ඔබ හා මෙමා අතිනත් අරන්

back slash

Active member
  • Jun 3, 2010
    180
    31
    28
    ඔබ හා මෙමා අතිනත් අරන්

    "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතයේ තේරුම දන්න කෙනෙක් කියනවද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කසාද බැදලා හනිමුන් එක ගත කරපු හැටි සිහි වෙනවලු (දවස ) කෙටියෙන්ම :P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    [FONT=&quot]ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා. භවයෙන් භවේ මෙලෙසින් බැදී අප ආ ගමන් අමතක උවත් ඔබගෙයි මගෙයි හද මන්දිරේන් නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා. ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක්වී වෙලී සෙනෙහස සේවූ ඒ සොදුරු දා සිහිවෙනවා. ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා [/FONT][FONT=&quot][/FONT]ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා.

    [FONT=&quot]ඕකම තමයි ඉතින් තේරුම :baffled:
    [/FONT]
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ ගීතය හදුනු හැටි කොහොමද ?
    ඕක හදන්න පදනම් වෙච්ච කතාව නම් දන්නෙ නෑ.නෙට් එකේ මෙහෙම විස්තරයක් නං තිබුනා.:)
    ~~ ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහිවෙනවා ~~​

    අපි අතිනත ගත්දා ඔයාට මතකද... අතේ ඇඟිලි රන් හුයකින් එක්‌කරද්දි අපේ හදවත් දෙකත් එකට බැඳුණා. දෙසිතම එකම සිතක්‌ වුණා.

    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිප ගත් එදා සිහිවෙනවා
    සිප ගත් එදා සිහිවෙනවා

    එදා අපි අතිනත් අරගෙන. අපේම ලෝකෙක තනිවුණා. කාත් කවුරුවත් බාධාවට හිටියේ නෑ. අපි දෙන්නගේ ඒ පළමු රාත්‍රිය ඔයාට මතකද? ඔයා මගේ දෙපා දෑතින්ම වැළඳගෙන සිපගත් හැටි මට නම් අමතක වෙන්නෙම නෑ.

    ටී. එම්. ජයරත්න ගයන මේ ගීය ලියුවේ විමලා රංජනී පීරිස්‌. ඒත් එහෙම කෙනෙක්‌ හැබෑවටම නෑ. අන්වර්ථ නාමයක්‌ මෙතරම් ලස්‌සන ගීයක පදමාලාවට නියම අයිතිය කියන්න... ලියූ කෙනා අකැමැති වුණා. ඒ ඇයි.

    එකල ගුවන් විදුලියේ සභාපතිවරයාව හිටියේ රිඡ්වේ තිලකරත්න. විමලා රංජනී පීරිස්‌ කියන්නේ රිඡ්වේටම තමයි. ගුවන් විදුලියේ නිලතල උසුලද්දි ගීත ලියන්න බෑ. ඒ නිසා තමයි මේ ගීය රිඡ්වේ ලියලා වෙන නමකින් ටී. එම්. ට දීලා තිsයෙන්නේ.

    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
    නැග ආ ස්‌වරේ
    එක්‌වූ දිනේ සිහිවෙනවා
    එක්‌වූ දිනේ සිහිවෙනවා

    පෙර භවය ගැන අපිට මතකද නෑ... ඒත් අපි දෙන්නා හැම භවයකදිම ඔයා මගේ මං ඔයාගේ වුණා. ඒ අපි ආ ගමන් මග. අපිට මතක නැහැ. ඒත් අපේ හදවත්වලින් නැඟී ආ හැඟුමන් ඒ. ස්‌වරය එකට එකතුවුණා. ඒ දිනය නම් මට අදත් සිහියට එනවා.

    එදා රිඡ්වේ තිලකරත්න මේ ගීය ලියලා ගුවන් විදුලියේම සේවය කරන ජී. එස්‌. බී. රාණි පෙරේරා ශිල්පිනියට දුන්නේ "මේක කා හරි ලවා ඉක්‌මනට ගායනා කරවන්න" කියමින්. ඉන් මඳ වේලාවකට පසු ජී. එස්‌. බී. රාණිට, ටී. එම්. ජයරත්න හමුවෙලා ඇය ඔහුට ගීය දුන්නා. එච්. එම්. ජයවර්ධන ලවා තනුව සාදා ගත්තා. ටී, එම්. ගීය ගැයුවා. ඒ විමලා රංජනී පීරිස්‌ගේ පදමාලාවක්‌ ලෙස ගීය ජනප්‍රිය වුණා. රිඡ්වේ සංස්‌ථා සේවයෙන් සමුගත්තා. එවිට රාණි පෙරේරා ගායිකාව ටී. එම්. ට ඇත්ත සිද්ධිය පැවැසුවා. ගීය ලියුවේ රිඡ්වේ කියා ඇය ඔහුට පැවැසුවා.

    ඔබ මා දෙනෙත්
    මා ඔබේ දෙනෙත්
    එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
    ඒ සොඳුරු දා සිහිවෙනවා
    ඒ සොඳුරු දා සිහිවෙනවා

    ඔයාගේ නිල් නුවන් මගේ දෙනෙත් එක්‌ක යා වුණා. මගේ දෙනෙත් ඔයාගේ දෙනෙත් එක්‌ක යාවුණා. අපි දෙන්නම එකට එක්‌ව ආදරය, සෙනෙහස සොයා ගියා. ඔයාට ඒ අතීතය මතකද? ඒ නම් සොඳුරු අතීතයක්‌

    මේ ගීයෙන් කියන්නේ පෙම්වතුන් දෙදෙනෙක්‌ ගැන. ඔවුන් විවාහ වෙලා. මංගල රාත්‍රිය ගැන සිහිකරමින් ගීය ආරම්භ කරනවා. මංගල රැයේදි දෙදෙනා අතර ඇතිවූ බැඳීම් ගීයෙන් විග්‍රහ කරනවා. එපමණක්‌ද? රිඡ්වේ තිලකරත්න ගීයෙ පදමාලාව තමන් කළ බව සැඟවීම, රාජ්‍ය සේවකයකුගේ අවංකභාවයට නිදසුනක්‌.

    ~~ ඔබ හා මෙමා අතිනත් අරන් ~~​

    ඔබ හා මෙමා අතිනත් අරන්​
    අපගේ ලොවේ තනිවූ එදා​
    ඔබ මා දෙපා දැතින් බදා​
    සිප ගත් එදා සිහිවෙනවා​
    සිප ගත් එදා සිහිවෙනවා​

    භවයෙන් භවේ මෙලෙසින් බැඳී​
    අප ආ ගමන් අමතක වුවත්​
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්​
    නැග ආ ස්‌වරේ​
    එක්‌වූ දිනේ සිහිවෙනවා​
    එක්‌වූ දිනේ සිහිවෙනවා​

    ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්​
    එක්‌වී වෙලී සෙනෙහස සෙවූ​
    ඒ සොඳුරු දා සිහිවෙනවා​
    ඒ සොඳුරු දා සිහිවෙනවා​

    ගායනය :- ටී.එම්.ජයරත්න
    පද රචනය :- විමලා රංජනී පීරිස්‌
    තනුව :- එච්.එම්.ජයවර්ධන

    -අජිත් අලහකෝන්
    (උපුටා ගැනීම දිවයින පුවත්පතින්)
     
    Last edited:

    thanks, මම ඔය දේ අහල තිබුනේ නැ