ඔබ වසර 4ක් තිස්සේ සල්ලි දී ගෙදර ගෙනියන මාරය&#3

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔබ වසර 4ක් තිස්සේ සල්ලි දී ගෙදර ගෙනියන මාරය&#3

    මුළු රටටම සිව් වසරක්‌ තිස්‌සේ වස කවා හෘද රෝග, පිළිකා ආදී වශයෙන් වූ මාරාන්තික රෝගයන්ට අප ගොදුරු කර තම සාක්‌කු මුදලින් පුරවා ගනිමින් සුපිරි ජීවිතයක්‌ ගත කළ පුද්ගලයකු අප අතරම සිටියේ යෑයි කිවහොත් ඔබ විශ්වාස කරන්නේද?

    විශ්වාස කළද නොකළද එය සිදුව ඇත. ඉහත කී අලුතින්ම කරළියට පැමිණි කතාව දිග හැරෙන්නේ මේ පුද්ගලයා වටාය. අපි කෙළින්ම කියමු. ඔහු එසේ අප මරණ අතරේ එයට සහාය දී ඇත්තේ මෙරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බළකායට කොහෙන් හෝ රිංගාගෙන සිටින්නෙකි. ඉහත කී මාරයා ඔහුගේ පාසල් මිතුරකු වන ජාවාරම්කාර ව්‍යාපාරිකයෙකි.
    එය සිදුව ඇත්තේ ජනාධිපතිවරයාට රහසේ බව මේ පිළිබඳ අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. මේ තැනැත්තා වකුගඩු රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බළකායේම සිටිමින් මේ අන්දමින් වසර හතරක්‌ පුරා ජාතියට වස කැවීමට තම මිතුරාට සහාය දී ඇත්තේ කෙසේද? ඉකුත් සතියේ එහි සුළ මුල අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ආනයනික පාම් තෙල් කන්ටේනර් විසිහරක්‌ අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයකට අනුවය.
    ඊනියා කොලෙස්‌ටරෝල් මාරයකු ගැන කියමින් මේ රටේ නිපදවෙන අපේ පොල් තෙල් ටික ආහාරයට නොගන්නැයි අපේම විද්වත්හු බොහෝ කලක සිට අපට කියන්නට වූහ. ඉතින් අපි පොල් තෙල්වලින් දිනෙන් දින ඈතට ගියෙමු. ආදේශකය වූයේ පාම් තෙල්ය. පාම් තෙල් යනු බහුල ලෙස මැලේසියාවේ නිෂ්පාදනය කෙරෙන්නකි.
    එරට ප්‍රධාන අපනයන භාණ්‌ඩය වන්නේද පාම් තෙල්ය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දෑහිතකාමී නිලධාරීන් පිරිසක්‌ ඉකුත් මාර්තු මස 19 සිට අප්‍රේල් 7 දක්‌වා කාලය තුළ මෙරටට ආනයනය කළ පාම් තෙල් කන්ටේනර් 24 අත්අඩංගුවට ගෙන සිදු කළ පුළුල් විමර්ශනයකට අනුව ඒ කාලකණ්‌ණි කතාවස්‌තුව ඇරඹෙන්නේ මෙන්න මේ නිමිත්තේ සිටය. ඒ මෙසේය.
    මෙරට ජනතාව පාම් තෙල් පරිභෝජනයට හැඩ ගැසීමත් සමඟ ඉකුත් කාලයේ එය ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. ඒ අනුව පාම් තෙල් ආනයනයද දිනෙන් දින ඉහළ ගියේය. අප පාම් තෙල් මිලදී ගත්තේ එළවළු තෙල් යෑයි කියාය.
    මෙසේ පාම් තෙල් ආනයනය ඉහළ යැමත් සමඟ දේශීය ව්‍යාපාරිකයෝද ඒ වෙළෙඳ පොළ ඉලක්‌ක කර ක්‍රියාත්මක වන්නට වූහ. මේ අතරේ ඉකුත් 2012 වසරේදී ඉහත කී ජාවාරම්කාර ව්‍යාපාරික මාරයාද මැලේසියාවේ සිට පාම් තෙල් ආනයනය කිරීම ආරම්භ කරනු ලැබිණි.
    එහෙත් මොහු මෙසේ පාම් තෙල් ආනයනය කරමින් ව්‍යපාරික කටයුතු කරගෙන යන අතරේ එකී ආනයනික පාම් තෙල්වල යම් ගැටලුකාරී බවක්‌ තිබෙන බව රේගු දෙපාර්තමේන්තුවට එදා පෙනී ගියේය. එහිදී කඩිනමින් විමර්ශනයක්‌ ආරම්භ කෙරිණි.
    එහෙත් මෙහිදී එකී තෙල් සාම්පල ඉදිරිපත් කළ මෙරට රාජ්‍ය රාජ්‍ය නොවන විද්‍යාගාරවලින් රේගු දෙපාර්තමේන්තුවට ලැබුණේ එකිනෙකට පරස්‌පර වූ වාර්තාය. මේ අතරේ සිය නීතිඥයන් මගින් එකී රේගු විමර්ශනයට සහභාගි වූ ජාවාරම්කාර මාරයා තමන් ආනයනය කරනු ලබන පාම් තෙල්වලට ‘කෲඩ් පාම් ෆැටි ඇසිඩ්’ ලෙසින් අලුත් විද්‍යාත්මක නමක්‌ද ලබා දුන්නේය.
    අවසානයේ එකී ‘කෲඩ් පාම් ෆැටිඇසිඩ්’ යන්නට රේගු වර්ගීකරණ ලැයිස්‌තුවේ ස්‌ථානයක්‌ වෙන් කර ගැනීමටද හෙතෙම එදා සමත් විය. මේ හේතුවෙන් මෙකී මාරයා පිළිබඳ එදා රටට අනාවරණය වීමට තිබූ ප්‍රථම අවස්‌ථාව ජාතියේ අවාසනාවට සහ අපේ කරුමයට වැළකී ගියේය.
    මෙහිදී එකී ජාවාරම්කාර මාරක ව්‍යාපාරිකයාට ලැබුණු තවත් වාසියක්‌ද විය. සාමාන්‍යයෙන් පාම් තෙල් ආනයනයේදී අය කෙරෙන රේගු බද්ද අද වන විට කිලෝවකට රුපියල් 130 කි. නමුත් කෲඩ් පාම් ෆැටි ඇසිඩ් ලෙසින් මොහු හඳුන්වනු ලැබූ ආනයනික තෙල්වලට නියම වූ තීරු බද්ද රුපියල් පහත් දහයත් අතරේ වන සුළු අගයක්‌ ගත් එකක්‌ විය.
    එසේ වූයේ අහිතරකර මේද අම්ල හෙවත් ෆැටිඇසිඩ් බහුල ලෙස අඩංගු මොහු ආනයනය කළ තෙල්, පාම් තෙල් නිෂ්පාදනයේදී පිරිපහදු කර ඉවත් කරන අපද්‍රව්‍ය මට්‌ටමේ තිබූ නිසාය.
    ඉතින් මේ මාරයා ඒ සියලූ දේ තම වාසියට ගනිමින් එතැන් සිට මහාපරිමාණ ලෙස රේගු වර්ගීකරණ ලැයිස්‌තුවේ ස්‌ථානයක්‌ හිමිවූ එකී ‘කෲඩ් පාම් ෆැටිඇසිඩ්’ ලෙස ඔහුම හැඳින්වූ තෙල් වර්ගය මෙරටට ආනයනය කරනු ලැබීය.
    එහෙත් මෙකී මාරක විෂ තොගය මෙරටට ගෙන ඒමෙන් පසු ඔහු කරන්නේ කුමක්‌ද යන්න කිසිවකුත් දැන සිටියේ නැත. මේ අන්දමින් ඉකුත් 2012 වසරේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්‌වා මේ තිරිසනා එම මාරක විෂ සහිත තෙල් මෙටි්‍රක්‌ ටොන් 20000 ක්‌ අඩංගු කන්ටේනර් 900 ක් මෙරටට ආනයනය කරනු ලැබීය.එසේ ආනයනය කළ මේ විෂ තොගයට ඔහු කළේ කුමක්‌ද? මිනිසුනේ දැන ගන්න. මේකා ඉන් කොටසක්‌ සාමාන්‍ය පාම් තෙල් ලෙස අපට කවන අතරේ ඉතිරිය පොල්තෙල් සමඟ කලවම් කර රටපුරා බෙදා හැරියේය.
    එකී තෙල් පරිභෝජනය කිරීමෙන් තමන් උපන් බිමේ මිනිසුන් හෘද රෝග, පිළිකා ඇතුළු මාරාන්තික රෝග වැළඳෙමින් මරණයට පත්වන බව දැන දැනම ඔහු එය දිගින් දිගටම සිදු කරගෙන ගියේය.
    සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරනු ලබන පාම් තෙල්වල අහිතකර දෑ අඩංගු වන්නේ සියයට දශම .05 ක තරමිනි. පිළිගත් වෙළෙඳ නාමයක්‌ සහ තත්ත්ව සහිතික සහිතව ඇති පාම් තෙල්වල මෙවන් විෂ නැත. එසේම මෙකී සියලු තෙල්වලට වඩා ඉතාම ආරක්‍ෂාකාරී වන්නේ පිරිසිදු පොල් තෙල් බව අද විද්‍යාත්මකව තහවුරු වී ඇත.
    එහෙත් මේ තිරිසනා අපට කවන ලද ‘කෲඩ් පාම් ෆැටි ඇසිඩ්’ නමින් ගෙන්වන ලද එකී පාම් තෙල්වල මිනිස්‌ සිරුරට අහිතකර මාරක රෝග වැළඳෙන ෆැටිඇසිඩ් වර්ග සියයට 16 ඉක්‌මවා තිබූ බව මේ වන විට පරයේෂණ මගින් තහවුරු වී ඇත.
    මෙය මොන තරම් පාපකර්මයක්‌ද? තිරිසන් ක්‍රියාවක්‌ද? මෙවන් යක්‍ෂයන්ට කළ යුත්තේ කුමක්‌ද? ඉකුත් වසර හතරක කාලය පුරා කලවම් කළ පොල් තෙල් ලෙස අප පරිභෝජනය කරනු ලැබුවේ මේ වසය.
    කඩෙන් කොත්තු රොටියක්, චයිනීස්‌ බත් හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ” කියෑවෙන පරිදි රයිස්‌ එකක්‌ ආදිය ගෙනවිත් මේ රටේ මවුපියවරුන් ආසාවට තම කුඩා දරුවන්ට ආහාරයට දෙද්දී ඒ ආහාර සැකසී තිබුණේ මෙකී විෂ තෙල් යොදාගෙන බව කිසිවකුත් දැන සිටියේ නැත.
    එසේ නම් ඉන් කියෑවෙන්නේ කුමක්‌ද? අපේම අතින් අපේ දරුවන්ට වස කැවීමට අපව පොළඹවා ඇති බව නොවන්නේද? එපමණක්‌ද නොව, මේ රටේ වැඩකරන ජනතාව සහ මඟ තොටේ යන එන අය උදේ සවස කෙටි ආහාර ලෙස ගත් රෝල්ස්‌, කට්‌ලට්‌, පැටිස්‌ ආදිය බැදුනේද මේ විෂ තෙල්වලින්ය.
    ඒ අනුව බලන කළ මෙකී තිරිසන් මිනිසා සිදු කර ඇත්තේ සමස්‌ත ජාතියම මරා දමන තරමේ අමන කමක්‌ නොවේද? එහෙත් මෙතරම් ව්‍යසනයක්‌ සිදු කර තිබියදීත් තවමත් මේ මිනිසාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවක්‌ පෙනෙන්නට නැත.
    (දිවයින ඇසුරෙනි)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේම අතින් අපේ දරුවන්ට වස කැවීමට අපව පොළඹවා ඇති බව නොවන්නේද? එපමණක්‌ද නොව, මේ රටේ වැඩකරන ජනතාව සහ මඟ තොටේ යන එන අය උදේ සවස කෙටි ආහාර ලෙස ගත් රෝල්ස්‌, කට්‌ලට්‌, පැටිස්‌ ආදිය බැදුනේද මේ විෂ තෙල්වලින්ය.


    Nama mokakda muge?

    aurudu 4k kiyanne janadhipathi maru wela tyenawane..."
    එයට සහාය දී ඇත්තේ මෙරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බළකායට කොහෙන් හෝ රිංගාගෙන සිටින්නෙකි"
    etakota meya e dennagema yatathe hitiyada?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Bump.... TFS+

    pathfinder.png

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔච්චර දෙයක් කියලත් නම දාල නැත්තෙ ඇයි?
    දැන් අපි හිතාගන්ඩ ඕනද කවුද මේක කෙරුවෙ කියල?

    පකේ මාධ්‍ය තමයි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මරීනා පොන්නයද මේ? ඌ තමයි මම හිතන්නේ. සිංහලුන්ටත් හොඳ වැඩේ. පොල් තෙල් හොඳ එව්වා ගන්නේ නැතුව ගූ ගොඩවල් ලාබෙට දෙනකොට අරන් යනවා. අපේ නම් පොල් අරන් වේලලා කෑලි කපලා හිඳගන්නවා. හැම එකාටම ඕක බැරි නිසා අඩු ගානේ හොඳ පොල් තෙල් ගනින්. ඔය පාම් ඔයිල් වලින් මොනාහරි බදිනකොට දුම් දදා පෙණ එනවා. කඩවල් වලින්ම කාපු උන්ට නම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි.

    ඉස්සරහට කෙල්ලෙක්වත් දාගන්න වෙන් නෑ. පිටින් ඔපේ තිබ්බට ලෙඩ ගොඩවල් සෙට් වෙයි. අන්තිමට හම්බෙන ළමයිනුත් ඊට අන්ත ලෙඩ්ඩු. සල්ලි වලට දෙමාපියොත් පාවලා දෙන වසල වේසිගෙ උන් දෙතුන් දෙනෙක් නිසා මිනිස්සු ලක්ෂ ගාණකට ලෙඩ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කුරුණෑගල කොහෙද ඕකගෙ වෙන්න ඕන ෆැක්ට්‍රියක් තියෙනවා වෙන්න ඕන. මර මරීනාද මොකද්ද නම නම් මතක නෑ. නමුත් කුරුණෑගල ඕකගේ ෆැක්ට්‍රියක් තියෙනවා කියලා ශුවර්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරීනා පොන්නයද මේ? ඌ තමයි මම හිතන්නේ. සිංහලුන්ටත් හොඳ වැඩේ. පොල් තෙල් හොඳ එව්වා ගන්නේ නැතුව ගූ ගොඩවල් ලාබෙට දෙනකොට අරන් යනවා. අපේ නම් පොල් අරන් වේලලා කෑලි කපලා හිඳගන්නවා. හැම එකාටම ඕක බැරි නිසා අඩු ගානේ හොඳ පොල් තෙල් ගනින්. ඔය පාම් ඔයිල් වලින් මොනාහරි බදිනකොට දුම් දදා පෙණ එනවා. කඩවල් වලින්ම කාපු උන්ට නම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි.

    ඉස්සරහට කෙල්ලෙක්වත් දාගන්න වෙන් නෑ. පිටින් ඔපේ තිබ්බට ලෙඩ ගොඩවල් සෙට් වෙයි. අන්තිමට හම්බෙන ළමයිනුත් ඊට අන්ත ලෙඩ්ඩු. සල්ලි වලට දෙමාපියොත් පාවලා දෙන වසල වේසිගෙ උන් දෙතුන් දෙනෙක් නිසා මිනිස්සු ලක්ෂ ගාණකට ලෙඩ.


    bless me:dull:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට ඔය කඩවල තියෙන එවා විශ්වාස නැති නිසා මගේ කොල්ලට හදන කෑම වලට අපි දාන්නේ මමම හින්දන පොල් තෙල්, පොල්ගෙඩි 10කින් පොල්තෙල් 3/4 විතර හදාගන්න පුළුවන්.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම මේ ආර්ටිකල් එක ෂෙයාර් කරාට කව්ද කියල හරියටම දන්නේ නැහැ....

    එත් පිට කඩවලින් කෑම කද්දී, ගෙදරට බදින තෙල් ගෙනියද්දි දෙපාරක් හිතපන්.......
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට ඔය කඩවල තියෙන එවා විශ්වාස නැති නිසා මගේ කොල්ලට හදන කෑම වලට අපි දාන්නේ මමම හින්දන පොල් තෙල්, පොල්ගෙඩි 10කින් පොල්තෙල් 3/4 විතර හදාගන්න පුළුවන්.
    ela ela... eeth
    monte cristo situwaraya kiyawala tyenawada? mama nam ready wela inne.