ඔබ රැකියාවක් සොයනවාද ?

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    (16 +) ඔබ රැකියාවක් සොයනවාද ?

    ඔබ රැකියාවක් සොයනවාද ?
    xunoX.png



    රාජ්‍ය අංශයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් සොයන ඔබට සහාය වීම සඳහා පිහිටවූ සේවාවකි.

    රැකියා අපේක්ෂාවෙන් සිටින අයට, ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පිහිටුවා ඇති ව්‍යාපෘතිවල රැකියා ලබා ගැනීම සඳහා “කලාපීය රැකීරක්ෂා සේවා ඒකක‍” මගින් සේවා ලබා දීම.

    සුදුසුකම්

    එක් එක් කර්මාන්තශාලා හෝ ආයතනවල පවතින රැකියාවල ස්වභාවය අනුව සුදුසුකම් තීරණය වේ.
    කෙසේ වෙතත් අට (8) වන ශ්‍රේණිය දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම රැකියාවක් ලබා ගැනීමට පහසුවක් වනු ඇත.
    වයස අවුරුදු දහසය (16) ඉක්මවා සිටිය යුතුය.
    ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:

    ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:

    පහත සඳහන් ස්ථානවල “රැකියා බැංකු කාර්යාල” වලදී ආදර්ශ ඉල්ලුම් පත් ලබා ගැනීමට පුලුවන.

    අ) කාර්මික සම්බන්ධතා අංශය,
    19 වන මහල, බටහිර කුළුණ,
    ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
    එචිලන් චතුරශ්‍රය, කොළඔ 01.

    ආ) පහත සඳහන් අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය සහ කර්මාන්ත උද්‍යාන යන ස්ථානවල පිහිටි කාර්මික සම්බන්ධතා අංශ වලදී,

    1. කටුනායක අපනයන සැකසුම් කලාපය, කටුනායක.
    2. බියගම අපනයන සැකසුම් කලාපය, බියගම, මල්වාන.
    3. කොග්ගල අපනයන සැකසුම් කලාපය, කොග්ගල, හබරාදූව.
    4. සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල.
    5. හොරණ අපනයන සැකසුම් කලාපය, හොරණ.
    6. වතුපිටිවල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
    7. මාවතගම අපනයන සැකසුම් කලාපය, මාවතගම.
    8. පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය, පොල්ගහවෙල.
    9. මල්වත්ත අපනයන සැකසුම් උද්‍යානය, මල්වත්ත.
    10. මහනුවර කර්මාන්ත උද්‍යානය, පල්ලෙකැලේ.

    එම ආදර්ශ ඉල්ලුම් පතට අනුව තමන්ම පිළියෙල කරගත් ඉල්ලුම් පතක් ඉහත කාර්යාලවලට භාර දිය යුතුය.

    ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.

    ඉදිරිපත් කළ යුතු වේලාවන්: රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.30 දක්වා.

    සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.

    සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

    “රැකියා බැංකුවේ” ලියාපදිංචි කිරීම, ඉල්ලුම් පත්‍රය භාර දුන් අවස්ථාවේදීම සිදු කරනු ලැබේ.
    රැකියාව ලබා ගැනීමට ගතවන කාලය තීරණය වන්නේ රැකියාවේ ස්වභාවය සහ තිබෙන පුරප්පාඩු ප්‍රමාණය මතය.
    පුරප්පාඩු ඇති රැකියාවලට එදිනම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටත් ඉඩ ඇත.
    නැතිනම්, සම්මුඛ පරීක්ෂණ සදහා පසුව කැඳවීම් කරනු ලැබේ.
    අවශ්‍ය සනාථ කරන ලියකියවිලි : (මුල් පිටපත සමග ඡායා පිටපත රැගෙන එන්න)

    උප්පැන්න සහතිකය.
    අධ්‍යාපන සහතික.
    පළපුරුද්ද ඇත්නම් ඒ පිළිබඳ සහතික.
    ග්‍රාම සේවා නිලධාරිතුමාගේ සහතිකය.
    ජාතික හැඳුනුම්පත හෝ සමාන හැඳුනුම්පතක්.


    අවශ්‍ය පෝරම
    Job Bank Application Form

    Job Bank (Perfected) Application Form

    h0J5y.png


     
    Last edited:
    • Like
    Reactions: TwoTone