ඔයාලා බැලුවද Mirror Mirror Movie එක?

Jun 26, 2012
591
162
0
ඔයාලා බැලුවද Mirror Mirror Movie එක?

Mirror-Mirror-title-card-DI-to-L8.jpg


24936_167509.jpg


ලෝකප්‍රකට සුරඟන කතාකරුවන් වන ග්‍රිම් සහෝදරයින්ගේ ස්නෝ වයිට් කවුරුත් ප්‍රිය කළ අපූරු කතාවකි. දැන් එය හොලිවුඩ් තිරයට නැගී ඇත්තේ අමුතුම ප්‍රහසනාත්මක කතාවක් ලෙසිනි. අධ්‍යක්ෂ ටාර්යෙන් සින්ග්, ඔහුගේ අනෙකුත් චිත්‍රපට මෙන්ම සුන්දරත්වය මෙයට මනාව කැටිකොට ඇත්තේ වුවද, අපි ඔබ අසා පුරුදු ස්නෝ වයිට් කතවේ ඇති ගැඹුර හරය ප්‍රහසනය තුළ දියවී ගොස් ඇති බවට විචාරකයෝ මේ ගැන අදහස් දක්වමින් කියා ඇත.

මෙලිස්සා වොල්ලැක් විසින් තිර රචනය කර ඇති මේ කතාව ඇතුළත් චිත්‍රපටය දැන් ඔබ හමුමවට පැමිණ ඇත්තේ MIRROR MIRROR ලෙසිනි.

ඩොලර් මිලියන 35.1 උපයා ඇති මෙය විනාඩි 106ක ධාවන කාලයක් සහිතය. ජූලියා රොබර්ට්ස්, ලිලී කොලින්ස්, නේතන් ලේන්, අර්මි හැමර්, සීන් බීන් මෙහි රංගනයෙන් දායක වෙතී.


කතාව ඇරඹෙන්නේ ක්ලෙමෙන්ටියානා රැජින ස්නෝවයිට් කතාව කියන දර්ශනයකිනි. ස්නෝවයිට් උපදින්නේ මවු රැජින මරාගෙනය. පිය රජු නැවත විවාහයක් කර ගත්තේ වුවද ඔහුගේ බලාපොරොත්තුව වන්නේ ස්නෝවයිට් දිනෙක රජකමට පත්වනු දැකීමය. එහෙත් එක් දිනයකදී වනාන්තයට යන රජු නැවත නොපැමිණේ. ස්නෝවයිට් හට සිය පියාගේ කිරිච්චිය පමණක් තිලිණ ලෙස හිමිවෙයි. නව රැජින ස්නෝවයිට් නොතකා හැර ක්‍රියා කරයි. දැන් කතාව එක්වරම වයස 18 සපිරි කුමරිය සිය නගරය නරඹන්නට යන අවස්ථාවක් කරා එළඹේ. එතනදී ඇයට මුණගැසෙන්නේ අල්කොට් කුමරු සහ පිරිවරයි. මේ අය මංකොල්ලකරුවන් වන කුරුමිට්ටන්ගේ පහරකෑමට ලක්ව සිටිතී. එසේම මුළු නගරයම රැජිනගේ දරදඩු පාලනය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව දන්නා කුමරිය ඔවුනට උපකාර කිරීමට සිතන්නීය.

කුමරිය සමග එන තරුණ කුමරු දකිනා රැජින ඔහු තම වසගයට ගන්නට සිතන්නේ ඔහු සතු ධනය ගැන ලෝභකමිනි. රැජින සාදයක් සූදානම් කරයි. සාදයේදී හංස ධේනුවක සේ සැරසුණු කුමරිය හා හාවෙකු සේ සැරසුණ කුමරු එක්වෙයි. රැජින සිය මිනිසෙකු බන බ්‍රිග්ටන් හට කුමරිය මරා දමන ලෙස අණ කරන්නේය.

කුමරිය වන බිමට රැගෙන ගියද ඇය මරා දැමීඹට ඔහු අපොහොසත් වෙයි. රැජින තමන්ගේ රූ සපුව ගැන වර්ණනා කරන කණ්ණාඩිය සොයයි, කුමරියට අගුටුමිට්ටන් හත්දෙනා හමුවෙයි. බ්‍රිග්ටන් ජනතාවගේ බදු එක්රැස් කරගන එන්නේ ඒ අතරය. අගුටු මිට්ටෝ එය කොල්ලකතී. කුමරිය නැවත මේ මුදල් ජනතාව වෙත බෙදාහැරීම නිසා මුළු නගරයම සතුටින් ඉපිලෙයි. එහෙත් මේ කතාවේ අවසානය අප සිතනවාට වඩා බෙහෙවින් වෙනස් අයුරකින් දිග හැරෙන්නෙකි. වෙනකක් තබා අවසානයේදී කුමරිය අයිබ්ලීව් ඉන් ලව් නැමැති ගීතය ගයනුයේද බොලිවුඩ් ආරකටය.

http://www.youtube.com/watch?v=BNyRBF3jzeA
මේ තියෙන්නෙ I Believe (In Love) Song එක. Download ලින්ක් එකක් තියෙනවා නම් දෙන්නකො මේකෙ. :yes: ඒ සිංදුව හරි ලස්සනයි. අහලා බලන්න. :love:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බැලුවා...
    පට්ට...
    ඕකේ ඩිරෙක්ටර් ඉන්දියාවෙලු
    අන්තිමට තියෙන i believe සින්දුව නිකන් හින්දි වගේ :lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ තියෙන්නෙ I Believe (In Love) Song එක. Download ලින්ක් එකක් තියෙනවා නම් දෙන්නකො මේකෙ. ඒ සිංදුව හරි ලස්සනයි. අහලා බලන්න.
    ඉතින් ඔය යූ ටියුබ් ලින්ක් එකෙන්ම බාගෙන කන්වර්ට් කරගත්තනම් හරිනේ....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Captain ජැක් ස්පැරෝ;12941800 said:
    ඔන්න Download වෙන්න දැම්මා.......:cool:
    Thanks......

    :eek: puduma hadissiyak ne..

    Captain ජැක් ස්පැරෝ;12941806 said:
    මේකේ සිංහල Subtitle එකත් තියනවා.........:P:P

    ඇත්තද?:)
     
    Jun 26, 2012
    591
    162
    0
    යෝනක බෞද්දයා;12941667 said:
    yap. i already watch it . very nice movie
    :):)

    baluwe na...
    බලන්න. ඒ ෆිල්ම් එක ලස්සනයි :)

    ස්තුතියි

    Snow White and the Huntsman (2012)
    http://www.imdb.com/title/tt1735898/
    meka ela
    ඕක බලන්න බැරි වුනා මට :no:

    ස්තුතියි. ෆිල්ම් එකෙන් ගනිපු එකක්ද දන්නෑනෙ :oo:

    බැලුවා...
    පට්ට...
    ඕකේ ඩිරෙක්ටර් ඉන්දියාවෙලු
    අන්තිමට තියෙන i believe සින්දුව නිකන් හින්දි වගේ :lol:
    ඔව්, Tarsem Singh එයාගෙ නම. :) ඒ සිංදුව නම් ලස්සනයි නේද

    ස්තුතියි :)
     
    Jun 26, 2012
    591
    162
    0
    මේ තියෙන්නෙ I Believe (In Love) Song එක. Download ලින්ක් එකක් තියෙනවා නම් දෙන්නකො මේකෙ. ඒ සිංදුව හරි ලස්සනයි. අහලා බලන්න.
    ඉතින් ඔය යූ ටියුබ් ලින්ක් එකෙන්ම බාගෙන කන්වර්ට් කරගත්තනම් හරිනේ....
    YouTube එකෙන් Download කරන්නෙ කෝමද?

    Captain ජැක් ස්පැරෝ;12941800 said:
    ඔන්න Download වෙන්න දැම්මා.......:cool:
    Thanks......
    :D

    Captain ජැක් ස්පැරෝ;12941806 said:
    මේකේ සිංහල Subtitle එකත් තියනවා.........:P:P
    කෝ දෙන්නකො මටත් :yes:

    IMDb ratings nam madi wage. 5.6 thiyenne..
    http://www.imdb.com/title/tt1667353/
    අනේ ඒ වුනාට ශෝයි Movie එක. ඔයා බලන්නකො. සමහර හොද Movie වලත් Ratings අඩුවෙන් තියෙන්නෙ.