් තියෙනවානම් මගේ ඔරිගිනල් බ්ලොග් එක පැත්තෙත් ගිහින් බලන්න . ..


පැහැදිලි කිරීමට ස්තුතියි. මම ඔබේ blog එකට නිතරම ගොඩ වදින කෙනෙක්
 
Oct 25, 2009
228
19
0
"පැහැදිලි කිරීමට ස්තුතියි. මම ඔබේ blog එකට නිතරම ගොඩ වදින කෙනෙක් "

අහන්නත් සතුටුයි . . . ජය වේවා හැමෝටම . . .
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවි බවින් පරිපූර්ණ නිර්මානයක්..

මෙය මෙතැන ඔබගේ පලමු එළි දැක්වීම නම් මං ආදරෙන් ඉල්ලා සිටිනවා තව තවත් නිර්මානවලින් අප අමතන්න කියා..

ඔබට ජය...
 
Oct 25, 2009
228
19
0
හරිම සතුටුයි මේ කමෙන්ට්ස් දැක්කාම . . . ඇත්තෙන්ම මම ජුනි 25 ඉඳන් බ්ලොග් එකක් පටන් අරගෙන ලියනවා . . බ්ලොග් එකේ නම දුකා . . මගේ නම සුභාෂ් . . . මහා ලොකු නිර්මාණකාරයෙක් නෙමෙයි . . ඒත් පොඩි නිර්මාණශීලී හැකියාවක් තියෙන එකෙක් කියලා මම හිතනවා මා ගැන . . . මේ කමෙන්ට්ස් මට විශාල ශක්තියක් . . .