ඔයා use කරන Web Browser එක මොකක්ද ?

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    ඔයා use කරන Web Browser එක මොකක්ද ?

    50563462-2291266614443037-6835123298313961472-n.jpg

    මේ ප්‍රශ්නෙ මෙහෙම ඇහුවොත් ගොඩක් අය කියයි Google Chrome කියල, අතරින් පතර Firefox/ Safari ඊට අමතරව Opera/ Vivaldi/ UC Browser/ Maxthon අනංමනං කියල ඉවර කරන්න බැරි තරම් Browser තොගයක් එක එක්කෙනාගෙන් අහගන්න පුළුවන් වෙයි. Web Browser කොච්චර තිබ්බත් දැනට ප්‍රධාන Browser Engine තුනයි තියෙන්නෙ.

    1. Blink (chromium based browser use කරන්නෙ මේ Engine එක )
    2. Gecko (Mozilla Firefox මේ Engine එක use කරනව)
    3. Webkit (මේක තමා IOS & Mac OS එක්ක එන Safari Browser එක use කරන Engine එක)

    ඔය Browser Engine තුනම open-source. ඒ කියන්නෙ ඒ project use කරල ඕන කෙනෙක්ට තමන්ට ඕන විදියට browser එකක් හදාගන්න පුළුවන්. මේකේ ප්‍රධානව Chrome / Firefox / Safari ගැන කිව්වට එතකොට Opera / Vivaldi වගේ browser මොන Engine ද use කරන්නෙ කියල බැලුවොත් ගොඩක් browser Chromium source code use කරල තමා develop කරල තියෙන්නෙ ඒ අයට ඕන විදියට tweak කරල. Opera වලට ඉස්සර එයාලගෙම Engine එකක් තිබුන Presto කියල. පස්සෙ එයාලත් Blink (Chromium) Engine එකට මාරු උනා.

    ආ එතකොට කෝ අපි ආසම Microsoft එකේ Internet Explorer & Edge 🤔 :3

    Internet Explorer වලට Microsoft එකෙන් use කලේ Trident කියල Engine එකක්. පස්සෙ Edge browser එකට එනකොට Microsoft එකෙන් EdgeHTML කියල අලුත්ම Engine එකක් Design කලා. මේ මොනව කලත් සාර්තක උනේ නැති නිසා මේකත් Discontinued කරල Microsoft එකත් Chromium (Blink) based browser එකක් හදන්න යන්නෙ.
    හැබැයි අද කියන්න යන්නෙ ඔය එකක් ගැනවත් නෙවේ ඔය හැමෝටම සෙට් වෙන lightweight & privacy focus කරන් design කරපු chromium based open-source web browser එකක් ගැන.

    නම තමයි Brave Browser, Android user කෙනෙක්නම් මේ වෙනකොටත් Playstore එකේ දැකල ඇති. මේක Android වලට විතරක් නෙවේ Windows / Mac / Linux / IOS ඔක්කොටම තියෙනව.


    ඇයි දැන් මෙච්චර browser තොගයක් තියෙද්දි මම මේක ගැන කියන්නම post එකක් දැම්මෙ 🤔

    හේතුව මේකයි මේ browser එක හදල තියෙන්නෙ chromium වල තියෙන ගොඩක් අනවශ්‍ය telemetry codes clean කරල. powerful adblocker + tracking protection + script blocker + https everywhere වගේ feature add කරල තියෙනව. ඒ නිසා browser එක open වෙන්න & web surfing පට්ට speed. ram usage අඩුයි. අනික private mode (incognito mode) එක ගත්තත් කොටස් දෙකක් තියෙනව. ඔයාට නියම private mode යන්න ඕන නම් Tor tunnel එකක් එක්ක private window එකක් open කරන්න පුළුවන් :love: UI එකත් simple. chromium based නිසා chrome store එකේ තියෙන ඕන extension එකක් use කරන්නත් පුළුවන්.


    50053194-2291250921111273-2131584297545498624-n.jpg


    දැන් මම මෙච්චර කිව්ව වගේ ඇත්තටම මේ browser එකෙන් අපේ privacy protect කරනව කියල හිතන්නෙ කොහොමද 🤔

    මේ browser එක open-source ඒ නිසා ඕන කෙනෙක්ට check කරල බලන්න පුළුවන් privacy concern එකක් තියෙනවනම් source code එක. අනික මේ browser එකේ developers ගැන බැලුවොත් Javascript inventor, Mozilla එකේ co-founder වගේ අය තමා මේ browser එකේ development පිටිපස්සෙ ඉන්නෙ. :) privacy ගැන හිතන කෙනෙක් නම් speed එකේ internet surf කරන්න ඕන නම්. data save කරගන්නත් ඕන නම් try කරල බලන්න මේ browser එක.


    50053235-2291250801111285-5819448358414057472-n.jpg


    එතකොට මේ ඔක්කොම හොද නම් browser එකේ අවුල් ඇත්තෙම නැද්ද? 🤔

    browser ගැන කියනවනම් මම ඔය එක එක browser ආවම හැම එකම test කරල බලනව, හැබැයි අන්තිමේ පුරුදු browser එකටම මාරු වෙනව. ඉස්සරම use කලේ firefox පස්සෙ යාලුවෙක්ගෙන් opera හම්බුනා ඒක use කර කර ඉද්දි chrome සෙට් උනා. එදා ඉදන් chrome use කරල ආයෙ opera වලටම මාරු උනා. Brave use කරනකල්ම මගෙ primary browser එක උනේ opera. Brave එක තමා මට සෙට් උන සුපිරිම browser එක. හැබැයි මේකෙ එක අවුලක් තියෙනව. මෙයලගෙ main goal එක userගෙ privacy නිසා කිසිම data එකක් මෙයාලගෙ server වලට sync කරගන්නෙ නෑ. Password / Auto fill data browser එකටම sync කරන් ඉන්න පුරුදු වෙලා ඉන්න අයට ඕක තමා එකම අවුල. ඒකටත් solution එකක් තියෙනව ;) LastPass වගේ service එකක් use කරනවනම් ඒ අවුලත් අවුලක් නෙවේ,



    50721810-2291250811111284-1560542784652312576-n.jpg


    තව කියන්න දේවල් ගොඩක් තියෙනව type කරන තරමට නොදැනිම post එක දික් වෙන නිසා වැඩි විස්තර බලන්න ඕන අයට link දාන්නම්.

    PC (Windows)/ Mac/ Linux: https://goo.gl/79Dzvy

    Android: https://goo.gl/t1qfXY

    IOS: https://goo.gl/9xTRgx



    ආ තව දෙයක් මෙච්චර හෑල්ලක් type කලේ ලංකාවෙ මිනිස්සු privacy ගැන වැඩිය තැකීමක් කරන්නෙ නැති නිසා මේ වගෙ පොඩි පොඩි දේවල් වලින් හරි path එකට ගන්න ඕන කියල හිතුන නිසා :D


    මොනවහරි දැනගන්න දෙයක් තියෙනවනම් thread එකට reply එකක් දාන්න. ;) වැඩේ හොද නම් rep දාගෙන යන්න.. :rofl::love::cool:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    bump


    මම ඔපෙරා පාවිච්චි කරන්නේ හේතු 2ක් නිසා.
    බ්‍රවුසරෙටම vpn එකක් එනවා
    අනිත් එක ෆ්ලො ද මොකද්ද එකෙන් පෝන් එකයි ඩෙස්ක්ටොප් බ්‍රවුසරෙයි කනෙක්ට් කරන්න පුළුවන්. pc එකෙන් මොනාහරි බලබල ඉන්නකොට එපා උනොත් ෆ්ලො එකට දාපු ගමන් පෝන් එකට මැසේජ් එක එනවා. එක ඇදට ගිහින් පෝන් එකෙන් බලන්න පුළුවන්. :rofl:
     
    • Like
    Reactions: Mr.Freak

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    bump


    මම ඔපෙරා පාවිච්චි කරන්නේ හේතු 2ක් නිසා.
    බ්‍රවුසරෙටම vpn එකක් එනවා
    අනිත් එක ෆ්ලො ද මොකද්ද එකෙන් පෝන් එකයි ඩෙස්ක්ටොප් බ්‍රවුසරෙයි කනෙක්ට් කරන්න පුළුවන්. pc එකෙන් මොනාහරි බලබල ඉන්නකොට එපා උනොත් ෆ්ලො එකට දාපු ගමන් පෝන් එකට මැසේජ් එක එනවා. එක ඇදට ගිහින් පෝන් එකෙන් බලන්න පුළුවන්. :rofl:

    vpn එක නම් වටිනව. ඒත් opera එකේ sidebar එකේ messenger access එහෙම තියෙන නිසා වෙලාවකට හෙන වාතයක් :baffled: අයින් කරන්න හිතෙන්නෙත් නෑ එතනින්.. Rep ++
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    vpn එක නම් වටිනව. ඒත් opera එකේ sidebar එකේ messenger access එහෙම තියෙන නිසා වෙලාවකට හෙන වාතයක් :baffled: අයින් කරන්න හිතෙන්නෙත් නෑ එතනින්.. Rep ++

    මේකේ shortcut customize කරන්නේ කොහොමද කියපන්කො
    opera එකේනම් උන් දීලා තියෙනවනේ