ඔබ බේබද්දෙක් නම්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔබ බේබද්දෙක් නම්

    "ඔබ බේබද්දෙක් නම් බීම නම් බීම නවත්තලා භාවනා කරන්න ගන්න එපා.ඒ බීමම ඔබේ භාවනවා කර ගන්න.ඔබේ පවැත්මේ කොටසක් කර ගන්න.ඔබේ පැවත්මේ කොටසක් වාරණය කිරීමෙන් ඔබට ඔබව සොයා ගත හැකිය යි සිතයි නම් එය මුලාවකි.ඔබ ඔබේ විදිහට භාවනවාට පිවිසෙන්න.. -රාජනීෂ්
    බේබදුකම සමාජයේ මතය ගොඩ නැඟී ඇත්තේ පුද්ගලානුබද්දවය..බේබදුකම නෙගෙටිව් හෝ පොසිටිව් වනුයේ අරක්කු මත නොව, පුද්ගලයා මතය.
    ඇල්කොහොල් කියන නමේ අරාබි ප්‍රකෘතියකින් ගොඩ නැගුන්නකි.ඇල්ජිබාටා,ඇල්ගෝරි,ඇල්කෙමිස්ට් වාගේ මේකෙත් ඉස්සරහට "ඇල්" යෙදි ඇත.ඇල් යනු ඉංග්‍රිසියේ "ද" යන්නට සාමාන එකකි.මෙහි මුල් වචනයේ තේරුම වනුයේ "පිරිසිඳු කරන ලද පවුඩර්" වගේ යන්නකි.මුල් අවදියේ මෙය බීමක් නොව කෑමකි.මෙම වචනය පසුව ලතින්වලටත් ඉංග්‍රිසියටත් පරිවර්තනය විය.."ලංකාවෙදි එය නමින් අරක්කු වෙයි",
    මීට අවුරුදූ 10000 පෙර ආදි මානවයා ගස් බෙන වල පල්වූ වතුර වල යුශ බීමත් වුහ.ඔවුන් එය නමින් මත් පැන් බව නොදැන ගත්තත් මත් පැන් විකාශනය ආරම්භ වනුයේ එතනින.
    ඉන් අනතුරුව මෙසපොතේනියානුවන් බියර් හා වයින් භාවිත කල බවට සාක්ශි ලැබී ඇත..මෑත්අ ඉතිහාසයක් වූ ක්‍රිස්වර්ශ 700 පමණ වැවිලි හා කෘශිකාර්මික දියුණුවත් සමඟ ස්ප්‍රිට් එකක් ලෙස මැදපෙරදිග හෝ චීනයේ මත්පැන් පෙරීම ආරම්භ වූ බව සැලකේ..ඒ අරක්කුවල ඈත ඉතිහාසයයි..

    "ඔබ මිනිහෙක් සමඟ කුණු වෙන්න බීල නැත්නම් ඔබ ඒ මිනිසා ගැන කිසිවක් දන් නෑ" චාල්ස් රල්ස් මහත්තය මෙහෙම කියනවා.
    මෙලොව සුදූ මිනිසුන් හෝ කළු මිනිසුන් නැත සෑම මිනිසෙක් තුලම සුදූමිනිසෙක් හා කළු මිනිසෙක් ජීවත් වෙයි..මේ දෙදෙනාම එක විට හමුවිය හැකි කෙටිම මාර්ගය වනුයේ ඒ මිනිසා හොඳ පදමට මත් වූ විටය.. ඉඳ හිට හෝ අප තුල ජීවත් වන්නා වු මෘගයා සමඟ අප සුහද පිළිසඳරක යෙදිය යුතූය.නැතහොත් නොසිතූ විටක අපට ඔහු සමඟ ගනුදෙණුවක් කිරීමට සිදුවුවහොත් අපිට එය අසීරුවෙයි..හොඳ බේබද්දෙකුට ඔහු තුල ජිවත් වන්නා වූ සාදු තැනැත්තා සහ මෘගයා සමඟ කිට්ටු හිතවත් කමක් ඇත.

    බේබද්දන් යනු සුන්දර මිනිසුන් කොට්ඨාශයකි.
    ඔවුන් මහ හඬින් කතා කරයි.බාහිර සමාජය ඔවුන් දෙස බලනා ආකාරය ඔවුන්ට වැදෑගත් නැත.
    ඔවුන් මහ හඬින් සිනාසෙයි..ඔවුන් හිතේ කුණු ඉතිරි කරගෙන පිට ඔපයට සිනා නොවෙයි.
    ඔවුන් මහ හඬින් හඬයි.. එය ඔවුන්ගේ පමණක් නොව වෙනකෙකුගේ වුවත් හදවතින්ම හඬයි.

    අරක්කු යනු සංවාදයට හොඳ තෝතැනකි..එය පිරිසක් සමඟ විය හැක..නැතහොත් තමන් සමඟම කරන්නා වූ ආධ්‍යාත්මික සංවාදයකි..එහිදී පැමිණිල කරුවා වගෞත්තර කරුවා මෙන්ම අපක්ශපාති විනිසුරුද තමාමය...ඔබ බෝතලය කඩන විට තිබු ගැටළුවට විසඳුම හරවත් මනෝමූල නඩු විභාගයකින් ලැබෙන සාධාරණ තීන්දුවක් බෝතලයේ පතුලේ තිබේ..
    බේබද්දන් බොහෝ විට යම් එක් ක්ශේස්ත්‍රයක් පිළිබඳ ගැඹුරු දැනීමක් ඇත.ඔවුන් වෙරි මතේ තනි වූ විට හරි සුන්දර අදහස් පහල වේ..ප්‍රේම කීර්ති ද අල්විස් මහතා "තනි තරු වේ යන්න ලියා ඇත්තේ සිගරට් ෆිල්ටර යකිනි.සයිමන් නවගත්තේගම මහතා බේබදු කමෙන් ඈත් විමෙන් පසු ලියූ කිසිදු නිර්මාණයක් සාර්ථක වී නැත..වික්ටර් රත්නායකයන්,ජෝති පාලයන් මේ අපි සොඳුරු මිනිසුන් යැයි ලංකාව තුල අපි හදුනන්‍ ය..ඔවුන් අධ්‍යාත්මයන් සමඟ කිට්ටු නැදෑකම් කියයි.
    රස්තෆාරි,සියැටල්,රැඩිකල්,හිපොප් මෙන් බේබදුකමත් සංස්කෘතියකි..ත්‍රි ලෝක පාරිශුද්ද පත්‍ර මෙන්ම දුඹුරු පාට අමෘතයටත් වටිනාකමක් ඇත..එය භාවිතා කරන්නාගේ දැණුම සහ පරිකල්පන ශක්තිය මත ලැබෙන්නකි..
    අවසාන වශයෙන් මට චිත්‍ත්‍රාල් සෝමපාල මහතා හඬෙහි කොටසක් සිහි වේ.
    "මංමුලා නොවේ කිසිදා
    ජවය මා සතුවේ..
    දිරිය ගන්නෙමි.."

    ඈත මෑත ඉතිහාසය තුල අරක්කු සිගරට් වල ආනිසංස කියල "අරක්කු සිගරට් බීවම ගන්ඳයි,නඟින් නෑ,ගොන් පාටයි" වැනිදෑ කොයි තරන්නම් කීදාහක් වියදම් කොට ප්‍රචාරණ කොට ඇත්ද.. ඒ ඒවා විකිණීමට හාල් විකිණීමට මෙන් කිසිදු ප්‍රචාරණයක් නොකරයි..බේබදුකම ඔය තරම්ම නරකනම් අවුරුදු 10000 ගණනක් එය පවතින්නේ ඇයි.
    දිව්‍ය ලෝකයේත් අමෘතයක් තිබේනුයේ ඇයි.
    බේබද්දෙක් යනු දුර්වලයෙකුවත්..වැරදි කරුවෙකුවත් නොවේ.. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: twisted

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බොන එකෙක්ව අගේ කරනවා මන් ඔය දැක්කමයි බන් :baffled:

    11d1fb7.jpg
     
    බොන එක ගැන මහා ලොකු වැදි බණ නොකියා ඒකෙ ඇත්ත ස්වරූපය පැහැදිලි කරපු එක හොදයි..:yes:
    හැබැයි එහෙමයි කියලා මැරෙනකම් බොන එක නම් මෝඩකමක්:no:
     
    • Like
    Reactions: shenic

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බොන එකෙක්ව අගේ කරනවා මන් ඔය දැක්කමයි බන් :baffled:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සුරාවේ ඇති රසත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනො මිසක්
    නොබොන දුදනො කෙසේ නම් දත්