ඔබ_වැනි_දියණියන්_ලද_රට_පින් __කාරයි
අදට වසර 23 කට පෙර 1995 වසරේ කුරිරු යුද්ධයේ දරුණුම මොහොතක මමත් දුමින්ද දිසානායක සහෝදරයාත් ( වර්තමානයේ මාතලේ මහනගර සභාවේ සේවයේ නියුතු ) ත්රීකුණාමලය සිට මහසොරොව් වැව ගම්මානය බලා යතුරුපැදියෙන් පිටත් වුවේ අනාරක්ෂිත ගමක ජීවන සටහනක් ඉරිදා ලංකාදීප වෙනුවෙන් ලිවීමේ අපේක්ෂාවෙනි. මොරවැව,ගෝමරන්කඩවල තෙක් කිලෝමීටර් හැටක් පමණ ගොස් තාවුල් වැව සිට මහසොරොව්වැව දක්වාවූ හැතැප්ම අටක ඝන කැලෑවක් මැදින් වූ අතිබිහිසුණු ගමන ගැන යම් චකිතයක් හිතේ මෝදුවෙමින් තිබුන අවස්ථාවක හදිසියේ මා නෙත ගැටුනේ "බඩ දරු අම්මා "කෙනෙකි. ඒ නිළ ඇදුමක් ලාගත් මොරවැව මාර්ගය අසළ බංකරයක රාජකාරි කරන නිළ දරුවෙකි. යතුරු පැදිය පසෙකින් නවතා ඇය හා දොඩමළු විය. "ඔහොම රාජකාරි කරන්න අපහසු නැද්ද පුතේ?" "මවු පදවිය කියන්නේ උතුම් දෙයක්.අද රට රකිනවා කියන්නේ ඊටත් වඩා උතුම් දෙයක්නේ... "
(ප්රිය සබඳ මොහොතක් සිතන්න කුරිරු ත්රස්තවාදයෙන් මේ රට මුදාගන්න ඉහළ සිට පහළට වූ රණවිරුවන් මොන තරම් කැප කිරීමක් කර ඇද්ද කියා)
ඇගේ මේ උතුම් පැතුම ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව නිසි අවසරයක් ලබාගත්පසු මම ඇගේ චායාරුප කිහිපයක් ගතිමි.
ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරී කළ ඇය නමින් ලාන්ස් කෝප්රල් ගීතා ප්රියදර්ශනී නම් විය.
මා ලබාගත ඡායාරුප 1995 සැප්තැම්බර් 03 වෙනි දින ඉරිදා ලංකාදීප සහ SUNDAY TIMES පුවත්පත් වල මුල් පිටුවේ ප්රධාන චායාරුපය ලෙස පළවිය.
මේ පුවත්පතේ පළවූ සහ මුල් චායාරුප වේ
එදා ඇය බිහිකළ ළදරුවා අද වනවිට විසිතුන් වියැති යෞවනයෙක් හෝ යෞවනියක් විය යුතුයි.........(ඩිලන්ත හෙට්ටිගේ ) - FB