ආනයනකරුවෙකු විසින් අපනයකරුවෙක් සමග ගිවිසගත් පරිදි අපනයනකරු යාත්‍රා සමාගම හරහා හිස් බහලුම රැගෙන, එයට අප විසින් ඉල්ලුම් කරපු භාණ්ඩය හෝ භාණ්ඩ පටවලා, බහලුම සිල් කරලා එහෙම යාත්‍රාවට පටවනවා. දින ගණනකින් පසු අදාළ යාත්‍රාව කොලබ වරායට සෙන්දුවෙලා අපේ බහලුම් යාත්‍රාවෙන් බිමට බාගත කරනවා. දැන් එතනින් පස්සේ?
හරි. අද පොඩ්ඩක් එහෙනම් කතාකරමු බහලුමක් ගමනාන්ත වරායට සේන්දු වුනාම අපි අදාළ පාර්ශවයන් හට සිදුකලයුතු ගෙවීම් කොහොමද කියලා. අපි කලින් දවසක රෙගු බදු සහ CUSDEC එක ගැන කතාකරපු නිසා මම රෙගු බදු සම්බන්දව අද කතාකරන්න යන්නේ නැහැ. අපි කරුණු කරනා තවත් පහසු කරන්න ගමනාන්ත වරාය කොලබ වරාය ලෙස සිතාගෙන වැඩේට යමු. මෙන්න මේ බලු කෑම පුරවපු බහලුම ආනයන කරේ අපේ @Solo Rider මහත්තයා කියලත් හිතමු.
යම්කිසි පුද්ගලයෙක් ආනයනය කරන බහලුම, සේවාව හෝ භාණ්ඩ සදහා පහත සදහන් ප්‍රදාන පියවීම් අදාළ පාර්ශ්වයන් හට සිදුකල යුතුයි. එය නැව් සමාගමට, වරායට සහ පර්යන්ත සදහා කරනු ලබන පියවීම් වේ. අපි ඒ කාරණා පිලිබදව එකිනෙක කෙටියෙන් හදුනාගමු. මෙහිදී සැලකිය යුතු ප්‍රදාන ගාස්තු පිලිබදව පමණක් මෙම කෙටි ලිපිය තුටින් පැහැදිලි කරන බව හොදින් මතක තබා ගත යුතුය. රෙගු බදු වලට අමතරව තම බහලුම වරාය පරිශ්‍රය තුලින් නිෂ්කාශනය කරගන්න මේ පියවීම් අවසන් කල යුතුයි
Freight charges - ගුදම් ගාස්තුව
"Freight charges" නැතිනම් ගුදම් ගාස්තුව කියලා කෙටියෙන් පැහැදිලි කරොත් මෙම ගාස්තුව තමයි @Solo Rider මහත්තයා අදාළ යාත්‍රා සමාගම එක්ක මේ බහලුම කොලබ වරායට එහෙම නැත්නම් ලංකාවට ගෙන්න ගිවිසගත්ත ගාස්තුව. එක්කෝ මේක අපනයන කරන වරායෙන් ගෙවන්නත් පුළුවන්. නැත්නම් ගොඩබාන වරායෙනුත් ගෙවන්න පුළුවන්. ඒක ඉතින් CIF / FOB කියන වෙළද ගිවිසුම අනුව වෙනස් වෙනවා. CIF නම් පැටවුම් වරායෙනුත්, FOB නම් ගොඩබාන වරායෙනුත් ගෙවීම් සිදුකලයුතුය. එම ගෙවීම සිදුකල යුත්තේ අදාළ යාත්‍රා සමාගමටයි. එහෙම කරාම තමයි DO එක නැත්නම් "Delivery order" එක අපේ මහත්තයට යාත්‍රා හෝ නැව් සමගම නිකුත් කරන්නේ. මේ DO එක නැතුව නිෂ්කාශනය සිදුකිරීම කල නොහැක.
හැබයි ඉතින් ඔය "Freight charges" කියන ගෙවීමට අදාලව ගෙවීම් කරන්න සෝලොට ලැබෙන Invoice එකට ඇතුලත් වෙන්නේ "Freight charges" විතරක්ම නෙමේ. එහෙනම් තවත් මොනවද?
"Freight charges" කියන පොදු නාමකරණය යටතේ විවිද ගාස්තු වල එකතුවක් පිලිබෙබු වෙනවා.
Ocean Freight Charge, Terminal Handling, War Risk Surcharge , Bunker Adjustment Factor (BAF), Currency Adjustment Factor (CAF), Panama / SUAZ Transit Fee, Peak Season Surcharge, Delivery Order Fee, Container Cleaning Fee, Container Deposit Fee වගේ ගාස්තුවල එකතුවක් තමයි සෝලොට හම්බෙන "Freight Invoice" එකේ තියෙන්න. ඉතින්, @Solo Rider ගුදම් ගාස්තුව ගෙවන්නත් ඕන, අහක යන රටවල් දෙකක් ගහගන්නවානම් එකට ගෙවන්නත් ඕන, බහලුම ගානට නැවට ෆිට් කරන්න ගෙවන්නත් ඕන, පැනමා, සුවස් ඇල මාර්ගවලින් වැරදිලාවත් යාත්‍රාව බහලුම අරන් එනවනම් එකට ගෙවන්නත් ඕන, ඊට අමතරව හිස් බහලුම නම්කරන ලද යාත්‍රා සමාගමේ බහලුම් අංගනයට රැගෙනයන බවට සහතික කරන ගාස්තුවක් ගෙවන්නත් ඕන, ඔක්කොම කරලා බහලුම හෝදන්න ගෙවන්නත් ඕන.
හරියටම කියුවොත් රටේ නැති surcharges ප්‍රදාන Ocean Freight Charge එකට එකතුවෙලා තමයි සම්පුර්ණ ගැන හැදෙන්නේ. දැන් හරිනේ. යාත්‍රා සමාගම එක්ක වලියට යන්න එපා @Solo Rider කියපු නැති ගාස්තු ගැහුවා කියලා එනකන් ඉදලා.
Detention charges - නාවික සමාගමට ගෙවිය යුතු බහලුම් රැඳවුම් ගාස්තුව
බහලුම කොලබ වරායට ආවම අදාළ යාත්‍රා හෝ නැව් සමාගම ඔයාලට නොමිලේ දවස් 7ක් නිසැකයෙන් ලබා දෙනවා බහලුම නිෂ්කාශනය කරලා හිස් බහලුම නාමකරණ ලද හිස් බහලුම් අංගනයට බාරදෙන්න. කිසිදු අමතර මුදලක් අයකරනු නොලැබේ. කැලෙන්ඩර් දින 7ක් හරිද. ඊට වඩා ඕනෙනම් ගිවිසුම්ගත වෙන්න ඕන බහලුම මෙහෙ එන්න කලින්. මෙම නොමිලේ සහන කාලය දින 7 සිට 21 දක්වා ගාස්තු සහිතව ඉහත දමා ගැනීමට හැකියාව ඇත. නමුත් අපි හිතමු @Solo Rider ට මොකක්හරි අකරතැබ්බියක් වෙලා බහලුම නිසැකවම නිෂ්කාශනය සදහා ලබාදුන්න සහන කාලය තුලදී වරායෙන් පිටතට ගන්න නොහැකිවුනා කියලා.
එතකොට 8වෙනි දිනයේ සිට නිෂ්කාශ දිනයට පමණක් නොව හිස් බහලුම යාත්‍රා හෝ නැව් හිමිකරු නියමකරන ලද හිස් බහලුම් අංගනයට රැගෙන යන දිනය දක්වා Detention charges ගෙවිය යුතුට. අවම වශයෙන් නිෂ්කාශනය කරන දිනටවත් යාත්‍රා සමාගමට ගෙවීම් කර නොමැතිනම් වරායේ ගේට්ටු හසුරවන්නා බහලුම ඉවතට නිකුත් කරනු නොලැබේ. වරායේ පාස් සාදන්නා බහලුම රැගෙන යාමට එන රථයට පාස් පතක් නිකුත්කරනු නොලැබේ. අමතරව හිස් බහලුම් නැවත නියමකරන ලද හිස් බහලුම් අංගනයට ආපසු බාරදීමට යාමට පෙර එම දිනය දක්වාද ගෙවීම් සිදුකර තිබිය යුතුය. නැත්නම් වාහනේ උඩ පෙට්ටිය තියන් ඉන්න වෙන්නේ. නියමිත කාලයට අනුව බහලුම නිෂ්කශය කර ආපසු බාර නොදෙන්නේනම් දිනයක් පාසා රැඳවුම් ගාස්තු දිනපතා එකතු වීමට පටන් ගනී.
Demurrage charges - වරායක හෝ පර්යන්තයක බහලුම් රැඳවුම් ගාස්තුව
බහලුම කොලබ වරායට බාගත කරාට පස්සේ එය බාගත වෙන්නේ එක්කෝ CICT / SAGT හෝ JCT කියන පර්යන්ත නැත්නම් "Terminal" එකට. ඉතින් මෙම පර්යන්ත මෙහයුම් කරුවන් බහලුම තම පර්යන්තයෙන් නිෂ්කාශනය කරගැනීම සදහා ආනයනකරුට වැඩකරන දින තුනක් ලබාදෙනවා. බහලුම හරියටම මේ පින්බිම ඉබපු වෙලාවේ ඉදන් දවස් තුනක්. "Reefer" නැත්නම් "DG" බහලුම්නම් බහලුම හරියටම මේ පින්බිම ඉබපු වෙලාවේ ඉදන් පැය 24ක්. යම්කිසි හේතුවකින් එම නිදහස් රැදවුම් කාලය ඇතුලත බහලුම පර්යන්තය තුටින් ඉවත්කළ නොගතහොත් බහලුම බාගත වූ පළමු දිනේ සිට නිශ්කාෂණ දිනය දක්වා ගෙවීම් සිදුකල යුතුය.
වැදගත්ම කාරනාව නම් "Detention charges" අපට දින 7 සිට 21 දක්වා සහනකාලය දිගුකල හැකි වුවත් "Demurrage charges" එලෙස සාකච්ඡා කර දිගුකල ගත නොහැකි වීමයි. පර්යන්ත තුනම මෙම ක්‍රමය අනුව ක්‍රියාන්විත වේ. මෙම ගෙවීම් 100% ඔන්ලයින් ක්‍රමයට සිදුවන අතර. නැව් සමාගම්, පර්යන්ත, වරාය අදිකාරිය, රේගුව සහ බහලුම් අංගන එකිනෙකට සම්බන්ද වී සිටිනවා.
SLPA fee - ශ්‍රී ලංකා වරාය අදිකාරිය සදහා ගෙවිය යුතු ගාස්තුව
සෝලෝගේ බහලුම CICT / SAGT හෝ JCT කියන පර්යන්ත නැත්නම් "Terminal" ඕනෑම එකකට බාගත කරත් SLPA සදහා ගෙවිය යුතු සහ නියමකළ ගාස්තු ගෙවිය යුතුය. මෙම ගාස්තු FCL සහ LCL යන සේවා දෙකටම අදාළ වේ. මෙම ගාස්තු සදහා සම්මත "Tariff" ලියවිල්ල අදාළ ගාස්තුව නිර්ණය කරයි. ඉතින් අපි පොඩ්ඩක් දැනගත්ත විදියට රෙගු බදු වලට අමතරව බහාලුම නිෂ්කාශනය කරන්නත්, ආපසු හිස් බහලුම බාරදෙන්නත් ප්‍රථමයෙන් Freight charges / Detention charges & Demurrage charges / SLPA ගෙවීම් සිදුකල යුතුය.
එතකොට ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඇයි බහලුම නිෂ්කාශනය කරන්න හරි, හිස් බහලුම ආපසු බාරදෙන්න පරක්කු වෙන්නේ ඇයි කියලා? එහෙම නැත්නම් ඇයි වැඩිපුර Detention charges & Demurrage charges / SLPA ගාස්තු ගෙවන්න වෙන්නේ කියලා ? පහත සදහන් හේතු නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්.
දැනුවත්ව සිටින්න. තමන්ගේ ආනයන බහලුම හෝ සේවාව මෙරටට පැමිණෙන දින වකවානු පිලිබදව සැලකිලිමත් වන්න. වක්‍රව එකතුවන ගාස්තු සහ ගෙවීම් පිලිබදව සැලකීමත් වන්න. අදාළ ලියකියවිලි නිසි දිනට පෙර සුදානම් කරගන්න.
කෙටි සටහන : @Walter White
චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

- Freight charges - ගුදම් ගාස්තුව
- Detention charges - නාවික සමාගමට ගෙවිය යුතු බහලුම් රැඳවුම් ගාස්තුව
- Demurrage charges - වරායක හෝ පර්යන්තයක බහලුම් රැඳවුම් ගාස්තුව
- SLPA fee - ශ්‍රී ලංකා වරාය අදිකාරිය සදහා ගෙවිය යුතු ගාස්තුව

- රේගු නිෂ්කාශන ගැටළු සහ රෙගු බදු සම්බන්ද ගැටළු
- අසම්පූර්ණ හෝ සාවද්‍ය ලියකියවිලි ගැටළු
- බැංකුව සම්බන්ද ලියකියවිලි හුවමාරු ගනුදෙනු වල ඇතිවෙන ප්‍රමාද
- වරාය සේවකයින්, ගබඩා ක්‍රියාකරුවන් අතර ඇතිවෙන සම්බන්ධීකරණය ගැටළු
- වරායේ තදබදය සහ කාලගුණ සිදුවීම්