ඔබ වාහන රියදුරෙක් නම්,

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
ඔබ වාහන රියදුරෙක් නම්,

පොලිස් නිලධාරීන් පාරේ රාජකාරී කරන විට :P බොහෝ රියදුරන් ඉදිරියෙන් එන වාහන වලට හෙඩ් ලයිට් ගසා ඒ ගැන දැනුම් දෙනවා.
ඔබත් එසේ කරනවා වන්නට පුළුවන්.
පොඩ්ඩක් හිතන්න..
එයින් ඔබ කරන්නේ වැරදි කරන්නවුන්ට උදව් කිරීමක් නේද?
Police.jpg

ඔබ මාර්ග නීති පිලිපදිනවා නම් ඇයි වරදි කරන අයට උදව් කරන්නෙ..
එයාලත් දැනගන්න ඕනෙ වැරදි නොකර වාහන පදවන්න.

හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි.
images

නමුත් එය වැරදිය.

වාහනයක් ඉස්සර කිරීමේ දී බොහෝ අය කරන්නේ හෝන් කිරීමයි. නැත්නම් හෙඩ් ලයිට් ගැසීමයි.
නමුත් කළ යුතු දේ වන දකුණු පැත්තෙ සිග්නල් දැමීම නොකරයි.
gdp_overtaking_00.jpg

තව ද, ඔබව පසු කර යාමට අදහස් කරන අය දුටු විට ඔහුට ඔබව පසු කර යාමට අවස්ථාව දෙන්න.

මාර්ගයේ වාහන තදබදයක දී ඉදිරියට යාමට අපහසු නම් කිසි විටකත් පදික මාරුව අවහිර නොකරන්න.
Z_p34pedes.jpg

නිතරම පදික මාරුව නිදහස්ව තබන්න.

රාත්‍රියේ දී ඔබට ඉදිරියෙන් වාහනයක් යන විට හෙඩ් ලයිට් ඩිම් කරන්න.
0.jpg

බොහෝ දෙනා සිතන්නේ එසේ කළ යුත්තේ ඉදිරියෙන් එන වාහන වලට පමණක් යැයි කියාය.

පටු මාර්ගයක වාහනය නවත්වා තැබීමට සිදු වන්නේ නම්,
පාරේ අනෙක් පසින් වාහනයක් නවතා ඇති විටක දී එයට මද දුරකින් (මීටර් 10-15)
ඔබේ වාහනය නවත්වන්න. එය එම පාරේ වාහන තදබදය අඩු කිරීමට ලොකු හේතුවක් වේ.
Jay-walkersCartoon-2-300x287.jpg

වැසි දිනවලදී ධාවනයේ දී ඉදිරි වාහනය හා ඔබ අතර මනා පරතරයක් තබාගෙන
අඩු වේගයකින් හා වැඩි අවධානයකින් යුතුව ධාවනය කිරීම නුවණට හුරුය.

670px-Drive-Safely-in-the-Rain-Step-3-Version-2.jpg

තව ද වැසි වතුර පිරුණු තැන් වලින් ගමන් කිරීමේ දී පදිකයන් ගැනත් සිතන්න.
images

ඔබ උමං මාර්ගයක් තුලින් රථය පදවන විට නලාව ශබ්ද කිරීම නොකරන්න.
එසේ නැතිනම් අවම කරන්න.
නිතරම මතක තබා ගන්න උමං මාර්ගයක් තුළ පොළව තෙත් ගතියකින් යුතු බැවින් ලෙස්සීමට ඇති ඉඩ කඩ වැඩි බව.

මත්ද්‍රව්‍ය පානය කර රථවාහන ධාවනයෙහි නොයෙදෙන්න.
Dont-drink-and-drive.jpg

එසේම මාර්ග නීති වලට ගරු කරන්න. ජංගම දුරකතන භාවිතයෙන් ද වලකින්න.
no-dialing-no-texting-LVHR408.jpg

වගකීම් සහගත රියදුරකු වන්න.

ඔබේ රිය පැදවීමේ දක්‍ෂතාවය හා හැකියාව මනිනු ලබන්නේ මාර්ගයේ දී ඔබ ගන්නා නිවැරදි තීරණ අනුව වේ.

නිවසින් පිට වන විට හිතේ තිබුන නිදහස නැවත පැමිණෙන විටත් රැගෙන එන්න.
ඔබට සියළු දෙවියන්ගෙ පිහිටයි.. ආාාරස්සාවයි..

මේ Thread එක ඉදිරියට ගෙන යාම හා සැලකීම ඔබ සතු යුතුකමකි.:)
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රාත්‍රියේ දී ඔබට ඉදිරියෙන් වාහනයක් යන විට හෙඩ් ලයිට් ඩිම් කරන්න.
    0.jpg

    බොහෝ දෙනා සිතන්නේ එසේ කළ යුත්තේ ඉදිරියෙන් එන වාහන වලට පමණක් යැයි කියාය.

    මේ කතාව ඇත්ත... :)
    පිටි පස්සෙන් එන එකාගෙ එලිය මැද කණ්නාඩියෙන් ආයෙ ඇස් දෙකට වදිනව..:baffled:
    මහ රෑක ගොඩක් මහන්සි වෙලා ඩ්‍රයිව් කරද්දී ඒක ලොකු හිරි හැරයක්....:(

    හොඳ ත්‍රෙඩ් එකක් මචන්...:yes:
    +Rep
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්.. අර හතරමං හන්දි වල ඩබල් සිග්නල් කතාව දැන ගත්තෙත් අදයි...:( ඒකටත් ස්තූතියි...:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොලිස් නිලධාරීන් පාරේ රාජකාරී කරන විට බොහෝ රියදුරන් ඉදිරියෙන් එන වාහන වලට හෙඩ් ලයිට් ගසා ඒ ගැන දැනුම් දෙනවා.
    ඔබත් එසේ කරනවා වන්නට පුළුවන්.
    පොඩ්ඩක් හිතන්න..
    එයින් ඔබ කරන්නේ වැරදි කරන්නවුන්ට උදව් කිරීමක් නේද?

    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රාත්‍රියේ දී ඔබට ඉදිරියෙන් වාහනයක් යන විට හෙඩ් ලයිට් ඩිම් කරන්න.
    0.jpg

    බොහෝ දෙනා සිතන්නේ එසේ කළ යුත්තේ ඉදිරියෙන් එන වාහන වලට පමණක් යැයි කියාය.

    මේ කතාව ඇත්ත... :)
    පිටි පස්සෙන් එන එකාගෙ එලිය මැද කණ්නාඩියෙන් ආයෙ ඇස් දෙකට වදිනව..:baffled:
    මහ රෑක ගොඩක් මහන්සි වෙලා ඩ්‍රයිව් කරද්දී ඒක ලොකු හිරි හැරයක්....:(

    හොඳ ත්‍රෙඩ් එකක් මචන්...:yes:
    +Rep
    Sahathika aththa..mamanan karanne ehema karana kenata issara wenna dila mamath head light dagena yanawa eyage passen..:lol::lol:
    ආහ්.. අර හතරමං හන්දි වල ඩබල් සිග්නල් කතාව දැන ගත්තෙත් අදයි...:( ඒකටත් ස්තූතියි...:)

    Double signal danne wahane apadawakadi nawaththala thiyeddi witharai..godak aya hatharaman handiwaladi kelin gaman karanna double signal dammata eka waradi..:yes:

    Bohoma Honda thread ekak..bedagaththata sthuthiyi...:D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    අනිවාර්යෙන්ම..!
    වෙන රටවල් වල පොලිස් මාමිල ඉන්නෙ රියදුරන්ට පේන විදිහටමයි.. ඉතින් කවුරුවත් කියන්න යන්නෙත් නෑ, මිනිස්සු වැරදි කරන්නෙත් නෑ...
    අපේ රටේ මාමිල ඉන්නෙම ලයිට් කණු, ලොකු ලොකු ගස් පිටි පස්සෙ හැංගිලා..
    අනික අත දාගෙන පාරට පනින්නෙත් මහ අමුතු විකාර කොලොප්පන් විදිහට.. ඒකම ඇති නුහුරු කෙනෙක් අතින් අනතුරක් වෙන්න...

    ඒ මදිවට ලියන්න දඟලන්නෙ අහිංසක මිනිස්සුන්ටමයි.. වැරැද්දක් කළත් නැතත් වැරැද්දක් හදල හරි දඩ කොළයක් ඇඟෙ ගහන්නමයි බලන්නේ....

    වැරදි නොකර යන එක රියදුරන්ගෙ යුතුකමක් තමයි..
    ඒත් පොලිසියෙන් වැරදි අල්ලන එකට අමතරව අහිංසක මිනිස්සුන්ගෙන් ඒ අයගෙ සාක්කු පුරවගන්න එක හරි නවතිනව අර වැඩේ කරද්දි...

    Sahathika aththa..mamanan karanne ehema karana kenata issara wenna dila mamath head light dagena yanawa eyage passen..:lol::lol:

    ආපෝ.. ඒකනම් කුජීතයි...:rofl: