ඔයාගෙ යාළුවට පිළිකාවක් තියෙන්නේ.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාගෙ යාළුවට පිළිකාවක් තියෙන්නේ.


    sad_man.jpg


    “ඔයාගේ යාළුවට කැන්සර් එකක් තියෙන්නේ....එක පාරටම මේ ගැන එයාට කියන්න එපා හිමින් සැරේ හිත හැදෙන විදියට කියන්න අපි මෙයාව සනීප කරගන්න බලමු...හැඟීම්බර වෙන්න එපා පුතා යාළුවා වෙනුවෙන් මේ දේ ඔයා කරන්න ඕනේ.මේ වෙලාවේ එයා හිත දුර්වල කරගත්තොත් අපිට තියෙන සුළු අවස්තාවත් මග ඇරෙන්න පුළුවන්”

    ඉන් පසුව ඇති වූ නිහඬතාව බිඳින්නට වෛද්‍යවරයාද අපොහොසත් විය.වෙනදාට එකා පසු පස එකා බැගින් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා පවා අද ඒ ගැන තැකීමක් නොමැතිව පසුවෙන්නේ ඔහුටද මේ පිළිබඳ දුකක් ඇතිවායින් යැයි පැහැදිලිය.මගේ යාළුවට පිළිකාවක් කියලා මම කොහොමද එයාගේ හිත නොකඩා කියන්නේ හැඬුම් හිර කරගනිමින් නැවත වෛද්‍යවරයා දෙස බැලුවේ අවසාන මොහොතේ හෝ මට වැරදුනා යැයි පවසනු ඇතැයි බලාපොරොත්තුවෙන්.

    “ඩොක්ටර් ඒත් ඇයි මෙහෙම වුනේ එයා එහෙම නරක විදියට හැසිරුණු කෙනෙක් නෙමෙයිනේ”

    “ඒක තමයි පුතා මටත් තියෙන ප්‍රස්නේ මේක හරිම බැරෑරුම් දෙයක් මුල ඉඳන් හැමදේම හොයන්න වෙනවා”

    “මම ගිහින් එන්නම් ඩොක්ටර් බොහෝම ස්තූතියි මම මේ ගැන හොයලා බලන්නම්”

    අසුනෙන් නැගිට පිටතට යෑමට කල්පයක් ගතවේ නම් කොයිතරම් දෙයක්ද.මොනාද මම මදුරංගට කියන්නේ.

    “එරා මචං මට ඇත්ත කියහන් ප්ලීස් උඹව තනියෙන් තියාගෙන ඩොකා මොනාද කිව්වේ මාව සනීප කරන්න බෑ කිව්වද උඹ මගේ හොඳම යාළුවා නම් මට කිසි දෙයක් හංගන්න එපා හරිද”

    “උඹ බය නොවී ගෙදර යමංකෝ බං මට උඹෙන් දැනගන්න දේවල් ටිකක් තියෙනවා ඒවට උඹ අවංකව උත්තර දුන්නොත් මම උඹේ ප්‍රස්නෙට උත්තර දෙන්නම් දැන් බය නොවී ගෙදර යමං.මෙහාට දියං යතුර”

    ~~~~~~~~~~~~~~~~~~

    “නෑ බං නෑ නෑ මම එහෙම කරනවද බං උඹට කොහොමද දිවුරන්න ඕනේ මගේ ශෂී පල්ලා අඩුගානේ මම ඒකි එක්කවත් ඉඳලා නෑ බං උඹ දන්නවනේ මම කොච්චර ඒකිට ආදරෙයිද කියලා මේක වෙන්න බෑ බං මේක වෙන්න බෑ”

    “ඒත් මදුවෝ උඹට මේක හැදෙන්න වෙන කිසිම හේතුවක් වෙන නෑනේ උඹ ලේ දුන්නේත් නැත්තම් කෙල්ලෙක් එක්ක හිටියෙත් නැත්තම් කොහොමද මේක වෙන්නේ උඹ හීනෙන් බඩු ගැහුවට මේවා වෙන්නේ නෑනේ ඇත්ත කතා කරහන් මචං හැමෝම අමාරුවේ දාන්න එපා”

    ජනේලෙන් ඉවත බලාගෙන ඉකි ගසන මදුරංග දෙස බැලීමත් මට වේදනාකාරි දර්ශනයක්.පැටලුණු නූල් බෝලයක් ලිහීම මේ තරම් අමාරු නොවෙනු ඇති.

    “එරා......”

    “කියහන් කොල්ලෝ උඹ මට නොකියන දෙයක් නෑනේ”

    “මම ශෂී එක්ක අන්තිමට ෆිල්ම් එකක් බැලුවේ සති දෙකකට කලින්”

    “ඒක වැඩක් නෑනේ බං මෙතන්ට උඹ හදන්නේ ආයේ උඹට ඒකි එක්ක හෝල් ගානේ රිංගන්න ඕනේ කියලද “

    “අනේ නෑ බං මං කියන දේ අහපන්......එදා මායි ශෂීයි එක්ක කවින්දයි උගේ කෙල්ලයිත් ගියා.අපි යද්දි ටිකක් පරක්කු වුනා කළුවරේ අත ගගා ගිහින් ඉඳගන්නකොට සීට් එකේ තිබිලා මොකක් හරි ඇණුනා බං”

    හිඳ සිටි අසුනින් ඉද්ද ගැසුනාක් මෙන් මා නැගී සිටියේ විය හැක්කේ කුමක්දැයි අනුමානය කරමිනි ඒත් මෙය සත්‍යයක් නම් කවින්දට හෝ කෙල්ලටවත්.....???

    “කවින්දයටත් ඇනිලා තිබුනා බං පොඩ්ඩක් ඌට කතා කරලා බලහං “

    මේ වන්නේ කුමක්දැයි මටද හිතාගත නොහැක.අවසානයේ හොරෙන් ෆිල්ම් බැලීම මෙතරම් පාපකර්මයක් වු හැටි.

    ~~~~~~~~~~~~~

    “මේක කරපු එකාට හොඳක් වෙන්නේ නෑ යකෝ ආයේ එකෙක්ටවත් ඔය හෝල් එකේ ෆිල්ම් එකක් බලලා යහතින් යන්න දෙන්නේ නෑ මගේ ජීවිතේම ඉවරයි...”

    “කවින්ද මට තේරෙනවා උඹ ඉන්න වේදනාව ඒත් මොනා කරන්නද බං අපේ වෙලාව තමයි මම එදා ටිකක් කලින් ආවානම් මෙහෙම වෙන්නේ නෑනේ.ඒත් බං උඹ පව් පුරෝගන්න එපා ඔතන්ට එන්නේ අපි වගේම අහිංසකයොනේ බං එදා අපි එද්දි නැගිටලා ගියපු එකා වෙන්න ඕනේ ඕක කරන්න ඇත්තේ ඒත් ඌ ආයේ එන එකක් නෑ එතන්ට.උඹට ඕනේ ඌ කරපුවම කරලා අපි වගේ තව අහිංසකයොන්ව අමාරුවේ දාන්නද.ටිකක් හිතහන් බං”

    “මදුවෝ මේ උඹේ බණ තියාගනින් මට මොනා වෙන්නද යකෝ මම කොහොමත් දැන් මැරෙන එකා මම මැරෙන්නේ තනියම නෙමෙයි තව දුසිමක්වත් මරාගෙන මැරෙන්නේ.උඹ බණ කිය කිය හිටහන්”

    කවින්දගේ සහ මදුරංගගේ සංවාදය අසා සිටිනු හැර මට කල හැකි වෙන කිසිත් නැත.කල හැකි පිළියමක්ද මා නොදනී.මට කල හැක්කේ හැකි උපරිමයෙන් උදව් කිරීම පමණකි.මදුරංග ගැන මගේ හිතේ සෑහෙන පැහැදීමක්ද ඇති වුනි.

    ~~~~~~~~~~~~~~~~~

    “ශෂී ඔයා දන්නවද පැටියෝ මම ඔයාට කොයිතරම් ආදරෙයිද කියලා...... මම දන්නවා ඔයාට මම නැතිව ඉන්න ගොඩක් අමාරු වෙයි ඒත් මැණික මට තව වැඩි කාලයක් නෑ ජීවත් වෙන්න මම පණ තියෙනකන් ඔයාව ආරක්ෂා කරන්නම් ඒත් මැරුණට පස්සේ මාව අමතක කරන්න.ඔයා දුක්වුනත් මොනා කලත් ආයේ මට ඔයාගේ කඳුලු පිහින්න එන්න වෙන්නේ නෑ.කල්පනා කරලා වැඩ කරන්න පැටියෝ මොන දේ උනත් අන්තිමට ඔයාට අම්මා තාත්තා ඕනේ වෙනවා ඒ දෙන්නගේ හදවත් රිද්දන්න එපා.”

    “අනේ මදුරංග අනේ මාව දාලා යන්නේ නෑ නේද අනේ කියන්න මාව දාලා යන්නෑ නේද ඔයාට යන්න බෑ ඔයාට බෑ මදූ ඔයාම කිව්වා නේද මාව අඬවන්නේ නෑ කියලා ඇයි රත්තරන් මෙහෙම නපුරු කතා කියන්නේ”

    “බොරු නෙමේ ශෂී පැටියෝ මේ ටික පරිස්සමෙන් ගිහින් කියවන්නකෝ මෙතන තියෙනවා මගේ ලෙඩේ ගැන ඩොක්ටර් දීපු රිපෝට්ස් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි.මට පුළුවන් පැටියෝ මැරෙන්න දැන් වුනත් ඒත් එහෙම නොකරන්නේ මට ඔයාව ඇස් පියවෙන අන්තිම මොහොතේ හරි දැකගන්න ඕන නිසා....මම බයයි මම මැරෙනකොට මගේ හදවතේ ඉන්න පුංචි කුමාරිට රිදෙයි කියලා ඒ නිසයි මම දුක්විඳලා මැරෙන්න තීරණය කලේ අද අන්තිම රිපෝට් එක එනවා පැටියෝ.මම අන්තිම හුස්ම පොද ගන්නෙත් ඔයා මතක් කරලා ඒ වෙලාවට මගේ ළඟින්ම ඉන්න මට ඒ හොඳටෝම ඇති”

    “මං ඔයාට ගොඩක් ආදරෙයි මදූ අනේ අද දවසම මාත් එක්ක ඉන්න”

    අනෝරා වර්ෂාව මැද ගසක් මුල ගුලි ගැහී සිටි පෙම් යුවල දුටු ඇතැම් වැඩිහිටියෝ නොපහන් සිතින් ඔවුන් දිහා බලමින් ගිය නමුත් වෙනදා කුලෑටි ලැජ්ජාශීලි ශෂී එය තඹේකට මායිම් නොකලාය.ඇයට අවශ්‍ය වූයේ තමාගෙන් වෙන්වී යෑමට සැරසෙන තමන් සතු එකම වස්තුව හැකි වීර්යෙන් ගුලිකර ගැනීම පමණකි.වැස්සෙන් තෙතබරිත වූ ඔවුනොවුන් වැළඳගෙන සිප ගනිද්දි ඔවුන්ගේ කඳුළු සැඟවීමට වර්ෂාව මහත් උත්සහයක් ගත් අයුරකි.

    සීතලෙන් වෙව්ලන ශෂීගෙන් තමාට හැකි ප්‍රයෝජනයක් ගත හැකිව තිබියදීත් කාටත් නොපෙනෙන රුක්ෂ මූලයක තනිවූ මදූ කලේ ශෂීගේ දෙකම්මුල් ආදරෙන් ස්පර්ෂ කරමින් ඒ නිල්නෙතු දෙස හඬමින් බලා සිටීම පමණකි.

    මේ අතර එක්වරම වේදනාවක් සමග ඇහැරුණු කවින්ද දුටුවේ හෝටල් කාමරයේ තමන්ට එහා පැත්තේ නිදන තම ආදරවන්තියයි.තම රෝගය ගැන කිසිත් නොදැන ඈ සතු සියළු දේ තමන්ට පූජා කලත් ඇය ගැන ඔහුගේ සිතේ කිසිදු තෙතමනයක් නැතුවාක් මෙනි. තම කවුළුවෙන් පිටත ඇද හැලෙන මහා වර්ෂාවට නෙතුයොමා කවින්ද නැවතත් කල්පනාවට බර විය.

    ~~~~~~~~~~~~~~~~

    “ඩොක්ටර් ..........................”

    කෑලි කැපිය හැකි තරමේ නිහැඬියාවක් මොහොතක් පුරාවට පැවතුනු අතර මදුරංග සමග අවසාන වාර්තාවද ලබා ගැනීමට පැමිණි එරංගගේ හද ගැහෙනා රාවය මුළු ශාලාව පුරාම රැව් දෙන්නාක් මෙන් විය.එරංග දෙවන වතාවටත් වෛද්‍යවරයා ඇමතූ අතර දිගු සුසුමක් හෙළු ඔහු වාර්තාව එරංග අතට පත් කලේය.

    කඳුලු වගුරවමින් එරංග,මදුරංගව බදාගත්තේ කිසිත් නොකියමිනි.....මදුරංග සොයුරෙකු වන් තම මිතුරාගේ පිටට තට්ටුවක් දාමින් “දුක්වෙන්න එපා මචං” කියමින් වෛද්‍යවරයා දෙස බලන විට වෛද්‍යවරයා පැමිණ ඔහුට අතට අත දීමට සැරසෙනු ඔහු විශ්මයෙන් බලා සිටියේය.

    “මේක ගොඩක් දුර්ලභ රෝගි තත්වයක් මීට වසර හතලිහකට පෙර තමයි මේ වගේ ලෙඩෙක් හමුවෙලා තිබුනේ මේක HIV වෛරසයේ ප්‍රාථමිකම අවස්ථාවක්. ඔබට වැළඳී තිබූ වෛරසයේ සැකැස්ම මුලින්ම හමුවූ HIV වෛරසයේ සැකැස්මටත් වඩා ඉතාමත් දුර්වලයි. පරීක්ෂණ වල හැටියට HIV සැකැස්ම පරිණාමනය වෙනවා ඒ අතරදි පරිණාමයට ලක්නොවී ඉතුරු වූ HIV ප්‍රභේදයක් විය හැකියි මොකද ඒවා දැනට මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිදේහ සමග සටන් කර අක්‍රීය වී යනවා.”

    ඒ අතරම එරංගගේ ජංගම දුරකතනය නාද වුනි...


    “හෙලෝ එරංග පුතාද මේ.........පුතේ මම කවින්දගේ තාත්තා...... කවින්ද මහරගම කැන්සර් හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලා...එයාට හොඳටම අමාරුයි පුතා.... එයාගේ රිපෝට්ස් සේරම ........”


    ප/ලි


    මේ කෙටි කතාවක් වගේ එක ලියන්න හේතු පාදක වුනේ ෆිල්ම් හෝල් එකකදි ඇණුනු ඇණයක්.සෑහෙන්න වෙහෙසක් දරා ලියූ මේ කතාව නොදමා සිටියේ මෙය බොළඳ යැයි සිතුනු නිසා... ඒත් මදුෂාණි අක්කාගේ රෝගය සුව කිරීමට හැමෝම වෙහෙසෙන මොහොතක මේ කතාව දමන්න සිතුනේ මේ කතාව ලියැවුනේත් පිළිකාවක් වටා වීම නිසයි.


    ඒ නිසා මේ ලින්ක් එකෙන් ගිහින් ඒ අක්කා ගැන වැඩි විස්තර හොයා බලා හැකි අයුරකින් ඇයට ජීවිතය ලබා දෙන්න උදව් වෙන්න කියලා මා ආදරයෙන් ඉල්ලා සිටිනවා..... වැලන්ටයින් වෙනුවෙන් කඩකාරයන්ට දහස් ගනන් වලට විකිනෙන මොහොතක ඔබේ එක රුපියල් සීයක් මේ අක්කාට ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙනවා.....

    උපුටා ගැනීම - ගැමියාගේ පත් ඉරුව බ්ලොගයෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරිබිරිල්ලා;12088294 said:
    ඇණ වලින් කොහොමද බන් කැන්සර් හැදෙන්නෙ?:eek:

    අනේ මන්දා මචෝ.. ඕක බ්ලොග් එකේ තිබිලයි දැම්මේ. උදව්වක් ඉල්ලලා තිබුන නිසා..:no:
     
  • Feb 12, 2012
    70
    7
    8
    අනේ මන්දා මචෝ.. ඕක බ්ලොග් එකේ තිබිලයි දැම්මේ. උදව්වක් ඉල්ලලා තිබුන නිසා..:no:
    උගේ පච බන්! ලිංගික හැසිරීම් වලින්/ ලේ දුන්නමවත් කැන්සර් එන්නෙ නැහැ බන්! ඇණ වලින් හැදෙන්නෙ කැන්සර් නෙමේ පිට ගැස්ම බන්:baffled: