ඔය කවිය මට දෙන්න..
ඔය කවිය මට දෙන්න
හිස් හිතේ ඇඳ ගන්න
රැය පුරා ලඟ තියන්
හැඩ බල බලා ඉන්න
පස්සෙ පුලුවනි හෙමින්
මුල ඉඳන් කියවන්න
පද අරුත් ගළපන්න
මදි අකුරු අමුණන්න
ඉර නිවෙයි, අත වනන්
ඈත අඳුරට එන්න
යන්න පෙර ඇස් ලඟින්
ඔය කවිය මට දෙන්න
ඔය කවිය මට දෙන්න
හිස් හිතේ ඇඳ ගන්න
රැය පුරා ලඟ තියන්
හැඩ බල බලා ඉන්න
පස්සෙ පුලුවනි හෙමින්
මුල ඉඳන් කියවන්න
පද අරුත් ගළපන්න
මදි අකුරු අමුණන්න
ඉර නිවෙයි, අත වනන්
ඈත අඳුරට එන්න
යන්න පෙර ඇස් ලඟින්
ඔය කවිය මට දෙන්න
Code:
www.sandapahana.blogspot.com