ඔයාලා බැලුවද Mirror Mirror Movie එක?
ලෝකප්‍රකට සුරඟන කතාකරුවන් වන ග්‍රිම් සහෝදරයින්ගේ ස්නෝ වයිට් කවුරුත් ප්‍රිය කළ අපූරු කතාවකි. දැන් එය හොලිවුඩ් තිරයට නැගී ඇත්තේ අමුතුම ප්‍රහසනාත්මක කතාවක් ලෙසිනි. අධ්යක්ෂ ටාර්යෙන් සින්ග්, ඔහුගේ අනෙකුත් චිත්‍රපට මෙන්ම සුන්දරත්වය මෙයට මනාව කැටිකොට ඇත්තේ වුවද, අපි ඔබ අසා පුරුදු ස්නෝ වයිට් කතවේ ඇති ගැඹුර හරය ප්‍රහසනය තුළ දියවී ගොස් ඇති බවට විචාරකයෝ මේ ගැන අදහස් දක්වමින් කියා ඇත.
මෙලිස්සා වොල්ලැක් විසින් තිර රචනය කර ඇති මේ කතාව ඇතුළත් චිත්‍රපටය දැන් ඔබ හමුමවට පැමිණ ඇත්තේ MIRROR MIRROR ලෙසිනි.
ඩොලර් මිලියන 35.1 උපයා ඇති මෙය විනාඩි 106ක ධාවන කාලයක් සහිතය. ජූලියා රොබර්ට්ස්, ලිලී කොලින්ස්, නේතන් ලේන්, අර්මි හැමර්, සීන් බීන් මෙහි රංගනයෙන් දායක වෙතී.
කතාව ඇරඹෙන්නේ ක්ලෙමෙන්ටියානා රැජින ස්නෝවයිට් කතාව කියන දර්ශනයකිනි. ස්නෝවයිට් උපදින්නේ මවු රැජින මරාගෙනය. පිය රජු නැවත විවාහයක් කර ගත්තේ වුවද ඔහුගේ බලාපොරොත්තුව වන්නේ ස්නෝවයිට් දිනෙක රජකමට පත්වනු දැකීමය. එහෙත් එක් දිනයකදී වනාන්තයට යන රජු නැවත නොපැමිණේ. ස්නෝවයිට් හට සිය පියාගේ කිරිච්චිය පමණක් තිලිණ ලෙස හිමිවෙයි. නව රැජින ස්නෝවයිට් නොතකා හැර ක්‍රියා කරයි. දැන් කතාව එක්වරම වයස 18 සපිරි කුමරිය සිය නගරය නරඹන්නට යන අවස්ථාවක් කරා එළඹේ. එතනදී ඇයට මුණගැසෙන්නේ අල්කොට් කුමරු සහ පිරිවරයි. මේ අය මංකොල්ලකරුවන් වන කුරුමිට්ටන්ගේ පහරකෑමට ලක්ව සිටිතී. එසේම මුළු නගරයම රැජිනගේ දරදඩු පාලනය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව දන්නා කුමරිය ඔවුනට උපකාර කිරීමට සිතන්නීය.
කුමරිය සමග එන තරුණ කුමරු දකිනා රැජින ඔහු තම වසගයට ගන්නට සිතන්නේ ඔහු සතු ධනය ගැන ලෝභකමිනි. රැජින සාදයක් සූදානම් කරයි. සාදයේදී හංස ධේනුවක සේ සැරසුණු කුමරිය හා හාවෙකු සේ සැරසුණ කුමරු එක්වෙයි. රැජින සිය මිනිසෙකු බන බ්‍රිග්ටන් හට කුමරිය මරා දමන ලෙස අණ කරන්නේය.
කුමරිය වන බිමට රැගෙන ගියද ඇය මරා දැමීඹට ඔහු අපොහොසත් වෙයි. රැජින තමන්ගේ රූ සපුව ගැන වර්ණනා කරන කණ්ණාඩිය සොයයි, කුමරියට අගුටුමිට්ටන් හත්දෙනා හමුවෙයි. බ්‍රිග්ටන් ජනතාවගේ බදු එක්රැස් කරගන එන්නේ ඒ අතරය. අගුටු මිට්ටෝ එය කොල්ලකතී. කුමරිය නැවත මේ මුදල් ජනතාව වෙත බෙදාහැරීම නිසා මුළු නගරයම සතුටින් ඉපිලෙයි. එහෙත් මේ කතාවේ අවසානය අප සිතනවාට වඩා බෙහෙවින් වෙනස් අයුරකින් දිග හැරෙන්නෙකි. වෙනකක් තබා අවසානයේදී කුමරිය අයිබ්ලීව් ඉන් ලව් නැමැති ගීතය ගයනුයේද බොලිවුඩ් ආරකටය.
http://www.youtube.com/watch?v=BNyRBF3jzeA
මේ තියෙන්නෙ I Believe (In Love) Song එක. Download ලින්ක් එකක් තියෙනවා නම් දෙන්නකො මේකෙ.
ඒ සිංදුව හරි ලස්සනයි. අහලා බලන්න. 

puduma hadissiyak ne..