ඔලිම්පික් ක්‍රීඩාංගනවල ඉරණම
මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ විවිධ රටවල පැවති ඔලිම්පික් උළෙලවල් සඳහා නිර්මාණය කල ක්‍රීඩාංගන සහ අනෙකුත් ඉදිකිරීම්වල වර්තමාන තත්ත්වයයි.මෙම ක්‍රීඩාංගන සහ ඉදිකිරීම්වලින් සමහරක් ක්‍රීඩා කටයුතු සහ වෙනත් දෑ වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නා මුත් සමහරක් කිසිදු ආකාරයකින් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා තිබේ.බොහෝදෙනාගේ අදහස ඩොලර් බිලියන ගණන් වැය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් කරන ඉදිකිරීම් මෙලෙස අතහැරදමා තිබීම කණගාටුදායක තත්ත්වයක් බවයි.සැබවින්ම දුරදිග නොබලා කරන නව ඉදිකිරීම් ප්‍රයෝජනයට නොගෙන ජරාවාස වීමට ඉඩහැරීම මුදල් නාස්ති කර දැමීමකි.මේවා අතහැර දැමීමට හේතුව නඩත්තු කටයුතු වෙනුවෙන් දරන්නට වන අධික වියදම වන්නට පුලුවනි.
එදා:1932 වසරේ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක සහ අවසන් උත්සව පවත්වන ලද්දේ අයිස් හොකී සහ ස්කේටින් තරඟ සඳහා ඉදිකල මෙම ක්‍රීඩාංගනයේය.මෙහි අසුන් ගත හැකි උපරිම ප්‍රේක්ෂකයින් ගණන 7,500ක් වූ බවයි සඳහන් වෙන්නේ.
අද:ස්කේටින් පිටිය අලුත් වැඩියාකරන ලදුව 1980 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් යොදාගෙන තිබේ.දැනට මෙම භූමිය මහජනයාට ස්කේටින් කිරීම සඳහා විවෘතව තබා ඇත.
එදා:මෙහි ප්‍රේක්ෂකයින් 9,200කට අසුන් ගත හැකිය.1917 වර්ෂයේදී ඉදිකල මෙහි පළමු ධාවන පථය 1932 වර්ෂයේ ශීත සෘතු ඔලිම්පික් උළෙලට පෙර කිහිපවරක් නවීකරණය කර තිබේ.
අද:මුල්ම ස්කි ජම්ප් ධාවන පථය කඩා දමා නව ධාවන පථයක් ඉදිකරන ලද්දේ 1980 වර්ෂයේ ශීත සෘතු ඔලිම්පික් උළෙලට පෙරය.දැන් මෙම භූමිය ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරයි.
එදා:මෙම ක්‍රීඩාංගනය 1923 වර්ෂයේදී විවෘත කල අතර පිළිවෙලින් 1932 සහ 1984 වර්ෂවල ඔලිම්පික් උළෙල දෙකක් පවත්වන ලදි.එය ඉතිහාසගත වූයේ ඔලිම්පික් උළෙල දෙකක් පවත්වන ලද පළමු ක්‍රීඩාංගනය ලෙසයි.මෙහිදී ඔලිම්පික් උළෙලවල සමාරම්භක සහ අවසන් උත්සව පවත්වන ලදි,තවද මෙම උළෙල දෙකෙහිම බොහෝමයක් ඉසව් පැවැත්වූයේද ලොස් ඇන්ජලීස් අනුස්මරණ ක්‍රීඩාංගනයේදීය.
අද:මෙය දැන් එක්සත් ජනපදයේ ඓතිහාසික ස්ථානයකි.වසර ගණනාවක් තිස්සේ මෙහි විවිධ ක්‍රීඩා ඉසව් පැවැත්වේ.
එදා:15,300කට අසුන් ගත හැකි මෙය ගෘහස්ථ ක්‍රීඩාංගනයකි.එය නිර්මාණය කලේ බොක්සිං ,මල්ලව පොර සහ බර එසවීම යනාදී ක්‍රීඩා ඉසව් පැවැත්වීම උදෙසාය.
අද:වසර ගණනක් තිස්සේ ප්‍රසංග,වෘත්තීය මල්ලව පොර තරඟ පැවැත්වීමෙන් පසුව මෙම ක්‍රීඩාංගනය කොරියානු-ඇමෙරිකානු පල්ලියක් වෙනුවෙන් භාවිතා කරන්නේ 2005 වර්ෂයේදී මිලදී ගැනීමෙන් පසුවයි.
එදා:නාසි පක්ෂය රාජ්‍ය බලය ලබාගැනීමට වසර දෙකකට පෙර 1936 වර්ෂයේ ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජර්මනියට අවස්ථාව හිමිවිය.ජර්මන් ඔලිම්පික් කමිටුව විසින් ප්‍රේක්ෂකයින් ලක්ෂයකට වැඩිගණනකට අසුන් ගත හැකි ක්‍රීඩාංගනයක් නිර්මාණය කලේ නාසි ජර්මනියේ ශක්තිය ලොවටම පෙන්වාදීමටයි.
අද:1936 වර්ෂයෙන් පසුව මෙම ක්‍රීඩාංගනයේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලි තුනක් ඇතුලුව විවිධ ක්‍රීඩා ඉසව් මෙන්ම ප්‍රසංගද පවත්වන ලදි.2006 වසරේ පාපන්දු ලෝක කුසලානය සඳහා ඇ.ඩො.මිලියන ගණනක් වැය කරමින් ක්‍රීඩාංගනය නවීකරණය කරන ලදි.
එදා:නාසි ජර්මනිය සිය ශක්තිය පෙන්වූ අවස්ථාවක් වූ මෙම ගම්මානය බර්ලිනයේ සිට සැතපුම් 15 දුරින් වූ එස්ටෙල් නගරයේ නිර්මාණය කර තිබිණි.එහි වාසය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙල පුරාවට රැකබලාගත්තේ මෙහි වාසස්ථාන සපයමින්ය.
අද:දැන් මේ ඔලිම්පික් ගම්මානය ප්‍රයෝජනයකට ගැනෙන්නේ නැත.අතහැර දමා තිබේ.
එදා:1952 වර්ෂයේ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල විශේෂ වූයේ එය ස්කැන්ඩිනේවියානු රටක පැවැත්වූ පළමු ශීත සෘතු ඔලිම්පික් උළෙල බවට පත්වූ නිසාය.නෝර්වේ රාජ්‍යයේ පැවැත්වූ මෙම ක්‍රීඩා උලෙලේ සමාරම්භක සහ අවසන් උත්සව මෙන්ම ස්කේටින් ඉසව් බිස්ලෙට් ක්‍රීඩාංගනයේ පැවැත්විය.
අද:මුල් ක්‍රීඩාංගනය 20 වන සියවසේ හොඳම ක්‍රීඩාංගන විස්සට ඇතුලත් විය.නමුත් 2004 වසරේදී එය කඩා දමා නව ක්‍රීඩාංගනයක් ඉදිකරන ලදි.2018 ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහ 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ඉදිරිපත් කල ක්‍රීඩාංගනයකි.
එදා:1892 වර්ෂයේදී නිම කල මෙම ස්කි ජම්පිං පථය 1952 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර නවීකරණය කරන ලදි.එම ඉසව්වෙන් නෝර්වේ රාජ්‍යය රන් පදක්කම දිනාගන්නා විට එහි ලක්ෂයක් පමණ පිරිසක් සිටිබව කියවේ.
අද:1952 වසරෙන් පසුව මෙම ධාවන පථය ලෝක කුසලාන තරඟාවලින් තුනක් සඳහා යොදාගන්නා ලදි.2008-2010 සමයේදී එය සම්පුර්ණයෙන්ම කඩා දමා අලුතින් ඉදිකරන ලද්දේ 2011 ලෝක කුසලාන තරඟාවලිය සඳහාය.
එදා:උතුරු ඇමෙරිකාව සහ යුරෝපයෙන් පිටත පැවැත්වූ පළමු ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල 1972 වර්ෂයේදී ජපානයේ සංවිධානය කෙරිණි.හිම මත ධාවනය සඳහා අවශ්‍ය පථය 1969-1972 යන කාලය අතරතුර නිර්මාණය කෙරිණි.දින 20ක් වැය කර අඟල් 5ක් ඝනකම මෙම ධාවන පථය නිම කිරීමට රාත්‍රී කාලයේද විදුලි පහන් 127ක් භාවිතා කරමින් වැඩ කටයුතු කලහ.
අද:මෙම ධාවන පථය දැන් කඩා දමා,අතහැර දමා තිබේ.ඒ අසල ඉදිකල ගොඩනැගිල්ලද දැන් පාවිච්චි කරන්නේ නැත.
එදා:1984 වර්ෂයේ පැවති ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොමියුනිස්ට් රටක පැවැත්වූ දෙවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.හිමෙන් නිර්මාණය කල ධාවන පථය නිර්මාණය කලේ 1982 වර්ෂයේදීය. ඒ සරාජිවෝ නගරයට ඉහලින් පිහිටි ටර්බවික් කඳුකරයේය.
අද:මෙම භූමිය දැන් ජරාවාස වී ගිය අතහැර දැමූ එකකි.90 දශකයේ බොස්නියානු යුද්ධයටද මෙම භූමිය ගොදුරු විය.
එදා:ස්කි හිල් යනු 1988 වර්ෂයේ කැනඩාවේ පැවැත්වූ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කල ක්‍රීඩා භූමියේ එක් කොටසකි.මෙහි පුද්ගලයින් 35,000කට තරඟ නැරඹීමේ පහසුකම් තිබිණි.
අද:ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙ පසුව අවස්ථා කිහිපයකදීම මෙම භූමිය අලුත්වැඩියා කරන ලදි.නමුත් මෙය ශීත සෘතුවේදී මෙන්ම ගිම්හානයේදීත් ජනාකීර්ණ ස්ථානකි.විවිධ උත්සව සහ බයිසිකල් ධාවන තරඟ සඳහා ගිම්හානයේදී මෙම භූමිය භාවිතා කරයි.
එදා:1980 දශකයේ මුල් සමයේ නිර්මාණය කල මෙම ඔලිම්පික් ක්‍රීඩාංගනය 2004 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් නවීකරණය කල අතර 1896 වසරෙන් පසුව ග්‍රීසියට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය හිමිවූයේ 2004 වසරේදීය.
අද:2004 වසරේ ක්‍රීඩා උළෙලේදී ඉසව් කිහිපයක් පමණක් පැවැත්වූ මෙම ක්‍රීඩාංගනය අදටත් භාවිතා කරයි.2007 යුරෝපා පාපන්දු කුසලාන තරඟාවලිය ඇතුලුව විවිධ ඉසව් මෙන්ම සංගීත සංදර්ශන සඳහාද මෙය පසුකාලීනව යොදාගෙන තිබේ.
එදා:2004 වර්ෂයේදී ඉදිකිරීම් අවසන් කල මෙම ක්‍රීඩාංගනය ඔලිම්පික් උළෙලේ සියලුම සොෆ්ට්බෝල් තරඟ පැවැත්වීමට යොදාගන්නා ලදි.ප්‍රේක්ෂකයින් 4000කට අසුන් ගත හැකි අයුරින් මෙය නිමවා තිබිණි.
අද:2004 වසරේ ඔලිම්පික් උළෙල අවසානයේ පටන් මෙම ක්‍රීඩාංගනය අතහැර දමා තිබේ.
එදා:2004 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සියලුම බීච් වොලිබෝල් තරඟ මෙහි පැවැත්විණි.මෙම ක්‍රීඩා සංකීර්ණයේ පුද්ගලයින් 9,000කට අසුන් ගත හැකිය.
අද:වල්බිහිවී ගිය මෙම ක්‍රීඩාංගනය අදවන විට අතහැර දැමූ ඔලිම්පික් ක්‍රීඩාංගන ලැයිස්තුවට ඇතුලවී තිබේ.
එදා:ඔලිම්පික් උළෙල සඳහා නිර්මාණය කල තාවකාලික වොලිබෝල් පිටි නමයෙන් එකකි.ප්‍රධාන පිටිය ඇතුලුව මෙහි පුහුණු වීම්වලට අවශ්‍ය පිටි 6ක්(පිටතින්) නිර්මාණය කර තිබිණි.
අද:වසර අටකට පසුව මෙම ක්‍රීඩා සංකීර්ණයද දිස්වන්නේ හුදකලා භූමියක් ලෙසයි.එය කිසිදු ඉසව්වක් සඳහා භාවිතා කරන්නේ නැත.
එදා:2008 වසරේ ඔලිම්පික් උළෙලේ ජල ක්‍රීඩා සඳහා නිර්මාණය කල මෙහි ප්‍රේක්ෂකයින් 17,000කට අසුන් ගත හැකිය.එම වසරේදී ලෝක වාර්තා 25ක් මෙම ක්‍රීඩාංගනය තුලදී බිද දමන ලදි.මයිකල් පෙල්ප්ස් රන් පදක්කම් 8ක් දිනාගත්තේද මෙහිදීය.
අද:අතිවිශාල නවීකරණයකට භාජනය කල මෙම ක්‍රීඩා සංකීර්ණය දැන් ජල උද්‍යානයකි.එහි අනර්ඝ සහ නිර්මාණාත්මක සැලැස්ම සම්මාන පවා දිනාගෙන තිබේ.
Source:buzzfeed.com
-HarshaLulzSec-

1.ලේක් ප්ලැසිඩ්,නිව්යෝර්ක්,1932 - තුන්වන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල
ජේම්ස් බී. ෂර්ෆීල්ඩ් ඔලිම්පික් ස්කේටින් ධාවන පථය
එදා:1932 වසරේ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක සහ අවසන් උත්සව පවත්වන ලද්දේ අයිස් හොකී සහ ස්කේටින් තරඟ සඳහා ඉදිකල මෙම ක්‍රීඩාංගනයේය.මෙහි අසුන් ගත හැකි උපරිම ප්‍රේක්ෂකයින් ගණන 7,500ක් වූ බවයි සඳහන් වෙන්නේ.
අද:ස්කේටින් පිටිය අලුත් වැඩියාකරන ලදුව 1980 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් යොදාගෙන තිබේ.දැනට මෙම භූමිය මහජනයාට ස්කේටින් කිරීම සඳහා විවෘතව තබා ඇත.
ලේක් ප්ලැසිඩ් ඔලිම්පික් ස්කි ජම්පිං සංකීර්ණය
එදා:මෙහි ප්‍රේක්ෂකයින් 9,200කට අසුන් ගත හැකිය.1917 වර්ෂයේදී ඉදිකල මෙහි පළමු ධාවන පථය 1932 වර්ෂයේ ශීත සෘතු ඔලිම්පික් උළෙලට පෙර කිහිපවරක් නවීකරණය කර තිබේ.
අද:මුල්ම ස්කි ජම්ප් ධාවන පථය කඩා දමා නව ධාවන පථයක් ඉදිකරන ලද්දේ 1980 වර්ෂයේ ශීත සෘතු ඔලිම්පික් උළෙලට පෙරය.දැන් මෙම භූමිය ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරයි.
2.ලොස් ඇන්ජලීස්,කැලිෆෝනියා,1932 - දහවන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල
ලොස් ඇන්ජලීස් අනුස්මරණ ක්‍රීඩාංගනය
එදා:මෙම ක්‍රීඩාංගනය 1923 වර්ෂයේදී විවෘත කල අතර පිළිවෙලින් 1932 සහ 1984 වර්ෂවල ඔලිම්පික් උළෙල දෙකක් පවත්වන ලදි.එය ඉතිහාසගත වූයේ ඔලිම්පික් උළෙල දෙකක් පවත්වන ලද පළමු ක්‍රීඩාංගනය ලෙසයි.මෙහිදී ඔලිම්පික් උළෙලවල සමාරම්භක සහ අවසන් උත්සව පවත්වන ලදි,තවද මෙම උළෙල දෙකෙහිම බොහෝමයක් ඉසව් පැවැත්වූයේද ලොස් ඇන්ජලීස් අනුස්මරණ ක්‍රීඩාංගනයේදීය.
අද:මෙය දැන් එක්සත් ජනපදයේ ඓතිහාසික ස්ථානයකි.වසර ගණනාවක් තිස්සේ මෙහි විවිධ ක්‍රීඩා ඉසව් පැවැත්වේ.
ප්‍රධාන ඔලිම්පික් ශ්‍රවණාගාරය
එදා:15,300කට අසුන් ගත හැකි මෙය ගෘහස්ථ ක්‍රීඩාංගනයකි.එය නිර්මාණය කලේ බොක්සිං ,මල්ලව පොර සහ බර එසවීම යනාදී ක්‍රීඩා ඉසව් පැවැත්වීම උදෙසාය.
අද:වසර ගණනක් තිස්සේ ප්‍රසංග,වෘත්තීය මල්ලව පොර තරඟ පැවැත්වීමෙන් පසුව මෙම ක්‍රීඩාංගනය කොරියානු-ඇමෙරිකානු පල්ලියක් වෙනුවෙන් භාවිතා කරන්නේ 2005 වර්ෂයේදී මිලදී ගැනීමෙන් පසුවයි.
3.බර්ලින්,ජර්මනිය,1936 - එකොලොස්වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල
ඔලිම්පියාස්ටේඩියන්
එදා:නාසි පක්ෂය රාජ්‍ය බලය ලබාගැනීමට වසර දෙකකට පෙර 1936 වර්ෂයේ ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජර්මනියට අවස්ථාව හිමිවිය.ජර්මන් ඔලිම්පික් කමිටුව විසින් ප්‍රේක්ෂකයින් ලක්ෂයකට වැඩිගණනකට අසුන් ගත හැකි ක්‍රීඩාංගනයක් නිර්මාණය කලේ නාසි ජර්මනියේ ශක්තිය ලොවටම පෙන්වාදීමටයි.
අද:1936 වර්ෂයෙන් පසුව මෙම ක්‍රීඩාංගනයේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලි තුනක් ඇතුලුව විවිධ ක්‍රීඩා ඉසව් මෙන්ම ප්‍රසංගද පවත්වන ලදි.2006 වසරේ පාපන්දු ලෝක කුසලානය සඳහා ඇ.ඩො.මිලියන ගණනක් වැය කරමින් ක්‍රීඩාංගනය නවීකරණය කරන ලදි.
බර්ලින් නගරයෙන් පිටත වූ ඔලිම්පික් ගම්මානය
එදා:නාසි ජර්මනිය සිය ශක්තිය පෙන්වූ අවස්ථාවක් වූ මෙම ගම්මානය බර්ලිනයේ සිට සැතපුම් 15 දුරින් වූ එස්ටෙල් නගරයේ නිර්මාණය කර තිබිණි.එහි වාසය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙල පුරාවට රැකබලාගත්තේ මෙහි වාසස්ථාන සපයමින්ය.
අද:දැන් මේ ඔලිම්පික් ගම්මානය ප්‍රයෝජනයකට ගැනෙන්නේ නැත.අතහැර දමා තිබේ.
4.ඔස්ලෝ,නෝර්වේ,1952 - හයවන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල
බිස්ලෙට් ක්‍රීඩාංගනය
එදා:1952 වර්ෂයේ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල විශේෂ වූයේ එය ස්කැන්ඩිනේවියානු රටක පැවැත්වූ පළමු ශීත සෘතු ඔලිම්පික් උළෙල බවට පත්වූ නිසාය.නෝර්වේ රාජ්‍යයේ පැවැත්වූ මෙම ක්‍රීඩා උලෙලේ සමාරම්භක සහ අවසන් උත්සව මෙන්ම ස්කේටින් ඉසව් බිස්ලෙට් ක්‍රීඩාංගනයේ පැවැත්විය.
අද:මුල් ක්‍රීඩාංගනය 20 වන සියවසේ හොඳම ක්‍රීඩාංගන විස්සට ඇතුලත් විය.නමුත් 2004 වසරේදී එය කඩා දමා නව ක්‍රීඩාංගනයක් ඉදිකරන ලදි.2018 ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහ 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ඉදිරිපත් කල ක්‍රීඩාංගනයකි.
හොල්මෙන්කොල්බැකෙන්
එදා:1892 වර්ෂයේදී නිම කල මෙම ස්කි ජම්පිං පථය 1952 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර නවීකරණය කරන ලදි.එම ඉසව්වෙන් නෝර්වේ රාජ්‍යය රන් පදක්කම දිනාගන්නා විට එහි ලක්ෂයක් පමණ පිරිසක් සිටිබව කියවේ.
අද:1952 වසරෙන් පසුව මෙම ධාවන පථය ලෝක කුසලාන තරඟාවලින් තුනක් සඳහා යොදාගන්නා ලදි.2008-2010 සමයේදී එය සම්පුර්ණයෙන්ම කඩා දමා අලුතින් ඉදිකරන ලද්දේ 2011 ලෝක කුසලාන තරඟාවලිය සඳහාය.
5.සැපොරෝ,ජපානය,1972 - එකොළොස්වන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල
Mt. Teine Bobsleigh Course
එදා:උතුරු ඇමෙරිකාව සහ යුරෝපයෙන් පිටත පැවැත්වූ පළමු ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල 1972 වර්ෂයේදී ජපානයේ සංවිධානය කෙරිණි.හිම මත ධාවනය සඳහා අවශ්‍ය පථය 1969-1972 යන කාලය අතරතුර නිර්මාණය කෙරිණි.දින 20ක් වැය කර අඟල් 5ක් ඝනකම මෙම ධාවන පථය නිම කිරීමට රාත්‍රී කාලයේද විදුලි පහන් 127ක් භාවිතා කරමින් වැඩ කටයුතු කලහ.
අද:මෙම ධාවන පථය දැන් කඩා දමා,අතහැර දමා තිබේ.ඒ අසල ඉදිකල ගොඩනැගිල්ලද දැන් පාවිච්චි කරන්නේ නැත.
6.සරාජිවෝ,යුගෝස්ලෝවියාව,1984 - දාහතරවන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල
එදා:1984 වර්ෂයේ පැවති ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොමියුනිස්ට් රටක පැවැත්වූ දෙවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.හිමෙන් නිර්මාණය කල ධාවන පථය නිර්මාණය කලේ 1982 වර්ෂයේදීය. ඒ සරාජිවෝ නගරයට ඉහලින් පිහිටි ටර්බවික් කඳුකරයේය.
අද:මෙම භූමිය දැන් ජරාවාස වී ගිය අතහැර දැමූ එකකි.90 දශකයේ බොස්නියානු යුද්ධයටද මෙම භූමිය ගොදුරු විය.
7.කැල්ගරි,කැනඩාව,1988 - පහළොස්වන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල
පාස්කපූ ස්කි හිල්
එදා:ස්කි හිල් යනු 1988 වර්ෂයේ කැනඩාවේ පැවැත්වූ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කල ක්‍රීඩා භූමියේ එක් කොටසකි.මෙහි පුද්ගලයින් 35,000කට තරඟ නැරඹීමේ පහසුකම් තිබිණි.
අද:ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙ පසුව අවස්ථා කිහිපයකදීම මෙම භූමිය අලුත්වැඩියා කරන ලදි.නමුත් මෙය ශීත සෘතුවේදී මෙන්ම ගිම්හානයේදීත් ජනාකීර්ණ ස්ථානකි.විවිධ උත්සව සහ බයිසිකල් ධාවන තරඟ සඳහා ගිම්හානයේදී මෙම භූමිය භාවිතා කරයි.
8.ඇතැන්ස්,ග්‍රීසිය,2004 - විසිඅටවන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල
ස්පයිරොස් ලුවිස් ඔලිම්පික් ක්‍රීඩාංගනය
එදා:1980 දශකයේ මුල් සමයේ නිර්මාණය කල මෙම ඔලිම්පික් ක්‍රීඩාංගනය 2004 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් නවීකරණය කල අතර 1896 වසරෙන් පසුව ග්‍රීසියට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය හිමිවූයේ 2004 වසරේදීය.
අද:2004 වසරේ ක්‍රීඩා උළෙලේදී ඉසව් කිහිපයක් පමණක් පැවැත්වූ මෙම ක්‍රීඩාංගනය අදටත් භාවිතා කරයි.2007 යුරෝපා පාපන්දු කුසලාන තරඟාවලිය ඇතුලුව විවිධ ඉසව් මෙන්ම සංගීත සංදර්ශන සඳහාද මෙය පසුකාලීනව යොදාගෙන තිබේ.
හෙලිනිකන් ඔලිම්පික් සොෆ්ට්බෝල් ක්‍රීඩාංගනය
එදා:2004 වර්ෂයේදී ඉදිකිරීම් අවසන් කල මෙම ක්‍රීඩාංගනය ඔලිම්පික් උළෙලේ සියලුම සොෆ්ට්බෝල් තරඟ පැවැත්වීමට යොදාගන්නා ලදි.ප්‍රේක්ෂකයින් 4000කට අසුන් ගත හැකි අයුරින් මෙය නිමවා තිබිණි.
අද:2004 වසරේ ඔලිම්පික් උළෙල අවසානයේ පටන් මෙම ක්‍රීඩාංගනය අතහැර දමා තිබේ.
ෆැලයිරෝ ඔලිම්පික් වෙරළ වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණය
එදා:2004 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සියලුම බීච් වොලිබෝල් තරඟ මෙහි පැවැත්විණි.මෙම ක්‍රීඩා සංකීර්ණයේ පුද්ගලයින් 9,000කට අසුන් ගත හැකිය.
අද:වල්බිහිවී ගිය මෙම ක්‍රීඩාංගනය අදවන විට අතහැර දැමූ ඔලිම්පික් ක්‍රීඩාංගන ලැයිස්තුවට ඇතුලවී තිබේ.
9.බීජිං,චීනය,2008 - විසිනමවන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල
චාව්යැන්ග් පාර්ක් බීච් වොලිබෝල් ක්‍රීඩාංගනය
එදා:ඔලිම්පික් උළෙල සඳහා නිර්මාණය කල තාවකාලික වොලිබෝල් පිටි නමයෙන් එකකි.ප්‍රධාන පිටිය ඇතුලුව මෙහි පුහුණු වීම්වලට අවශ්‍ය පිටි 6ක්(පිටතින්) නිර්මාණය කර තිබිණි.
අද:වසර අටකට පසුව මෙම ක්‍රීඩා සංකීර්ණයද දිස්වන්නේ හුදකලා භූමියක් ලෙසයි.එය කිසිදු ඉසව්වක් සඳහා භාවිතා කරන්නේ නැත.
බීජිං ජාතික ජල ක්‍රීඩා සංකීර්ණය